කාන්තාවන්ට සුදුසු ධාර්මික ජීවන ප්‍රතිපදාව ඉස්ලාමි (Appropriate woman’s life)

ලෝකයේ පැවැත්ම,සුන්දරත්වය “කාන්තාව” යනුවෙන් පවසන සමාජය වරෙක ඇය වාණිජ්‍යමූල සමාජයේ සාර්ථක වෙළඳ සන්නාමය බවට පත්නර ගත් අතර තවමත් එය අඛණ්ඩව සිදුකරගෙන යනු ලබයි.අයිතීන් හිමිකර දුන් බැවි පවසමින් නිවසින් බැහැරට ගෙන ගිය ඇය අද වන විට කිසිවෙකුත් වග නොකියන වෙළඳ භාණ්ඩයක් ලෙසද සමාජගත කර හමාරය.ජීවිතයේ කෙටි ජීවන කාලය තුළ එකවර විවිධ චරිතයන් නිරූපනය කරන කාන්තාව නමි තැනැත්තියගේ වර්ථමානය මෙසේ වනවා මෙන්ම අතීතයට හිස පොවන කල එය වර්ථමානයට දෙවෙනි නොවන්නේය.

අතීතයේදී කාන්තාව යනු පණ නැති දෙයක් ලෙස සිතා ඇයට කිසියමි වටිනාකමක් නොදුන් රෝම ජාතීන් ඇය නිරන්තර වද හිංසා වන්ට භාජනය කළේය.නොයෙක් වද බන්ධනයන්ට කාන්තාව බදුන් කල ඉන්දියානු සංස්කෘතියද ස්වාමියා මල ස්ත්‍රීය ස්වාමියාගේ චිතකෙය්ම දවන්නට තරමි කෘර විය.තම සෞභාග්‍ය හා සමිපත් විනාශ කරන ජලයට කාන්තාව සමාන කල එදා චීන සමාජය තම බිරිද පණ පිටින් වැළලීමේ හා විකිණීමේ අයිතිය පුරුෂ පාර්ශවයට හිමිකර දී තිබිණි.

ග්‍රීක ජාතීන් අතර වෙළද භාණ්ඩයක් ලෙස නමි ලද කාන්තාව දේපල හා මුදල් පරිහරණය කිරීමේ අයිතිය පවා අහිමිව සිටියාය.සුප්‍රකට ග්‍රීක විද්‍යාගයෙකු වූ සොක්‍රටීස් “විශ්වයේ භයානක විනාශයට කාන්තාව මූලික වන බව පැවසූ අතර ඇය බාහිරෙන් සුන්දර වූ විෂ ගසකට සමාන යැයි පැවසීය.එම ගසෙන් යමක් අනුභව කරනු ලබන පක්ෂීන් එවිගසම මරු දකිති” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා ඇත.කාන්තාවශසාපයට ලක් වූවෙකු ලෙස සැලකූ යුදෙවිවන් ආදමි (අලෛ) නබිතුමා අයහමගට යොමුකර තහනමි ගසෙන් අනුභව කිරීමට මග පෙන්වීම එයට හේතුව බැවි පවසා සිටියේය.තමන්ට හිමි ඉඩමිවල හා මිදි වතුවල තීරු බදු ගෙවීම පිණිස තමන් සතු ගැහැණු දරුවන් උකසට තැබීමට යුදෙවිවරුන් බලය ලබා තිබූ අතර කාන්තාවට සහෝදරයින් සිටී නමි පියාගේ ධනයට උරුමකම කීමටද අයිතියක් හිමි නොවීය.

මුස්ලිමි කාන්තාවකිතුනුවන් කාන්තාව ෂෛතාන් (යක්ෂයා) ලෙස සැලකූ අතර “කාන්තාවන් මිනිස් ජාතියටම අයත් නොවන්නන්” බව ඔවුන්ගේ ආගමික උගතෙකුද පවසා ඇත.19වන සියවසේ මැද භාගය වන තෙක් ඉංග්‍රීසීන්ගේ සාමාන්‍ය නීතිය අනුව කාන්තාවන් ප්‍රජා අයිතිය ලද අය බව නොසැලකීය.එමෙන්ම මිනිස් අයිතියක් හෝ උරුමයක් ඔවුනට නොතිබිණ.”කාන්තාවන්ට කිසිවකට බලය නොදිය යුතුයි” යනුවෙන් 1567 දී ස්කොටිලන්ත පාර්ලිමේන්තුව නීතියක් පනවද්දී අටවැනි හෙන්රිගේ කාල වකවානුවේදී “කාන්තාවන් අපිරිසිදු බැවින් බයිබලය පාරායනය නොකළ යුතුයි” යනුවෙන් නීතියක් සමිමත කරන ලදී.ප්‍රංශය “කාන්තාව මිනිස් සමාජයට අයිතිද?නැද්ද?” යනුවෙන් සමීක්ෂණය කිරීමට 586දී කමිටුවක් පත් කළ අතර “කාන්තාව මිනිස් සමාජයට අයත් වන නමුත් ඔවුන් මවන ලද්දේ පුරුෂ පාර්ශවයට ආවතේව කිරීමට බව” තීරණය කර සිටියේය.සැමියාට බිරිඳ විකිණිමේ අයිතිය 1805 දක්වා ඉංග්‍රීසීන්ගේ නීතිය අනුව හැකිවූ අතර බිරිඳගේ වටිනාකම පැන්ස හයක් (ෂිලින් භාගයක්) බවට නිගමනය කළේය.

ඉස්ලාමයට පෙර අරාබිවරුන්ද කාන්තාව නින්දනීය පිරිසක් ලෙස සැලකූහ.අයිතීන් අහිමිව සිටි මොවුන් හට සමාජ පිළිගැනීමක් නොතිබිණ.අරාබිවරුන්ගෙන් බොහෝ පිරිස් තම දියණිවරුන් පණ පිටින් වළ දැමූහ.

“නියත වශයෙන්ම ඔබව එක් පිරිමියෙක් සහ ස්ත්‍රීයක් මාර්ගයෙන් මැවිවෙමු.” (අල්කුර්න් 49 : 13)

යන ශුද්ධ වූ අල්කුර්ආන් වැකියෙන් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පැහැදිලි කරමින් කාන්තාවගේ දුක් දොමිනස් මුදා හරින්නට ඉස්ලාමි දහමේ හිරු කිරණ පතිත විය.

“පිරිමින් හ කාන්තාවන් වවා කවරෙකු විශ්වාස කර කුසල කාර්‍යන්හි යෙදෙන්නද,ඔවුන් ස්වර්ගයට පිවිසෙති (අල්කුර්න් 04 : 124)

යනුවෙන් යළිත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය අවධාරණය කල ඉස්ලාමි කාන්තාව සදහා අයිතීන් ප්‍රදානය කළේය.

ඉබිනු ජවාද්

Related Post