වහල් සංකල්පය Abolition of Slavery

අතීතයේ පටන් පිරිමි වහල්ලුන් තම දෛනික කටයුතු සදහා සහය කර ගැනීමත්, ස්ත්‍රී වහල්ලුන් තම දෛනික කටයුතුවලට මෙන්ම (පිරිමීන් තම) කායික් අවශ්‍යතාවයන් සදහා උපයෝගි කර ගැනීමත් අරාබි දේශයට ආවේනික හෝ ඉස්ලාම් දහම ලෝකයාට හදුන්වා දුන් නව තත්වයක් නොවේ. ඉස්ලාම් මෙහිදී කරණු ලබන්නේ එතෙක් පැවතී එම සමාජ සම්මතයන් එහි පැවති ව්‍යාකූල හා අවිධිමත් තත්වයන්ගෙන් මුදවා විදිමත් ක්‍රමවේදයකට යටත් කිරීමයි. එය හරියට මා ඉහතින් සදහන් කලාසේ මත්පැන් සම්බන්ධයෙන් ඉස්ලාම් අනුගමනය කල මුල් ක්‍රමවේදය (එනම් 4-43) ට සමාන තත්වයකි. මෙහිදී ‘සමාජය අසාධාර්ණයන් බොහෝමයක් එක් නියෝගයකින් තුරන් කල ඉස්ලාම් දහමට මෙයත් එලෙස කරන්නට තිබුණා නොවේද?’ යන පැනය බොහෝ දෙනෙකුට ඇතිවීමට පුළුවන. ඉහත තර්කය බැලූ බැල්මට සාධාර්ණ වූ තර්කයක් ලෙස පෙනෙනු ඇත. ඉහත 4-43 වාක්‍යයෙන් මත්පැන් භාවිතයට යම් සීමාවක් පැනවූ ඉස්ලාම් දහම ශුද්ධ වූ කුර්ආනයේ 5-90 හා 91 වාක්‍යය මඟින් එය සම්පූර්ණයෙන් මුස්ලීම් සමාජයෙන් තුරන් කල ආකාරයටම මෙයත් කරන්නට තිබුණා නොවේද? යන්න එම ප්‍රශ්නයේ හරයයි. නමුත් මත්පැන් සම්බන්ධයෙන් ඉස්ලාම් දහම අනුගමනය කල ක්‍රමවේදය වහල්ලුන් සම්බන්ධයෙන් අනුගමනය කිරීමට නොහැකි බාධක කිහිපයක් එහි තිබුණු බව පැහැදිලි ලෙස අවබෝධ කර ගතයුතුය. එනම්, යුද සෙබළුන්ට පරිත්‍යාග ලෙස ‘යුධ වහල්ලුන්’ ලැබුණද එම වහල්ලු බොහෝ විට ඒ සැණින් අලෙවි වන සම්ප්‍රදායක් එම සමාජයේ පැවතුණි. (වහල්ලු අලෙවිය සදහා පොළවල් පැවතීම එය මනාව පිළිඹිබු කරයි) මෙවැනි තත්වයක ‘වහල් මිනිස් සංකල්පය’ ඉස්ලාම් දහම එකවර තහනම් ‍කලේනම්, ඒ මඟින් එම වහල්ලුන් මිලදීගත් පිරිසට ඉමහත් අලාභයක් අසාධාරණයක් සිදුවීමට පුළුවන. එපමණක් නොව එහි ව්‍යාකූල තත්වයන් ගණනාවක් ඇතිවීමට පුළුවන. එනම් එතෙක් සමාජය තුල අනුමත නීතියක්ව පැවතී. එම නීතිය තුල මිලදීගත් වහල්ලුන් දැන් නිදහස් කිරීමට දැඩි නීතියක් පැනවීම එම මිලදී ගැනීම සිදුකල හාමුපුතුන්ට සිදුකරන තවත් බලවත් අසාධාර්ණයකි. එපමණක් නොව නිරන්තරයෙන් යුද සිදුවන එම වකවානුවේ මෙවැනි ප්‍රතිපත්තියක් ඉස්ලාම් දහම ප්‍රකාශ කලේනම්, ඒ තුලින් ඉස්ලාම් විරෝධි යුද වහල්ලුන් ඒ සැනින් නිදහස් වීමටත්, මුස්ලීම් සිරකරුවන් ඉස්ලාම් විරෝධීන් හමුවේ සදාකල් වහල්ලුන්වීමටත් ඉඩ තිබුණි. මෙය යුධමය වශයෙන් ඉතා භයානක තත්වයක් වන අතර එසේ වුවානම් බිලාල් (රලි) තුමා වැනි ශ්‍රේෂ්ඨ සහාභාවරුන් ද අපට අහිමිවන්නට ඉඩ තිබුණි. මෙවැනි අවාසිදායක තත්වයන් අවබෝධ කරගත් ඉස්ලාම් දහම ‘වහල් මිනිස් සංකල්පය’ ලොවින් තුරන් කිරීමට සූක්ෂම ක්‍රමවේදයන් උපයෝගි කර ගන්නා ලදී. ඒ පිලිබදව ඉස්ලාමීය මූලාශ්‍රයන් තුලින් දැන් විමසා බලමු. ‘(කිසියම්) කෙනෙකු අල්ලාහ් (දෙවි) මත දිවුරා ඉන්පසු එයට විරුද්ධ වුයේ නම්, එසේත් නැත්නම් උපවාසය (නියමිත වේලාවට පෙර) අත්හලේ නම්, එයට පිලියමක් ලෙස ධනවතුන් වහල්ලුන් නිදහස් කලයුතු වේ’. යනුවෙන් ශුද්ධ වූ කුර්ආනය 2-177, 4-92, 5-89, 9-60… යනාදී ඔබ‍ගේ වහල්ලුන්ගෙන් කවුරුන් හෝ ගිවිසුමකට යටත්ව නිදහස් වීමට කැමැති වන්නේ නම් ඔවුන් නිදහස් කරන්න. ඔවුන්ගේ (වහල් භවින් නිදහස් වීමට අදාල) ණය මුදල කොටස් වශයෙන් අයකර ගැනීමට සහනයක් ද ලබාදෙන ලෙස ශුද්ධ වූ කුර්ආනයේ 24-33 වාක්‍යය අවධාරණය කරයි. ‘කවරෙකු හෝ තම වහල්ලා නිදහස් කිරීමෙන් අනතුරුව ඔහු නිදහස් පුද්ගලයෙකු ලෙස උපයන ධනය සදහා එම හාම්පුතාද කොටස්කරුවකු වන්නේය.’ – මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරී මිනිසා දෙවියන් වෙනුවෙන් පමණක් කරන වන්දනා කටයුතු වන උපවාසය, හජ් වන්දනය වැනි කටයුතුවල කිසියම් වරදක් අතපසුවීමක් සිදුවූයේ නම් එයට පිලියමක් ලෙස ඉස්ලාම් ප්‍රථමයෙන් යෝජනා කරන්නේ ‘වහල්ලන් නිදහස් කරන්න’ යනුවෙනි. එසේම දෙවියන්ට කරන පොරොන්දුවක් කඩ කලේනම් ඒ සදහාද පිලියම වන්නේ වහල්ලුන් නිදහස් කිරීමයි. එපමණක්ද නොවේ. කිසියම් වහල්ලෙක් තම වහල් භවින් නිදහස් වීමට ප්‍රිය කරන්නේ නම් ඒ සදහා සහනදායි ක්‍රමයක් අනුගමනය කිරීමට ඉස්ලාම් යහපත් කටයුත්තක් ලෙස අවධාරණය කරයි. එයින් ද නතර නොවන ඉස්ලාම් දහම එදා වෙළද භාණ්ඩයක් තත්වයට පත්ව තිබූ වහල්ලෙකු නිදහස් කිරීම නිසා හාම්පුතුන්ට ‘තමාට පාඩුවක් සිදුවේවි’ යයි තිබූ චකිතය තුරන් කරමින් ‘වහල්ලා නිදහස් වීමෙන් අනතුරුව උපයන ධනය සදහා ඔබත් කොටස්කරුවෙක්’ යයි පැවසීම තුල එවැනි පිරිසද මෙම සත්ක්‍රියාව සදහා උනන්දු කරවන ලදී. මෙවැනි නීති මගින් ඉස්ලාම් දහම ‘වහල් මිනිස් සංකල්පය’ සැලකිය යුතු තරමින් එවකට පැවතී සමාජයේම පාලනය කරගන්නා ලදී. දිගින් දිගටම මෙම නීතිරීති මුස්ලීම් සමාජය තුල ක්‍රියාත්ක වූ නිසා කාලයත් සමඟ මෙම ‘වහල් මිනිස් සංකල්පය’ ඉස්ලාමීය ලෝකයෙන් සහමුලින්ම තුරන් වී යන ලදී. මේ අනුව ‘වහල් මිනිස් සංකල්පය’ යන්න අද වනවිට කාලීන මාතෘකාවක් නොවුවත්, මෙම (වහල්ලු සම්බන්ධ) නීතිය තවදුරටත් ශුද්ධ වූ කුර්ආනය තුල වලංගු නීතියක්ව පැවතීමත්, එහි කාන්තාව පිලිබදව ඉස්ලාම් පවසන නීතිරීති කලින් කලට උණූසුම් මාතෘකාවන් ලෙස සංවාදයට ගැනීමත් හේතු කොටගෙන මේ පිලිබදව කථා කිරීම කාලීන අවශ්‍යතාවයක් වී ඇත. ඒ අනුව මෙම ලිපියේ ප්‍රධාන කොටස වන ‘කාන්තා වහල්ලුන්’ සම්බන්ධයෙන් ඉස්ලාම් අනුගමනය කල ක්‍රමවේදය නිවරුදි ද යන්න දැන් විමසා බලමු. කාන්තාවක් වහල්ලියක් බවට පත්වූ විට ඇයට තම හාම්පුතු යටතේ ඔහුට අවනතව කටයුතු කිරීමට සිදුවේ. එහිදී ඇයට තම ඥාතිමිත්‍ර සියළු දෙනාගෙන් වෙන්ව හුදෙකලාව ජීවත්වීමට සිදුවේ. ඇයි විවාහක නම් ඇයගේ සැමියා වෙනත් රටක සිටීමට හෝ (යුද්ධය තුල) මරණයට පත්ව තිබෙන්නට පුළුවන. මෙවැනි පසුබිමක ඇය කොතරම් ඉස්ලාම් විරෝධියෙකු ලෙස වහල්භාවයට පත්වුවත් ඇයගේ ආරක්ෂාව හා අවශ්‍යතාවයන් සලසාදීමේ වගකීම තම හාම්පුතුට පැවරේ. එම කාරණයන් සැලකිල්ලටගත් ඉස්ලාම් දහම ඇය කෙරෙහි පූර්ණ වගකීම ඇයගේ හාම්පුතාට ලබාදෙන අතර එහිදී ඔහුට අවශ්‍ය වන්නේ නම්, ඇය සමඟ මෛථූන සෙවනේ යෙදීමට ද ඉස්ලාම් අවසර ලබාදෙයි. මෙය හුදෙක් අවසරයක් පමණක් වන අතර අනිවාර්‍ය නියෝගයක් නොවේ. මෙලෙස අවසරය ලබාදෙන ඉස්ලාම් දහම ඒ තුල කොන්දේසි කිහිපයක් ද ඔහුට පනවනු ලබයි. ඒ අතුරින් මාතෘකාවට අදාල ප්‍රධාන කොන්දේසී දෙකක් ඔබේ විමසුමට ගෙන එන්නේ නම, (වහල් කාන්තාව වන) ඇය හාම්පුතුන් කිහිපදෙනෙකුට හිමි අවස්ථාවල දී ඇය සමඟ මෛථූන සෙවනේ යෙදීමට අවසර ලැබෙන්නේ එක් අයෙකුට පමණි. (මේ තුලින් ද ඉස්ලාම් ඇය ආරක්ෂා කොට ඇති ආකාරය වඩාත් හොදින් ඊලඟ කොන්දේසිය තුලින් පැහැදිලි වනු ඇත), ඇය සමඟ තම හාම්පුතා මෛථූන සෙවනේ යෙදීමේ දී ඇය ගැබ් ගැනීමකට ලක්ව දරුවකු බිහි කලේනම්, තම දරුවා එම හාම්පුතාගේම දරුවා බවට නීත්‍යානුකූලව පත්වන අතර එම වහල් කාන්තාව ද වහල්භවින් නිදහස් වේ. දැන් බුද්ධිමත් ලෙස විමසා බලන්න. මෙවැනි නීති ඉස්ලාම් පැනවීම තුල ඇය දූෂණයට හෝ අපයෝජනයට ලක් වෙනවා යනුවෙන් චෝදනා නඟන පිරිස්, මෙවැනි නීති නොමැති තත්වයන් තුල ඇයට උදාවිය හැකි ඉරණම මොහොතක් විමසා බලන්න. නීතිරීති නිසිලෙස ක්‍රියාත්මක වර්ථමානය තුල ඇය සිටියා නම්, එහිදී ඇයට අත්විය හැකි ඉරණම උපකල්පනය කර බලන්න. සියළු නීති ක්‍රියාත්මක වර්ථමානයේ මාපිය සෙවනේ වැඩෙන දූවරුන් මහා දවල් මොහොතේ දූෂණයට හෝ අපයෝජනයට ලක්වෙයි. ආගමික සිද්ධස්ථානයට යන කාන්තාවන් හා දූවරුන් ඊලඟ මොහොතේ දූෂණයට හා අපයෝජනයට ලක්වෙයි. රුකියා ස්ථානවල කාන්තාවන් හා දූවරුන් දිවා රෑ දූෂණයට හා අපයෝජනයට ලක්වෙයි… මෙලෙස කාමුක යක්ෂයන්ට ගොදුරු වීම පිලිබදව අත්දැකීම් ඇති අපට මේ කිසිවකුගේ හවුහරණක් නොමැති තත්වයක් යටතේ තම හාම්පුතා සමඟ කාන්තාවකට හුදෙකලාව ජීවත්වීමට සිදුවූ එදා සමාජ තත්වය යටතේ ඉස්ලාම් යොජනා කරන මෙම ක්‍රමවේදය විවේචනය කරන පිරිස් මෙම කරුණු පිලිබදව දෙවරක් සිතා බැලිය යුතුය. ඉස්ලාම් එදා පැනවූ එම නීතිය කොතරම් ප්‍රායෝගික ද යන්න අන්තවාදී නොවී බුද්ධිමත් ලෙස විමසා බලන ඕනෑම කෙනෙකු හට එය පහසුවෙන් අවබෝධ කරගත හැක. විශේෂයෙන් පිරිමීන්ගේ කායික අවශ්‍යතාවයන් හමුවේ කාන්තාවගේ බිලිවීම පිලිබදව කථා කරන සමාජය නූතන සමාජය කාන්තාවගේ කායික අවශ්‍යතාවයන් නොසලකා හැර ඇත. දිව්‍යමය මඟපෙන්වීම විවේචනයට බඳුන් කරන ඉහත පිරිස් එහි තත්වයන් සියල්ල සැලකිල්ලට ගෙන මීට වඩා සාර්ථක ක්‍රමවේදයක් යෝජනා කල හැකිද? යන්න විමසා බලන්න. එය අභියෝගයක් ලෙස වුවද ‘යහමඟ’ ඉදිරිපත් කරමි. අවසාන වශයෙන් විද්වත් අදහසක් ඔබේ බුද්ධිමත් විමසුමට ගෙන ඒමට අදහස් කරමි. එනම් Dr. Gustav Le Bon නම් විද්වතා වරක් මෙසේ පවසන ලදී. එනම්, පෙරදිග සමාජවල ඇති විවාහ ක්‍රමය මෙන් අපරදිගයේ දෝෂදර්ශණයට ලක් වූ වෙනත් යමක් නොමැති තරම් ය. බටහිරයේ අලසක හා නොදැනුවත්කම මේ තරම් ප්‍රකාශවන තවත් කරුණක් ද නැති තරම් ය. බටහිර පවතින අභිරහස් වංචාකාරී බහු සේවනයට වඩා නැගෙනහිර ලෝකයේ තිබෙන නීත්‍යානුකූල විවාහ ක්‍රමයන් උතුම් ය. අවිධිමත් සම්බන්ධතා වල අනිටු විපාක වලින් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම කරදර විඳින්නට සිදු වේ. බහු විවාහ ක්‍රමය නීතිගත කිරීම සියලු අතින්ම යහපත් කරුණක් බව මට පෙනේ’ මේ අනුව දිව්‍යමය දහමක් ලෙස ඉහත සියළු කාරණයන් වඩාත් හොදින් සැලකිල්ලට ගෙන එදා මුස්ලීම් සමාජයට ඉස්ලාම් දහම ඉදිරිපත් කල ක්‍රමවේදය හමුවේ අද සමස්ථ ඉස්ලාමීය ලෝකයෙන්ම ‘වහල් කාන්තා සංකල්පය’ පමණක් නොව ‘වහල් මිනිස් සංකල්පය’ ද තුරන් වී ඇත යන්න තමා සැබෑව.
අබූ අර්ශද්

Related Post