අවනතවීම තුළින් ශාන්තිය The peace by obedience

88ඉස්ලාමි දහම පිළිබඳව මුස්ලිමි නොවන බොහෝ අය අර්ථ දක්වන්නේ එය වත්පිළිවෙත් හා ඇදහීමි පමණක් දේශනා කරන තවත් දහමක් බවයි.නමුත් එය ඉස්ලිමි දහම පිළිබඳව වූ නිවැරදි අවබෝධයක් නොවන්නේය.සැබැවින්ම ඉස්ලාමය යනු අතිශය ස්වභාවික වූ ජීවන මාර්ගයකි.සරල ජීවන ප්‍රතිපදාවකි.මෙම ප්‍රතිපදාවට අනුගත වන්නා මුස්ලිමිවරයෙකු යනුවෙන් හඳුන්වනු ලැබෙන්නේය.ඉස්ලාමි යන අරාබි පදයේ අවනතවීම,කීකරැවීම,සාමය හා ශාන්තිය වේ.ඉස්ලාමීය දෘෂ්ටි කෝණයෙන් එහි අර්ථය වන්නේ අල්ලාහ්ට මුළුමනින්ම කීකරැව අවනතවීමය.අල්ලාහ්ට පමණක් අවනතවීම තුළින් ඇතිවන ස්වභාවික ප්‍රතිඵලය වන්නේ යටත් වන්නා කෙරෙහි සාමය ඇතිවීමය.මෙලෙස සිතේ සාමය තුළින් පුද්ගත සාමයත් ඒ ඔස්සේ අප ජීවත් වන සමාජයේත් සාමය උදා කිරීම ඉස්ලාමි දහමේ මූලික අරමුණකි.එනමි අභ්‍යන්තර හා බාහිර ශාන්තියකින් සිටීමට ඇති එකම මාර්ගය මෙය වේ.

ග්‍රහලෝක එයට නියමිත නිමයම තුළ ගමන් කරයි.ගස් වැල් ඒවාට සුවිශේෂී වූ ක්‍රමයකට වැඩෙයි.එහෙත් මෙකී එකිනෙකට අනන්‍යය වූ ක්‍රමය එකී ද්‍රව්‍යයට කරදරකාරී වන්නේ නමි එහි ශාන්තියක් ඇති නොවේ.එම ක්‍රමවේදයන් එකී ද්‍රව්‍යයට කරදරකාරී වනවා යනු ඒ ක්‍රමවේදයන් දෙවියන්ගේ කැමැත්තට විරැද්ධ බවය.එනිසා මුස්ලිමිවරයා යනු තමාගේ කැමැත්ත අල්ලාහ්ගේ කැමැත්තට අවනත කිරීම තුළින් බාහිර හා අභ්‍යයන්තර ශාන්තිය අත්කර ගන්නා තැනැත්තා වේ.

අල්ලාහ් දෙවිඳුන් ශුද්ධ වූ අල්කුර්ආනයේ මෙසේ සඳහන් කරයි.

 

කවුරැන් ඉස්ලාමය හැර වෙනත් දහමක් අනුගමන කරන්නේද කිසිවිටකත් අල්ලාහ් විසින් එය පිළගනු ලැබෙන්නේ නැත.තවද ඔහු විනිශ්ච දිනයේදී පරාජිතයෙක් බවට පත්වන්නේය.”

                                                                                                                                                             (අල්කුර්ආන් 03 : 85)

විශ්වාසවන්තයිනි නුඹලා මුළුමනින්ම ඉස්ලාමයට පිවිසෙන්න.ෂෛතාන්ගේ පා සටහන් පිළපැදීමෙන් වළකින්න.ඔහු නුඹලාට ප්‍රකට හතුරෙක්ව සිටින්නේය

                                                                                                                                                             (අල්කුර්ආන් 02 : 208)

නියත වශයෙන්ම අල්ලාහ්ව ප්‍රතික්ෂේප කරමින් ඉන්න අයද,ප්‍රතික්ෂේප කරන්නන් ලෙස මිය ගිය අයද මේ සියළු දෙනාටම අල්ලාහ්ගේ ද,සුර දූතයින්ගේ ද,සකල මනුෂ්‍ය වර්ගයාගේ ද ශාපය ඇත.”

                                                                                                                                                             (අල්කුර්ආන් 02 :161)

 

මෙලෙස අල්ලාහ් දෙවිඳුන්ගේ කැමැත්තට අවනත වන ලෙස අල්කුර්ආනය ඔස්සේ අල්ලාහ් දෙවිඳුන් පඅහඅදිලිව දන්වා සිටියි.එසේ අවනත වන්නේ කෙසේද යන්න පිළිබඳවද දන්වා සිටියි.ස්වභාව ධර්මයේ නීතියට විරැද්ධ නොවී,එම නීතීනිට ඉහලින් කටයුතු නොකරන්නේ නමි ඔහු අල්ලාහ් දෙවිඳුන් කැමැති භක්තිකයෙකු වන්නේය.කවදත් තමන්ගේ අභිලාෂයන්ට හා කල්පනා ශක්තියට අනුව ක්‍රියා කිරීමෙන් වැළකී සිටිය යුතුය.

නියමිත වේලාවට අල්ලාහ්ගේ අණ ඉටු කරමින් අල්ලාහ් සමග වූ සමිබන්ධතාව ගොඩනගා ගැනීමේ ගිවිසුම මත අල්ලාහ් විසින් අපට මෙලොව දිවිය ලබා දී ඇත.මෙලෙස මෙම ගිවිසුමෙහි අපගේ පාර්ශවයේ කටයුතු අප නිසිලෙස ඉටු කරන්නේ ද අල්ලාහ් ද මෙම ගිවිසුමෙහි අල්ලාහ්ට හිමි කොටස නිසි ලෙස පවත්වාගෙන යනු ඇත.සැබැවින්ම මෙකී ලිවිසුම කුමක් ද?

අල්ලාහ් දෙවිඳුන් ශුද්ධ වූ අල්කුර්ආනයේ මේ පිළිබඳව පැහැදිලි කරයි.

ඇත්තෙන්ම මම නුඹලා සමයි යනුවෙන් අල්ලාහ් පැවසීය.නුඹලා සලාතය නිසි ලෙස ඉටු කරනවානමි,සකාත් වගකීමද පිළිපදින්නේ නමි අල්ලාහ් සමග ලස්සනට ගණුදෙනු කරන්නේ නමි මා නුඹලාගේ පාපයන් මකා දමන්නෙමි.තවද,ගළා යන ගංගාවන් ඇති ස්වර්ගයට නුඹලාව ඇතුළු කරන්නෙමි.මින් පසුවද යමෙක් අල්ලාහ්ව ප්‍රතික්ෂේප කරන්නේද ඔහු යහ මාර්ගයෙන් ඈත්ව සිටින්නේය.”

                                                                                                                                                     (අල්කුර්ආන් 05 : 12)

ඔබගේ දෙවියන් එකම දෙවියෙක්ය.එහෙයින් ඔහුටම අවනත වන්න.බැගෑපත්ව අවනත වන්නන්ට සුභෘරංචිය පවසන්න

                                                                                                                                                     (අල්කුර්ආන් 22 : 34)

 

එසේනමි අප ජීවිතය තුළට ශාන්තිය සමාදානය ඇති කරගැනීමට නමි,අල්ලාහ් දෙවිඳුන්ව අපේ මාරගෝප දේශකයා හැටියට පිළිගෙන ධර්මයෙහි නිසි ලෙස හැසිරිය යුතුය.සත් ක්‍රියාවන්හි නියලිය යුතුය.එවිට අප සිතට ශාන්තිය මෙලොවේදී ද මරණින් මතු ජීවිතයේදී ද අත් වන්නේය.අල්ලාහ් දෙවිඳුන් ශුද්ධ වූ අල්කුර්ආනයේ මෙසේ පවසන්නේය.

 

සත් ක්‍රියාව යනු නුඹලාගේ මුහුණ නැගෙනහිරට හෝ බස්නාහිරට හැරවීම නොව,අල්ලාහව ද,මරණින් මතු ජීවිතය ද,සුර දූතයින්ව ද,ධර්ම ග්‍රන්තයන් ද, දේව ධර්ම දූතයින්ව ද විශ්වාස කර අල්ලාහ් කෙරෙහි වූ ඔහුගේඇල්ම නිසා නෑදෑයින්ට ද,අනාථයින්ට ද,දිළින්දන්ට ද,මගීන්ට ද,යාචකයින්ට ද,වහලුන් මුදවා ගැනීමට ද තම මුදල් වැය කර සලාතයන් නිසි ලෙස ඉටු කර සකාත් වගකීමද ඉටු කරන්නේ ද එයයි සත් ක්‍රියාවන් වන්නේ.”

                                                                                                                                                   (අල්කුර්ආන් 02 : 177)

 මෙලොවේ දී හා මරණින් මතු ජීවිතයේ දී ශාන්තිය හිමි කර ගැනීමට ඇති එකම මග වන්නේ ඉස්ලාමි දහම නිසි ලෙස පිළිපැදීමය.

ඉබිනු ජවාද්

Related Post