මුහර්රම් මාසය Month of Muharram

මුහර්රම් මාසයමුහර්රම් මස” චන්ද්‍ර මාස අනූව මුල්ම මාසය වන අතර පරිශුද්ධවූ මාස අතුරින් ද එකකි:
ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි:
නියතයෙන්ම මාස ගණන අහස් හා පොළෝ මවනු ලැබූ දා සිට අල්ලාහ් ඉදිරියේ, අල්ලාහ්ගේ (සටහන්* පොතේ දොළහකි. එයින් මාස හතරක් පරිශුද්ධය. මෙයයි නිවැරදි නිත්‍යවූ දහම. එබැවින් එම මාසයන්හි (සටන් කර* ඔබට ඔබම හානියක් නොකරන්න” (9: 36*.
අබී බක්රා (රලි* තුමා විස්තර කරයි: ”සැබවින්ම අහස් හා පොළෝ මවන ලද දා සිට කාලය ගමන් කරමින් සිටී තවද අල්ලාහ් ඉදිරියෙහි මාස ගණන දොළහකි. එයින් මාස හතරක් පරිශුද්ධය. එම පරිශුද්ධවූ මාස අතුරින් තුනක් එක දිගට පැමිණෙයි. එය: ” දුල්කඃදා, දුල්හජ්, මුහර්රම්” වේ. රජබ් මුළර් මාසය ජමාදුස්සානි හා ෂඃබාන් අතර පවතින මාසයකි” යනුවෙන් නබි (සල්* තුමන් ප‍්‍රකාශ කළහ. (මූලාශ‍්‍රය: බුහාරි හා මස්ලිම්*.

පරිශුද්ධවූ මාස හතර නම්:

1- දුල්කඃදා. ඉස්ලාමීය මාසයන් අනූව 11 වැනි මාසයයි.

2- දුල්හජ්. ඉස්ලාමීය මාසයන් අනූව 12 වැනි මාසයයි.

3- මුහර්රම්. ඉස්ලාමීය මාසයන් අනූව 01 වැනි මාසයයි.

4- රජබ්. ඉස්ලාමීය මාසයන් අනූව 07 වැනි මාසයයි.

මෙම මාසය තුළ ඉටු කළ යුතු වෛකල්පිත උපවාසය:
කුෙරෙෂ්වරුන් අඥාන සමයේ ආෂූරා (දහ වැනි* දින උපවාසයෙන් පසුවූහ. නබි (සල්* තුමන් එම දිනයෙහි උපවාසයෙන් පසුවූහ. පසුව නබි (සල්* තුමන් මදීනාවට පැමිණීමත් සමග එතුමන් එම දිනයෙහි උපවාසය ඉටු කළ අතර මිත‍්‍රවරුන්ට ද එය ඉටු කරන ලෙස නියෝග කළහ. කවදා රමළාන් මස උපවාසය අනිවාර්්‍යවුනේ ද, එතැන් පටන් රිසි අයට ආෂූරා (දහ වැනි* දින උපවාසය ඉටු කිරීමටත් රිසි අයට ඉටු නොකර සිටීමටත් නබි (සල්* තුමන් නියෝග කළහ. (විස්තර කරන්නේ: ආයිෂා (රලි* තුමිය, මූලාශ‍්‍රයන්: බුහාරි හා මුස්ලි*.
ඉබ්නු අබ්බාස් (රලි* තුමන් විස්තර කරයි: ”නබි (සල්* තුමන් මදීනාවට පැමිණී විට යුදෙව්වරුන් ආෂූරා (දහ වැනි* දින උපවාසයෙන් පසුවීම දුටුවේය. මේ පිළිබඳ ඔවුන්ගෙන් ප‍්‍රශ්න කළ විට, මෙය උතුම් වූ දවසකි. මෙවැනි දිනයකයි අල්ලාහ් මූසා (මෝසස්* තුමා ව ආරක්‍ෂා කළේ. ෆිර්අවුන් හා ඔවුන්ගේ ආධාර කරුවන්ව අල්ලාහ් ජලයෙහි ගිල්වන්නට සැලැස්සුවේ. මූසා (මෝසස්* තුමා අල්ලාහ්ට කෘතඥවීමක් වශයෙන් උපවාසය ඉටු කළහ යනුවෙන් ඔවුන් පිළිතුරු දුන්හ. එවිට නබි (සල්* තුමන් මා මූසා ට හා එම උපවාසය ඉටු කිරීමට ඉතා සුදුස්සෙකු වේ යනුවෙන් පවසා එතුමන් උපවාසයෙන් පසුවූ අතර මිත‍්‍රවරුන්ට ද උපවාසයෙන් පසුවන ලෙස නියෝග කළහ. (මූලාශ‍්‍රය: අහ්මද්*.

මුහර්රම් මස උපවාසයෙහි ශ්‍රේෂ්ඨත්වය:

රමළාන් මසට පසු ශ්‍රේෂ්ඨ උපවාසය මුහර්රම් මස උපවාසයයි. අනිවාර්්‍ය සලාතයෙන් පසු ශ්‍රේෂ්ඨ වූ සලාතය රාති‍්‍ර කාලයෙහි ඉටු කරන සලාතයයි.” යනුවෙන් නබි (සල්* තුමන් ප‍්‍රකාශ කළහ. විස්තර කරන්නේ : අබූ හුෙරෙරා (රලි* තුමා. මූලාශ‍්‍රය: මුස්ලිම්*.
වරක් ශාස්තෘවරයානන් පැවසූහ: ”සෑම මසකම උපවාසයන් තුනක් (අඛණ්ඩව* ඉටු කිරීම ජීවිත කාලය පුරා උපවාසය ඉටු කළාට සමානය. අරෆා දින උපවාසය ගතවූ හා උදාවන වසරෙහි පාපයන්ට ප‍්‍රති කර්මය බව මා සිතමි. ආෂූරා (දහ වැනි* දින උපවාසය උදාවන වසරෙහි පාපයන්ට ප‍්‍රති කර්මය බව මා සිතමි.” (විස්තර කරන්නේ: අබූ කතාදා (රලි*, මූලාශ‍්‍රය: මුස්ලිම්*.
සටහන: අරෆා දින: දුල්හජ් මස 9 වැනි දිනයි. ආෂූරා දින: මුහර්රම් මස 10 වැනි දිනයි. යහපත් ක‍්‍රියාවන් ප‍්‍රති කර්මය වන්නේ සුළු පාපයන්ට මිස මහත් පාපයන්ට නොවේ.
යුදෙව්වරුන්ට සමාන නොවිය යුතුයි:
ඔබලා ආෂූරා (දහ වැනි* දින උපවාසයෙන් පසුවන්න, යුදෙව්වරුන්ට සමාන නොවීම සඳහා ඊට පෙර හෝ පසුව දිනක් උපවාසයෙන් පසුවන්න” යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: ඉබ්නු අබ්බාස් (රලි*, මූලාශ‍්‍රය: අහ්මද්*.
ආෂූරා (දහ වැනි* දින නබි (සල්* තුමන් උපවාසය ඉටු කළ අතර මිත‍්‍රවරුන්ට ද නියෝග කළහ. මෙය යුදෙව්වරු හා කිතුවරු උතුම් කොට සළකන දිනයක් නොවේද යනු ප‍්‍රශ්න කළ විට, අපි ඉදිරි අවුරුද්දේ ජීවතුන් අතර සිටියේ නම් නම වැනි දින ද උපවාසය ඉටු කරමු යනුවෙන් නබි (සල්* තුමන් පැවසූහ. නමුත් එම අවස්ථාව එළඹීමට පෙරම නබි (සල්* තුමන් අපවත්වූහ.” (විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රලි*, මූලාශ‍්‍රය: අහ්මද්*.
ඉහත ප‍්‍රකාශයන් අනූව, මුහර්රම් මස 09 වැනි දින හා 10 වැනි දින උපවාසයන් ඉටු කළ යුතුයි. නැතහොත් 10 වැනි හා 11 වැනි දින උපවාසයන් ඉටු කළ යුතුයි. මෙය වෛකල්පිත උපවාසයන් වේ.
මුහර්රම් මස තුළ ආගම සඳහන් නොකළ වෙනත් කිසිදු කි‍්‍රයාවක නිරතවීම මුස්ලිමෙකුට සුදුසු නොවේ. ශුද්ධවූ අල්කුර්ආනයෙහි හා නබි (සල්* තුමන්ගේ නිවැරදි ප‍්‍රකාශයන් හි සම්මතයෙන් තොරවූ කිසිදු කි‍්‍රයාවක් ආගමෙහි නාමයෙන් කිරීම නොමග යවන බිද්ආ වේ. මෙයින් ඉතා විමසිලිමත් විය යුතුය.
නබි (සල්* තුමන් වරක් මෙසේ ප‍්‍රකාශ කළහ: ”කව්රුන් අපගේ විෂයෙහි අප නියෝග නොකළ දෙයක් අළුතින් ඇති කර කරයිද එය ප‍්‍රතික්‍ෂේප කෙරේ” (විස්තර කරන්නේ: ආයිෂා (රලි* තුමිය, මූලාශ‍්‍රය: මුස්ලිම්*.
මුස්ලිම් වරුන් අතර ගමින් ගමට ආගමේ නාමයෙන් වෙනස් වූ දේ සිදුවෙමින් පවතී. එයට කොහෙත්ම ආගමික පිළිගැනීමක් නොලැබෙනු ඇත. නිසි සාධක පවතින විට පමණයි අල්ලාහ් ඉදිරියෙහි එය පිළිගනු ලබන්නේ නැතහොත් එය ප‍්‍රතික්‍ෂේප කරනු ලබන බව ඉහත සඳහන් ප‍්‍රකාශය තුළින් මොනවට පැහැදිළි වෙයි.

Related Post