ජීවිතය තුල අප කළ යුත්තේ කුමක්ද?

කතෘ රොෂාන් ජවාද්

ජීවිතෙයහි යථාර්තය

ජීවිතෙයහි යථාර්තය

මිනිසා යනු ස්වාධීන චින්තනයක් ඇති සත්වයෙක් යැයි අපි සිතන්නෙමු.නමුත් සත්‍ය වශයෙන්ම ඔහු ස්වාධීන නොමැත.ඒ මන්දයත් පාපී මාරයා එසේත් නොමැතිනම් ෙෂෙතාන්,ඔහුගේ සිත නිරන්තරයෙන්ම අයහපත කරා කැඳවන බැවිනි.මෙම කරුණ සැබැවින්ම සත්‍යයක් ද නැතහොත් අසත්‍යයක් ද යන්න තමා තුලින්ම මිනිසාට එය අවබෝධ කර ගත හැක.කිසියම් යහ ක්‍රියාවක නිරත වීමට වඩා අයහපත් ක්‍රියාවෙහි නිරත වීමට මිනිසා දක්වන රුචිකත්වය මෙයට කදිම උදාහරණයකි.මිනිසා සත්ක්‍රියාවන්හි නිරතවීමට නම් තම සිතත් සමග අරගලය යෙදීමට සිදුවේ. අරාබි වචනයෙන් මෙය — ජිහාදුන් නෆ්ස් ˜ යනුවෙන් හැඳින්වේ.වරක්  දෙලොව නායක මුහම්මද් (එතුමාට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත්වේවා) නබිතුමා සිතත් සමග කරන මෙම අරගලය  නැතහොත් ජිහාදය අන් සියළු ජිහාද් වර්ග වලට වඩා ශ්‍රෙෂ්ඨයි,යනුවෙන් පැවසීය.එම නිසා අප නිරන්තරයෙන්ම සිත පාලනය කරගනිමින්,පූර්ණ වූ කැප වීමෙන් අල්ලාහ්ට අවනත වීමට උත්සාහ කළ යුතු වේ.
ස්වර්ගය උගසට තබා මෙලොව මිලදී ගන්නන් නැතහොත් මෙලොව ඇති භෞතික වස්තූන්ට ෙෂෙතාන් විසින් මිනිසා අල්ලාහ්ගේ මාර්ගයෙන් ඉවත් කිරීමට යොදා ගත්තා වූ ඉස්ලාමය විසින් ප්‍රතික්ෂේප කළ දේට දැඩිව ගිජුකම් කරන්නන් මෙලොව අති සුකෝපභෝගීව ජීවත් වීමට ඉඩ ඇති මුත් මරණින් මතු සත්‍ය වූත්,සදාතනික වූත් ජීවිතය තුල දිළින්දන් බවට පත් විය හැක.

මිනිසාට දෙදෙනෙකුගේ වහලූන් විය හැක.
01.ෙෂෙතාන්ගේ,පාපී මාරයාගේ වහලෙකු වීම.
02.සියළු නිර්මාණයන්හි එකම නිර්මාතෘ පරම දයාබර,සර්ව බලධාරී අල්ලාහ්ගේ වහලෙකු වීම.
සෘජු මගෙන් ඈත් කරවන,ෙෙෂෙතාන්ගේ වහලකු වීම ඉතාමත් පහසු කාර්්‍යයකි.නමුත් අපිව මවා පෝෂණය කරන අල්ලාහ්ගේ වහලෙකු වීම ඉතා අසීරු,දැඩි පරිශ්‍රමයක් හා අරගලයක් යොදා සිදු කල යුතු ක්‍රියාවක් වේ.අල්ලාහ්ගේ වහලෙකු වීමට නම් විරිය වැඩීම,උත්සාහ දැරීම,දැඩි අරගලයක යෙදීම හා ඉවසීම අනිවාර්්‍යය වේ.මෙසේ අසීරු තාවයන් මධ්‍යයෙහි අල්ලාහ්ට අවනත වන්නා මෙලොව ජීවියේ හා මරණින් මතු ජීවිතයේදී විමුක්තිය හා මෝක්ෂය හිමි කර ගන්නේය.එසේම ෙෂෙතාන් (පාපී මාරයා) ගේ වහලෙකු බවට පත් වන්නා සදාකාලික පරාජිතයෙකු වීම නිසැකවම සිදුවේ.
මන්ද මෙම ජීවිතය පරීක්ෂණ කඳවුරකි.එම පරීක්ෂණය තුල ඔබට ඔබම පරීක්ෂණයක් වේ.ඔබේ දෙමාපියන්,දුවා දරුවන්,සහෝදරයින්,ජීවන සහකරු,අසල්වැසියන් හා ඔබගේ පරිසරය යන මේ සියල්ලේම ඔබ පරීක්ෂණයට ලක්විය හැක.ඒ සියල්ල ඉදිරියේම නිසි ඉස්ලාමීය දැනුමත් සමග ඇතිවන්නා වූ අවබෝධය සහ අචල විශ්වාසය නොවෙනස්ව පවත්වා ගනිමින් සැප දුක,යස අයස ඉදිරියේ නොසැලී සිටිමින් ක්‍රියාත්මක වන්නෙකු වීමට විරිය වැඩිය යුතුවේ.කිසිදු පරීක්ෂණයක් පහසු නොවේ.ඕනෑම පරීක්ෂණයකින් ජය ගැනීමට,යම් කැපකිරීමක් අනිවාර්්‍යයෙන්ම සිදුකල යුතු වේ.එය ඔබ මෙලොව තුල මුහුණ දී ඇති සියළුම වර්ගයේ පරීක්ෂණයන්ට පොදු වූ න්‍යායකි. ඔබේ කාලය අවසාන වන්නේ කුමන මෙහොතක ද යන්න අල්ලාහ් හැර කිසිවෙකුත් නොදනී.ජීවිතය නැමැති පරීක්ෂණ කඳවුරෙන් නික්ම යෑමට ප්‍රථම ඔබ ඔබේ පරීක්ෂණයට නිසි ලෙස මුහුණ දෙන්න.ප්‍රමාද වීමෙන් සදාතනික පසුතැවීම උරුම වීම නිසැකවම සිදුවේ.එම නිසා අප්‍රමාදව මේ මොහොතේ සිට වෙනස් වන්න උත්සහ කරන්න.අවනත වන්නෙතු හා කීකරු වන්නෙකු වන්න.ඒ අන් කිසිවෙකුටත් නොව ඔබේ පරම අයිතිය ඇති ඔබේ නිර්මාතෘ වන විශ්වයේ මහා ප්‍රඥාව නැමැති සර්ව බලධාරී අල්ලාහ්ට පමණි.මෙලොව හා මරණින් මතු ජීවිතයේදී ඔබේ සාර්ථකත්වය රැඳී ඇත්තේ ඔබ සතුව මිස අන් කිසිවෙකු මත නොවේ.ඔබ නිසි ලෙස ක්‍රියාත්මක වේනම් අල්ලාහ් එහි එල ඔබ වෙත ලබා දෙන්නේය.

Related Post