New Muslims APP

පුනරුත්පත්තිය පිළිබඳ වූ විග්‍රහය Reincarnation in the light of Islam

පුණර්භවය

නැවත ඉපදීම

පුනරුත්පත්තියෙන් අදහස් කරන්නේ කෙනෙක් ඉපදී මිය යාමෙන් පසු නැවත වරක් මේ ලෝකයේම මිනිස් ආත්මයකින් හෝ මිනිස් ආත්මයක් නොවන සත්වයෙක් වශයෙන් ඉපදීම නමි මට එහි ගැටළු කාරී තැන් රැසක්ම තිබේ.

මිනිස් ආත්මයෙන් ඉපදුනු කෙනෙක් තමන් කල පාපයන් නිසා නැවත නැවත මේ ලෝකයේම ඉපදෙන්නේ නමි ඔහුට පෙර ආත්මයේ දී සිදු කල වැරදි අමතක වන්නේ මක්නිසාද?එසේ අමතක වන්නේ නමි ඔහු පෙර කල වැරදි හදාගන්නේ කෙසේද?එසේම පෙර කල වැරදි වෙනුවෙන් තමන්ගෙන් වැරදි සිදු වූ අය වෙනුවෙන් වන්දි ගෙවන්නේ කෙසේද?

පුනරුත්පත්තිය පිළිගන්නේ නමි පහත දැක්වෙන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නේ කෙසේද?

මිනිසෙකු කල වැරැද්ද නිසා ඔහු මේ ලෝකයේ සතෙකු වී  ඉපදුනේ යැයි සිතමු.එවිට පැන නගින ප්‍රශ්නය නමි හොඳ නරක නොතේරෙන මෙවන් සත්වයින්ගෙන් තමන් පෙර ආත්මයේදී කල වැරදි හදාගෙන නැවත මිනිස් ආත්මයක් බලාපොරොත්තු වන්නේ කෙසේද?

සත්වයින්ට හරි දේ සහ වැරදි දේ තේරුමි ගැනීමේ බුද්ධියක් නැති නිසා උන් නැවත මිනිස් ආත්මයක් ලැබීමට කුසල් කිරීමක් කෙසේ සිදුවිය හැකිද?

පුනරුත්පත්තියෙන් බලාපොරොත්තු වන්නේ තමන් පෙර ආත්මයේදී කල වැරදි දැනගෙන ඒවා නැවත සිදු නොකර යහපත් ජීවිතයක් ගත කිරීමට නමි ඔහුට පෙර ආත්මයේ කල වැරදි සියල්ල මතක තිබිය යුතුය.එහෙත් එවැනි දෙයක් අපි දකින්නේ නැත.

වැරදි කරන මිනිසුන් මිනිස් ආත්මයෙන් බැහැර වී සත්ව ආත්මයක් ලබන්නේ නමි මිනිසුන් කරන වැරදි නිසා මේ ලෝකයේ මිනිසුන් අඩු වී සත්වයින් වැඩි විය යුතුය.එහෙත් අපි දකින්නේ මිනිසුන්ගේ වැඩි වීමක් සහ ඇතැමි සතුන්ගේ වඳවීමකි.මෙය පැහැදිලි කරන්නේ කෙසේද?

මෙහි දී ඉස්ලාමීය විශ්වාසය කුමක් දැයි සඳහන් කරන්නට අදහස් කරන්නේ එය අවශ්‍ය කෙනෙකුගේ දැනගැනීම පිණිසය.ඉස්ලාමීය ඉගැනිවීමි අනුව මේ ලෝකයේ උපදින කිසිවෙකු නැවත වරක් මේ ලෝකයේ දී උපදින්නේ නැත.ඔහු මෙලොව දී කරන පින් හෝ පවි සියල්ලම දේව දූතයන් දෙදෙනෙකු මගින් ලියා තබනු ඇත.එහෙත් ඔහු නිසියාකාරව පසුතැවිලි වී දෙවියන්ගෙන් සහ එම පවට සමිබන්ධ අයගෙන් සමාව ලබාගෙන තිබුනේ නමි එම පවි මෙලොවදීම සමා කරනු ලබන්නේය.

ශුද්ධ වූ අල්කුර්ආනයට අනුව මේ ලෝකයේ ඉපදුනු සියළු දෙනා ඔවුන් මේ ලෝකයේ දී කරන ලද පින් හෝ පවි විනිචිචිය කිරීම සඳහා “විනිශිචය දිනයේ” දී නැවත නැගිටිටවනු ලබන්නේය.එම දිනය අපගේ ගණන් ගැනීම අනුව වසර පනස් දහසක් වන එක් දිනයකි.

විනිශ්චය දිනයේ දී දෙවියන්ව ප්‍රතික්ෂේල කල සියළු දෙනා විනිශ්චයෙන් තොරවම නිරයට දමනු ලැබේ.දෙවියන්ට වෙන කිසිවක් සමාන නොකර නබිතුමා පෙන්වූ ආකාරයට දහම පිළිපැද්ද අය විනිශ්චයට යටත් වන්නෝය.දෙවියන්ව විශ්වාස කළත් පින් කිරීමට වඩා පවි කර තිබුනේ නමි එවැනි අය නරකාදියට යවනු ලබන්නේය.එහෙත් ඔහුගේ පවි වෙනුවෙන් නරකාදීයේ දී දඩුවමි ලැබීමෙන් පසු යමි දවසක ස්වර්ගයට නැවත ගනු ලබන්නේය.

දෙවියන්ගේ අණට අකීකරු වී කටයුතු කර තිබුනත් සමහරුන්ට දෙවියන්ගේ කැමැත්ත අනුව සමාව ලැබී ස්වර්ගයට යාමට අවස්ථාව ලබෙන්නේය.මෙය දෙවියන්ගේ කැමැත්ත අනුව තීරණය වන්නෙකි.මිනිසුන්ගේ විනිශ්චය සිදුකර අවසාන වූ පසු ඔවුන් ඉතා සතුටින් ස්වර්ගයට යාමට පිටත් වන්නෝය.එහෙත් ස්වර්ගයට යා යුත්තේ නිරයට ඉහලින් දමා ඇති පාලමක් මත්තෙන්ය.මෙම පාලම අසල මනු ලොව දී තමන්ට සිදුවූ අසාධාරණයන්ට වන්දි ලබා ගැනීම සඳහා පිරිසක් බලා සිටිනු ඇත.ඔවුන් ස්වර්ගයට යන අය නවත්වා මෙලොව දී තමන්ට කල වැරදි වලට ඔවුන්ගෙන් වන්දි ඉල්ලා සිටිනු ඇත.එම අවස්ථාවේ දී ස්වර්ගයට නියම සමහර පිරිස් තමන් රැගෙන පැමිණි කන්දක් මෙන් තිබුණු කුසල් සියල්ල වන්දි වශයෙන් බෙදා දීමෙන් පසු නරකාදියට පත්වන අවස්ථාව ද ඇත.සමහරු විදුලි වේගයෙන් දසමහරු සුළඟේ වේගයෙන් ද,සමහරු අශ්වයෙකුගේ වේගයෙන් ද යනාදී වශයෙන් ස්වර්ගයට පිවිසෙන්නෝය.සමහරු එහි ඇති කටු වල අමිනි නරකාදියට ඇද වැටෙන්නෝය.

උපුටා ගැනීම නිවැරදි මග අඩවිය

2 thoughts on “පුනරුත්පත්තිය පිළිබඳ වූ විග්‍රහය Reincarnation in the light of Islam

dwana

කුසල් යන්න පැහැදිලි කරන්න
නිරය කොතැනක පවතීද ? ස්වර්ගය කොතැනක පවතීද ?
නිරය සහ ස්වර්ගය තුල නිවනක් ඇතිද ?

shan4max

බුදුදහම අනුව

මිනිසෙකු කල වැරැද්ද නිසා ඔහු මේ ලෝකයේ සතෙකු වී ඉපදුනේ යැයි සිතමු.එවිට පැන නගින ප්‍රශ්නය නමි හොඳ නරක නොතේරෙන මෙවන් සත්වයින්ගෙන් තමන් පෙර ආත්මයේදී කල වැරදි හදාගෙන නැවත මිනිස් ආත්මයක් බලාපොරොත්තු වන්නේ කෙසේද?

පුනර්භවය යනු තොරා ගැනිමකින් තොරව ඉබේම සිදුවන ක්‍රියාවකි. කල වැරදි සදාගත නොහැක. සත්වයින්ගේ වර්ථාමාන භවයේ හෝ ඊට පෙර භවවල කුසලයක් ඉස්මතු නොවන තාක් ඔවුන් දුගතියේ උපදිති.

සත්වයින්ට හරි දේ සහ වැරදි දේ තේරුමි ගැනීමේ බුද්ධියක් නැති නිසා උන් නැවත මිනිස් ආත්මයක් ලැබීමට කුසල් කිරීමක් කෙසේ සිදුවිය හැකිද?

සත්වයන්ගේ බුද්ධිය ගැන නොදනිමි. පෙරභවවලදි හො කල කුසලයක් නොවුනහොත් නැවත මිනිස්/සුගතිගාමී ආත්මයක් ලැබිය නොහැකිය.

පුනරුත්පත්තියෙන් බලාපොරොත්තු වන්නේ තමන් පෙර ආත්මයේදී කල වැරදි දැනගෙන ඒවා නැවත සිදු නොකර යහපත් ජීවිතයක් ගත කිරීමට නමි ඔහුට පෙර ආත්මයේ කල වැරදි සියල්ල මතක තිබිය යුතුය.එහෙත් එවැනි දෙයක් අපි දකින්නේ නැත.

පෙර සදහන් කළ පරිදි පුනර්භවයේ බලාපොරොත්තු ආදිය නොමැත. එය වනාහි ලෝක නියාම ධර්මයකි. එය එසේ සිදුවේ. මරණය ලෝක නියාම ධර්මයකි. ජරාවට පත්විම ලෝක නියාම ධර්මයකි. එවා එසේ සිදුවේ. කිසිවෙකුත් කෙදිනකවත් එවායින් ගැලවුනේ නැත.

වැරදි කරන මිනිසුන් මිනිස් ආත්මයෙන් බැහැර වී සත්ව ආත්මයක් ලබන්නේ නමි මිනිසුන් කරන වැරදි නිසා මේ ලෝකයේ මිනිසුන් අඩු වී සත්වයින් වැඩි විය යුතුය.එහෙත් අපි දකින්නේ මිනිසුන්ගේ වැඩි වීමක් සහ ඇතැමි සතුන්ගේ වඳවීමකි.මෙය පැහැදිලි කරන්නේ කෙසේද?

නිර් සතුන් අප දකින්නේ නැත. සියලුම සතුන් (ප්‍රමාණිකව) ගැන හෝ දුගතිගාමී භවයන් වන ප්‍රේත/නාග/යක්ෂ ගහනයන් ගැන අප දන්නේත් නැත.

Leave a Reply


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.