නිදහස් උත්සවය

2018-02-04 වෙනි දින අභිමානවත් 70 වෙනි නිදහස් උත්සවය සමරන අපගේ දෙස් විදෙස් සියලුම ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන්ට අපගේ උණුසුම් සුභ පැතුම්.

අර්ථවත් නිදහස් දිනයක්

නිදහස

ලෝකයේ කොතැනක සිටියත් මොන තරාතිරමක සිටියත් පෙබරවාරි මස 04 වෙනි ශ්‍රී ලාංකික අපගේ සොහොයුරන්ට අමතක නොකල හැකි දිනයකි,එදින අපගේ මාතෘ භූමියේ ජාති බේදය හා ආගම් බේදය තුරන් කර එකම දේශයයි එකම ධජයයි බව සිහිපත් කරවන සුවිශේෂි දිනයයි,

වාර්ෂිකව පවත්වනු ලබන මෙම නිදහස් දින සැමරුම නියතවශයෙන් අපට ප්‍රධාන කරුණු කිහිපයක් සිහිපත් කරයි,

රට වටා හා ලොව වටා ඒමෙන්ම  අපි සැවෝම කට පුරා නිදහස යන වචනය අද උසුරමින් නිදහස් උත්සවය  ඒය භුක්ති විදිමින් සිටිනවා නම් ඒය ලබාගැනීම වෙනුවෙන් හා සාක්ෂාත්කරගැනීම පිණීස කායිකව හා මානසිකව, ශ්‍රමයෙන් හා ධනයෙන් සහ දිවිහිමියෙන් අැප කැප වූ අපගේ මුතුන් මිත්තන් ඔවුන්ගේ ජීවිත හා සියල්ලක්ම පරිත්‍යාග කලේ තමන්ගේ රට දැය හා අනාගත පරපුර වෙනුවෙන් ඒනම් අපි වෙනුවෙන්.

මෙම අවස්ථාවෙහි ඒම ජීවිත පරිත්‍යාග කරපු අපගේ සියලුම උදාර ජාතික වීරයින්ට අපගේ හෘදයාන්ගෙන්ම උත්තමාචාරය හා ගව්රවනීය ස්තූතිය පුදකරන්ෙනමු.

ඒමෙන්ම මෙම නිදහස් උත්සවය ස්ථාපිත කිරිමටත් ලක්වාසී සියල්ලෝම ඒකා මෙන් නිදහස  භුක්ති විදීමටත් අපගේ මාතෘභූමිය අාරක්ෂා කිරීමටත් ජීවිත පුද කරපු අපගේ උදාර රණවිරුවන්ටද ඒයට දායක වූ සියලුම පුද්ගලයින්ටද විෙශ්ෂයෙන් අදටත් ඔවුන්ගෙන් අාබාධිත ව සිටින රණවිරුන්ට ද ඔවුන්ගේ පවුලේ උදවියට ද අපගේ ස්තූතිය හා ප්‍රණාමය පුද කරන්නෙමු.

මන්ද ඉස්ලාම් අාගමෙහි ඉගැන්වීම් من لا يشكر الناس لا يشكر الله

අනුව මිනිසාට ස්තූති නොකරන්නා තමන්ට මෙලොවට නිර්මාණය කර සියලුම දායාදයන් ලබා දුන් තම දෙවියන්ට ද ස්තූතිය නොවන ගුණමකුවෙකු යැයි අවධාරණය කර අැත.

තවද අපගේ මෙම අභිමාණවත් 70 වෙනි නිදහස් උත්සවය සැමරුම් උත්සවය සමරන අපගේ ලාංකික ප්‍රජාවටම පණිවිඩයක් කිව යුතුව තිබෙනවා,

ඒය නම් අප ඔබ සියල්ලෝම අපගේ මාතෘභූමියට අාදරය කළ යුතුයි, ඒනමුත් මෙම අාදරය වාර්ෂිකව පෙබරවාරි 04 දින හෝ ෙවනත් වේදිකාවන්වලට පමණක් සීමා වූ අාදරයක් හා දේෂපේමයක් නොවිය යුතු ය,

ඉස්ලාමීය ඉගැන්වීම් අනුව මුස්ලිම්වරයෙකු තම මාතෘභූමියට අාදරය හා දේශපේමය සහ කෘතගුණය දැක්විය යුතු අාකාරය පිළිබද

සකල ලෝ වැසියන්ගේ මෙෙත්‍රිය හා කරුණාව වශයෙන් මෙලොවට අවතීර්ණ වූ උතුම් මුහම්මද් නබි තුමාණන් තමන් උපන් ගම මක්කම අත් හැර යන විට පහත දැක්වෙන අයුරු එතුමන්ගේ දේශ ප්‍රේමය විදහා පෙන්වන වාක්‍යයක් ප්‍රකාශ කළේය,

—    මක්කම ඔබ කෙතරම් සුන්දරද,ඔබ මට මොන තරම් ප්‍රියමනාපද,මාගේ සමාජය විසින් මා පිටුවහල් නොකෙරුවේ  නම් මා කිසි දිනක ඔබ හැර වෙනත් දේශයක වාසය නොකරමි.

සැබැවින්ම අපිත් අපගේ මාතෘභූමියට අාදරය කරමු, ඒම  අාදරය  අර්ථවත් වීමට නම් අවංකවම දායක  වීමට සූදානමින් සිටිනවා නම් අපි එකම රටක් එකම ධජයක් එකම ජාතියක් යන හැඟීමෙන් ඉදිරියට සුන්දර  ශ්‍රී ලාංකාවක් බිහි කිරීමට සියලලෝම කැප වෙමු.  ඒය වෙනුවෙන් වැය දරමු.  දායක වෙමු,

අපි දායක විය හැක්කේ කෙසේද???

ප්‍රධානනතම කරුණක් නම් යහපත් ගතිපැවතුම්වලින් සමන්විත හා සදාචාර සම්පන්න වූ සමාජයක් බිහි කල යුතුයි, සමාවෙන්න බිහිකරන්න පෙර අපි ඒලෙස ජීවත් වී අපෙග් දුවා දරුවන් අනාගත පරපුරට අාරදර්ෂ විය යුතුයි,

අපි අපගේ ප්‍රණායටත් වඩා අාදරය කරන දෙලොව නායක අවසාන දේව වක්තෘවරයා වන  මුහම්මද් නබි තුමාණන් වරක් තමන් මෙලොවට අවතීර්ණ වීමෙහි ප්‍රධාන අරමුණ  මෙලෙස පැවසූවා,

إنما بعثت لأتمم مكارم الأخلاق

” මා මෙලොවට අවතීර්ණ වූයේ යහපත් ගතිපැවතුම් පරිපූර්ණ කිරීමට ය.  ”

ඒනමුත් මෙම රුවන් වදන් අනුගමනය නොකිරීම හා ධාර්මික ජීවිතයෙන් අෑත්වීම සමාජයක පිරීහීමට හා විනාශයට ප්‍රධාන හේතු හා කරුණු වේ.

ඒම නිසා අපගේ මව්බිම කිසිදු දේශයක අගවිරවයට පත්නොවෙන අයුරින් විදෙස්ගතව සිටින අපි විෙශ්ෂයෙන්  වලබලාගත යුතුයි, ප්‍රායොගීකව හා ක්‍රියාවෙන් අපගේ රට පිළිබදව හා ලක් වැසියන් පිළීබදව සුන්දර මතකයන් පමණක් තබන්න විදෙස්ගත සියලුම ලාංකිකයින් උත්සහ දරමු.

තවද . අපගේ දේශපේමය හා අාදරය  අර්ථවත් කිරීමට ඒම ජාතික වගකීම වෙනුවෙන් සියලු දෙනා  අත් වැල් බැඳ ගනිමු, එකමුතුවෙන් හා සමගියෙන්  මෙම නිදහස් උත්සවය සමරන මොහොතේ අධිෂ්ඨාන කරගනිමු.

සුන්දර රටක් පිවිතුරු හෙටක් උදාවේවා!!!

Related Post