ඔබ ස්වර්ගයට පිවිසෙන්න කැමතිද ?

අබූ අහ්මද්

දවසක් මුහම්මද් නබි (සල්) තුමාණන් ඔහුගේ අනුගාමිකයින් අමතා මෙසේ විමසූ බව අබූ හුරෙරා (රළි)  තුමාණන් මෙලෙස වාර්තා කරයිඃ

 


නිරෙයන් ෙබ්ෙරමු

ස්වර්ගයට පිවිෙසම

      අද දින ඔබලාගෙන් උපවාසයේ යෙදූනේ කවරෙකුද ?

එවිට අබූබක්කර් (රළි) තුමාණන් මම කියා පැවසූවේය

     අද දින ඔබලාගෙන් අවමංගල්‍යයකට (ජනාසා) සහභාගි වූයේ කවරෙකුද ?

එවිට අබූබක්කර් (රළි& තුමාණන් මම කියා පැවසූවේය

     අද දින ඔබලාගෙන් දූගියෙකුට ආහාර ලබා දූන්නේ කවරෙකුද ?

එවිට අබූබක්කර් (රළි) තුමාණන් මම කියා පැවසූවේය

     අද දින ඔබලාගෙන් රෝගියෙකුගේ සුව දූක් විමසුවේ කවරෙකුද ?

එවිට අබූබක්කර් (රළි) තුමාණන් මම කියා පැවසූවේය

ඉන් අනතුරුව මුහම්මද් නබි තුමාණන් මෙසෙල පැවසූහ.    මෙම හොඳ ක්රියා සියල්ල කරන පුද්ගලයා ස්වර්ගයට පිවිසෙයි . ග්‍රන්ථයඃ තිර්මිදි

Related Post