ඔබ අවධානයෙන් ද !!!!! Do you attentive

stock-photo-boy-releasing-a-white-dove-into-the-air-concept-for-freedom-peace-and-spirituality-152142164ඉන්දියන් සාගරයේ මුතු ඇටය යනුවෙන් හඳුන්වන අපේ මව්බිම ශ‍්‍රී ලංකාවේ 2001 වසරේ සිට 2013 වසර දක්වා වූ දොළොස් වසර තුළ ස්ත‍්‍රී ¥ෂණ 98% කින්ද, ළමා අපචාර 162% කින්ද ඉහළ ගොස් තිබේ.ශිෂ්ටසම්පන්න සමාජයක් ස්ථාපිත වෙනවා වෙනුවට;හිංසනය,පීඩනය හා ¥ෂණය පිරුණු සමාජ වටපිටාවක් බිහිවීම දරුණු ඛේදවාචකයකි.බහු ආගමික පරිසරයක ජීවත් වන අපට මෙම පුවත අනිවාර්්‍යයෙන්ම විශ්ලේෂණය කළ යුතු වගකීමක් තිබෙන්නේය.ඊට හේතුව නම්,කාන්තා විමුක්තිය හා කාන්තා නිදහස සම්බන්ධයෙන් කතා කරන ඇතැම් උදවිය මේ සම්බන්ධයෙන් මුනිවත රකින බැවිනි.
2013 වර්ෂයේ ¥ෂණයට ලක්ව ඇති බොහෝ කාන්තාවන් අවුරුදු 18ට අඩු වයස් සීමාවේ පසු වන අය වගේම තමන්ගේ කැමැත්තෙන් චූදිතයාගේ ගොදුර බවට පත් වූ අයයි.අවුරුදු ගණනාවක් ස්ත‍්‍රී ¥ෂණ්‍ය මැඩ පැවැත්වීමට නොයෙකුත් ක‍්‍රියා මාර්ග බලධාරීන් හා විද්වතුන් ගෙන ගියත් මෙය නැවතුණු බවක් නොපෙනේ.අපට වැරදුණේ කොතනද? අප හදාගත යුත්තේ කෙසේද? මෙය සංවිධානාත්මක දෙයක්ද?
අප නම් කියන්නේ මුළු ලෝකයේ ජනතාවම ආගමට මුල් තැන නොදෙන එසේත් නැත්නම් නාමිකව ආගම තියාගන්නා පිරිසක් බවට පත් කරන්නට,යම්කිසි පිරිසක් විසින් මෙය සංවිධානාත්මකව මෙහෙයවන බවයි.තම ආගම පිළිපදිමින් අනුන්ට කරදරයක් නොකොට ජීවත් වන පිරිස සොයමින් ඔවුන්ගේ හැඟීම් අවුස්සන ආකාරයට සූක්ෂම ලෙස විද්්‍යුත් මාධ්‍යයන් මෙන්ම නවීන උපකරණ ඔස්සේ මෙය ක‍්‍රියාත්මක කරනු ලැබේ.කුමන රටේ සදාචාරය මෙන්ම සාරධර්මය පැවතෙන්නේ ද එම රටට මොවුන් විශේෂ සැලකිල්ලක් දක්වති.කුඩා කල සිටම භෞතික සැපසම්පත් වලට ආශා කරවා කෙටි කාලීන තෘප්තිය දිගු කාලින තෘප්තියක් බවට පෙන්වා අපගේ අහිංසක ¥ පුතුන්ව ගොදුරක් කරගන්නේ කවුරුන්ද? යන්න සොයා බැලීමේ කාලය අපට උදාවී තිබෙන්නේය.
රට වටා ගබ්සා මධ්‍යස්ථාන වැටලූවත්,රට වටා අසභ්‍ය චිත‍්‍රපට සහිත සීඩි තැටි සොයා ගත්තත්,රට වටා අසභ්‍ය චිත‍්‍රපට සහිත ජංගම දුරකථන සොයා ගත්තත්,ගණිකා නිවාස වැටලූවත්,ස්ත‍්‍රී ¥ෂණ මෙන්ම විකෘති මානසිකත්වයෙන් පෙළෙන්නන්ව නැති කිරීමට නම් නොහැකිය.
ලෝකයේ කඩා වැටෙන ආර්ථික ප‍්‍රතිපත්තියක් තියාගන්නා රටවල් මුළු ලෝකයටම මෙම විෂබීජ පතුරුවා තිබෙන්නේය.ඔවුන් ඇතැම් විට සිනමා අධ්‍යක්ෂවරුන්ය.ඇතැම් විට ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරුන්ය.ඇතැම් විට මේ දෙකේම රඟපාන ප‍්‍රසිද්ධ නළු නිළියන්ය.ඇතැම් විට පරිගණක කේ‍්‍රෂ්ත‍්‍රයේ ප‍්‍රවීනයන්ය.ඇතැම් විට ආයෝජනයන් නාමයෙන් රටවල්  වලට ගොස් සංචාරක හෝටල් ඉදිකරන්නන් විය හැකිය.එක් එක් වේලාවට එක එක විදිහේ වෙස් ගන්නට මොවුන්ට හැකිය.
මොවුන් රූගත කරන සිනමා නිර්මාණවල ඇත්තේ,කාන්තාවන්ව අඩ නිරුවතින් අන්දවා පේ‍්‍රක්ෂකයාව හොල්මන් කරවන දර්ශණයන්ය.ඔවුන් සාරධර්ම පිරි රට මනඃකල්පිත ලෝකයකට කැඳවන්නේය.මොවුන්ගේ ප‍්‍රධාන පිව්සුම් මාර්ගය ඇත්තේ අන්තර්ජාලයේය.
මෙම ගොදුරෙන් අපේ මතු පරම්පරාව බේරාගැනීම සඳහා පහත දැක්වෙන කරුණු මත අපේ අවධානය යොමු කරමු.
x    අම්මේ තාත්තේ අපි ආගම් අතරින් වෙනස් වෙන්න පුළුවන්.නමුත් ස්ත‍්‍රීයක් තම කන්‍යාභාවය රැුකගැනීම යනු හැම ආගමටම පොදු වස්තුවකි.
x    ඔබේ ගෙදර සිටින පුංචි දුවල පුතාලට පොහොසත්කමවත්,නවීන අංගෝපාංග හසුරුවන විදිහවත්,ප‍්‍රසිද්ධ වන්නේ කෙසේද? යන්නවත් උගන්නට ප‍්‍රථම එයින් සිදුවන අනිසි ප‍්‍රතිඵල සම්බන්ධයෙන් ප‍්‍රථමයෙන් උගන්වන්න.
x    මගේත් ඔබේත් පොදු සතුරා වන්නේ කවුරුන් ද යන්න විමසිලිමත්ව සතුරා හඳුනා ගන්න.
x    ඔබේ දුවලා පුතාලා නිකරුණේ තවත් තරුණ පිරිසක් සමග කල් ගත කරන්නේ නම් විමසිලිමත්ව සිටින්න.ඇතැම් විට ඔවුන් ගොදුරු සොයාගෙත එන නරියන් වන්නට පුළුවන්.
x    ඔබ මෙන්ම ඔබේ දරුවාද විනීතව ඇඳුම් අඳින්න පුරුදු කරන්න.
x    ඔබ කාන්තාවක් නම් හැකි සෑම අවස්ථාවකම ලේ නෑයන් සමගම පාරට බහින්න.
x    ඔබ සිතන්නේ ඉක්මනින් විවාහ කර දීම මෙම භයානක තත්ත්වයට හොඳම විසඳුම යන්න,නොපැකිලිව එම තීරණය ගන්න.විවාහ දිවියෙන් පසු අධ්‍යාපනය ලබන බොහෝ පිරිස් අදටත් සිටින්නේය.
x    ඔබ පිරිමියෙක් නම් අනවශ්‍ය ලෙස නිකරුණේ අන්‍ය කාන්තාවන් සමග කතාබස් නොකරන්න.ඇතැම් විට ඔබ ඔබව නොදැනුවත්වම එය ස්ත‍්‍රී ¥ෂණයට පොළඹවන්නට පුළුවන්.
x    ඔබේ පුතා හෝ දුව නවීන පන්නයේ ජංගම දුරකථනයක් හෝ පරිගණකයක් භාවිතා කරන්නේ නම් සෑම විට ඔහු ඒ ඔස්සේ කරන්නේ මොනවාද යන්න අවධානයෙන් සිටින්න.
x    ඔබේ පවුලේ වැන්දඹුවක් හෝ විවාහ වියේ පසුවන තරුණියක් සිටියි නම් පුළුවන් ඉකිමනින් ඔවුන්ට විවාහයක් කර දෙන්න.

ස්තූතිය අරුෙණා්දය සගරාව

Related Post