දරු සමිපත රැක ගනිමු Care about our children

දරු සමිපත

ළමයින්ට උගන්වමු

 දරුවන් වනාහි මෙලොව කෙනෙකුට අල්ලාහ් ලබාදෙන අමිල දායාදයන්ගෙන් එකකි.අල්ලාහ් ඇතැමුන්ට පිරිමි ළමයින් පමණක් ලබාදීම තුළින්ද ඇතැමෙකුට ගැහැණු දරුවන් පමණක් ලබාදීමෙන්ද ඇතැමෙකුට ගැහැණු දරුවන් හා පිරිමි දරුවන් මිශ්‍රව ලබා දීමෙන්ද ආශිර්වාද කරයි.ඇතැමෙකුට එම දායාදය ලබා නොදෙයි.

දෙවියන් අල්ලාහ් යමෙකුට යමි දායාදයක් ලබා දෙන්නේද මෙලොවදී ඔහු එය පරිහරණය කළ යුත්තේ

කෙසේද යන්න පිළිබදව නිවැරදි මග පෙන්වීමක් ධර්මය තුළින් අපට ලබා දීමෙන්ද ඇත.එම දායාදයන්ගෙන් සුවර්ගයේ මාර්ගය ඔස්සේ වූ ගමන පහසු කර ගන්නවාද?නැතිනමි නිරයේ දොරටු විවර කර ගන්නවාද?යන්න තීරණය කිරීම අපගේ කාර්ය භාරයයි.

දරු සමිපත ස්වර්ගයේ මාර්ගයේ මෙහෙයවා දෙවියන්ගෙන් ඒ සඳහා ත්‍යාගයන් බලා ගැනීම ද සමිපත අල්ලාහ්ගේ මාර්ගයේ වියදමි කර ස්වර්ගය ලබා ගැනීමටත් වඩා අපහසු කාර්යකි.අල්ලාහ්ගේ මේ පරීක්ෂණයට සාර්ථකව මුහුණ දීමට අතිශයින් පුයෝජනවත් වන ආයුධයක් ඔබ සතුව තිබෙනා බව ඔබ දන්නවාද?

ඒ දරුවා කියන දේවල් නොඅසන විට තඩි බෑමට ඔබ ලඟ ඇති වේවැල හෝ දරුවාගේ සියුමි මනස කීරි ගැසෙන සේ හයියෙන් බැන වැදීමට හැකි පරිදි අල්ලාහ් ඔබට දී ඇති ඔබ කට හෝ නොවේ.ඔබට ස්වර්ගය ලබා ගැනීම පහසු වන ලෙසත් ඔබේ මරණයෙන් පසුත් ඔබේ ගිණුමට පිං බර කරන්නා වූ ස්ථීර ආයෝජනයක් ලෙසත් ඔබේ දරුවන් හදා ගැනීමට වූ ඒ ශක්තිමත් ආයුධය ඔබේ දුආ නමි ප්‍රාර්ථනාවයි.

අපෙන් කීයෙන් කී දෙනෙකු මේ පිළිබදව නිවැරදි වැටහීමකින් සිටිනවාද?දරුවෙකු වැරදි කළත් කළ විට අපගේ ප්‍රතිචාරය වන්නේ පහරක් ගැසීම හෝ බැන වැදීම පමණක් නමි එහි අරුත දරුවෙකු වෙනුවෙන් දෙමාපියන්ගේ දුආ කෙතරමි ප්‍රභලද යන්න අපි වටහා ගෙන නැති බවයි.

තුන් දෙනෙකුගේ දුආ කිසිදු සැකයක් නොමැතිව අල්ලාහ් ඉෂ්ට කරයි.

1.උපවාසය යෙදුනු කෙනෙකු උපවාසය හරින විට අසන දු

2.මගියෙකු අසන දු.

3.දෙමාපියන් තම දරුවන් වෙනුවෙන් අසන දු.    (මූලාශ්‍රය : අබූ දාවුද්)

දරුවෙකු පිළිසිදඳගෙන ඇති බව දැන ගත් දා පටන් ඒ දරුවාගේ මෙලොව පරෙලාව ජීවිතය සදහා දුආ ඉල්ලීම දෙමාපියන් ආරමිභ කළ යුතුයි.ඩිමිබයක් ශුක්‍රාණුවක් හා එක්වී නව ජීවයක ආරමිභය සනිටුහන් වී දින 42ක් වන විට මලක්වරයෙකු ඔබේ දරුවා වෙනුවෙන් අල්ලාහ් නියම කළ රිස්ක් හි ප්‍රමාණය,ඔහුගේ ආයු කාලය,ඔහු මෙලොව කරන්නා වූ යහපත් අයහපත් ක්‍රියාවන් සමග ඔහුගේ අවසාන තීරණය ස්වර්ගයද නිරයද යන තීරණ සහිතව ඔබේ දරුවාගේ ආත්මය මවගේ කුස තුළට සිඹිනු ඇත.දරුවා සඳහා වූ රිස්ක් වැඩි කොට,යහපත් පුද්ගලයෙකු ලෙස ලොවට සේවය කරන්නට වැඩි කාලයක් ඔහු ජීවත් කරවන්නටවත්,ස්වර්ගවාසියෙකු ලෙස ඔහු මරණයට පත් කරන්නටත් අල්ලාහ්ගෙන් ප්‍රාර්තනා කරන්න.

දෙමාපියන් යනු මව හා පියා යන දෙපාර්ශවයම බව අමතක නොකළ යුතය.අද පියවරු බොහෝ දෙනෙකු මුදල් ඉපැයීමට වැඩි අවධානයක් දීම නිසා දරුවන් යහපත් ගතිගුණ ඇති හොඳ අධ්‍යාපනයකින් හෙබි ධාර්මික පිරිසක් ලෙස හදා වඩා ගැනීමේ කාර්ය භාරය එහෙමි පිටින්ම මවගේ හිස මත පැටවී ඇත.පියවරුණි ඒ වගකීම තනිව සිදුරීමට තරමි බොහෝ මවිවරු ශක්තිමත් නැත.ඇය විසින් යමි අඩු පාඩුවක් සිදු වුවහොත් අල්ලාහ් ඉදිරියේ ඔබටද පිළිතුරු දීමට සිදුවනු නො අනුමානය.දරුවන් සඳහා වගකිව යුත්තේ ඔබ දෙදෙනාම බව මතක තියාගන්න.

ඔබේ දරුවන්ට හොඳ ආදර්ශයක් වන්න.ඔවුන්ගේ මල් කැකුළු වන් සුමුදු සිත්වල ඔබ අදින යහපත් දෙමාපියන්ගේ චිත්‍රය ඔවුන් වැඩි වියට පතු වූ විටත් ඔවුන්ව යහ මාර්ගයේ පවත්වා ගනීවි.ලෞකික අධ්‍යාපනය මෙන්ම ආගමික අධ්‍යාපනයන්ද ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කරන්න.ලෞකික අධ්‍යාපනයෙන් පමණක් එළිය කරන ඔබගේ දරුවාගේ ජීවිතයේ ඒ එළිය සදාකාලික එළියක් නොවනු ඇත.ඒ සියල්ල අභිබවා ඔබේ දරුවන් වෙනුවෙන් සෑම මොහොතකම  දුආ ප්‍රාර්ථනා කරන්න.අල්ලාහ් අපට ලබා දී ඇති ආයුධය මොහොතක් නෑර ප්‍රයෝජනයට ගන්නට උත්සාහ කරන්න. 

උමිමු උස්මාන්

Related Post