අප වැළකිය යුතු කරුණු කිහිපයක් (ෂිර්ක්)

41අප සමාජය තුල ෙනාතිබිය යුතු නමුත් අවාසනාවකට දක්නට ලැෙබන ඉස්ලාමි අාගෙමහි තරෙය් තහනමි කරන ලද සමහර කරුණු පිළිබදව මදක් අපෙග් අවධානය ෙයාමු කරමු

1-රෝග වැළදීම වැළක්වීම සඳහා හෝ රෝග නිවාරණය සඳහා සුෆි වස්ත්‍ර පැළඳගැනීම

අල්ලාහ් තාආලා මෙසේ වදාළ සේක : අල්ලාහ් මට විපතක් සිදුකිරීමට සිතූ කල්හි ඔහුගේ විපතින් මා මුදන්නට අල්ලාහ් හැර තොප නමදින දෙයට හැකියාවක් ඇද්දැයි ඔවුන්ගෙන් විමසනු(සුරා අස්Zසුමර් :38)

       ඉම්රාන් ඉබ්න් හුසෙයින් මෙසේ වාර්තා කරයි : දිනක් නබි (සල්) තුමා පිත්තල දම්වැලක් පැළද සිටින මිනිසෙකු දැක එය පැළද සිටින්නේ කුමකටදැයි විමසූ සේක මහලුවියේ ශාරීරික දුර්වලතාවය මගහරවා ගැනීම සඳහා යයි ඔහු පිළිතුරු දුන්නේය එවිට නබි (සල්) වහන්සේ එය ගලවා දමන මෙන් ඔහුට නියෝග කරමින් එයින් ඔබේ දුර්වලතාවය වැඞ් වන්නේය ඔබ එය පැළද සිටියදී මරණයට පත්වුවහොත් ඔබට කිසිදු සාර්ථක ප්‍රතිඵලයක් නොලැබේ යයි වදාළහ උත්බා ඉබ්න් අම්ර් විසින් වාර්තා කරන හදීසයක මෙසේ සඳහන්වේ යන්තරයක් පැළද සිටින්නෙකුගේ ප්‍රර්ථනා අල්ලාහ් විසින් කිසිකලක ඉටු නොකරයි එම හදීසය අනුව මුහම්මද් නබි (සල්)වහන්සේ මෙසේ වදාරා ඇත යමෙක් යන්ත්‍රයක් පැළද ඇත්නම් ඔහු විසින් ෂිර්කයක් සිදුකර තිබේ හුදෙයිෆා රදි විසින් වාර්තාකරන හදීසයක් අනුව දිනක් නබි (සල්) තුමා එක් මිනිසෙක් උණ රෝගය  වළක්වා ගැනීම සදහා යයි යම් වස්ත්‍රයක් ගෙන යනු දැක එය ඉරා දමමින් කුර්ආනයේ අඩංගු මතු දැක්වෙන පාඨය උපුටා දැක්වූ සේක

සමානයන් තබන්නෝ මිස ඔවුන්ගෙන් වැඩ දෙනෙක් අල්ලාහ් ගැන විශ්වාස නොකරති (සූරා යූසුප්:106)

2-යන්තර මන්තර ගුරුකම් හා වශීකරණය

මුහම්මද් නබි (සල්) තුමා සමග ඛෙහෝ ගමන් බිමන් ගිය අබූ බෂීර් අල් අන්සාර් (රදි)තුමා මෙසේ වාර්තා කළ බව දැක්වේ  කාන්තාර පුරා ගොස් යම් ඔටුවෙකුට යන්තර පළදවා තිඛෙනු දුටුවහොත් එම යන්තර විනාශකර දමන ලෙස විධාන කොට උන්වහන්සේ විසින් සේවකයෙකු පිටත් කර යවන ලදී මසූද් (රදි) තුමාගේ හදීසයක් උපුටා දක්වමින් අහමඩ් ඉබ්න් හන්බල් සහ අබූදාවුද් මෙසේ වාර්තා කරතිඃ  යන්තර මන්තර ගුරුකම් වශීකරණය ආදී සියල්ලකම ෂිර්ක් වෙති යයි නබි (සල්)තුමාණන් වදාරනු මට ඇසී ඇත අහ්මඩ් ඉබ්න් හන්බල් සහ අත්තිර්මිදියන දෙදෙනා අබ්දුල්ලාහ් ඉබ්නු උකයිම්ගේ හදීසයක් උපුටා දක්වමින් යමෙක් යන්තරයක් පළදින්නේ නම් ඔහුට එහි රැකවරණය පමණක් ලැබේ.එහෙත් කිසිදු රැකවරණයක් සැලසීමේ ශක්තියක් යන්තරයකට නැත

ඇස්වහ කටවහ සහ විෂකුරු සර්පයින් දෂ්ටකිරීම ආදිය හේතුවෙන්  අධ්‍යයාත්මික ප්‍රතිකාර ආරක්ෂාවීම ලබාගැනීම සඳහා  ළමයින්ට යන්තර පළදවනු ලැබේ අල්කුර්ආනය හැර අන් සියලුම දේ ඉස්ලාම් ධර්මය තහනම් කරන ලදී.

3-ගස් ගල් වලට නැමදීම

අල්ලාහ් මෙසේ වදාරා සිටියි අල් ලාත් සහ අල් උස්සා ගැන සලකා බලන්න((53:19)

අපි අපේ පැරණි ආගම අත්හැර ඉස්ලාම් දහම වැළදගත් අලුතදී හුනෙයින් වැසියනට විරුද්ධව සටන් වැදීම සඳහා මුහම්මද් නබි (සල් ) තුමා සමග ගියෙමු තමන්ගේ අවි ආයුධ දාත් අන්වන් නැමැති ගසක වල්වා තැබීම විශ්වාස නොකරන ජනතාවගේ සිරිතක් විය අපද එවන් ගසක් පසුකර ගමන් කරන විට ඔවුන්ට තිඛෙන මාදිලියේ වෙනත් දාත් අන්වතක් ඔබ වහන්සේ අපටත් තෝරා දෙනවාදැයි අපි විමසුවෙමු එයට පිළිතුරු වශයෙන් උන්වහන්සේ මෙසේ වදාළහඃ අල්ලාහ් අක්බර් (අල්ලාහ් අති උත්තමය ) ඔවුනට තිඛෙන්නාවූ දෙවිවරුන් මෙන් අපටද දෙවියකු සලස්වා දෙනු මැනව යනුවෙන් බනු ඉස්රායීල් වරුන් මූසාගෙන් කළ ඉල්ලීමට සමානව ඔබලා නූගත් ජන කොට්ඨාශයන්ය ඔබලාද ඔබලාට පෙර පැවති අයගේ චාරිත්‍ර විධි ඒ ආකාරයෙන්ම අනුකරණය කළයුතුද(තිර්මිš)

ඕ මූසා ඔවුන් තබා මේ ජනතාව සිටින දෙව්වරුන් මෙන් දෙවියකු අපටද ලබා දෙන්නැයි ඔවුහු (ඉස්රායීල් දරුවෝ ) කීවෝය එයට ඇත්තෙන්ම නුඹලා අඥාන සමාජයක් යැයි ඔහු (මූසා) කීවේය (සූරා ආරාප් :138)

3-අන්‍යන්ගේ නාමයෙන් සතුන් කැපකිරීම කිරිම (අල්ලාහ් වෙනුවෙන් හැර )අල්ලාහ් මෙසේ වදාරා සිටියි

නියත වශයෙන්ම මාගේ සලාතය (නැමදුම ) මාගේ පුද පූජාවන් මාගේ ජීවිතය හා මාගේ මරණය රබ්බුල් ආලමීන් (විශ්වයාධිපති) වූ අල්ලාහ්ටම යැයි (නබි මුහම්මද් )පවසනු

ඔහුට සමානයන් නැත මේ ගැනමයි මට අණ කරනු ලැබුවේ තවද මම මුස්ලිම් (අල්ලාහ්ට කීකරු වූ තැනත්තා ) වරුන්ගෙන් පළමුවැන්නා වෙමි (සූරා අන්නාම් :162-163)

නබි (සල් )තුමා තුමා මෙසේ පවසයි යම් කෙනෙක් අල්ලාහ් හැර අන්අය වෙනුවෙන් සතුන් පරිත්‍යාග කරන්නන්ට අල්ලාහ් ශාප කරන්නෝය (සහීඋ ජාමිඋ සහීර් 5112)

4-අල්ලාහ් හැර අන් කිසිවෙකුට භාරයක්වීම

අල්ලාහ් තආලා  මෙසේ වදාලහ ඃ නුඹලා කුමන වියදමක් වියදම් කෙලෙහිද නැතහොත් කුමන බාරයක් බාරවුණිද අල්ලාහ් නිසැකයෙන්ම එය දනී අපරාධකරුවන්ට (අල්ලාහ්ගේ දඬුවමින් බේරීමට ) උදව්කරන්නෝ නැත . (සූරා අල් බකරා :270)

ඔවුහු (දැහැමි අයවලුන්) ඔවුන්ගේ භාර ඉටු කරති තොපගේ වස්තුවෙන් කුමන වියදමක් කළහුද කුමන භාරයක්වීද ඇත්තෙන්ම අල්ලාහ් එය දන්නේය (76:7)

ආයිෂා (රදි) තුමියගේ සහීහ් හදීසයක මෙසේ වාර්තාවේ අල්ලාහ්ගේ දුතයාණන් මෙසේ වදාලහ . අල්ලාහ්ට කීකරුවන බවට දිවුරුම් දුන් කෙනෙක් සිටී නම් ඔහු එම භාරය ඉටුකළ යුතුයි අල්ලාහ්ට කීකරු නොවන බවට යමෙක් ප්‍රතිඥා දුන්නේ නම් ඔහු එය ඉටු නොකළ යුතුය.

5-අල්ලාහ් හැර අන්කිසිවෙකුගේ රැකවරණය පැතීම

අල්ලාහ් තආලා  මෙසේ වදාලහ මිනිසුන්ගෙන් ඇතමෙක් සමහර ජින්වරුන්ගෙන් රැකවරණය  සෙව්වෝය එහෙත් එයින් සිදුවූයේ ඔවුන්ගේ නොමග යෑම තව තවත් අධිකවීමයි (72:6)

6-අල්ලාහ්ගෙන් හැර අන්කිසිවෙකුගේ උපකාරය පැතීම

අල්ලාහ් මිස නුඹට සැපතක් හෝ විපතක් කළ නොහැකි දෑට දුආ (පැතුම්) නොකරනු .නුඹ (එසේ) කළේ නම් නියත වශයෙන් නුඹ වරදකරුවන්ගෙන් කෙනෙකු වනු ඇත

අල්ලාහු නුඹ විපතකින් හසුකරගන්නේද ඔහු (අල්ලාහ්) හැර එයින් ගලවන කෙනෙකු නැත තවද ඔහු නුඹට සෙතක් (සල්සවන්නට) සිතුවේ නම් ඔහුගේ වරප්‍රසාදය වළක්වන්නෙකු නැත ඔහුගේ වහලුන්ගෙන් ඔහු අභිමත අයට එය ලැඛෙන්නට සලස්වන්නේය.ඔහු ක්‍ෂමාශීලීය අසීමිත කරුණාන්විතය(සූරා යුනුස්:106 -107)

 මුහම්මද් නබි (සල් ) තුමා ගේ කාලයේ ජීවත්වූ එක පුද්ගලයෙක් විශ්වාස කරන්නවුනට ඉමහත් දුක් ගැහැට හා හානි පැමිණවූ බැවින් ඔහුට විරුද්ධව පියවරක් ගැනීම සඳහා නබි (සල්) තුමගේ සහාය සොයමු යැයි ඇතැමෙක් යෝජනා කළහ මෙය ආරංචි වූ උන්වහන්සේ මෙසේ වදාලහ මගේ සහාය සෙවීමෙන් පලක් නැත සෙවිය යුත්තේ අල්ලාහ්ගේ සහායයි. (අත් තබරානි)

7-අර් රියා (සැගවුණු ෂිර්ක් )කුහකකම

 නියම හැගීම සගවා (ව්‍යාජභාවය ) අන්‍යන්ගේ ප්‍රශංසාවට ලක්වීමේ    බලාපොරත්තුවෙන් තමන්ගේ යහ කිරියා අන්‍යන්ට දර්ශනය කරවීම මෙයින් තම යහ කිරියාවන් අවලංගුවේ

අල්ලාහ් මෙසේ වදාරා සිටී මුහම්මද් මම නුඹලා මෙන් මිනිසෙක් පමණක් බව මට හෙළි දරව් කරනු ලැබ ඇත එම නිසා තම රබ් (පරමාධිති) මුණගැසීමට බලාපොරත්තු වන අය දැහැමි ක්‍රයාවන් කළයුතුයි තවද තම රබ් (පරමාධිපති) නැමදීමේදී කිසිවෙකු ආදේශ නොකළ යුතු යැයි (නබි මුහම්මද්)පවසනු    (සූරා අල් කහප්:110)

අල්ලාහ්ගේ දුතයාණන් මෙසේ වදාළ බව හදීස්හි සදහන්වේ ඔබලා වෙනුවෙන් මා ඛෙහෙවින් බියට පත්වන්නේ සුලුෂිර්කයක් ගැනයි එය කුමක්දැයි විමසූ විට උන්වහන්සේකුහකකම  හෙවත්  වංකභාවය යනුවෙන් පිළිතුරු දුන්හ

මුස්ලිම් විසින් වාර්තා කරනු ලැබ ඇති අබු හුරයිරා තුමාගේ හදීසයන් අනුව මුහම්මද් නබි (සල්) වහන්සේ මෙසේ වදාරා ඇත මට කිසිදු සහායකයෙකුගේ අවශ්‍යතාවයක් නැත යමෙක් මට සමානයෙක් තබන්නේද ඔහුගේ අවාසනාවන්ත ඉරණම හිමිකර ගැනීම මම නොවලක්වාලමි යනුවෙන් අල්ලාහ් තාආලා ප්‍රකාශකරයි අබු සයිද්ගේ හදීසයක් උපුටා දක්වන අහ්මඩ් වාර්තාකරන අන්දමට මුහම්මද් නබි(සල්) වහන්සේ මෙසේ වදාලහ ඔබලා ගැන මා වඩාත්ම බියට පත්වන එක් කරුණක් ඇත එනම් තමා සලාතය ඉස්තරම් අයුරින් ඉටු කිරීමේදී සිදු කරනු ලබන ෂිර්කයයි

10-අල්ලාහ් ගේ නීතීන් හැර අණ්‍ය නීතීන් පිළිපැදීමඅල්ලාහ්ගේ විනිශ්චය හැර අන්යන්ගේ විනිශ්චයට ලගාවීම

11-අල්ලාහ් තාලාගේ ඇතැම් නම් සහ ගුණාංග ප්‍රතික්ෂේප කිරීම

අල්ලාහ් තාආලා මෙසේ වදාරා සිටී එහෙත් ඔවුන් පරම දයාලූහූ ප්‍රතික්ෂේප කරති ඔවුනට මෙසේ කියව ඔහු මගේ ස්වාමීන්¯යාණන්ට ඔහු හැර අන් දෙවියෙක් නැත ඔහු කෙරෙහි මම විශ්වාසය තබමි

මහ පව්ඃ

  • ෂිර්ක්
  • අන වින සූනියම් (කොඩිවිණ)
  • මිනී මැරීම් (නීතිය ප්‍රකාරව හැර )
  • පොළී ගැනීම
  • අනාථයින්ගේ දේපළ සොරාගැනීම
  • ජිහාද්යෙන් පළායන්නන්
  • පතිවත රකින කාන්තාවකට අපවාද නැංවීම

තවද (විශ්වාසය වෙනුවට) එය (හූනියම් ශාස්ත්‍රාදිය) යමකු (මිලදී) ගන්නේද ඔහුට පරලොවදී කිසිම සෙතක් නොලැඛෙන ඇතැයි ඉතාමත් පැහැදිළිවම ඔවුහු දැන සිටියහ තවද තමන්ගේ ආත්මයන් විකුණා ඔවුන් ලබාගත් දෑ ඉතාමත් නපුරුය (මෙය ) ඔවුහු දැන සිටියාහු නම්(සූරා අල් බකරා :102)   

 ස්තූතිය – සෙහා්දරිය උමිමු නාදිර්

 

 

 

 

 

Related Post