දුම්පානය හා ඉස්ලාමීය දැක්ම

දුමිපානය තමාෙග් මාරයා

දුමි පානය කිරීම තුලින් ජිවිතය අහිමි ෙවි

රටක් වශයෙන් ගත්ත ද පවුලක් වශයෙන් ගත්ත ද පන්ති භේදයකින්, ආගම් භේදයකින් හා කුල භේදයකින් තොරව මුලූ ජන සමාජයම ගොදුරක් බවට පත්කරගෙන තිඛෙන වර්ථමානයේ උග්‍රවු ගැටලූවකි දුම්පානය. මෙම උවදුර කොතරම් උග්‍රවු එකක්ද යන්න වටහා ගැනීමට ඒ සදහා එනම් දුම්වැටි විරෝධි දිනයක් ජාත්‍යන්තර මට්ටමින් ප්‍රකාශකර තිබීමම ප්‍රමාණවත්ය, මෙය සෑම වසරම මැයි 31 දිනය ප්‍රකාශයට පත්කොට ඇත. නමුත් මෙවැනි දිනයක් ප්‍රකාශ කිරීමෙන් පමණක් මෙම දුම්පානය පාලනය කලහැකි. යැයි කිසිවකු සිතන්නේ නම් එය තමා තමන්වම රවටාගැනීමක් පමණි. මෙම දුම්වැටිය මෙලොවින් තුරන් කිරීමට නම් ඒ සදහා පුලූල් දැනුවත් කිරීමක්ල ක්‍රියාකාරී සැලැස්මක් සහා දැඩි නිීති රාමුවක් අවශ්‍ය වේ.

මෙම දුම්පානය පවුලේ ආර්ථීකයට මෙන්ම රටක ආර්ථීකයට ද සෘජුවම බලපානු ලබයි. අප රට සැලකුවිට. වාර්ශිකව ලබන බදු මුදලට වඩා වැඩි මුදලක් මෙම දුම්පානයෙන් හටගන්නා රෝගයන් සදහා වැය කිරීමට රජයට සිදුවී තිඛෙන බව මෑතකදී කල සංඝනනයක් පෙන්වා දී තිබේ. රටේ ආර්ථීකයට සෘජුවම මෙය බලපාන අතර මීට සමාන්තරව බලපානු ලබන තවත් ප්‍රධාන ගැටලූවක් වන්නේ තරුණ පිරිස මෙම දුම්වැටියට ඇබ්බහිවී සිටීමයි. රටක සංවර්ධනයේ ප්‍රධාන සාධකය වන තරුණ ශ්‍රමය මේ නිසා නිසි ආකාරව රටට නොලැබී යයි. අද අප රටේ 70% ක තරුණ පිරිස මෙම දුම්වැටියට ඇබ්බැහිවී සිටින බවත්, පාසැල් යන වයසේ පසුවන ළමුන්ගෙන් 60% ක් මෙයට ඇබ්බහිවී සිටින බවත් ගනන් බලා ඇත. මෙය අපවැනි සංවර්ධනයට වෙරදරන රටකට උග්‍රවු ගැටලූවකි. වර්ථමානයේ දියුණු වු රටවල් මෙම දුම්වැටිය තහනම් කරමින් හා විවිධ නීති මගින් පාලනය කරමින් පවතිද්දී අප වැනි දුප්පත් රටක් මේ පිලිබදව අවදානය යොමු නොකර සිටීම ඉතාමත්ම කණගාටුදායක තත්වයකි.

මෙම දුම්වැටි භාවිතයෙන් ඉහත ආකාරයේ ආර්ථීක ගැටඑ ඇතිවෙනවා මෙන්ම භයානක රෝගී තත්වයන්ට ද මුහුණදීමට සිදුවෙන බව අප සියලූදෙන හොදින් දන්නා සත්‍යයකි. මෙය වටහාගැනීමට වෙනම වෛද්‍ය උපදෙස් අවශ්‍ය නොවේ. එය තේරුම් ගැනීමට එම දුම්වැටි ඇසුරුමෙහි සදහන් —දුම්පානය මගින් පිලිකාව වැලදිය හැක˜ යන අවවාදයම හොදටම ප්‍රමාණවත්ය. මෙම දුම්පානය මගින් වැලදෙන රෝගි තත්වයන් පිළිබඳව අවධානය යොමුකිරීමට පෙර එහි අඩංගු ප්‍රධාන විෂ රසායනික ද්‍රව්‍යන් පිළිබඳව අවධානය යොමු කරමු.
 
ඇසිටෝන්    කාබන්ඩයොක්සයිඩ්    ඇමෝනියා    පොලෝනියම් 216
නැප්තලමයින්    ඩෙන්සපරීන්    යුරිකේන්    ඩී සී ටී 216
මෙතනෝල්    වයිනල් ක්ලෝරයිඩ්    ආසනික්    
කැඩ්මියම්    හයිට්රජන්    ටොලිසියඩින්    
ඉහත රසායනික ද්‍රව්‍යන්ට අමතරව උත්තේජක වර්ගයන්ද විශාල ප්‍රමාණයක් දුම්වැටි නිෂ්පාදනයේ දී යොදාගනී. මෙම උත්තේජකවල නම් රහසිගතව ආරක‍ෂා කරන බවත්, එම උත්තේජවලින් 40 පමණ පිලිකා රෝගය ඇතිකරවන්න සෘජුවම බලපාන බවත් පරියේෂණවලින් තහවුරු වී ඇත.

ඉහත සදහන් විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු දුම්වැටි භාවිතා කිරීම නිසා ඉතා භයානක රෝග විශාල ප්‍රමාණයකට මිනිසාහට ගොදුරුවීමට සිදුවේ ඒවායින් කිහිපයක් නම්:

 එහි අඩංගු විෂ ද්‍රව්‍යනිසා විවිධ ආකාරයේ පිලිකා රෝග.
 ස්නායු දුර්වලවීම නිසා හදවතෙහි ක්‍රියාකාරිත්වය දුර්වල වී හෘද ආබාධ.
 ශරීර අභ්‍යන්තර පටලයන් මෙම දුමට විනාශ වන නිසා උදරයේ තුල සුව නොවන තුවාල.
 ස්නායු දුර්වලවීම නිසා ලේ ගමන නිසි අයුරින් සිදුනොවීමෙන් ශරීරය දුර්වර්ණ වීම.
 මෙහි අඩංගු විෂ ද්‍රව්‍ය නිසා මොළයෙහි විවිධ ආබාධ.
 දුම්වැටියෙහි දුම නිසා පෙනහල්ලෙහි ඇතිවන රෝගිතත්වය නිසා සුවනොවන කැස්ස.
 ස්නායු දුර්වලවීම නිසා හෘදය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වේගයෙන් ක්‍රියාකිරිම තුලින් පපුවෙහි දැඩි වේදනාව.
 පපුවේ අදික වේදනාව නිසා වෙහෙසකාරී ක්‍රියාවල නිරතවීමට නොහැකිවීම.
 අඩු වයසින් හෘදය ආබාද ඇතිවන පිරිසගෙන් 90% දුම්පානය කරන්නන්වීම.

ඉහත සදහන් රෝගි තත්වයන්ට දුම්පානය නිසා සෘජුවම මනූෂ්‍යා ගොදුරුවන අතර මීට අමතරව වෙනත් අතුරුවිපාක බොාහා්මයක් මෙම දුම්පානය නිසා පවතී. එයින් ප්‍රධාන වන්නේ මෙම දුම්පානය නොකරන්නන් ඔවුන් නොදැනම එයට ගොදුරුවීමයි. දුම්වැටියක් උරා පිටකරන දුම තවකෙකු ආශ්වාස කිරීම තුලින් ඉහත සදහන් රෝගී තත්වයන් ඔහුටද ඇතිවීමේ සම්භාවිතාවයක් පවති. මෙම තත්ත්වය ඉතා ප්‍රබලව ගැබිනි මව්වරුන්ට බලපාන බව පරීයේෂණ මගින් සනාථවී ඇත. මෙවැනි විවිධ හේතුන් මගින් ලෝකයේ වසරකට මිය යන මිනිස් සංඛ්‍යාව ලක‍ෂ 30 ක් බවට ගනන් බලා ඇත.

මෙතරම් අතුරු විපාක ඇති මෙම දුම්පානය කිසිදු පාලනයක් අප නොකලත්, අතීතයේ මේ සදහා දැඩි දඩුවම් ලබාදී ඇති බව ඉතිහාසය පෙන්වාදේ. උදාහරණයක් ලෙස මුරාත් නැමති රජෙකු විසින් දුම්පානය කරන්නන් හට මරණ දඩුවම ලබාදුන් බවද, පළමු ශා අබ්බාස් රජු විසින් නාසය කපාදැමු බවද, ශා ශෆී (1629) රජු විසින් කටට උණු ඊයම් වත්කල බවද, ලෝක ඉතිහාසයේ සදහන් වේ. මෙම දඩුවම් නිවරුදි දඩුවම් නොවුවත් එදා එම සමාජය මෙය බරපතල වරදක් බව වටහාගෙන සිටී බව මින් තහවුරුවේ. එදා නොඋගත් සමාජය තේරුම්ගත් තරමින්වත් අද බුද්ධියේ ඉනිපෙත්තේ සිටින කෙනෙකුට වටහාගැනීමට නොහැකිවීම ලැජ්ජාවට කරුණක් නොවේද?.

මෙම අනඥාන ක්‍රියාවේ නිරතවන්නන් අතර මුස්ලීම්වරුන්ද සිටිති. දෙවියන්ට යටත්ව සිටීම හා පිරිසිදුකම දැඩිව අවධාරනය කරන ශ=ද්ධවු දහමකට උරුමකම් කියන මුස්ලීම්වරුන්ද මෙම දුම්වැටියට යටත්වී සිටීම ඉතාමත්ම කණගාටුදායක තත්වයකි. මේ සම්බන්ධයෙන් ඉස්ලාම් දහම කුමක් පවසනවාද? යන්න පිළිබඳව දැන් අවදානය යොමුකරමු.

අල්ලාහ් දෙවියන් විසින් ශ=ද්ධවු අල්කුර්ආනයේ පහත ආකාරයට පවසයි:
 —නුඹලාගේ අතින් නුඹලාගේ විනාශය ළඟාකර නොගනිව් (ශුද්ධවු අල්කුර්ආන් 2: 195).
 —නුඹලා නුඹලාගේ ආත්මය විනාශ කර නොගනිව් (ශුද්ධවු අල්කුර්ආන් 4:29).

ඉහත අල්කුර්ආන් වාක්‍යයන්ට අනුව තමන්ගේ ශරීරයට වුවද කිසිදු හානියක් කරගැනීමට ඉස්ලාම් දහමේ අවසරයක් ලබාදී නැත. එසේම මුස්ලීම්වරයකු තවත් මුස්ලීම්වරයෙකුට සහෝදරයකු යයිද, පිරිසිදුකම ඉස්ලාමයේ ප්‍රධාන කොටසක් බවද මුහම්මද් නබි (සල්) තුමා පවසා ඇත. එසේ නම් මෙම දුම්පානය නිසා අන් අයටත් හානියක් මෙන්ම කරදරයක් වන අතර මෙම දුම්පානය කරන්නන් ළග අපිරිසිදු දුගදක් පවතී. එසේම මෙම දුම්වැටිය සදහා වියදම් කරන මුදල ද නාස්තියක් වන අතර මෙවැනි නාස්තියද ඉස්ලාම් දැඩිව ප්‍රතිෙක‍ෂ්ප කරයි. එනම්:
 —නිෂ්කාරණයේ වියදම් කරමින් නුඹලාගේ වස්තුන් නාස්ති නොකරව් ඇත්තෙන්ම නාස්තිකාරයින් ෂෙයිතාන්ගේ (දෙවියන්ගේ ශාපලද්දන්ගේ) සොහොයුරෝය˜ (ශ=ද්ධවු අල්කුර්ආන් 17:26, 28).

ඉහත ආකාරයේ ෂෙයිතාන්ගේ සොහොයුරකු වීම මුස්ලීම්වරුන් වන අපට කොතරම් භයානක ඉරණමක්ද?. එම තත්ත්වයට අප පත්විය යුතුද?ග අල්කුර්ආනය එසේ දැඩිව පවසද්දී ඊට සමාන්තරව නබි (සල්)තුමාද මේ පිළිබඳන අවවාද කරයි. එනම්:
 
•    —අප කිසිවකුටත් වරදක් නොකල යුතු අතර තමාට ද වරදක් සිදුනොකල යුතුයි˜ (මූලාශ්‍රය: අහ්මද්).
•    —සත්‍ය වශයෙන්ම දෙවියන් මුස්ලීම්වරුන් කෙරෙහි කරුණු 03ක් පිළිකුල් කරයි එයින් අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීමද එකකි˜ ( මූලාශ්‍රය: බුහාරී).
•    —මගේ සමාජයට අයත් (මුස්ලීම්වරුන්ගේ) සියලූම පාප ක්‍රියාවන් දෙවියන් සමාකරනු ඇත. ප්‍රසිද්ධියේ කරන පාපක්‍රියාවන් හැර. ( මූලාශ්‍රයන්: බුහාරී මුස්ලීම්).
මෙම දුම්පානය නිසා අන් අයට කරදරයක් මෙන්ම හානිකරය. එසේම මුදල් නාස්තියකි. මේ සියල්ල දෙවියන් විසින් දැඩිව අවවාදකල කරුණු වේ. මේ සියල්ලට වඩා අද මුස්ලීම්වරුන් යයි තමන්ව අඩම්බරයෙන් පවසාගන්නා සමහරුන් මෙම පාපක්‍රියාව ප්‍රසිද්ධියේම කරන්න මැලිනොවෙති. මෙය ඔවුන් ඉස්ලාම් දහමටම කරන නිගාවකි. අවසාන වශයෙන් පහත නබිවදන පවසා මෙම ලිපිය අවසන් කරමි.

අවසාන විනිශ්චය දිනයේ ප්‍රශ්න 04කට පිළිතුරු දෙනතුරු ඔවුන්ගේ පාදයන් සිටීතැනින් සෙලවීමට නොහැකි වේ. එම ප්‍රශ්න වන්නේ:
 
•    ආයු කාලය ගත කලේ කෙසේද?
•    වස්තුව ධනය වියදම් කලේ කෙසේද?
•    තරුණවිය ගතකලේ කෙසේද?
•    බුද්ධිය ඥාණය යෙදෙව්වේ කෙසේද? (මූලාශ්‍රය: තිර්මිදි).

එසේනම් දුම්පානයේ යෙදෙන්නන් වරක් නොව දෙවරක් ඉහත නබිවදන පිළිබඳව බුද්ධිමත්ව සිතිය යුතුයි. මෙම දුම්වැටියෙන් ලබන සුලූම සුලූ ආස්වාදයක් නිසා විනිශ්චය දිනයේ කුමන ඉරණමකට මුහුණ දෙන්න සිදුවෙනවාද යන්න, මෙම දුම්පානයෙන් තරුණවියත්, ධනයත්, ආයුකාලයත්, බුද්ධියත් මේ සියල්ල විනාශ වන බව ඉහතින් අවබෝධ කරගත්තෙමු. එසේනම් ඉහත ප්‍රශ්න 04ට පිළිතුරු දෙන්නේ කෙසේද? එසේ නම් දැන් ඔබ තීරණයක් ගත යුතුයි. එනම් ඔබ ශාපලත් ෂෙයිතාන්ගේ සොහෝයුරකු වෙනවාද? එසේත් නැත්නම් ශ=ද්ධවු දහම පිලිපැද සැබෑ මුස්ලීම්වරයකු වෙනවාද? තීරණය ඔබ සතුයිæ
සියල්ල හොදින් දන්නේ අල්ලාහ් පමණි

ස්තූතිය – යා යුතුමග ෙවබි අඩවිය

Related Post