නබි තුමාණන්ගේ රුවන් වැකී හතලියක් පළමුවෙනි වදන (01)

නබි තුමාණන්ගේ රුවන් වැකී හතලියක් (ඉමාමි නවවි)

පළමුවෙනි වදන (01)

මාතෘකාව : පිවිතුරු චෙිතනාව

عن عمر بن الخطاب رضي الله عنه قال: سمعت رسول الله صلى الله عليه وسلم يقول(إنما الأعمال بالنيات وإنما لكل امرئ ما نوى فمن كانت هجرته إلى الله ورسوله فهجرته إلى الله ورسوله ومن كانت هجرته لدنيا يصيبها أو امرأة ينكحها فهجرته إلى ما هاجر إليه) متفق عليه.3

අබූ හෆ්ස් උමර් ඉබිනුල් හත්තාබි රලියල්ලාහු අන්හු තුමා මුහම්මද් රසූලුල්ලාහි සල්ලල්ලාහු අ‍ලෛහි  වසල්ලමි තුමා පැවසූ බව මෙසේ සඳහන් කරයි.

සියලු ම ක්රියා කලාපයන් චෙිතනාව අනුව නිශ්චය කරනු ලැබෙි, එක් එක් පුද්ගලයා තමා සිතු දේවල් ප්රතිපලය ම හිමිකර ගනී, එහෙයින් කෙනෙක් අල්ලාහ් සහ ඔහුගේ රසූල්වරයා වෙනුවෙන් හිජ්රත් කරන්නේ නමි ,එය අල්ලාහ්ට සහ ඔහුගේ රසූල් වරයාණන් උදෙසාය, කෙනෙක් හිජ්රත් ලරනු ලබන්නේ ‍‍ෙලෟකීක ලාභ අපෙක්ෂාව උදෙසා හෝ  කාන්තාවක් විවාහ කර ගැනීම සඳහා නමි හෝ හෙතම ඊට අදාල ඵලය ම ඔහු හිමි කර ගනී.

මූලාශ්රය : (බුහාරි,මුස්ලිමි)

ඉහත ඔබ කියවපු නබි වදන තුලින් ඔබට පැහැදිළි වන්නේ කුමක්ද? අපගේ ක්රියාවන් කෙතරමි අලංකාර වූවත් අපගේ සිතුවිලි හා චේතනාවන් අලංකාර නොවූවොත් කිසිම ප්රයෝජනයක් නොවන බව අපට දෙ‍ලොව නායක උතුමි මුහමිමද් නබිතුමාණන් ඔහුගේ එම කෙටි වදන මගින් පැහැදිළි කරයි,

අපි මුස්ලිමිවරුන් ලෙස දෙවියන් අල්ලාහුට අවනත වන්නමු.ඔහුගේ අණවලට කීකරු වන්නෙමු, එලෙසම ඔහු විසින් කරනු ලබන නියෝගයන් ක්රියාත්මක කරන්නෙමු,උදාරණයක් ලෙස සලාතය හා උපවාසය යනාදී වැඳුමි පිදුමි ඉටු කරන්නෙමු.

සහෝදරවරුනි!

අපි ඉටුකරන සලාතයට අප මොනතරමි දරට ස්ථානයේ පිරිසිදු කම හා වස්ත්රයේ පිරිසිදු කම  ‍පිළිබඳ සැලකිලිමත් වන්නෙමු, නමුත් හදවතේ පිරිසිදු බාවය හා පිවිතුරු චෙිතනාව ගැන අපි වැඩි අවධානමක් නොදක් වන්නෙමු,

අපි සුලුවෙන් හෝ සදකාවක් (ධන් දීම) දී එයට විශාල කුසලක් බලා පොරොත්තු විය හැකිය මන්ද අපට අල් කුර්ආනය මගින් එයට අපිට පොරොන්දුවක් ලැබී ඇත. නමුත් ප්රශ්ණය වනුයේ අප දෙන සදකාව පිවිතුරු චේතනාවකින් දෙන්නෙමුද? නැතහොත් මූනිඡ්චාට දෙන්නෙමුද? දෙවියන් අල්ලාහු වෙනුවෙන් තෘප්තිය හා ඉස්ලාමි අාගම වෙනුවෙන් දෙන්නෙමුද? නැතහොත් ජනතාවගේ ප්රශංසාව අපෙක්ෂාවෙන් දෙන්නෙමුද?

දයාබර සහෝදරවරුනි!

කල්පනා කල යුතු ඉතා වැදගත් හා බරපතල කරුණක් පිළිබඳ ඉතා කෙටි උදාහරණයකින් අපිට දෙලොව නායකතුමා පැහැදිළි කර දුන් එම නබි වදන අපගේ ජීවිතයේ අනුගමනය කිරීමට අධිෂ්ඨාන කර ගනිමු.

 

Related Post