ෂිර්ක් නැමැති අල්ලාහ් දෙවිඳුන්ට සමාන කිරීමේ මෙම ක්‍රියාවලිය මහා පාපයක් ලෙස ඉස්ලාමීය ඉගැන්වීමි උපදෙස් ලබා දීමට හේතුව වන්නේ,එම ක්‍රියාව තමන්ව නිරෝගී ලෙස මවා පෝෂණය කරන සියළු නිර්මාණවල එකම නිර්මාතෘ වූ අල්ලාහ් දෙවිඳුන්ට කරන අසාධාරණයක් නිසා වෙනි.මේ පිළිබඳව ශුද්ධ වූ අල්කුර්ආනය මුහමිමද් (එතුමාට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත්වේවා) නබිතුමාට පෙර ජීවත් වූ උදාර පුරැෂයෙක් ලෙස හඳුන්වනු ලබන ලුක්මාන් (අලෛහිස්සලාමි) තුමාණන් තම සෙනෙහිබර පුතාට කළ උපදෙසක් මගින් පැහැදිලි කරන්නේය.
“ලුක්මාන් තම පුත්‍රයාට අනුශාසනා කරන අවස්ථාවේදී “මගේආදරණිය පුතුනේ!ඔබ සර්වබලධාරී අල්ලාහ්ට සමානයන් නොතබන්න.(මන්දයත්),නියත වශයෙන්ම අල්ලාහ්ට සමානයන් කිරීම ඉමහත් අපරාධයකි.”යැයි පැවසුවේය.”
(අල්කුර්ආන් 31 : 13)
එමෙන්ම මෙම මහා පාප ක්‍රියාවෙහි යෙදෙන්නන්ට විනිශ්ච දිනයේ කිසිදු සමාවක් නොලැබෙන අතර,උදවි පදවි වලට කිසිවෙකුත් නොමැති එම දවසේදී මෙම අල්ලාහ්ට සමානයන් ඇති කළ පිරිසගේ එකම පිළිසරණ වන්නේ නිරය යැයිද අල්ලාහ් දෙවිඳුන් ශුද්ධ වූ අල්කුර්ආනයේ පැහැදිලි කරන්නේය.
“නියත වශයෙන්ම අල්ලාහ් තමන්ට සමානයන් තැබීමේ මහා පාප කර්මයට කිසිවිටකත් සමාව නොදෙන්නේය.මෙය හැර අනෙකුත් පාප කර්මයන්හි යෙදුනු පිරිසගෙන් තමන් කැමැති පිරිසට සමාව ලබා දේ.කවුරැන් අල්ලාහ්ට සමානයන් තබන්නේද,ඔවුන් නියත වශයෙන්ම අති විශාල පාපයෙහි යෙදෙන්නෝය.”
(අල්කුර්ආන් 04:48)
මෙය හැරෙන්නට මහා ෂිර්ක් ඝනයට අයත් වන දෙයක් නමි,මිනිසුන් තම ජීවිතයට එන උපද්‍රව සහ යමි යමි දේවල් හරියාකාරව ඉටු කර ගැනීමට හා එයින් බේරීමට විවිධාකාර වූ ක්‍රියාවලියන්හි නියලෙති.නිදසුනක් ලෙස සමහර පිරිස් අපල උපද්‍රව වලින් බේරීම සඳහා අලි කෙඳි වලින් මුදු තනා පලඳීම,යමි යම දෑ ජීවමි කර පලඳීම පැවසිය හැක.මෙය ඉස්ලාමි ධර්මයේ සපුරා තහනමි කරන ලද මහා ෂිර්ක් ඝනයට ඇතුලත් ක්‍රියාවක් බව ශුද්ධ වූ අල්කුර්ආනය පැහැදිලි කරයි.
“(නබිවරයාණනි) ඔබ (ඔවුන්ගෙන්) විමසන්න.අල්ලාහ් හැර නුඔලා (ප්‍රාර්ථනා කර) අඬගසන දෙවිවරැන් ගැන නුඔලා කුමක් සිතන්නෙහුද?අල්ලාහ් මට කිසියමි අයහපතක් කිරීමට අදහස් කළේ නමි,අල්ලාහ් හැර නුඔලා (ප්‍රාර්ථනා කර) අඬ ගසන අන් දෙවිවරැන්ට එම අයහපත (මගෙන්) ඉවත් කළ හැකිද?නොඑසේ නමි,අල්ලාහ් මට භාග්‍යයක් පිරිනැමීමට අදහස් කළේ නමි,උන්වහන්සේගේ එම භාග්‍යය වලක්වාලීමට එම දෙවිවරැන්ට හැකිද?ඔබ (ඔවුන්ට) පවසන්න.මට අල්ලාහ්ම ප්‍රමාණවත් වේ.ස්ථීර විශ්වාස වන්තයන් උන්වහන්සේ කෙරෙහිම විශ්වාසය තබති.යැයි අල්ලාහ් වදාරයි.
(අල්කුර්ආන් 39 : 38)
කවරෙක් දාදුකැට පලඳින්නේද,ඔහුට අල්ලාහ් පරිපූර්ණ භාවය ලබා නොදෙයි.යනුවෙන්ද,තවත් වදනක කවරෙක් දාදු කැට පලඳින්නේද,ඔහු (අල්ලාහ්ට) ආදේශ කළේය යනුවෙන්ද මුහමිමද් (එතුමාට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත්වේවා) නබිතුමාණන් පැවසූ බව උක්බා බින් ආමිර් නැමැති අනුගාමිකයා (සහාබිවරයා) වාර්තා කරන හදීසයක් අහ්මද් යන ග්‍රන්ථයෙහි සඳහන් වේ.
ඉහත සඳහන් නබිතුමාගේ වදනෙහි “ආදේශ කළේය” යන වචනයෙහි පරිසමාප්ත අර්ථ වන්නේ,සියළු නිර්මානවල එකම නිර්මාතෘ හා වැඳුමි පිදුමි ඉටු කිරීමට සුදුසු එකම දෙවියන් වූ අල්ලාහ්ට පමණක් සිදුකිරීමේ හැකියාව ඇති යමි දේවල් වෙනත් උපාය මාර්ගයන් තුළින් ඉටු කරගත හැකිය යැයි බලාපොරොත්තු වන්නේ නමි, නැතහොත් එම හැකියාව තවත් කෙනෙකුට අතයි විශවාස කරන්නේ නමි එයත් “ෂිර්ක්” නැමැති අල්ලාහ්ට සමාන කිරීමක් වේ යන්නය.
තවත් වදනක “කවරෙක් කිසියමි දෙයක් එල්ලාගෙන සිටින්නේද,ඔහු (අල්ලාහ්ගේ උපකාරයෙන් තොරව) ඒ මගටම වගකීමෙන් හරිනු ලැබේ” යැයි මුහමිමද් (එතුමාට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත්වේවා) නබිතුමාණන් පැවසූ බව අබිදුල්ලා බින් හකීමි සහාබිවරයා වාර්තා කර ඇත.මෙම හදීසය තිර්මිදි යන ග්‍රන්ථයෙහි සඳහන් වේ.මෙහිදී නබිතුමා අදහස් කළේ කවුරැන් යමි දෙයක් පැලඳීමෙන් හෝ වෙනයමි ක්‍රියාවක් මගින් තම ජීවිතයේ අල්ලාහ් විසින් නියම කරන ලද දෛවය වෙනස් කිරීමේ උත්සාහයක යෙදෙන්නේ නමි ඔහු අල්ලාහ්ගේ රැකවරණයෙන් ඈත් කරනු ලැබෙන්නේය යන්නය.
තවත් වරක් “මැතිරීම,දාදුකැට පැලඳීම සහ (එකල අඹුසැමියන් අතර ප්‍රේමය වැඩි කිරීමේ චේතනාවෙන් කළ) කොටිට මන්ත්‍රය කිරීම යනාදිය “ශිර්ක්” අල්ලාහ්ට ආදේශ හා සමාන කිරීමි බව” මුහමිමද් (එතුමාට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත්වේවා) නබිතුමාණන් පැවසූ බව අබිදුල්ලා බින් මස්ඌද් සහාබිවරයා වාර්තා කර ඇත.මෙම හදීසයත් අහ්මද් නැමැති ග්‍රන්ථයෙහි සඳහන්ව ඇත.
සුළු ශිර්ක් (සත් ක්‍රියාවන්හි සමාන කිරීමි)
මිනිසුන් තම දෛනික ජීවිතයේ නොයෙකුත් සත් ක්‍රියාවන්හි නිරත වන්නෝය.එම ක්‍රියාවනිහි අල්ලාහ්ගේ තෘප්තිය බලාපොරොත්තු විය යුතුය.නමුත් ප්‍රසිද්ධිය,උඩඟුකම,සමාජයේ කැපි පෙනීම වැති දෙයක් තම ක්‍රියාවන් තුළින් යමි පුද්ගලයෙක් බලාපොරොත්තු වන්නේ නමි එයත් අල්ලාහ්ට සමාන කිරීමක් යැයි ඉස්ලාමීය ඉගැන්වීමි පැහැදිලි කරයි.මෙය ඉස්ලාමීය නීති ව්‍යයූහයේ සුළු ෂිර්ක් යැයි හඳුන්වනු ලැබේ.ශුද්ධ වූ අල්කුර්ආනය මෙවැනි ක්‍රියාවන් අල්ලාහ්ට සමාන කිරීමක් යැයි “කඃෆ්” නැමැති පරිචිචේදයේ අවසන් වාක්‍යයේ සඳහන් කරයි.
“(නබිතුමණි ඔබ මෙසේ පවසන්න) නියත වශයෙන්ම මමත් නුඹලා මෙන් මිනිසෙකි.මට අල්ලාහ්ගේ දේව පිණුවුඩය වන “වහී” පහලවීමපමණයි තිබෙන වෙනස වන්නේ,එමනිසා නුඹලාගෙන් කවුරැන් අල්ලාහ් දෙවිඳුන්ව හමුවීමට බලාපොරොත්තු වන්නේද ඔවුන් සත් ක්‍රියාවන්හි නිරතවන්න,එමෙන්ම අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකරන්න.”
අල්කුර්ආන් 18 : 110)
වරක් නබිතුමාණන් තම සහාබිවරැන් රැස්ව සිටි සභාවක මෙසේ පැවසීය.“සුළු ෂිර්ක වලින් නුඹලා ප්‍රවේශමි වන්න,එවිට සහාබිවරයෙක් සුළු ෂිර්ක් යනු කුමක්ද යැයි විමසීය.එයට නබිතුමාණන් අනුන්ට පෙන්වීම සඳහා සත් ක්‍රියාවන් ඉටු කිරීම යැයි පිළිතුරැ දුන්හ.විනිශ්ච දිනයේදී අල්ලාහ් දෙවිඳුන් මෙවන් පුද්ගලයින්ට තමන් කවරැන් දැකීම සඳහා ධර්ම ක්‍රියාවන්හි යෙදුනේද ඔවුන් වෙතම ගොස් යමක් ප්‍රයෝජන තිබෙනවාදයි බලන මෙන් පවසයි”.මෙම හදීසය අහ්මද් හා තබරානී ග්‍රන්ථයන්හි සඳහන්ව ඇත.
මෙම ලිපිය තුළින් ෂිරක් නැමැති මහා පාපය පිළිබඳ තරමක විග්‍රහයක යෙදුනෙමු.එහෙයින් අපගේ ජීවිතයේදී ෂිර්ක් නැමැති මහා පාපයෙන් මිදී අල්ලාහ් කෙරෙහි පමණක් අචල විශ්වාසය තබන නිවැරදි මුස්ලිමිවරයෙකු හැටියට ජීවත් වීමට වෙර දරමු.
ඉබිනු ජාවද්
jabir hashim ( aboo abdullah)
etthtama me wage web adawiya gena lankawe sitina siyalu muslimwarunma aadambarawenawa
faizal
thanks for ur comments
ahmed rajapaksha
wadagat lepeyake panteyakata sahabage noya ayyata.ma magen ega gata hakeya.hoda samajayak b he keremata ma wadagat wa…………..