මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන ඉස්ලාම්

කතෘ/අබූ අහ්මද් (නවක මුස්ලිම්වරුන්ගේ වෙබ් අඩවිය සඳහා)

ඉස්ලාම් අනුන්ගේ අයිතිවාසිකම් අාරාක්ෂා කරයි

ඉස්ලාම් අාගම මධ්‍යම ප්‍රතිපත්තියත් අනුගමනය කරයි

ඉස්ලාම් අාගම මධ්‍යම ප්‍රතිපත්තියත් අනුගමනය කරයි

ඉස්ලාම් ආගම යනු මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන සරල ජීවන ක්‍රමයකි, තවද ඉස්ලාම් ආගම තුල සහජීවනය හා පහසුභාවය සහ සමාව ලබාදීම යනාදී දැකගැනීමට පුලුවන. ප්‍රධාන වශයෙන් ඉස්ලාම්හි මූලික ප්‍රතිපත්ති හා විශ්වාසය සහ වැඳුම් පිඳුම් තුල පමණක් නොව ඒදිනෙදා  ෙෙධනික ජීවිතයෙහි වුවද මානවයා මුහුණ දෙන සෑම අංශයකම යුක්තිය හා සාධාරණය සහ මධ්‍යම ප්‍රතිපදාව ඉස්ලාමය තුල දැකගැනීමට පුලුවන.

තවද ඉස්ලාමීය ජීවන ක්‍රමයෙහි කැපීපෙනෙන අංගයක් නම් සියළුම කරුණුවල මධ්‍යම ප්‍රතිපත්තියකින් කටයුතු කරන සමාජයක් බවට මුස්ලිම් සමාජය පත්කර අැති බව දෙවියන් අල්ලාහු තම පරිශුද්ධ වූ අල්කුර්අානයෙහි මෙලෙස පවසයි.

   

අර්ථය        තවද අපි ඔබව මධ්‍යම ප්‍රතිපත්තියකින් සමන්විත සමාජයක් ලෙස පත් කර අැත්තෙමු.                       وَكَذَلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطاً

මුස්ලිම් සමාජය යුක්තිසහගත හා මධ්‍යම ප්‍රතිපදාවකින් යුත් සමාජයකි, තවද සීමාව ඉක්මවා යෑම දැඩිලෙස ක්‍රියාකිරීම හා ත්‍රස්තවාදය ඉස්ලාම් කිසිවිටක දිරි නොගන්වයි, ඒලෙස හැසිරීම දැඩිලෙස හෙලා දකින අතර තුර නිසි දඩුවම් ද පන්වා අැත.

උතුම් මුහම්මද් නබිතුමාගේ ජීවිතය මුස්ලිම් සමාජයට අාදර්ශමත් ජීවිතයක් බව දෙවියන් අල්ලාහු අවධාරණය කරමින් මුස්ලිම්වරුන් ඒතුමාව අනුගමනය කළ යුතු බව අවධාරණය කරයි.

  لقد كان لكم في رسول اللّه أسوة حسنة

අර්ථය

නියවශයෙන්ම ඔබලාට දෙවියන් අල්ලාහුගේ අවසාන වක්තෘවරයාගේ ජීවිතයෙහි අලංකාර අාදර්මත් ජීවිතයක් තිබේ.( කුර්අාන් සූරා අල් අහ්සාබ් 21)

මුළු මානව වර්ගයා වෙත අාදර්ශමත් ජීවිතයක් ලබා දුන් මුහම්මද් නබිතුමාණන් තම අනුගාමිකයින්ට තමන්ගේ ෙධෙනික ජීවිතයෙහි මෙලොව හා මරණින් මතු ජීවිතය, ව්‍යාපාරය හා වැදුම් පිදුම්,පවුල් ජීවිතය හා සමාජ සේවය, පවුල් පාලනය හා දේශපාලය, වගකීම් හා යුතුකම්, ෙපෟද්ගලික හා පොදු යනාදී සියලුම කරුණු අතර තුර සමතුලනය (මධ්‍යම ප්‍රතිපත්තියක්) අවශ්‍ය බව පෙන්වා දී තිබෙන වග ඔහුගේ ජීවිතයම කදිම නිදසුනකි.

ඒලෙසම ෙදවියන් අල්ලාහු විසින් මිනිසාට ලබා දුන් මෙම ඉස්ලාම් අාගම තුල සුවි ෙශ්ෂ කරුණක් නම් ඒහි නීති රීති ඉතාම යුක්තිසහගතව සම්පාදනය කර අැති බැවින් කිසිදු මුස්ලිම්වරයෙකු කිසිවිටක සීමාව ඉක්මවා අයුක්තිය හා අසාරධාරණය ලෙස හැසිරීමට හෝ ඒහි අඩු වැඩියක් කිරීමට ඉඩ ප්‍රස්ථාවක් නොලැබීම ඉස්ලාම් අාගම සත්‍ය හා නිවැරදි හා මධ්‍යම ප්‍රතිපදාවකින් යුත් අාගමක් යැයි ඔප්පු විමට කදිම සාදකයකි.

ඉස්ලාම් කෙතරම් මිනිසුන්ගේ අයිතිවාසිකම් ලබා දීමට හා ඔවුන්ගේ ගරුත්වය අාරක්ෂා කිරීමට නීති පනවා අැත්ෙත් දැයි පහත දැක්වෙන අල් කුර්අාන් වැකියෙන් මනා අවබෝධ කරගත හැක.

”විශ්වාසවන්තයිනි! පුරුෂයන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු සරදම් නොකළ යුතුය. මොවුන්ට වඩා ඔවුන් (සරදම් කරන්නන්ට වඩා සරදමට ලක්වන්නා) උසස් විය හැකිය. ස්ත‍්‍රීහූ ද ඇතැමෙක් ඇතැමෙකුට සරදම් නොකළ යුතුය. මොවුන්ට වඩා ඔවුන් (සරදම් කරන ස්ත‍්‍රීන්ට වඩා සරදමට ලක්වන ස්ත‍්‍රීන්) උසස් විය හැකිය. ඔබ එකිනෙකා අපහාසයට ලක් නොකළ යුතුය. තවද (ඔබගෙන්) කෙනෙකු තවත් කෙනෙකුට විකට නමින් නොඅමතන්න. විශ්වාසයෙන් පසු නපුරු නාම තැබීම නරකය. යම් කෙනෙක් (මෙවැනි කි‍්‍රයාවන්ගෙන්) පසුතැවිලි වී (යහමගට) නොහැරෙන්නේ ද, ඔවුන් අපරාධ කරුවෝ වෙති” (ශු අල්කුර්ආනය 49: 11).

සරදමි කිරීම හා විහිලු කිරීම් සහ කෙනෙකුව අපහස කිරීම අප සමාජය තුල සරලව හා සාමාන්‍යෙයන් සිදුවන ක්‍රියාවකි, නමුත් ඉස්ලාම් ඒයට පවා අනුමැතිය හා අවසරය නොදෙනවා නම් සීමාව ඉක්මවා තවත් පුද්ගලයෙකුව ඝාතනය කිරීමට හෝ ත්‍රස්තවාදියෙක් ලෙස හැසිරීමට හෝ අවසරය ලබා දෙයිද ? යන්න ඔබම තීරණය ඔබ සතුයි.

Related Post