බක්කාවේ පිහිටා ඇති ලොව ප්‍රථම දෙව් මැදුර 01

අබූ අර්ශද්

ඉස්ලාම් දහම මුස්ලීම්වරයෙකු හට අනිවාර්ය යුතුකම් 05 ක් අවධාරනය කරයි. ඒ අතුරින් එකක් නම් “හජ්” වන්දනයයි. ඉස්ලාමීය දින දර්ශනයට අනුව “දුල්හජ්” මාසයේ මෙම හජ් වන්දනය ඇරඹෙන අතර එහි දී සිදු කෙරෙන්නේ ලොවපුරා වෙසෙන මුස්ලීම්වරුන් (ඉස්ලාම් නියම කර ඇති) නියමිත දින කිහිපයේ මක්කා නම් නගරයේ පිහිටී “මස්ජිදුල් හරම්” (‘හරම්’ නම් දේවස්ථානය) වෙත ගොස් (ඉස්ලාම් පෙන්වාදෙන ආකාරයට) ආගමික කටයුතුවල නිරත වීමයි.

හජ් වන්දනාව

හජ් වන්දනාව

මෙය සෑම මුස්ලීම්වරයෙකු කෙරෙහිම අනිවාර්ය වන නමුත් එලෙස අනිවාර්ය වීම සදහා විවිධ කොන්දේසි ද සපුරා තිබිය යුතු බව ඉස්ලාම් පවසයි. මේ ලෙස හජ් වන්දනයේ නිරත වන, නිරත වූ එසේම මෙතෙක් එම ස්ථානයට නොගිය සෑම මුස්ලීම්වරයෙකු තුලම මෙන්ම ලොවපුරා සිටින මුස්ලීම් නොවන ප්‍රජාවගේ දැඩි අවධානයට ලක්වන විටෙක කුතුහලයක් පවා උපදවන සුවිශේෂි ගොඩනැඟිල්ලක් එහි දකින්නට ලැබේ. ඒ නමින් “ක:බාව” (kabah) නම් වූ කළු හතරුස් ගොඩනැඟිල්ලකි. මේ ගොඩනැඟිල්ල පිලිබදව මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව මුස්ලීම් සමාජයේ බහුතරයකට පවා ඇත්තේ අවම වූ දැන්මකි. මේ හේතුව නිසා එම ගොඩනැඟිල්ල පිලිබදව යහමඟ තුලින් පාඨක ඔබට කිසියම් අවබෝධයක් ලබාදීමට අදහස් කරමි. සෑම වසරකම “දුල්හජ්” (ඉස්ලිමීය දින දර්ශනයට අනුව වර්ෂයේ අවසාන) මාසය ලබන විට මුස්ලීම් ප්‍රජාව හජ් වන්දනය සදහා උනන්දු කරවන, හජ් වන්දනය කුමණ ආකාරයට ඉටුකල යුතුද යන්න පැහැදිලි කරන, එලෙස ඉටුකිරීමේ ඇති මහිමය පවසන බොහෝ ප්‍රචාරනයන් අසන්නට ලැබේ. එවන් බොහෝ ප්‍රචාරණයන් තුල ඉහතින් මා සදහන් ගොඩනැඟිල්ල පිලිබදව විස්තරයන් ඉදිරිපත් වන්නේ ඉතා අවම වශයෙනි. මේ හේතුව නිසාම මෙම ගොඩනැඟිල්ල වටා ගෙතුනු මිත්‍යාවන් පවා මුස්ලීම් සමාජය තුල පැවතීම අවාසනාවන්ත තත්වයකි. එපමණක් නොව මෙහි ඉතිහාසය පිලිබඳව නිසි අවබෝධයක් නොමැති මුස්ලීම් නොවන පිරිස් පවා මෙම “ක:බාව” (kabah) නම් ගොඩනැඟිල්ල හා එහි ඇති අනිකුත් ඉදිකිරීම් පදනම් කරගෙන විවිධ මතවාදයන් සමාජය තුල වැපිරීමට උත්සාහ කරන ආකාරය හාස්‍ය උපදවන විශ්මය ජනක තත්වයකි. විශේෂයෙන් පසුගිය කාලවල “මක්කාවේ ඇත්තේ බුදුන්ගේ පා සලකුණයි” යනුවෙන් ශ්‍රී ලාංකීය සමහරක් පිරිස් සිදුකල පුළුල් ප්‍රචාරය එවැනි එක් නිදසුනකි. බෞද්ධ සාහිත්‍යයේ එන “මක්කම” නම් වචනයක් පදනම් කරගෙන මෙලෙස “හොර ඔප්පු ලියන්න උත්සාහ දරණ” පිරිසට නිසි පිලිතුරු බොහෝ පිරිස් විටින් විට (විශේෂයෙන් අන්තර්ජාලය තුල) ලබාදී තිබුන ද එවැනි ප්‍රචාරයන් හි අඩුවක් නම් නැත. කිසිදු පදනමකින් තොරව “මක්කම” නම් වචනයක් පමණක් පදනම් කරගෙන තර්කයන් ගොඩනඟන්න උත්සාහ කරන පිරිසට පිලිතුරු සැපයීමට මා උත්සාහ නොකරමි. මන්ද ඔවුනට මෙහි සෑබෑ තත්වය පිලිබදව කිසියම් අවබෝධයක් ලබාගැනීමේ අවංක උවමනාවක් ඇත්නම් ඒ සදහා අන්තර්ජාලය තුල බොහෝ ලිපි ඉදිරිපත් වී ඇති බැවිණි. නමුත් ‘යහමඟ’ කවදත් පාඨක ඔබගේ දැනුමට යමක් වැඩියෙන් ලබාදීමට උත්සාහ කරන වෙබ් අඩවියක් ලෙස පහත වීඩියෝව ඉදිරිපත් කරන්නේ බෞද්ධ විද්වතුන්ගේ පැහැදිලි කිරීමන්ට අනුව ඉහත වාදයන් කොතරම් බොළද මෙන්ම අනවබෝධයෙන් ඉදිරිපත් කරන අන්තවාදී තර්කයන් ද යන්න ඔබටම පහසුවෙන් අවබෝධ කරගැනීම පිණිස පමණි.

දැන් මෙම ලිපියෙහි ප්‍රධාන අරමුණ වන එම “ක:බාව” (kabah) නම් ගොඩනැඟිල්ල හා එහි ඉතිහාසය පිලිබදව අවධානය යොමු කරමු. මෙහි දී මා ඉහත ගොඩනැඟිල්ල පිහිටී භූමියට “බක්කා” නම් වචනය භාවිතා කිරීම ශ්‍රී ලාංකීය බහුතරයකට නොහුරු වචන භාවිතයක් වන්නට පුළුවන.එසේ තිබිය දී “ඇයි මා එසේ පවසන්නේ ?” යන පැනයට දියහැකි සරල හා නිවරුදිම විග්‍රහය නම්, ශුද්ධ වූ කුර්ආනය තුලින් අල්ලාහ් (දෙවියන්) පවා එම ස්ථානය ආමන්ත්‍රණය කොට ඇත්තේ “බක්කාව” යනුවෙන් වීමයි. ශුද්ධ වූ කුර්ආනයේ එකම එක ස්ථානයක එනම් 48-24 වාක්‍යයෙන් පමණක් එම ස්ථානය “මක්කාව” යනුවෙන් හදුන්වා දෙන අතර අනිකුත් සෑම තැනකදීම අල්ලාහ් දෙවියන් පවසන්නේ “බක්කාව” යනුවෙනි. මේ අනුව “බක්කා” හා “මක්කාව” යන නම් දෙකෙම භාවිතා කිරීමේ වරදක් නොමැති බවත් ඒ නම් දෙකින්ම හදුන්වන්නේ එකම ස්ථානය බවත් පැහැදිලිය. (ඒ අනුව මෙම ලිපිය ඉදිරියට වඩාත් හොදින් වටහා ගැනීම පිණිසත් මුස්ලීම් සමාජයේ පවතින අනවබෝධය යම්තාක් දුරකට අවම කරගැනීම සදහාත් මින් ඉදිරියට “බක්කා” යන යෙදුම භාවිතා කරමි.) මෙම “බක්කා” නම් යෙදුම ශුද්ධ වූ කුර්ආනයේ බොහෝ ස්ථානවල සදහන් වන බව මා ඉහතින් සදහන් කලෙමි.

උම්රා කිරීමශුද්ධ වූ කුර්ආනයේ පමණක් නොව කිතුණු දහමේ ශුද්ධ වූ ග්‍රන්ථය ලෙස සලකන බයිබලයේ පවා එම ස්ථානය හදුන්වන්නේ “බක්කා” යන වචනයෙනි. (ශුද්ධ වූ කුර්ආනයේ සදහන් ආකාරයට බයිබලයේ සදහන් වූයේ කොහොමද? යන කාරණය මා මෙතැන දී සදහන් නොකරන්නේ මෙම ලිපිය දීර්ඝ නොකිරීම සැලකිල්ලට ගෙන බැවින් ඒ පිලිබදව වැඩි විස්තර සදහා මෙම අඩවිය තුල ඇති “ශුද්ධ වූ ග්‍රන්ථයන් හි වලංගුභාවය” යන ලිපිය කියවන්න) ඒ අනුව කිතුණූ බයිබලයේ සදහන් වන බව පවසන වාක්‍යය පහත ආකාරයට වේ. “ඔවුහු වැලපීමේ බක්කා මිටියාවත මැදින් යමින් එය උල්පත් ඇති ඉඩමක් කරගනිති…” (ගීතාවලිය 84-6) “ඔවුහු වැලපීමේ බක්කා මිටියාවත මැදින් යමින් එය උල්පත් ඇති ඉඩමක් කරගනිති…” (ගීතාවලිය 84-6) මේ ආකාරයට බයිබලයේ පවා බක්කා යනුවෙන් සදහන් වන මක්කාවේ පිහිටි එම ශුද්ධ වූ ස්ථානය පිලිබදව ශුද්ධ වූ කුර්ආනය පවසන්නේ කුමක්ද? යන්න අවධානය යොමු කලේනම් එහි දී බොහෝ විග්‍රහයන් දක්නට ලැබේ. ඒ අතුරින් මෙම ලිපියට ඉතා වැදගත් යයි හැඟෙන පාඨය නම්, ශුද්ධ වූ කුර්ආනයේ 3-96 වාක්‍යයේ අල්ලාහ් (දෙවියන්) පවසන පහත වාක්‍යයයි. “(දෙවියන් නැමදුම් කිරීම පිණිස) මිනිසුන් උදෙසා වෙන් කරන ලද ප්‍රථම මැදුර සැබැවින්ම බක්කා වේ (මක්කාවේ) පිහිටා තිබේ….” ඉහත වාක්‍යය හජ් සමයේ වැඩි වශයෙන් කථාවෙන කුර්ආන් වාක්‍යයක් වේ. එම වාක්‍යයේ අල්ලාහ් (දෙවියන්) එම ස්ථානය හදුන්වන්නේ “බක්ක”“ යනුවෙන් යන්නත් ඒ අනුව ඉහත මාගේ වචන භාවිතය වඩාත් සුදුසු වචන භාවිතයක් යන්නත් ඔබට පැහැදිලි වියයුතුය. දැන් ඉහත ශුද්ධ වූ කුර්ආන් පාඨය වෙත තවදුරටත් අවධානය යොමු කලේ නම්, ශුද්ධ වූ කුර්ආනයේ අල්ලාහ් (දෙවියන්) විසින් පවසන්නේ මෙම බක්කාවේ පිහිටි දෙව් මැදුර මිනිසුන් සදහා ලොව ප්‍රථමයෙන් ඉදිකල දෙව්මැදුර බවයි. ඒ මැදුර එනම් මක්කාවේ පිහිටා තිබෙන ඉහතින් මා සරලව හැදින් වූ “කළුපාටින් යුක්ත හතරුස් ගොඩනැගිල්ල” පිලිබදව මුස්ලීම් සමාජයට පමණක් නොව අනිකුත් සමාජයන්ටත් කිසියම් සරල අවබෝධයක් නැතුවාම නොවේ. නමුත් මේ මැදුර සම්බන්ධයෙන් කුතුහලයන් ද බොහෝමයක් පවතිනවා යන්න සැබෑවයි. ඒ අනුව මෙම ස්ථානය හා එම ගොඩනැඟිල්ල පිලිබදව කරුණු කිහිපයක් දැන් විමසා බලමු. ඉහත 3-92 ශුද්ධ වූ කුර්ආනයේ අල්ලාහ් (දෙවියන්) විසින් පවසන ආකාරයට මිනිසුන් නැමදුම් උදෙසා නිර්මාණය කල ප්‍රථම මැදුර මෙම ගොඩනැගිල්ල නම් එය ප්‍රථම මිනිසා මෙන්ම වක්තෘවරයා වන ආදම් (අලෛ) තුමාගේ කාලය පටන් පැවත ආයුතුය. ඒ අනුව මෙම ගොඩනැගිල්ලට දීර්ඝ වූ ඉතිහාසයක් පවතින බව පැහැදිලිය. මේ හේතුව නිසා තමා ශුද්ධ වූ කුර්ආනයට පෙර ලොව ප්‍රකාශ වූ යේසූස් (ඊසා (අලෛ)) තුමාගේ දේශනවල පවා මේ පිලිබදව සදහන් වන්නේ යන්න සරලව ඔබට වටහාගත හැකි වියයුතුය. මෙපමණ දීර්ඝ ඉතිහාසයක් ඇති මෙම ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් වර්ථමාන මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව මුස්ලීම් සමාජයට ද බොහෝ කුතුහලයන් ඇත. එවන් කුතුහලයන් කිහිපයක් පවසන්නේ නම්, මෙම ගොඩනැඟිල්ලේ විකාශනය කෙසේද? මෙහි ඇතුලත තිබෙන්නේ කුමක්ද? මෙම ගොඩනැඟිල්ල හා බද්ධ වූ කරුණු මොනවාද? මෙය වටා හිද වන්දනා කටයුතුවල නිරත වන්නේ ඇයිද? මෙම ස්ථානයට මුස්ලීම්වරුන් වර්ෂයක් පාසා යාමට හේතුව කුමක්ද?

‘යහම‍ඟ’ වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලදී:-

 

 

Related Post