ජේසුස් වහන්සේගේ ශුද්ධ වූ පණිවිඩය The fact that Jesus

ජේසුස් වහන්සේ පිළිබඳ ඉස්ලාමීය ප්‍රතිපත්තිය පදනම් දෙකකින් යුක්තයි, යුදෙව්වන් ජේසුස් වහන්සේගේ දේව වක්තෘභාවය ප්‍රතික්ෂේප කරන අතර එතුමාව නම් කර ඇත්තේ වට්ටාඩියෙක් යන්නයි, මෙයට පටහැනිව කිතුබැතිමැතියන් ජේසුස් වහන්සේ දේව පුත්‍රයෙක් යයි සලකා ඔහුට නැමදීමද කරන්නෝය, ඉස්ලාම් මෙයට හාත්පසින්ම වෙනස්වන පරිදි ජේසුස් වහන්සේට ලබා දී ඇත්තේ ආබ්‍රහාම්, මෝසස්, මුහම්මද්, යනාදී දේව වක්තෘවරුන්ට ලබා දී ඇත්ි උසස් ස්ථානයයි.

මෙම ප්‍රතිපත්තිය ඉස්ලාම් උගන්වන ඒකදේවවාදය ඔප්පු කිරීම හා සමානය. එමෙන්ම දේව පණිිවිඩ සහ දේව වක්තෘවරුන් අතර පවතින සරල සමාන්තරයද ඔප්පු කිරීමකි, දැන් අපි ජේසුස් වහන්සේ පිළිබඳ පැහැදිළි අවබෝධයක් ලබා ගැනීමට ඔහුගේ සත්‍යභාවය එකිනෙක විමසා බලමු.

1)- දෙවියන් වහන්සේ සියල්ල දන්සේක….එහෙත් ජේසුතුමා එසේ නොවීය,

විනිශ්චය දිනය පිළිබඳව විස්තර ඉදිරිපත් කරන අවස්ථාවක ජේසුතුමා සතු දැනුමේ සීමිත භාවය ගැන අචල සාක‍ෂි දක්වා සිටි ~නමුත් ඒ දවසත් ඒ පැයවත් පියාණන් වහන්සේ මිස අන්   කිසිවෙක් දන්නේ නැත, ස්වර්ගයෙහි සිටින දූතයෝවත් පුත්‍රයාවත් නොදනිති, (මාර්ක් 13-32 හා මතෙව් 24-36)

එහෙත් දෙවියන් වහන්සේ සියල්ල දන්නා සේක, ස්වාමීන් වහන්සේගේ දැනුම අසීමිතය, අවසාන දිනය එළඹෙනුයේ කවදාද යන්න පිළිබඳව සිය නොදැනීම පිළීගැනීම නිසා ජේසුතුමා සියල්ල දන්නා සව_ඥානයෙක් නොවන බව පැහැදිළිව සනාථ කෙරේ, මේ අනුව ජේසුතුමා ස්වාමීන් වහන්සේ නොවන බව පැහැදිළිය.

2)- ස්වාමීන් වහන්සේ සව_ බලධාරියාය, එහෙත් ජේසුතුමා එසේ නොවීය,

විවිධ ප්‍රාතිහාය්‍ය_යන් පෑ  ජේසුතුමා එසේ කිරිම සඳහා යොදා ගත්තේ තමා සතුවූ බලයක් නොවන බවත් එය ස්වාමීන් වහන්සේගෙන්  ලබා ගත්තක් බවත් කියා සිටියහ, ~ ඒකාන්තයෙන්ම මම ඔබට කියමි පුත්‍රයාණන්ට කිසිවක් තනි බලයෙන් කළ නොහැකිය, ඔහුට කළ හැක්කේ පියාණන් වහන්සේ කරන බව තමන්ට පෙනෙන දෙය පමණකි,~ (යොහාන් 5-19) තවද යොහාන් 5-30 හි අනුව නැවත වරක් ජේසුතුමා මෙසේ ප්‍රකාශ කර සිටී. ~මට තනියම කිසිවක් කරන්න නුපුˆවන, මම අසන පරිද්දෙන්ම විනිශ්චය කරමි, මාගේ විනිශ්චය ධර්මිෂඨය, මක්නිසාද මාගේම කැමැත්ත නොව මා එවු තැනැත් වහන්සේගේ කැමැත්ත සොයමි.~

දෙවියන් වහන්සේ සව_ බලධාරියෙක්ද පමණක් නොවේ සෑම බලයකම උල්පත වන්නේද උන්වහන්සේමය, තමාගේ කැමැත්ත අනුව තමන්ට කිසිවක් කළ නොහැකි බව ප්‍රකාශ කිරීමෙන්ම ජේසුතුමා සව_ බලධාරියෙක් නොවන බව ප්‍රත්‍යක්ෂවම සනාථ කෙරේ මේ අනුව ජේසුතුමා ස්වාමීන් වහන්සේ නොවන බව ප්‍රත්‍යක්ෂවේ.

3– දෙවියන් වහන්සේට නම් තවත් දෙවි කෙනෙක් නොමැත එහෙත් ජේසුතුමාට දෙවි කෙනෙක් සිටියේය,

අවසාන තීන්දුවට එළඹීම හා සැමට සරණවීම දෙවියන් වහන්සේ සතුය, එසේම දෙවියන් වහන්සේ සෙසු කෙනෙකුට ඇයදින්නේ හෝ නමදින්නේ හෝ යාඥා කරන්නේද නොමැත, එහෙත් තමාගේ නැමදීම් එසේම තමන් විස්න් යාඥා කරනු ලබන සෙසු කෙනෙකු සිටින බව ජේසුතුමා මෙසේ පිළීගනි, ~මම මාගේ පියාණන් වහන්සේ හා නුඹලාගේ් පියාණන් වහන්සේද මාගේ දෙවියන් වහන්සේද හා නුඹලාගේ් දෙවියන් වහන්සේද වෙතට නගිමියි, (යොහාන් 20-17) එසේම මතෙව් 27-46 හි අනුව ජේසුතුමා කුරුසියේදී මෙසේ වැළපුණ බවද වාර්ථා වේ, මාගේ දෙවියනී මාගේ දෙවියනී ඔබ මා අත්හැරියේ මක්නිසාද? ජේසුතුමා දෙවියන් වහන්සේ වී නම් ඔබ මා අත්හැරියේ මක්නිසාද යනුවෙන් පැවසිය හැකිව තිබුණීද? එය අර්ථ ශ=න්‍ය කථාවකි, (ලූක් 11-2-7) අනුව ස්වාමීන් වහන්සේගේ යාඥාව ජේසුතුමා විසින්ම අනුගමනය කරද්දි ඔහු තමාටම යාඥා කළේද? ගෙත්සෙමෙනේ උයනේදී ජේසුතුමා පහත දැක්වෙන පරිදි යාඥා කළ බව (මතෙව් 26-36) හි සඳහන් වී ඇත, ~ අහෝ මාගේ පියාණනි හැකිනම් මේ කුසලතා මා කෙරෙන් පහවෙන්නට පුˆවන්නම් එසේ වේවා එසේ වී නමුත් මා කැමති ලෙස නොව ඔබ කැමති ලෙස වේවායි යාඥා කළ සේක,~ මෙයින් හෙළිවෙන්නේ ජේසුතුමා තමන්ටම යාඥා කළ බවද?

 ජේසුතුමා සෙසු කෙනෙකුට නැමදීම කළ බව හෝ සෙසු කෙනෙකුට යාඥා කළ බව පිළිගැනීමද ජේසුතුමා ස්වාමීන් වහන්සේ නොවන බව ප්‍රති්‍යයක්ෂවම සනාථ කරන සාධකයකි,

4)- මෙය එතුමාගේම  ප්‍රති්‍යයක්ෂවූ අදහස්ය

දෙවියන් වහන්සේ හා ජේසුතුමා එකහා සමාන නොවන බවත් , දෙදෙනාම එකම පුද්ගලයෙකු නොවන බවත්, වඩාත් පැහැලිළිව සනාථ කරන අදහස් ජේසුතුමාගේ මුවින් ප්‍රකාශ වී ඇත. යොහාන් 14-28 හි මෙසේ වාර්ථා වේ, පියාණන් වහන්සේ මට වඩා උතුම්ය, තමන් යහපත් සවාමියෙක්ය යන්න යමෙකු ප්‍රකාශ කළ අවස්ථාවේදී ජේසුතුමා පිළිතුරු දුන් අයුරු ලූක් 18-19 හි මෙසේ දැක්වේ, මට යහපත් යයිි නුඹ කියන්නේ මක්නිසාද? එක්කෙනෙක් එනම් දෙවියන් වහන්සේ මිස වෙන කිසිවෙක් යහපත් නොවේ, තවත් තමන් හා දෙවියන් වහන්සේ අතර ඇති වෙනස යොහාන් 8- 42 හි ජේසුතුමා ඉතා ප්‍රති්‍යක්ෂව පෙන්නුම් කර දෙන්නේ මෙසේය, මම  දෙවියන් වහන්සේ කෙරෙන් නික්ම ඇවිත් සිටිමි මාගේම කැමැත්තෙන් මා ආවා නොව උන්වහන්සේ මා එවූසේක, දෙවියන් වහන්සේ හා තමන් අතර ඇති සමානතාවයට වඩා තමන් උන් වහන්සේ යටතේ සිටින්නෙකු බව ජේසුතුමා සාක‍ෂි දරයි, මාගේ කැමත්ත නොව ඔබගේ කැමැත්ත නොව මා එවූ තැනැත් වහන්සේගේ කැමැත්ත සොයමි, (යොහාන් 5-30) මේ අනුව තමා උවමනාවෙන් මෙලොවට නොපැමිණි බවත් දෙවියන් වහන්සේ  විසින් යොමු කරවනු ලැබූ බවත් තමන්ට වඩා ශ්‍රේෂ්ඨයෙකු සිටින බවත් පිළිගනිමින්, වෙනත් කෙනෙකුගේ කැමැත්ත තහවුරු කර තමන්ගේ කැමැත්ත බලරහිත බවත් පැවසීමෙන්, ජේසුතුමා පරම මහෝත්තම අති ශ්‍රේෂ්ඨ දෙවියන් වහන්සේ නොවන බව සනාථ කර ඇති බව ප්‍රති්‍යක්ෂවේ,

බයිබලය අනුව ස්වාමීන් වහන්සේ යනු අදෘශ්‍යමාන ආත්මයකි,

5)- එහෙත් ජේසුතුමා මාංසයෙන් හා රුධිරයෙන් සමන්විත පුදගලයෙකි. 

දෙවියන් වහන්සේ ඔහුගේ ප්‍රතිරූපයෙන් මනුෂ්‍යයාව නිර්මාණය කළේ යයි කිතුබැතිමැතියන් විශ්වාස කරති, මෙය උත්පත්ති 1-26 හි මෙසේ සඳහන් වී ඇත, තවද දෙවියන් වහන්සේ අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ….

නමුත් යෙසායා 40-18 හි හා 25 හි මෙයට වෙනස්ව සඳහන් වී ඇත, එහෙයින් නුඔලා දෙවියන් වහන්සේ කාට සමකරන්නහුද? නොහොත් කොයි රූපකාරයක් උන්වහන්සේට සමාන කරන්නහුද? තවත් ගීතාවලියේ 89-6 හි මෙසේ සඳහන් වී ඇත, මක්නිසාද ආකාශයෙහි කවරෙක් ස්වාමීන් වහන්සේට සමාන කළ හැකිද? බලවතුන්ගේ පුත්‍රයන්ගෙන් කවරෙක් ස්වාමීන් වහන්සේට සමාන වන්නේද? තවත් යෙරෙමියා 10-6-7 හි ස්වාමීන් වහන්ස ඔබට සමාන වූ කිසිවෙක් නැත, ඔබ උතුම් සේක ඔබගේ නාමය පරාක්‍රමයෙන් උතුම්ව තිබේ, අවසාන වශයෙන් අපි රාජාවලියේ පළමුවෙනි පොතේ 8-27 ය කියවමු,

නමුත් දෙවියන් වහන්සේ සැබැවින්ම පොළොවෙහි වසන්ට සතුටුවනසේකද? ස්වර්ගයද ස්වර්ගවල ස්වර්ගයද ඔබ වහන්සේට ඉඩ මදිය, අපේ ප්‍රශ්ණය වන්නේ ජේසුස් වහන්සේ දෙවියෙකු වීමට සුදුසු කම ලබන්නේ කෙසේද? අපේ අනිත් ප්‍රශ්ණය වන්නේ ස්වාමීන් වහන්සෙක් මෙලොවහි පවතින බලවේගයේ උපකාරයෙන් ජනිත වන්නේ කෙසේද? මක්නිසාද බයිබලයෙහි කොටසක් ස්වර්ගයද ස්වර්ගවල දෙවියන් වහන්සේට ඉඩ මදිය යනුවෙන් සඳහන් වී ඇත,

දහස් සංඛ්‍යාත පුද්ගලයින් ජේසුතුමාව දුටුවෝය, ඔහුගේ හඬ ඇසුවෝය, නමුත් දෙවියන් වහන්සේ දකින්නට හෝ එතුමන්ගේ හඬ අසන්නට හෝ කිසිවෙකුට නොහැකි බව ජේසුතුමා කියා සිටියේය, කිසිවෙක් කිසිකලක දෙවියන් වහන්සේ දුටුවේ නැත,  (යොහාන් 1-18)

නුඹලා කිසිකලක උන්වහන්සේගේ හඬ ඇසුවේවත් උන්වහන්සේගේ රූපාකාරය දුටුවේවත් නැත. (යොහාන් 5ඃ37)

දෙවියන් වහන්සේව කිසිවෙකු කිසිම අවස්ථාවකදී දැක නැති අතර ඔහුගේ හඬ ද අසා නැත යනුවෙන් ජේසුතුමා කල ප්‍රකාශනයන්ද එතුමාගේ අනුගාමිකයින් එතුමාව දැක තිබීමෙන් හා ඔහුගේ හඬ අසා තිබීමෙන්ද ජේසුතුමා දෙවියන් වහන්සේ නොවන බව පැහැදිළිව සනාථ කරේ, ජේසුතුමා තමාගේ ජීවිත කාලය තුල යම්කිසි අවස්ථාවකවත් තමා නැමදීමට සුදුසු සව_ බලධාරි දෙවියෙක් යයි ප්‍රකාශ කලේ නැත, මෙයට පටහැනිව ඔහු තමාගේ ජනතාව ස්වර්ගයේ සිටින එකම දෙවියන් වහන්සේට නමදින්නයි ප්‍රචාර කළේය, ජේසුස් වහන්සේ සේම අපිත් එකම දෙවියන් වහන්සේට මුˆමනින්ම කීකරු වී අපගේ විශ්වාසයත් ශක්තිමත් නොකළ යුත්තේ ඇයි? තවද ජේසුස් වහන්සේ මනුෂ්‍යයෙකු හා දේව වක්තෘවරයෙක් පමණක් යයි අපේ විශ්වාසය ඔප්පු  නොකරන්නේ ඇයි?

නිගමනය

දෙවියන් වහන්සේ හා ජේසුතුමා පිළිබඳව අවබෝධය ලබා ගැනීමට හැකි මූලික මග බයිබලය බව කි්‍රස්තියානි සභාව පිළිගනියි, එහෙත් ජේසුතුමා යනු අති ශ්‍රේෂඨ දෙවියන් වහන්සේ නොවන බවත් පරම මහෝත්තම අති ශ්‍රේෂ්ඨ දෙවියන් වහන්සේ යනු ජේසුතුමා නොවන බවත් බයිබලය විසින්ම ඉහත දැක්වෙන පරිදි ප්‍රති්‍යක්ෂව සනාථ කරද්දි ඊට පටහැනි විශ්වාසයකට එළඹෙන්නේ කුමන පදනමක් මතද? මෙය ඉතා පැහැදිළිව අවබෝධ කළ යුතුය,

එනම් අදම්තුමා සිට මුහම්මද් තුමා දක්වා සෑම වක්තෘවරයෙකුම දෙවියන් වහන්සේගේ ඒක දේවවාදය ගැන දේශනා කළෝය, එමෙන්ම සෑම වක්තෘවරයෙකුගේම දර්ශනය වුයේ ඉස්ලාම්ය, එහි තේරුම වන්නේ එකම සැබෑ අල්ලාහ් දෙවියන් වහන්සේගේ අණ පණත් නීතිරීති වලට සහමුලින්ම කීකරුවීමය, ඔවුන් දෙවියන් වහන්සේ ඒකියයි තිදෙනෙකු නොවෙයි , ඔහුට සමානව සෙසු දෙවියෙක් නැත, දෙවියන් වහන්සේ සව_ සම්පූර්ණ ඒකියයි තහවුරු කරති, පහත දැක්වෙන අල්කුර්ආන් වාක්‍ය විමසා බැලීම අප කාගේත් වගකීමකි, ඔහු අල්ලාහ් දෙවියන් වහන්සේය එකම සැබෑ අල්ලාහ් සදාකාලික ආරක්ෂකයාය, ඔහුට උපතක් නැත, ඔහු උපද වන්නේද නැත, ඔහුට සමානවූ කිසිවෙක් නැත, (අල්කුර්ආන්- ඡේදය 112)

ජේසුස් වහන්සේ පිළිබඳව ශ=ද්ධ වූ අල්කුර්ආනයේ මතය,

(අ) දෙවියන් වහන්සේගේ වක්තෘවරයෙක්ය

ජේසුස් වහන්සේ දේව වක්තෘවරයෙක්ය, ඔහුගේ ජන්මය සිදු වූයේ කිසියම් භෞතික සම්බන්දතාවයකින් තොරව ප්‍රාතිහාය්‍ය_න් මාග_යෙන්ය, මේ පිළිබඳව අල්කුර්ආන් මෙසේ සඳහන් කරයි, අහෝ මරියා  ඇත්තෙන්ම අල්ලාහ් ඔබ තෝරා ගත්තේය, ඔබ පරිශ=ද්ධ කළේය,ලොව ස්ත්‍රීන්ගෙන් ඔබ තෝරා ගත්තේ යයි දේව සුරදුතයන් ඈට කීවෝය, අහෝ මරියා ඔබගේ ස්වාමීන් වහන්සේට නැමදීම කර්න්නවුන් සමග නුඹත් නිරත වන්න, මෙය නුඹ වෙත අප ප්‍රකාශන වාක්‍යයෙන් පහළ කළ ගුප්ත වූ වෘත්තාන්ත යන්ගෙන්ය, මරියා තුමිය භාරගන්නේ ඔවුන්ගෙන් කවුරුන්දැයි ඔවුන්ගේ පන්හිඳ විසි කළ කල්හි ඔවුන් වෙත නුඹ නොසිටියෙහිය, ඔවුන් විවාද කළ සමයෙහිද නුඹ ඔවුන් වෙත නොසිටියෙහිය,

අහෝ මරියාතුමිය මෙලොවද අන්තිම දිනද අතිශ්‍රෙෂ්ඨයෙක් යයිද අල්ලාහ්ට ළංවූවන්ගෙන් වූත් ඔහුගෙන් වූ වචනයක් ගැන ඇත්තෙන්ම අල්ලාහ් ඔබට ශ=භාරංච් දෙන්නේය, ඔහුගේ නම මරියාතුමියගේ පුත් (අභිෂේක ලත්) ජේසුතුමාණන්යයි දේව සූරදූයන් කීවෝය, ඔහු බිළිඳු වියෙහිදීද, මධ්‍යම වියෙහිදීද, මිනිසුන්ට කථා කරන්නේය. ඔහු යහපත් අයගෙන්ය,

මගේ ස්වාමීනි ` කිසිම පුරුෂයෙක් මා ස්පර්ෂ නොකටමට දරුවෙකු හටගන්නේ කෙසේ දැයි (ඈ) කීවාය, අල්ලාහ් දෙවියන් ඔහු සිතු නිර්මාණය කරන්නේ එලෙසමයි යයි කීවේය, දැයක් නිර්මාණය කිරීමට සිතුයේ නම්, ඔහු එයට වේවයි කියණු පමණය, එවිට එය සිදුවෙයි, ඔහු (ජේසුස් වහන්සේ)ට පොත හා දැනුමද තෝරාත් හා ශ=භාරංචියද උගන්වන්නේය.

ඉස්රාඊල් දරුවන් වෙත ඔහු වක්තෘවරයෙකු ලෙස අපි පහළ කළෙමු, නුඹගේ ස්වාමීන් වහන්සේගෙන් පණිවිඩයක් රැගෙන නුඹ වෙත ඇත්තෙන්ම මම පැමිණියෙමි. සැබැවින්ම මා නුඹට

පක්ෂයකුගේ රූපයක් කිරි මැටියෙන් අඹා ඇතුලට පිඹින්නෙමි. එවිට එය අල්ලාහ්ගේ අවසරයෙන් පක‍ෂියෙක් වෙයි, අල්ලාහ්ගේ අවසරයෙන් මම ජාත්‍යන්ධයන් ලාදුරු රෝගීන්ද සව කරන්නේමි. දෙවියන්ගේ අවසරයෙන් මළවුන්ද නැගිටු ව්නනෙමි. නුඹගේ නිවස්වල නුඹ අනුභව කරන දැයද නුඹ තැන්පත් කර තබන දැයද ගැන නුඹට මම දන්වන්නෙමි. නුඹ විශ්වාස කරන්නේ නම් නුඹට මෙය සලකුණක් වෙතියි කිවේය, මට පෙර තිබූ තව්රාත්හි නිතිරිති සත්‍ය කරමින්ද නුඹට තහනම් කරනු ලැබූ දැයින් සමහරක් නුඹට අනුමත කිරීමටද මම පහළ කරනු ලැබුවෙමි. නුඹගේ ස්වාමීන් වහන්සේගෙන් ප්‍රාතිහාය්‍ය_ක්ද නුඹ වෙත රැගෙන ආවෙමි. එහෙයින් අල්ලාහ් දෙවියන් වහන්සේට බිය වන්න, මට කීකරු වන්නයි කීවේය, ඇත්තෙන්ම ,අල්ලාහ් මගෙන් නුඹගේත් ස්වාමීන් වහන්සේය,එහෙයින් ඔහුට නමදින්න,මෙය සෘජු මාග_ය

(අල්කුර්ආන් 3-42-51)

ඔහු වක්තෘවරයෙක්මයි,

ජේසුස් වහන්සේගේ මව මරියාතුමිය කිසිවිටකත් තමා දෙවියන් වහන්සේගේ මව බව පැවසුවේ නැත, ඇය භක්තිමත්, නිර්මල කාන්තාවක්ය, මෙය අල්කුර්ආන් මෙසේ ප්‍රකාශ කරයි, මරියාතුමියගේ පුත් අභිෂේක ලත් වක්තෘවරයෙකු මිස ( ස්වාමීන් වහන්සේ හෝ පුත්‍රයෙක්ද) නොවේ.

ඔහුට පෙරද ඔහුවැනි නොයෙක් වක්තෘවරු උකුත්වූහ, ඔහුගේ මවද සත්‍යවන්තියකි, මේ දෙදෙනා ආහාර අණුභව කළෝය, (වක්තෘවරයාණනි) අපි මේ සලකුණුවලින් ඔවුනට කෙසේ පැහැදිළි කරන්නෙමුදැයි නුඹ සලකා බලන්න, පසුව ඔවුහු (සත්‍යයෙන්) කොපමණ දුර ඈත් වී ගියෝ දැයි නුඹ සලකා බලන්න,

(අල්කුර්ආන් 5-75)

ඔහුගේ නිර්මාණය ආදම් හා සමානය

සර්ව බලධාරි අල්ලාහ් දෙවියන් වහන්සේ අල්කුර්ආනයෙහි මෙසේ ප්‍රකාශ කරයි, ඇත්තෙන්ම අල්ලාහ් දෙවියන් වහන්සේගේ සන්නිධානයෙහි ජෙසුස් වහන්සේට උපමාව ආදම්තුමාගේ උපමාවට බඳුය, ඔහු ආදම්ව මැටියෙන් ඇඹ පසු එයට (මිනිසා) වෙන්න යයි කීවේය, ඔහු කෙණෙහිම විය, (අල්කුර්ආන් 3-59)

ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් නොවේ ඃ

මනුෂ්‍යයන්ව දෙවියන් හා දෙවියන්ගේ පුත්‍රයන් වශයෙන් පිළිගන්නා ප්‍රතිපත්තිය අˆතින් මතුවන දෙයක් නොවේ. සාමාන්‍යයෙන් සියˆ පුරාන ආගම් ප්‍රතිපත්තීන් මෙවැනි පහත් ප්‍රතිපත්තියක් හඳුන්වා දී තිබේ. මේ පිළිබඳව අල්කුර්ආන් මෙසේ සඳහන් කරයි, උෙසෙර් අල්ලාහ් දෙවියන් වහන්සේගේ පුත්‍රයායයි යුදෙව්වන් කිවෝය, අභිෂේක ලත් ජේසුතුමානෝ අල්ලාහ්ගේ පුත්‍රයා යයි කිතුබැතිමැතියන් කීවෝය, එය ඔවුන්ගේ මුවින් වූ ඔවුන්ගේ කියමනය, ඔවහු මෙයට පෙර වූ විශ්වාස නොකොළවුන්ගේ කියමන අනුකරණය කෙරෙති, අල්්ලාහ් ඔවුනට ශාප කෙරේවා, ඔවුන් සත්‍යයෙන් ඈත්ව කොහිද මුළාවෙන්න්? (අල්කුර්ආන් 9-30)

ජේසුතුමා දෙවියෙක් යයි සැලකීම පිළිබඳවය

විනිශ්ච දිනයේ ජේසුස් වහන්සේ තමාව දෙවියෙක් වශයෙන් විශ්වාස කර තමාටම නැමදුම් කළ අයව ප්‍රතික්ෂේප කරන බව අල්කුර්ආන් මෙසේ ප්‍රකාශ කරයි,

අල්ලාහ් දෙවියන් වහන්සේ වෙනුවට ඔබ හා ඔබගේ මව දෙවියන් සේ සලකන්නයි ඔබ මිනිසුනට පැවසුවහිදැයි මරියතුමියගේ පුත් ජේසුතුමාගෙන් අල්ලාහ් දෙවියන් වහන්සේ අසන කල්හි ජේසුතුමා මෙසේ පිළිතුරු දෙයි, ඔබ සුවිශ=ද්ධය මා කිසිදායක මට අයත් නොවන දැයක් පිළිබඳව සඳහන් කිරීම මට යුතු නොවේ, මා එසේ කීවෙමි නම් ඇත්තෙන්ම ඔබ එය දන්නෙහිය, මන්ද ඔබ මාගේ සිත්තුල ඇති දේ ගැන මා නොදන්නෙමි, නිශ්චය වශයෙනම් ඔබ අදෘශ්‍යමාන සියˆ දේ දන්නෙහිය, (අල්කුර්ආන් -5-116)

ජේසුතුමා කුරුසියෙහි ඇණ ගැසීම පිළිබඳවය

ජේසුතුමාගේ ජන්මය සේ මෙලෝ ජීවිතයේ සමාප්තියක් සියˆ දෙනාටම අභිරහසක් විය, නියතවශයෙන්ම නොයෙක් කිතු පුස්තක ජේසුතුමා කුරුසියෙහි ඇණ ගැසුවේ නැතැයි කියන අතර එතුමා මරණයට පත්වූයේද නැතැයි ප්‍රකාශ කරයි, මේ ගැන අල්කුර්ආන් මෙසේ සඳහන් කරයි,

අල්ලාහ්ගේ් වක්තෘවරයා වූ මරියාගේ පුත් ජේසුතුමාව අපි ඝාතනය කලෙමු යැයි ඔවුන් කීවෝය, එහෙත් ඔවුන් ඔහුව ඝාතනය කළේ නැත, කුරුසියෙහි තබා ඇණගැසුවේද නැත, එහෙත් ඔවුනට එවැන්නක් මවා පෙන්වනු ලැබුවේය, ඇත්තෙන්ම එහි මේ පිළිබඳව මතභේද වූ අය ඒ් ගැන තවදුරටත් සැකයෙහිමය, සිතුවිලි අනුගමනය කිරීමක් මිස ඒ සම්බන්ධව ඔවුනට කිසිදු දැනුමක් නැත, එහෙත් නිශ්චය වශයෙන්ම ඔවුන් ඔහුව නොමැරුවෝය, එහෙත් අල්ලාහ් දෙවියන් වහන්සේ (ජේසුතුමාව) ඔහුව තමා වෙතට

එසෙව්වේය, අල්ලාහ් ස්වාමීන් වහන්සේ සව_ බලසම්පන්නය, සව_ ඥාතා ඥානීය, (අල්කුර්ආන්- 4-157-158)

මෙහි සඳහන් වන සියˆම බයිබල් වාක්‍ය උපුටා ගනු ලැබුවේ • ලංකා බයිබල් සමාගම විසින් වර්ෂ 1938 හි දී ප්‍රකාශනයට පත් කළ ශුද්ධ බයිබලය මගින්ය,

Related Post