New Muslims APP

රමධාන් මස උපරිම ඵලය ෙනලා ගනිමු (Take advantage of Ramadan)

උපවාෙමය් ෙයෙදමු සල්මාන් අල් ෆාරිස් (රලි) තුමාණන් මෙසේ පවසයි. අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් (රමලාන් මාසයට පෙර මාසය වන) ශාබාන් මාසයේ අවසාන දිනයේ දී ‘මනුෂ්‍යයනි!, අති උතුම් වූ මාසයක් නුඹලා වෙනුවෙන් උදාවී ඇත. මෙම මාසය තුල තමා මාස 1000කට වඩා උතුම් වූ (ලෙයිලතුල් කද්ර් නම්) රාත්‍රියක් (සැඟවී) තිබෙන්නේ. මෙම මාසයෙහි දහවල් කාලයේ උපවාසය රුකීම අනිවාර්‍ය වේ. අධික ලෙස වන්දනාමාන කටයුතුවල රාත්‍රී කාලයේ කැමැත්තෙන් නිරතවීම යහපත් වේ. එක් යහපක් ක්‍රියාවක් ඉටුකොට අල්ලාහ් (දෙවි)ගේ කැමැත්ත දිනාගැනීම රමලාන් නොවන මාසයන් හි අනිවාර්යයෙන් ඉටුකරන කුසලකට සමාන වේ. මෙම මාසය තුල අනිවාර්‍ය කුසල ක්‍රියාවක් ඉටුකිරීම රමලාන් නොවන මාසවල ඉටුකරන කුසලට ලැබෙන කුසල මෙන් 70 ගුණයක් හිමිවේ. මේ මාසය තමා ඉවසීම සදහා වූ මාසය වන්නේ. එම ඉවසීමට ලැබෙන කුලිය ස්වර්ගයම වන්නේය.

මෙම මාසයේ තමා අදික ලෙස දුප්පතුන්, අසරණයන් හා රෝගීන් හමුවී ඔවුන් සමඟ දුක සැප බෙදා ගැනීමට සුදුසුම මාසය වන්නේ. මේ මාසයේ තමා විශ්වාසවන්ත මුස්ලීම්වරයෙකුගේ ආහාරපාන, ඔහුගේ මිලමුදල් වර්ධනය වී ඔහුට (දෙවි) භාග්‍යයන්ද හිමි වන්නේ. කවුරුන් උපවාසයෙන් මිදෙන උපවාසකරුවන්ට ඒ සදහා ආහාරපානවලින් සංග්‍රහ කොට සහය දක්වන්නේ ද ඔහුගේ පාපායන් දෙවියන් සමා කරන්නේය. ඔහුව අපා ගින්නෙන් ද ආරක්ෂා කරනු ලබන්නේය. එකම එක රටඉදි ගෙඩියක්, වතුර උගුරක් හෝ කිරී උගුරක් එසේ (උපවාසයෙන් මිදෙන්නට) ලබාදුන්න ද එයටත් අල්ලාහ් (දෙවි) කුසල් ලබාදෙන්නේය. මෙම මාසයේ ආරම්භ දින 10 ය දේව කරුණාව පිරි දිනයන් වේ. මැද දින 10 ය පව් සමා කිරීමට අදාල දිනයන් වේ. අවසාන දින 10 ය නිරයෙන් මිදෙන්නට සහය වන දිනයන් වේ.

කවුරුන් එක් වහල්ලෙකු නිදහස් කිරීමට සහය වන්නේ ද, අල්ලාහ් (දෙවි) ඔහුට සමාව ලබා දී නිරයෙන් නිදහස් වීමට සහය වන්නේය. නුඹලා හමුවේ කරුණූ 04 ක් වර්ධනය කරගන්න. එයින් කරුණු දෙකක් තුලින් නුඹලාට අල්ලාහ් (දෙවි) සතුටු කල හැක. අනික් කරුණු දෙක අත්හැර නුඹලාට ජීවත්වීමට නොහැක. අල්ලාහ් (දෙවි) සතුටු කරවන එම කරුණු දෙක වන්නේ ‘අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නැතැයි සාක්ෂි දැරීම හා ඔහුගෙන් පව් සමාව අයදීම‘ය. නුඹලාට නැතුවම බැරි කරුණු දෙක වන්නේ ‘අල්ලාහ් (දෙවි)ගෙන් ස්වර්ගය ඉල්ලා සිටීම හා නිරයෙන් ආරක්ෂාව පැතීම‘ය. මුස්ලීම්වරයෙකු උපවාසයෙන් මිදෙන මොහොතේ ඔහුට කවුරුන් හෝ ජලය ස්වල්පයක් ලබාදෙන්නේ ද විනිශ්චය දිනයේ දී ඔහුට අල්ලාහ් (දෙවි), නබිතුමාණන් සිටින (‘කව්සර්‘ නම්) ජලාශයෙන් ජලය පිරිනමන්නේය. එය ඔහුව ස්වර්ගයට පිවිසෙන තුරු පිපාසය මුදාගන්නේය‘ යනුවෙන් පවසන ලදී.

Leave a Reply


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.