පිවිතුරැ සමාජයකට

ලොව පුරා වෙසෙන සියළු ජන සමාජයන් යහපත් සමාජයක් පිලිබදව සිහින මවනවා යන්නත්, එවැනි සමාජයක් ගොඩනැඟීම සදහා විවිධ වූ උත්සාහයන් හි තමන්ට හැකි පමණින් නියලෙනවා යන්නත් සියළුදෙනා හොදින් දන්නා සත්‍යයකි. විශේෂයෙන් ලෝකය තුල වර්ධනය වෙමින් තිබෙන අපරාධ රැල්ල හමුවේ යහ සමාජයක් උදෙසා සිහින මවන මේ සියළු පාර්ශවයන්ට ඇත්තේ ඉමහ් අභියෝගයකි. එවන් සමාජ පසුබිමක මෙම විෂය ‘අපරාධ සදහා වූ නීති හා දඬුවම් ඉස්ලාමීය විමසුමක් යන මාතෘකාව ඔස්සේ තරමක් ගැඹුරින් විමසා බැලීමට අදහස් කරමි.16

රටක, සමාජයක යහ පැවැත්මකට හානි පමුණූවන ඝාතන, හොරකම්, වංචා, දූෂණ… වැනි අපරාධ සමාජයක් තුල වර්ධනය වීමට මූලික වශයෙන් බලපාන හේතූ පිලිබදව කිසියම් අවබෝධයක් ලබාගැනීම මෙම විෂය වඩාත් හොදින් අව‍බෝධ කර ගැනීමට හේතුවක් වේ. ඒ අනුව එම විෂය පිලිබදව අවධානය යොමු කිරීමේ දී එවැනි හේතූන් සියල්ල ප්‍රධාන වශයෙන් කොටස් තුනකට පෙලගැසීමට පුළුවන. එනම්,

  • ආගම දහමින් දුරස් වී එමෙන්ම මරණින් මතු උදාවන ඉරණම පිලිබදව නොතැකීමෙන් ක්‍රියා කිරීම,
  • කුමන ආකාරයටකට හෝ වස්තූන් හා සැපසම්පත් රුස්කොට ලෞකික දිවිය උපරිමයෙන් භුක්ති වීදිමට ඇති අසීමිත ආශාව,
  • වරදක් දී ලබාදෙන දඬුවම් හා නීති පිලිබදව බිය නොවීම හා ඒවා තම දෛනික දිවියට ප්‍රබල බලපෑම් ඇති නොකරන සාමාන්‍ය කාරණයක් ලෙස සැලකීම,

යහපත් රටක් ගොඩනැඟීමට නම් එම රට තුල  නිදහස් ජන සමාජයක් මෙන්ම යහපත් විනයක් ගොඩනැඟීම අත්‍යඅවශ්‍යය. ඒ නිදහස හා විනය ගොඩනැඟීමට නම් ඉහතින් සදහන් කාරණා තුනෙන් එකක් හෝ කිහිපයක් සමාජය තුල විදිමත් ලෙස ගොඩනැඟීම අනිවාර්‍ය අවශ්‍යතාවයකි. එනමුත් එය 100% ක් මිනිස් සමාජය තුල ක්‍රියාවට නැංවීම එතරම් පහසු හා ප්‍රායෝගික කාරණයක් නම් නොවේ. විශේෂයෙන් එහි පලමු හා දෙවන කාරණය සැලකූවිට එය ඒ ඒ පුද්ගලයා තුල ගොඩනැඟිය යුතු තත්වයක් මිස පිටස්තර පාර්ශවයකට හෝ නීතිරීති තුලින් පාලනය කලහැකි තත්වයක් නම් නොවේ‍. නමුත් තුන්වන කාරණය වන ‘දණ්ඩ නීති තුලින් ආරක්ෂා කිරීම’ යන්න සැලකූවිට එය පිටස්තර පාර්ශවයකින් හෝ නීතිරීති තුලින් පාලනය කලහැකි තත්වයකි. ඒ අනුව රටක ‘දණ්ඩ නීති’ යන්න යහ සමාජ පැවැත්මක් උදෙසා දැඩි අවශ්‍යතාවයක් යන්නෙහි කිසිවකුටත් විවාදයක් පැවතිය නොහැක. අනික් කාරණය නම්, ආගම දහම සමඟ සෘජුවම බැදී පවතින ඉහත තත්වයන් දෙක ආගම දහමින් දුරස්ව ජීවත් වන පිරිසට නම් වලංගු නොවේ. එවන් තත්වයක මේ සියළු පාර්ශවයන් පාලනය කල හැකි එකම හා නිවරුදි ම ක්‍රමවේදය වන්නේ ඉහතින් සදහන් තෙවන කාරණ යයි. ඒ අනුව මෙම විෂය පිලිබදව මෙතැන් සිට ඉදිරියට අවදානය යොමු කිරීමට අදහස් කරන අතර එය ඉස්ලාමීය දඬුවම් නීති හා සංසන්ධනාත්මක ලෙස ද විමසා බැලීමට අදහස් කරමි. මෙහි දී මෙම විෂය වඩාත් හොදින් අවබෝධ කර ගැනීම පිණිස පහත ආකාරයට අනුමාතෘකා කිහිපයක් ඔස්සේ අවදානය යොමු කරමි.

 

Related Post