ලෝකයේ හොඳම ධනවතා කවුරුන්ද

කතෘ / අබූ අහ්මද්

(නවක මුස්ලිම්වරු වෙබි අඩවිය වෙනුවෙන්)

හොඳම ධනවතා බවට පත්වන්නේ කෙසේද? 

මෙලොව ඉපදුණු සියලුම දරු දැරියන් තමන් ලොකු මහත් වි ඉගෙන ගෙන හොඳ උසස් රැකියාවක් කර, මෙලොව කිසිදු අඩපාඩුවකින් තොරව ජීවත් විය යුතුයි කියා සිතීම සාමාන්‍ය කරුණකි, නමුත් ඔවුන් දකින සිහින අනාගතයේ සැබෑ වෙයිද නැතහොත් ඒම සිහිනය බොඳ වෙයි ද යන්න දන්නේ මිනිසා නිර්මාණය කර මෙලොව පරිපාලනය කරන දෙවියන් අල්ලාහු පමණි. තවද මිනිසා මෙලොව ජීවිතයෙහි සතුට හා සැනසීම මුදල් මත තීරිණය වන බව සිතයි, ඔවි ඒහි යමිතාක් දුරට මුදල්වල බලපෑමක් තිබෙන බව ඉස්ලාම් අාගම ප්‍රතික්ෂේප නොකරයි, නමුත් මුදල් තිබීමෙන් පමණින් ජීවිතයෙහි සතුට හා සැනසීම ලබා ගත හැකිය යැයි සිතීම වැරදි කරුණකි.

පුද්ගලෙයකු මුදල් තබාගෙන සිටිම

ධනවතා යනු මුදල් තියෙන පුද්ගලාය නොව ලද දෙයින් සතුටු වන්නාය

මන්ද සතුට හා සැනසීම මිනිසාට පිරිනමන්නේ ඒම මිනිසා නිර්මාණය කරපු දෙවියන් අල්ලාහු බව ඉස්ලාමය අවධාරණය කරයි, තවද මෙලලොව සැබෑ ධනපතියෙකු ලෙස බැබලීමට මුදල් හෝ දේපල සම්පත් වැඩියෙන් තිබිය යුතු නැති බව ද ඉස්ලාම් අවධාරණය කරයි. මෙම කරුණ විදහා දක්වන නබි වදනකට අපගේ අවධානය යොමු කරමු.

වරක් මුහම්මද් නබි (සල්) තුමාණන් තම අනුගාමිකයින් දෙස බලා මා පවසන විශේෂ කරුණු පහ තම ජීවිතයෙහි පිළිපදන නැතහොත් එම කරුණු පිළිපදින වෙනත් පුද්ගලයෙකුව දැනුවත් කරවන පුද්ගලයා ඔබ අතරින් කවරෙකු ද  යැයි  විමසුවේය. එවිට අබූ හුෙරෙරා (රලි) තුමාණන් මුහම්මද් නබි (සල්) තුමාණනී` මම සූදානම් යැයි පිළිතුරු දුන්නේය, එවිට නබි (සල්) තුමාණන් ඔහුගේ අත අල්ලා ගණන් කරමින් මෙලෙස පැවසුවේය.

1 තහනම් (හරාම්) කරුණු අත්හරින්න̃ මිනිසුන්ගෙන් හොඳම දේව නැමදුම් කරන්නා ඔබයි
2 ̂දෙවියන් අල්ලාහ් ඔබට ලබා දුන් දෙයින් සෑහීමට පතවන්න̃ එවිට ලෝකයේ ධනවතා ඔබයි
3 ̂අසල්වැසියන් සමග සුහදව උපකාරයෙන් හැසිරෙන්න̃     එවිට
සැබෑ විශ්වාසවන්තයා ඔබයි
4 ̂ඔබ ප්‍රිය කරන දෑ අන් අයට ද ප්‍රිය කරන්න̃     එවිට සබෑ මුස්ලිම්වරයා ඔබයි
5 ̂අධිකව ශබ්ද නගා සිනහවීමෙන් වැළකින්න̃ මන්ද අධික සිනහව හදවත විනාශ කරයි

මෙම නබි වදනෙහි දෙවෙනි කරුණ වන දෙවියන් අල්ලාහ් ඔබට ලබා දුන් දෙයින් සෑහීමට පතවන්න̃ එවිට ලෝකයේ ධනවතා ඔබයි යනුවෙන් නබි තුමාණන් පවසන්නේ නම් අද අප සමාජයේ ජීවත් වන මහා ධනවතුන් කියා තමන්ව හදුන්වන ධනවතුන්ගෙන් අැතැම් ධනවතුන් පරම දුප්පතෙක් විය හැකිය මන්ද ඔහුට කෙතරම් මුදල් තිබුණත් මදි තව ඒකතු කළ යුතුයි යන හැගීම හා තන්හාව සමග මිශ්‍ර වූ අැශාව තිබිම නිසා වේ.

නමුත් සැබෑ ධනවතා යනු තමන්ගේ උපරිම උත්සහයෙන් අනතුරුව දෙවියන් අල්ලාහු විසින් ලබා දෙනු ලබන දේ මගින් තෘප්තියට පත්වි සෑහීමට පත්වන පුද්ගලයා ය. ඔහුට මිල මුදල් හා දේපල සම්පත් අඩු වශයෙන් හා අඩුහිග කම් තිබුණද දෙවියන්ගේ නියමය විශ්වාස කර ඒය මුලු හදවතින්ම පිලිගෙන ජීවත්වන පුද්ගලය කවදදත් සතුටින් හා සැනසීමෙන් කාලය ගත කරන බව අද දින අප මෙම නබි වදන තුලින් දැනගත හැකි, අප ද ලද දෙයින් සතුටු වෙමු.

 

 

Related Post