New Muslims APP

සකාත් යනු දුගීබද්ධ

“කවර ජන සමුහයක ‘සකාත්’ (ඉස්ලාම් දහමේ ධනවතුන්ට පමණක් අනිවාර්ය කර ඇති දුප්පතුන් වෙනුවෙන් ලබාදෙන බද්ධ) නිසි අයුරින් (සුදුස්සන්ට) බෙදා නොදෙන්නේ ද එවැනි ජන සමුහයක් දැඩි නියගයන් (අවම වරුසාවක්) බලාපොරොත්තු වන්න. සුඑ වශයෙන් වරුෂාව ලබා දෙන්නෙත් මිහිපිට ජීවත් වන අනිකුත් (සිව්පා) සතුන් සදහා පමණි.”

දන්වන්නේ :- අබ්දුල්ලාහ් ඉබුනු අම්ර් (රලි), ග‍්‍රන්ථය :- ඉබුනුමාජා 4019

ඉස්ලාම් දහම ප‍්‍රධාන කුඑණු පහක් මත ගොඩනැනී ඇත. එනම්,

  1. අල්ලාහ් දෙවියන්ව හා ඔහුගේ රසුල්වරයා (වක්තෘවරයා) විශ්වාස කිරීම
  2. පස්වේල සලාතය ඉටුකිරිම
  3. ස‘කාතය (ධනවතුන් දුප්පතුන් සදහා ලබාදිය යුතු අනිවාර්‍ය බද්ධ) බෙදාදීම
  4. අදාල (රමාලාන්) මාසයේ උපවාසය රකීම
  5. වත්කමක් ඇති ධනවතුන් හජ් වන්දනාව ඉටුකිරීම

أركان الإسلام

ඉහත තුන්වෙනි කාරණය එනම් දුප්පත් පවුල් සදහා ලබාදිය යුතු බද්ධ හෙවත් සzකාතය පිලිබදවයි. එනම් ධනවත් මුස්ලීම් ප්‍රජාව විසින් සමාජයේ ජීවත්වන දිළිදු අසරණ ජන කොට්ඨාශ 08 කට මෙම සකාතය බෙදාදීම අනිවාර්‍ය බව ඉස්ලාම් අවධාරණය කරයි. එසේ සකාත් නිසි ආකාරයට බෙදා නොහැරීම හේතු කොටගෙන අල්ලාහ් (දෙවියන්) ලබාදෙන මහඟු භාග්‍යයක් වන වරුසාව අවම වී නියගකාරී තත්වයට සමස්ථ සමාජයම ගොදුරැවන බවත් සුඑ වශයෙන් හෝ වරුසාවක් ලැබෙන්නේ එම සමාජයේ ජීවත් වන අනිකුත් සතුන් සදහා අවශ්‍ය ජලය සපයාදීම සදහා බවත් ඉහත හදීසය අවධාරණය කරයි. ඉහත අනාවැකිය මුස්ලීම්වරුන් සදහා පමණක් සුවිශේෂ වු එකකි. මේ පිලිබදව මුස්ලීම්වරුන්ගේ දැඩි අවදානය යොමු විය යුතුය.

අබූ අර්ශද්

 

Leave a Reply


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.