වරදවා වටහාගත් ඉස්ලාම්

මාතෘකාව ඃ සැඟවුණු අලංකාරය – යහපත් ගතිගුණාංග

මුස්ලිම්වරයෙකු යනු ඃ

වරදවා වටහාගත් ඉස්ලාම්

මුස්ලිම් යනු කවෙරකුද?

මෙලොවට තමන්ව නිර්මාණය කරප සත්‍ය නිර්මාපකයා පිළිබඳව නිසිලෙස අවබෝධ කරගෙන ,තමන්ව මෙලොවට නිර්මාණය කිරීමෙහි අරමුණ වටහාගෙන ,එම නිර්මතෘවරයා තමන්ගේ සත්‍ය දෙවියන් යැයි විශ්වාස කර, ඔහුට සම්පූර්ණයෙන් කීකරුවී ඔහුට අවනත වී එම දෙවියන්ට පමණක් වැඳුම් පිඳුම් කරන්නා ද තවද තමන්ගේ දෙවියන් විසින් මිනිස් සංහතියට මෙම සත්‍ය පණිවුඩය පිළිබඳ දැනුවත් කිරීමට හා ඉස්ලාම් ආගම ප්‍රචාරය කිරීමට මෙලොවට යවන ලද අවසාන වක්තෘවරයා වන මුහම්මද් නබිතුමාණන්ගේ ජීවිතය ආදර්ෂයටගෙන එතුමාණන්ව අනුගමනය කරන තැනැත්තා හා තැනැත්තිය මුස්ලිම් හා මුස්ලිම්වරිය වේ.

මෙලොවට අවතීර්ණ වූ අවසාන වක්තෘවරයා වන මුහම්මද් නබිතුමාණන් පිළිබඳව වරදවා වටහාගත් සහෝදර සහෝදරියන් බහුලව සිටින බව අපට දැකගන්නට පුˆවනි, මන්ද නොයෙකුත් අවස්ථාවන්වලදී එතුමාට විරුද්ධව විවිධ චෝදනා නගමින් එතුමාණන්ව විවේඡනය කරන්නන් ඉස්ලාම් ආගම ගැන ද වැරදි අදහස් ඉදිරිපත් කරමින් අපහාස කරන්නේ ය. එනමුත් එලෙස කරන උදවියගෙන් අති බහුතරය මෙලොවට අවසාන වශයෙන් යවනු ලැබූ ශාස්තෘවරයානන් වන මුහම්මද් නබිතුමාණන් පිළිබඳව කිසිදු දෙයක් නොදන්නා පිරිස බව මනා පැහැදිළිය. මෙලොවට අවතීර්ණ වූ අවසාන වක්තෘවරයා වන මුහම්මද් නබිතුමාණන් පිළිබඳව වරදවා වටහාගත් සහෝදර සහෝදරියන් බහුලව සිටින බව අපට දැකගන්නට පුˆවනි, මන්ද නොයෙකුත් අවස්ථාවන්වලදී එතුමාට විරුද්ධව විවිධ චෝදනා නගමින් එතුමාණන්ව විවේඡනය කරන්නන් ඉස්ලාම් ආගම ගැන ද වැරදි අදහස් ඉදිරිපත් කරමින් අපහාස කරන්නේ ය. එනමුත් එලෙස කරන උදවියගෙන් අති බහුතරය මෙලොවට අවසාන වශයෙන් යවනු ලැබූ ශාස්තෘවරයානන් වන මුහම්මද් නබිතුමාණන් පිළිබඳව කිසිදු දෙයක් නොදන්නා පිරිස බව මනා පැහැදිළිය.  නියතවශයෙන්ම මුහම්මද් නබිතුමාණන් පිළිබඳව නිවැරදිව හා සත්‍ය තොරතුරු පමණක් දැනගැනීම තුළින් අනිවාර්යෙන්ම ඉස්ලාම් ආගම පිළිබඳව වරදවා වටහාගත් පිරිසට ඉස්ලාම් ආගමෙහි සත්‍යතාවය හා එහි අලංකාරය ගැන මනා අවබෝධ කරගත හැකිය,  තවද  ඉස්ලාම් ආගම පිළිබඳව වැරදි තොරතුරු කෙතරම් ව්‍යාප්ත වූවද කවුරු කුමන ආකාරයෙන් චෝදනා නැගුවද කිනම් මාධ්‍ය ආයතන ඉස්ලාමයට එරෙහිව ව්‍යාජ හා සාවද්‍ය අදහස් සමාජගත කලද, නියත වශයෙන් බුද්ධිමත් කිසිදු පුද්ගලයෙකු එය විශ්වාස නොකරන්නේ ය. මන්ද සකල ලෝ වැසියන්ගේ කරුණාව මෛත්‍රිය ලෙස මෙලොවට අවතීර්න වූ මුහම්මද් නබිතුමාණන්ගේ ජීවන චරිතය කිසිදු වෙනසකින් තොරව අදටත් සුරක‍ෂිතව තිබේ,
එතුමාණන්ගේ සම්පූර්ණ ජීවිතය කරුණාව, මෛත්‍රිය, සාධාරණය, යුක්තිය, නිහතමානිත්වය, සත්‍යභාවය, විශ්වාසය, සිනිඳුකම, ගරුකිරීම, ඉවසීම, අවංකභාවය,  සමාව ලබාදීම, යනාදී උතුම් ගුණාංගවලින් සමන්විත ඉතා සුජාත ජීවිතයකි, එනමුත් ත්‍රස්තවාදය, ලේ පිපාසය, අසාධාරණය, අයුක්තිය, හිංසාව, මිනිස් ඝාතනය, කාමය යනාදී ඉතා කුරිරු මිලේඡ්ච ගුණාංගවලින් එතුමාණන්ගේ ජීවිතය සරසන්න ඇතැම් පුද්ගලයින් උත්සහ දැරුව ද ඔවුන් සහ අනවබෝධයෙන් සිටින සියලූම අපගේ ගෞරවනීය සහෝදර සහෝදරියන්ගෙන් අපගේ කාරුණික ඉල්ලීම සාධාරණ යෝජනාව ඔබ අප සියලූදෙනා මෙම උතුම් පුද්ගලයාගේ ජීවන චරිතය නිවැරදිව දැනගනිමු අනුන්ව ද දැනුවත් කිරීම සඳහා දායකවෙමු , වරදවා වටහාගත් ඉස්ලාම් අාගම නිවැරදිව දැනගනිමු.

Related Post