බියභක්තිය උපවාසය තුලින් වර්ධනය කරගනිමු

ඉස්ලාම් දහමල :ඉස්ලාමීය දින දර්ශනයට අනුව- සෑම වර්ෂයකම ර්‍ණරමලාන්” නම් වූ මාසය පුරාවට උපවාසය රැකීම සෑම මුස්ලිම්වරයෙකුටම අනිවාර්ය කොට ඇත්තේ කුමක් සදහාදරෑ යන කාරණයයිග මෙය ආකාර දෙකකට සාකච්චා කල හැකග එනම්ල
•    ලෞකික හේතු
•    ලෝකොත්තර හේතු
ඉහත පලමු කාරණය එනම් ර්‍ණමෙම උපවාස රැකීම නිසා ඇතිවන ලෞකික යහපත කුමක්දරෑ” යන කාරණය වෙත ප්රුථමයෙන් අවධානය යොමු කලේ නම්ල මෙයට ශුද්ධ වූ කුර්ආනය පිලිතුරු ලබාදෙයිග එය ශුද්ධ වූ කුර්ආනයේ 2-183 වාක්යධයෙන් මෙසේ පවසයිග15
ර්‍ණවිශ්වාසවන්තයනි :මුස්ලීම්වරුනි- ෟල නුඹලාට පෙර විසූ ජන :සමාජය-ට අනිවාර්ය කලාසේමල නුඹලාටත් උපවාසය රැකීම අනිවාර්ය කර ඇතග ඒ එය තුලින් නුඹාලා :අල්ලාහ් :දෙවියන්ට– බියබැතියන් වනු පිණිසයග”
ඉහත කුර්ආන් වාක්යැයෙන් මෙම උපවාසය අතීතයේ සිට පැවත එන්නක් බව පවසන අල්ලාහ් :දෙවියන්- මෙය වර්ථමාන සමාජයටත් අනිවාර්ය කලේ ඔවුන් ර්‍ණ:දෙවියන්ට- බියබැතියන් වී යහපත් මනුෂ්යවයන් වීම පිණීස” බව පවසයිග දැන් වර්ථමාන බුද්ධීමත් මෙන්ම තාර්කික සමාජයට ගැටළුවක් පැනනැගිය හැකග ඒ ර්‍ණලෞකික වශයෙන් විවිධ වූ ඉල්ලීම් හා අයිතීන් දිනාගැනීම පිණිස උපවාසය කිරීම සාධාරණයග නමුත් දෙවියන් සදහා කරන උපවාසය තුලින් මනුෂ්යාීහට දිනාගත හැකි කිසිවක් තිබෙනවාදරෑල මේ උපවාසය එනම් කුසගින්නෙහි සිටීම තුලින් ලෞකික ජීවිතයට කිසියම් යහපතක් අත්වෙනවාදරෑ” යන්නයිග දැන් ඒ පිලිබදව අවධානය යොමු කරමුග
මෙම උපවාසය කුමක් සදහා දරෑ
මෙම ප්රාශ්නය තුල උපවාසය තුලින් මනුෂ්යාි ලෞකික වාසියක්ල පලයක් අපේක්ෂා කරනවා යන්න පැහැදිලි වේග එසේ නම් ඉස්ලාම් මෙම උපවාසය මනුෂ්යාා සදහා අනිවාර්ය කරන්නේ ඔහුට ලෞකික වාසි ලබාගැනීම පිණිස දරෑ යන ගැටළුව මේ තුලින් පැන නැ‍ඟේග ප්රවථමයෙන් මෙම කාරණය වෙත අවධානය යොමු කලේ නම්ල ඉස්ලාම් මෙම උපවාසය පමණක් නොව තවත් කරුණු කිහිපයක් ද මුස්ලිම් ජනයා සදහා අනිවාර්ය කරයිග එනම්ල
1ග    :අල්ලාහ් :දෙවියන්– විශ්වාස කිරීම
2ග    සලාතය :දිනකට පස්වතාවක් වන්දනය කිරීම-
3ග    උපවාසය :රමලාන් මාසයේ උපවාසය රැකීම-
4ග    හජ් වන්දනය :වත්කම් ඇති පිරිස් සදහා පමණක් අනිවාර්ය වේ-
5ග    ර්‍ණසකාත්” නම් අනිවාර්ය බද්ධක් ගෙවීම :ධනවතුන් සදහා පමණි-
මේ සියල්ල තුලින් දෙවියන් අපේක්ෂා කරන්නේ ඔහු කෙරෙහි මනුෂ්යානගේ අවනතභාවයයිග නමුත් ඉන් ලෞකික යහපතක් නැතැයි යන්න අදහස් නොකෙරේග අල්ලාහ් :දෙවියන්‍-ගේ මුඛ්යප අරමුණ මනුෂ්යාිගේ අවනතභාවය වන අතර එකම අරමුණ එය පමණක් නොවේග  මෙහි දී සියළුදෙනා අවබෝධ කර ගතයුතු තවත් මූලික කාරණයක් ඇතග එනම් සැබෑ දහමක් ලෝකෝත්තර දිවියට පමණක් නොව ලෞකික දිවියටත් එකසේ ප්රාගයෝගිකයග :මෙය මා මීට පෙර මෙම අඩවිය ඔස්සේ ලෞකික දිවිය හා ලෝකොත්තර විමුක්තිය යන ලිපිය තුලින් කථා කලෙමි- මන්ද එය අතීතයල වර්ථමානය හා අනාගතය පිලිබදව පූර්ණ දැනුමක් ඇති දෙවියන්ගේ සැලසුම් කරණයක් වන බැවිණිග ඒ අනුව ලෝකොත්තර අරමුණු පෙරදැරිව මේ උපවාසය මුස්ලීම් සමාජයට ඉස්ලාම් අවධාරනය කල ද එය තුල ලෞකික දිවියට යහපත ගෙනදෙන බොහෝ දෑ අන්තර්ගතයග ඒ පිලිබදව දැන් අවධානය යොමු කලේනම්ල
උපවාසය කියාදෙන පාඩම ජ් 01
ර්‍ණඋපවාසය” යනු මුස්ලිම් ජනයා විසින් දෙවියන් උදෙසා කරන වත්පිලිවෙතකිග එය ක්රි‍යාවට නංවන විට එය කරන තැනැත්තා තුල දෙවියන් කෙරෙහි ආකර්ශනයක් ඇති වේග තමන් ප්රි ය කරන එසේම තමන්ගේ අවශ්ය තාවයන් වන ආහාරල පාන හා ලිංගික අවශ්ය තාවයන් වැනි කාරණාවලින් මිදී දේව නියෝගය පිලිගෙන ක්රි යා කරන විට ඔහු තුල දෙවියන් කෙරෙහි කිසියම් ආකාරයක ආකර්ශනයක්ල භක්තියක් ගොඩනැඟේග අප සමාජය තුල දකින පොදු සත්යියක් තමා කිසියම් කෙනෙකු තමා ප්රි්ය කරන කිසිවක් කැප කරන්නේ නම් නියත වශයෙන්ම ඔහු ඒ තුල ඊටත් වඩා යහපත් යමක් අපේක්ෂා කරනවා යන්නග ඉස්ලාම් උපවාසය මනුෂ්යාතට අනිවාර්ය කිරීම මගින් ඔහුගේ හදවතේ ස්පර්ශ කරන්නේ මෙම ගුණාංගයයිග ලෞකිකව ඔහු කුමක් කෙරෙහි දැඩි ඇල්මක් හා ආකර්ශනයක් දක්වන්නේදරෑ ඒවා සියල්ල අත්හැර මේ සියල්ල මවා මනුෂ්යා  වෙනුවෙන් දායාද කල දෙවියන් කෙරෙහි අවනත වියයුතු යන්න මේ උපවාසය අපට කියා දෙන එක් ප්රමධාන පාඩමකිග එසේ ලෞකික කාරණයන් කෙරෙහි ඔහුගේ තිබෙන ආකර්ශනය හා බැදීම් අත්හැරීම තුලින් ඔහු අපේක්ෂා කරන්නේ දෙවියන්ගේ කැමැත්තල ආදරය හා අශිර්වාදය පමණීග
උපවාසය කියාදෙන පාඩම ජ් 02
උපවාසය තුලින් දෙවියන් අපේක්ෂා කරන ප්රනධාන අංගයක් තමා ර්‍ණදෙවියන් කෙරෙහි බියබැති බව” එය ඉහත 2-183 ශුද්ධ වූ කුර්ආන් වාක්යවය මඟින් ද අවධාරනය කරන බව අප ඉහතින් දුටුවෙමුග මේ බියබැති බව ඇතිවීමට ආහාර පානවලින් වැලකීසිටීම කිසිසෙත් ප්රමමාණවත් නොවේග ඉස්ලාම් පවසන උපවාසය ඉහතින් සදහන් ආකාරයට ආහාර පානවලින් වැලකී සිටීමට පමණක් සීමා වූ කාරණයක් නොවේග මනුෂ්යාආගේ මුළු ශරීරයම උපවාසය රැකිය යුතු යන්න ඉස්ලාමීය ඉගෙන්වීමයිග මෙය අල්ලාහ් :දෙවියන්-ගේ දූතායාණන් වන මුහම්මද් :සල්- තුමාණන් වරක් මෙසේ පවසන ලදීල
ර්‍ණකවරෙකු මුසාවන් පැවසීමත්ල රැවට්ටීමත්ල අපචාරයන්හි නිරතවීමත් අත්හැර නොදමන්නේ ද ඔහු අනුභව නොකොටල පානය නොකොට සිටීම කෙරෙහි අල්ලාහ් :දෙවියන්ට- කිසිදු තැකීමක් නැතග”
:ග්රභන්ථය බුහාරී-
දෙවියන්ගේ ආශිර්වාදය හා ආදරය අපේක්ෂාවෙන් උපවාසයේ නිරතවන කිසිවකුගේ සිත කිසියම් පාපක්රිආයාවක් වෙත නැඹුරු වනවිට ක්ෂණයකින් තමා උපවාසයේ නිරතව සිටින බව සිහිපත් වී එම පාපක්රියයාවෙන් ඔහු දුරස්වනු ඇතග ඔහු තුල ඒ සදහා ශක්තියක් මේ උපවාසය තුලින් නිර්මාණය වනු ඇතග එහි එක් මූලික පියවරක් ලෙස තමා අල්ලාහ් :දෙවියන්-ගේ දූතායාණන් වන මුහම්මද් :සල්- තුමාණන් මෙසේ පවසා සිටියේල
ර්‍ණකිසියම් කෙනෙකු තමන්ට පහරදීමට හෝ බැනවැදීමට උත්සාහ කලේනම් ඔහුට ‘මම උපවාසයේ නිරත වී සිටින්නෙමි’ යයි පවසා එතැනින් ඉවත් වන්නග”
මෙසේ උපවාසය රැකීම එනම් කුස පමණක් නොව මුළු සර්වාංගයම උපවාසය රැකීම තුල එනම් මනුෂ්යාන තුල හොද සංයමයක් නිර්මාණය වේග එපමණක් නොව තමන්ට එරෙහිව ක්රි යාකල තැනැත්තාහට තමන්ගේ උපවාසය සිහිකිරීම තුල අනවශ්යව ආකාරයට එදිරිවාදිකම් හට ගැනීමෙන් දෙදෙනාම වැලකේග මෙය හොද ආදර්ශයක් බවට ද පත්වේග
උපවාසය කියාදෙන පාඩම ජ් 03
දෙවියන්ට අවනතව හා ඔහුගේ භාග්යැයන් අපේක්ෂාවෙන් මනුෂ්යා  උපවාසය රකින විටල මේ උපවාසය හේතුකොටගෙන මනුෂ්යාා තුල එක්තරා ආකාරයක හුදෙකලාභාවයක් නිර්මාණය වේග එනම් මනුෂ්යාන ඔහුගේ කැමැත්තට ආහාර පාන හා අනිකුත් ලෞකික සැපසම්පත් භුක්ති විදිමින් ජීවත් වනවිට නොදැනුවත්වම කිසියම් ආකාරයක මායාකාරී මෙන්ම ආඩම්භරකාරී ජීවිතයක් ඔහු තුල නිර්මාණය වේග මෙවන් තත්වයක ඔහුට ලෝකය දෙස යාථාර්ථවාදීව දැකීමට නොහැකි වේග මෙම තත්වය වර්ථමාන සමාජයේ අප නිරන්තරයෙන් දකින්නෙමුග එවැනි අවස්ථාවල තමා බොහෝ විට අප ර්‍ණදැන් තමයි මට තේරෙන්නේ” යයි පවසන්න්ග මෙහි පවතින්නේ එම මායාකාරී ස්වභාවයයිග ලෞකික සැපසම්පත් හා අලංකාරවල මනුෂ්යා  ගිලී ජීවත් වනවිට ඔහුට යථාර්ථවාදී බොහෝ දේ නොපෙනී යයිග මෙම තත්වය නිසයි වරක් අල්ලාහ් :දෙවියන්-ගේ දූතායාණන් වන මුහම්මද් :සල්- තුමාණන් මෙසේ ප්ර කාශ කලේල
ර්‍ණආදම්ගේ දරුවා :මුළු මිනිස් සමාජය- ඉතා නරක මල්ලක් පුරවමින් සිටීග එය තමා කුසග ආදම්ගේ දරුවාට ඔහුගේ කොදුනාරටිය සෘජුව තබාගැනීමට සුළු ආහාර ප්ර මාණයක් ප්ර්මාණවත්ල අධිකව ආහාර ගැනීමට අවශ්යආම නම් :කුසෙන්- තුනෙන් එකක් ආහාරය සදහාත්ල තවත් කොටසත් වතුර සදහාත්ල ඉතිරි කොටස තමන් සදහාත් වෙන්කර ගනිත්වාෟ”
:ග්රටන්ථය ජ් අහ්මද්ල ඉබුනුමාජා-
ඉහත හදීසය තුලින් පැහැදිලි වන්නේ සීමා ඉක්මවා ආහාර පාන ගැනීම නිසා මනුෂ්යාක තුල කිසියම් ආකාරයක දුර්වලතාවයන් නිර්මාණය වනවා යන්නයිග මනුෂ්යාක ලෞකික බැදීම් කෙරෙහි දැඩි ආකර්ශනයක් ඇතිකර නොගෙන ජීවත් වනවිට ඔහුට ජීවිතයේ බොහෝ දෑ යථාර්තවාදීව අවබෝධ වේග උපවාසය රැකීම තුලින් ද සිදුවන්නේ මේ මනුෂ්යතගේ ලෞකික බැදීම් ඉවත් වී ඔහු යථාර්ථවාදී මිනිසකු බවට පත්වීමයිග මේ හේතුව නිසා ඔහු තරමක විවෘත හා පැහැදිලි මනසින් ලෝකය දෙස බලන්නට නැඹුරු වේග මෙය මනුෂ්ය  ස්වභාවය වන අතර එය වඩාත් හොදින් අවබෝධ කරගත හැකි සිදුවීමක් අල්ලාහ් :දෙවියන්-ගේ දූතායාණන් වන මුහම්මද් :සල්- තුමාණන්ගේ කාලයේ එක්තරා අවස්ථාවක සිදුවියග එය මෙසේයල
ර්‍ණඑක්තරා අවස්ථාවක හන්ලලා අල් උසෙයිදි :රලි- තුමාණන් වරක් ‘මම ද්රේමහියෙක් බවට පත්වුනාෟ’ යයි පවසන ලදීග එය ඇසු මුහම්මද් :සල්- තුමාණන් ‘මේ මොනවාද ඔබ කියන්නේරෑ’ යයි විමසා සිටින ලදීග එයට ඔහුල ‘අල්ලාහ්ගේ දූතයාණෙනිෟල ඔබතුමා හමුවේ අප සිටින විට නිරයල ස්වර්ගය පිලිබදව ඔබතුමාණන් අපට අවවාද අනුශාසනා කරන්නේයග එවිට ඒ සියල්ල අප ඇස් ඉදිරිපිට දකිනවා සේ අපට හැඟේග නමුත් ඔබතුමාගෙන් වෙන්වී ගියවිට බිරිදල දරුවන්ල වතුපිටි… යනාදී කරුණුවල ගිලී එම අවවාද අනුශාසනාවලින් බොහෝ දෑ අමතක කර දමන්නෙමුග’ යයි පවසන ලදිග”
:ග්රුන්ථය මුස්ලීම්-
ඉහත හදීසයෙන් පැහැදිලි වන්නේ කුමක්දරෑ ලෞකික කාරණයන් තුල ගිලෙන තරමට අපට බොහෝ සත්යැයන් යථාර්ථවාදීව දකින්නට නොහැකි වනවා යන්නයිග මේ උපවාසය තුලින් බොහෝ දෑ කෙරෙහි සිතන්නට හා බුද්ධිමත්ව දකින්නට පොළොඹවන නිසා මේ උපවාසය මුස්ලීම් ජනයා හට මහත් ආශිර්වාදයක් බවට පත්වේග
උපවාසය කියාදෙන පාඩම ජ් 04
මේ උපවාසය හේතුකොටගෙන ධනවතා හා දුගියා අතර ඇතිවන බැදීම කිසිසේත් නොසලකා හැරිය නොහැකග ධනවත් කෙනෙකු හට මේ උපවාසයල තමන්ට අල්ලාහ් :දෙවියන්- විසින් ලබා දී ඇති භාග්ය යන් නිසිලෙස අවබෝධ කරගැනීමට මහත් පිටුවහලකිග ධනවත් පුද්ගලයෙකු හට ආහාර පාන හා බිරිද දරුවන් යනදී සියල්ල ඉමහත් භාග්යටකිග මෙසේ ඔහු සුඛෝපභෝගි ජීවිතයක් තුල කල්ගෙවන විට එම සමාජයේම තවත් පිරිසක් මේ සියල්ල අහිමිව දුක්බර ජීවිතයක් ගතකරයිග මේ උපවාසය හේතුකොටගෙන මේ ධනවත් මිනිසා ආහාර පානවලින් හා අනිකුත් සැපසම්පත්වලින් දුරස් වී කල්‍ ගෙවයිග එහි දී ඔහුට එතුවක් තමන් භුක්ති විදින ලද භාග්යතයන් හි මහිමය අවබෝධ වේග විශේෂයෙන් ආහාර පානවල වටිනාකම අවබෝධ වේග ඔහු එක්තරා දුරකට දුගී ජනයාගේ දුක අත්වි දී එහි දී ඔහුට දෙවියන් ලබා දී ඇති භාග්යෝයන් පමණක් නොව දුගියාගේ දිළිදුකමත් ඔහු ජීවිතයේ අත්විදින කටුක බවත් අවබෝධ කරගනීග මේ නිසා ඔහු දිළිදු ජනයා වෙනුවෙන් දානධර්මදීමටත් ඔවුනට උදව්කිරීමටත් පෙළඹේග මේ තුලින් ඒ වර්ෂය පුරා දිළිදුබවෙන් මිරිකී ජීවත්වන එම දිළිදු ජනතාවට මේ උපවාස මාසය මහත් භාග්යෂවන්ත මාසයක් බවට පත්වේග මෙම තත්වය එනම් ධනවතුන්ගේ පරිත්යාතගය හා දිළිදු ජනයාගේ සතුට මෙම උපවාස :රමළාන්- මාසයේ මුස්ලිම් සමාජයේ සුළබව දකින්නට තිබෙන දසුනකිග මෙය උපවාසය තුලින් මනුෂ්ය- සමාජය ලබාගත් ජයග්රාහණයකිග
උපවාසය කියාදෙන පාඩම ජ් 05
ඉස්ලාම් දහම පවසන බොහෝ වත්පිලිවෙත් මනුෂ්යාෂගේ මනස හා සෘජුවම බැදී පවතින කාරණයකිග එයට එක් සාධකයක් ලෙස මෙම උපවාසය ද සදහන් කලහැකග මේ උපවාසය තුලින් මනුෂ්යාහ තම සිත පාලනය කිරීමට පුරුදු පුහුණුවීම ද ඉස්ලාම් පෙන්වාදෙන කාරණයකිග මනුෂ්යා ගේ සිතෙහි පාලනය මනුෂ්යාාගෙන් මිදී පැවතීම තමා අද ලොව බොහෝ විනාශයන් අපරාධයන් සිදුවීමට මූලික හේතුවග තමන්ට කිසිසේත් වැලකිය නොහැකි යයි පවසන දෛනික අවශ්යයතාවයන් වන ආහාර පාන හා ලිංගික අවශ්යේතාවයන් තමා පිලිගෙන සිටින දෙවියන් වෙනුවෙන් වැලකී එය සතුටින් භාරගනීග තම සිතට වහල් ‍ෙවනවා වෙනුවට සිත වහල්කරගනීග මේ නිසා යහපත් අයහපත් කරුණු බුද්ධිමත් ලෙස තෝරා බේරාගෙන තම ජීවිතය යහපත් ආකාරයට සකස් කිරීමට හැකියාව ලැබේග සිත යනු සෑම විටම මනුෂ්යාතට වඩා පියවරක් ඉදිරියෙන් සිටින දෙයකිග නමුත් මේ මනස උපවාසය තුලින් පහසුවෙන් ජයගැනීමටත් එය වහල්කර ගැනීමටත් මුස්ලිම්වරයෙකු හට හැකිවේග මෙය මනුෂ්යුයෙකු වශයෙන් ලබන ලොකුම ජයග්රරහණයකිග
උපවාසය කියාදෙන පාඩම ජ් 06
උපවාසය තුලින් මනුෂ්යාිහට හිමිවන තවත් භාග්යයයක් වන්නේ ඔහුගේ හැඟීම් පහසුවෙන් පාලනය කැරීමට හැකියාව ඔහුතුල නිර්මාණය වීමග මනුෂ්යකයෙකු හට කුසපිරෙන් ආහාර පාන හා කම්සැප නොඅඩුවකින් ලබන විට ඔහු තුල කිසියම් ආඩම්භරභාවයක් නිර්මාණය වේග එසේම ඔහුගේ ජීවිතය තුල කිසියම් ආකාරයක ආවේගකාරී ස්වභාවයක් දක්නට ලැබේග නමුත් උපවාසය හේතුකොටගෙන ඔහු ජීවිතය යතාර්ථවාදීව දකින්නට පෙළඹේග එහි දී සත්ය  වෙනුවෙන් නැඹුරුවල යටහත්ව හා ජනයා ඉදිරියේ නිහතමානිව ක්රිලයා කිරීමේ යහපත් චින්තනයක් ජීවිතය තුල නිර්මාණය වේග
එපමණක් නොව මනුෂ්යත ස්වභාවයෙන්ම මිනිසාට ආහාර පාන හැරුණූ කොට කායිකව ඇතිවන ප්රණධාන අවශ්යිතාවයක් තමා ලිංගික අවශ්යාතාවය මෙය කිසියම් ආකාරයක පලනයක් කරගැනීම සදහා හොද ප්රරතිකර්මයක් ලෙස ඉස්ලාම් උපවාසය හදුන්වා දේග මේ පිලිබදව අල්ලාහ් :දෙවියන්-ගේ දූතායාණන් වන මුහම්මද් :සල්- තුමාණන් වරක් මෙසේ පවසන ලදීග
ර්‍ණඕ තරුණයෙනිෟල නුඹලාගෙන් කවරෙකු විවාහයක් අවශ්යුතාවයෙන් පෙලෙන්නේදරෑ ඔවුන් විවාහ කරගනිත්වාෟල මන්ද විවාහය :නුඹලාගේ- බැල්ම පහත හෙලන්නටත්ල :නුඹලාගේ- ලිංගික අවයවයන් :දුරාචාරයෙන්- ආරක්ෂා කරන්නටත් සමත්යග කව්රුන් එයට :විවාහයට- ශක්තිවන්ත නොවේදරෑ ඔවුන් උපවාසය රකිත්වා නියතවම එය ඔහුව ආරක්ෂා කිරීමට සමත්යග”
:ග්ර න්ථය ජ් බුහාරිල මුස්ලීම්-
ඉහත නබිවදනට අනුව අනුව මනුෂ්ය්ගේ ලිංගික හැඟීමන් පාලනයට උපවාසය වඩාත් හොද පිලියමක් බව ඉස්ලාම් පවසයිග ශරීරයට අවශ්යි ආහාර හා ජලය නිසි ලෙස නොලැබෙන විට ඔහු මානසික හැඟීමන්ට වහල් නොවී බුද්ධිමත් ලෙස ජීවිතය දකින්නට පෙළඹේ ඒ හේතුවෙන් ඔහු ලිංගික හැඟීමන්ට වහල් වූ ජීවිතයෙන් මිදේග
උපවාසය කියාදෙන පාඩම ජ් 07
මා මෙම ලිපිය ආරම්භයේ සිට පැවසුවාසේ උපවාසය මනුෂ්යාේ බුද්ධිමත්ව සිතීමට පොළොඹවන එනම් මානසික නිදහස ලබාදෙන දේව සැලසුම් කරණයකිග මෙහි මානසික සුවය පමණක් නොව මෙම උපවාසය තුල කායික සුවයට ‍අවශ්යක බොහෝ දෑ අන්තර්ගතයග විශේෂයෙන් වර්ෂය පූරාවට අධික ලෙස ශරීරයට ආහාර ගැනීම නිසා විවිධ වූ රෝගී තත්වයන් ඇති වේ‍ග එවැනි රෝගි තත්වයන් සදහා මෙම ඉස්ලාම් පවසන උපවාස ක්රණමය වඩාත් පලදායි බව වෛද්ය වරුන්ගේ පවා නිගමනයයිග විශේෂයෙන් මනුෂ්යාාහට වැලදෙන බොහෝ රොගී තත්වයන්ට හේතුකාරණයක් වන ශරීරයේ අධික ලෙස මේදය තැන්පත් වීම අවම කරගැනීමට වඩාත් සාර්ථක උපක්රනමයක් ලෙස මෙම උපවාස වෛද්යපවරුන් පවා හදුන්වාදෙයිග වර්ෂය පුරාවටම උදේපටන් රාත්රි  නින්දට යනතුරු අඛණ්ඩව ක්රි‍යාත්මක වන මේ ශරීර කූඩුව තුල ඇති යන්ත්රඋ පද්ධතිය මාසයක කාලයක් අක්රනයව පැවතීම සැබැවිම ඒ අභ්යවන්තර පද්ධතියට දෙන විවේකයක් යන්න අවබෝධ කරගැනීම අපට අපහසු නොවේග
ඉහත ආකාරයට ඉස්ලාම් උපවාසය තුලින් මිනිස් සමාජයට බොහෝ පාඩම් කියාදේග ඒවා තුල ලෞකිකව තමන්ට මෙන්ම තම අවට සමාජයටත් බොහෝ යහපතක් ඇත්තේයග මීට පෙර අප විවිධ ආගම් විවිධ ආකාරයට උපවාසය පිලිබදව කථා කොට ඇතිග උපවාසය නමින් කථා නොවුනත් ආහාරල පාන හා ලිංගික :කාමුක- හැඟීම් පාලනය පිලිබදව   ලොව සෑම ආගමක්ම පාහේ කථා කරයිග ඒ ආකාරයටම උපවාසය පවසන තවත් දහමක් ලෙස ඉස්ලාමය සදහන් කල නොහැකග ලොව බොහෝ ආගම් උපවාසය පිලිබදව පැවසුවද ඒවාල
•    දියර වර්ගවලින් පමණක් වැලකී සිටීම
•    මස් මාළුවලින් පමණක් වැලකී සිටීම
•    දියරවර්ග පමණක් ආහාරයට ගැනීම
•    පැයක් පැය කිහිපයක් පමණක් ආහාරපානවලින් වැලකී සිටීම
•    නිහඩව සිටීම පමණක් උපවාසයක් ලෙස ඉටුකිරීම
•    අඛන්ඩව දවසක් දවස් කිහිපයක් උපවාසය රැකීම
•    මාස කිහිපයක් අඛන්ඩ උපවාසයෙ නිරතවීම
යනාදී ආකාරයට වේග මේවා සමහරක් හාස්යක උපදවන උපවාසයන්යග උදාහරණයට දියර වර්ග පමණක් ආහාරයට ගැනීමේ උපවාසය සදහන් කල හැකග මේවා මඟින් මනුෂ්ය  ජීවිතයේ කිසිදු වෙනසක් ඇති නොවේග එසේම මනුෂ්ය  ශක්තියෙන් ලඟාවිය නොහැකි ප්රාතයෝගික නොවන ඉලක්කයන් මනුෂ්යා ට දේශනා කිරීම තුලින්ද මනුෂ්යායට යහපතක් අත් නොවේග ඉස්ලාම් පවසන ආකාරයට මනුෂ්යායගේ මානසික හා කායික යහපත සදහා නම් මේ උපවාසයග ඒ තුල ඔහුට එය හිමිවිය යුතුයග ඔහුට එය ප්රායයෝගික විය යුතුයග ඔහුව අපහසුතාවයන්ට හා සංකීර්ණ තත්වයන්ට පත්නොකල යුතුයග ඉස්ලාම් උපවාසය තුලින් මනුෂ්යාිහට ලබාදෙන්නේ පහසුනොවන නමුත් ජයගතහැකි ඉලක්කයකිග තමන්ට කල නොහැකි බව පවසන ඉලක්කයක් අනිවාර්ය යෙන් කරන ලෙස ඉස්ලාම් උපවාසය තුලින් අනකරයිග එහි දී ඔහුට අත්හල නොහැකි යයි පැවසූ දුම්වැටයෙන්ල මත්පැන්වලින් හ‍ා වෙනත් ඇබ්බහිවීම්වලින් වැලකේග කුසගින්න ඉවාගත නොහැකි යයි පවසන ඔහු උපවාස මාසයේ සතුටින් එය පිලිගෙන උපවාසය රකී :කුඩා දරුවන්ට මෙම උපවාසය අනිවාර්යේ නොවුවත් ඔවුන් ඉතා සතුටින් මෙම උපවාසය රකී-ග මේ අනුව දෙවියන්ගේ දායාදයක් වන ඉස්ලාම් පවසන මේ උපවාසය මනුෂ්යි සමාජය යහමඟ ගැන්වීමටත්ල සමාජය දෙස යතාර්ථවාදීව දකින්නටත් පොළොඹවයිග ඒ අනුව ඉස්ලාම් පවසන උපවාසය මිනිස් සමාජයට ආශිර්වාදයකිග

අබූ අර්ශද්

Related Post