අළුත් ආරමිභයක් (New Beginning)

නව ප්රවණතාවයක්

ඉස්ලාමි

ඉස්ලාමි යනු සාමයේ සංකේතය වේ.එය විශ්ව දහමකි.අද ලෝකයේ විශේෂයෙන්ම බටහිර රටවල්හි ඉතා සීඝ්‍රයෙන් පැතිරෙන ආගමක් හැටියට ඉස්ලාමය පරිවර්තනය වී හමාරය.මෙහි සුවිශේෂත්වය වන්නේ ඉස්ලාමි දහමට එරෙහිව දැඩි විවේචන ඉදිරිපත් වන්නේද බටහිර රටවලින් වීමය.ඉස්ලාමීය ඈත මෑත ඉතිහාසය අපට කියන කරැණක් නමි,කොපමණ විවේචන,විරෝධ මධ්‍යයේද ඉස්ලාමි ජීවමාන සත්‍ය දහමක් බවට ඔපුපු වී ඇති බවය.ඉස්ලාමි දහම තරමි වෙනත් කිසියමි දහමක් මුහුණ පෑවානමි අද විනාශ වී යන්නට ඉඩ තිබිණි.නමුත් දිව්‍යයමය මග පෙන්වීම වූ ඉස්ලාමි ජීවමානව වර්ධනය වෙමින් පවතී.අල්ලාහ් දෙවිඳුන් අල්කුර්ආනයේ මෙසේ පවසයි.

අල්ලාහ්ගේආලෝකය වූ මෙම ඉස්ලාමි දහම ඔවුන් නිවා දමා විනාශ කිරීමට අදහස් කරති.නමුත් ප්‍රතික්ෂේප කරන්නන්ගේ දැඩි පිළිකල මධ්‍යයේ අල්ලාහ් මෙම ආලෝකය ලොව පුරා විහිදුවයි.”

                                                                   (අල්කුර්ආන් 61 : 08)

 “නියත වශයෙන්ම මෙම ධර්මය පහළ කළේ අපිම ය.එමෙන්ම ලෝක විනාශය තුරැ මෙම දහම රැකගැනීමේ වගකීමද අපි භාර ගන්නෙමු.”

                                                                   (අල්කුර්ආන් 15 : 09)

ඉස්ලාමි විරෝධීව සිට පසුව ඉස්ලාමි දහම ගෙන පැහදී,එහි ගැබිවී ඇති සත්‍ය තේරැමිගෙන තම හෘද සාක්ෂියට එකඟව දිව්‍යයමය දහම වූ ඉස්ලාමි දහම වැළඳ ගැනීමේ පුවතක් බටහිර රටකින් වාර්තා විය.මෙසේඉස්ලාමි දහමින් පැහැදුනේ දැඩි ඉස්ලාමි විරෝධී මත දැරෑ නෙදර්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වූ “ආර්නූඩි වෑන් ඩෝරේන්” (Arnoud Van Doorn) ය.ඔහු නෙදර්ලන්ත පාර්ලිමේන්තුව නියෝජනය කළේ අන්ත දක්ෂිනාංශික (PVV) පක්ෂයයි.

ආර්නූඩි වෑන් ඩෝරේන් ඉස්ලාමි ධර්මය වැළඳගැනීම පිළිබඳ පුවත ලෝ ප්‍රකට ජාත්‍යන්තර මාධ්‍යයක් වන අල් ජසීරා (AL JAZEERA) මාධ්‍යය ජාලය විකාශ කළේය.එම මාධ්‍යය ජාලයට අදහස් දැක්වූ ආර්නූඩි මෙසේ පැවසීය.“ඉස්ලාමය පිළිබඳව බොහෝ වරදි කතාවන් මම අසා තිබුණා.නමුත් මම ස්වයංව පර්යේෂණය කිරීමකින් තොරව අන් අයගේ අදහස් භාරගන්නා පුද්ගලයෙකු නොවේ.පසුගිය අවුරැද්දක් පමණ ශුද්ධ වූ අල්කුර්ආනය,නබි චර්යාව හෙවත් අල් හදීසය හා අනෙකුත් පොත්පත් මම ඉතා උවමනාවෙන් පරිශීලනය කරන බව මට සමීප කිහිප දෙනෙකු පමණක් දැන සිටියා.මීට අමතරව මුස්ලිමිවරැ සමග සාකචිචා ගණනාවක්ම සිදුකර තිබෙනවා.මෙවැනි ස්වයං පර්යේෂණවලින් පසු ඉස්ලාමි දමහ ගැන මම පැහැදුනෙමි” යැයි අදහස් දැක්වීය.

පසුව පසුගියය මාසයේ දිනක තම පුද්ගලික ටුවිටරයෙන් “අළුත් ආරමිභයක් ” (New Beginning) යැයි නිකුත්කළ පණිවුඩයත් සමග ඉස්ලාමි දහම වැළඳගත් පුවත මුලින්ම ලොවට ප්‍රසිද්ධ කළේය.පසුව ෂහාදාව යැයි අරාබි භාෂාවෙන් හඳන්වන ඉස්ලාමි දහමට පිවිසීමේ දොරටුව වන “නැමැදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් නොමැත.මුහමිමද් (එතුමාට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත්වේවා) නබිතුමාණන් ඔහුගේ දූතයෙක් යැයි සාක්ෂි දරන්නෙමි” යන විශ්වාසයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ටුවිටර් පණිවුඩය මගින් ප්‍රසිද්ධ කර තමා ඉස්ලාමි දහම වැළඳගත් බව ප්‍රචලිත කළේය.

ඩෝර්න් සාමාජිකත්වය දරණ ගීටි වින්ඩර්ස්ගේ අන්ත දක්ෂිණාංශික (PVV) පක්ෂය දැඩි ඉස්ලාමි විරෝධී පක්ෂයෙකි.නෙදර්ලන්තයේ හෝග් නගරයේ නාගරික මන්ත්‍රිවරයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුද වන ඩෝර්න්ගේ නමත් විල්ඩර්ස්ගේ ඉස්ලාමි විරෝධී ක්‍රියා කලාපයන් සමග නිතර කියවුනු නමකි.

පළමුව ඉස්ලාමි දහමේ සතුරෙක්ව සිටි ආර්නූඩි වෑන් ඩෝර්න් අවසානයේ ඉස්ලාමි දහම වැළඳගැනීමයි සියළු නිර්මානවල එකම නිර්මාතෘ සර්වබලධාරී අල්ලාහ්ගේ කැමැත් වූයේ.

“(නබිතුමණි) ඔබ කැමැති පිරස සාජු මගෙහි යැවීමට ඔබට හැකියාවක් නොමැත.නමුත් අල්ලාහ් තමන් කැමැති පිරිසට සෘජු මාර්ගය ලබා දෙන්නේය.”

                                                                             (අල්කුර්ආන් 28 : 56)

“සැවොම වාගේ මමත් ජීවිතයේ ගොඩක් වැරදි කර තිබෙනවා.මෙම වැරදි වලින් මම බොහෝ දේවල් ඉගෙන ගෙනත් තිබෙනවා.”යැයි තම ඇතුලාන්තය විවෘත කරන ඩෝර්න් “ඉස්ලාමය වැළඳගැනීමෙන් මම මගේ මාවත සොයාගත් බවක් සිතනවා.මෙය අළුත් අාරමිභයක් ලෙස මම දකිනවා.මෙම ගමනේ මට මග පෙන්වූ අල්ලාහ්ගේ උදවි පිළිබඳ මට පරිපූර්ණ විශ්වාසය තිබෙනවා.” යැයි තව දුරටත් පැවසීය.

ඉබිනු ජවාද්

 

Related Post