සකාත් අනිවාර්ය වන ද්‍රව්‍යන් හා එහි නිසාබය (02) zakath and sadaka

 

සදකා තුලින් දුගීභාවය

සදකා ෙදමු

පසුගිය ලිපිය තුළින් සකාත් අනිවාර්ය වන ද්‍රව්‍යන් හා එහි නිසාබයන් පිළිබදව සාකචිඡා කළෙමු.එහිදී රන්,රිදී ,වෙළද භාණ්ඩ හා පොළොවෙන් ලැබෙන දේ සඳහා වූ “නිසාබි” (අවම ප්‍රමාණය) පිළිබඳව ද සාකචිඡා කළෙමු.මෙම ලිපිය තුළින් අනෙකුත් ද්‍රව්‍යන් හා භාණ්ඩයන් සඳහා වූ නිසාබය පිළිබදව සාකචිඡා කරමු.

 සතුන් සහා නිසාබය

මෙහිදී මීට පෙර කථා කල ක්‍රමෙවිදයන්ට වඩා වෙනස් ක්‍රමෙවිදයකට තමා සතුන් සමිබන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ,එපමණක් නොව පොදුවේ සතුන් සඳහා නිසාබය ලෙස මාතෘකාව යොදා තිබුණ ද ඉස්ලාමීය සකාත් නීතිය තුල සකාතය සඳහා යටත් වන සතුන් වන්නේ ඔටුවා,ගවයා,බැටළුවා හා එළුවා යන සතුන් පමණි.මෙහිදී ඉස්ලාමි දහම නිසාබි සීමාව ලෙස ඔටුවන් 05ක් ද,ගවයින් 30ක් ද,එළුවන් හා බැටළුවන් 40ක් ද වශයෙන් එකින් එකට වෙනස් වෙනස් ආකාරයේ නිසාබි ප්‍රමාණයන් යෝජනා කරයි.නමුත් අප රටට ආවේනික සතුන් වන්නේ ගවයන් හා එළුවන් පමණක් වන නිසා ඒ සමිබන්ධයෙන් මේ ලිපිය තුළින් තව දුරටත් විමසා බලන්නේ නමි,

  • ගවයින් සදහා සකාත් සීමාවන සංඛ්‍යාව 30 සිට 39 දක්වා සකාත් ලෙස ලබා දිය යුතු සකාත් ප්‍රමාණය වසරක් සමිපූර්ණ වූ එක් ගවයෙකි.
  • සංඛ්‍යාව 40 සිට 59 දක්වා සකාත් ලෙස ලබා දිය යුතු සකාත් ප්‍රමාණය වසර දෙකක් සමිපූර්ණ වූ එළදෙනෙක්.
  • සංඛ්‍යාව 60 සිට 69 දක්වා සකාත් ලෙස ලබා දිය යුතු සකාත් ප්‍රමාණය වසරක් සමිපූර්ණ වූ ගවයින් දෙදෙනෙක්.
  • සංඛ්‍යාව 70 සිට 79 දක්වා සකාත් ලෙස ලබා දිය යුතු සකාත් ප්‍රමාණය වසර දෙකක් සමිපූර්ණ වූ එළදෙනෙක් සහ වසරක් සමිපූර්ණ වූ ගවයෙක්.
  • සංඛ්‍යාව 80 සිට වැඩි වන සෑම 40ක් සදහාම වසර දෙකක් සමිපූර්ණ වූ එළදෙනෙකු බැගින් ලබා දිය යුතුය.
  • එළුවන් හා බැටළුවන් සදහා සකාත් සීමාවන් සංඛ්‍යාව 40 සිට 120 දක්වා සකාත් ලෙස ලබා දිය යුතු සකාත් ප්‍රමාණය එක් එළුවෙක්.
  • සංඛ්‍යාව 121 සිට 200 දක්වා සකාත් ලෙස ලබා දිය යුතු සකාත් ප්‍රමාණය එළුවන් දෙදෙනෙකු,
  • සංඛ්‍යාව 201 සිට 300 දක්වා සකාත් ලෙස ලබා දිය යුතු සකාත් ප්‍රමාණය එළුවන් තිදෙනෙකු,
  • සංඛ්‍යාව 301 සිට 400 දක්වා සකාත් ලෙස ලබා දිය යුතු සකාත් ප්‍රමාණය එළුවන් සතර දෙනෙකු,
  • සංඛ්‍යාව 401 සිට 500 දක්වා සකාත් ලෙස ලබා දිය යුතු සකාත් ප්‍රමාණය එළුවන් පස්දෙනෙකු,
  • 501 සිට වැඩි වන සෑම 100 කටම එකක් බැගින් එළුවෙකු ලබා දිය යුතුය.

සතුන් සදහා සකාත් ලබා දීමේ දී අනුගමනය කළ යුතු ක්‍රමවේදය වන්නේ මෙයයි.මීට අමතරව වෙනත් මූල්‍යමය වටිනාකමක් ඇති ද්‍රව්‍ය,භාණ්ඩ හෝ සේවාවන් සඳහා සකාත් ගණනය කිරීමේ දී එය වර්ථමාන මුදලේ වටිනාකම අනුව 2.5% බද්ද ගෙවීම සිදු කල යුතු වේ.එසේම දෛනික දිවිය තුළ පරිභෝජනය කරන භාණ්ඩ සඳහා සකාත් බද්ද ගෙවීම අවශ්‍ය නොවේ.මෙහිදී මේ මාතෘකාවට අදාලව විශේෂයෙන් සඳහන් කල යුතු තවත් කාරණයක් ද ඇත.එනමි මුහුදෙන් ලබා ගන්නා මුතු හා මාළු වැනි දෑ සඳහා සකාත් ගෙවීම අවශය නොවනවා යන්නයි.

අබූ අර්ෂද්

Related Post