අන්නස්ර් පරිචිඡේදය Al-Nasr surah

සලාතය ඉටුකිරීම

කාබාව

හිජ්රි වර්ෂ 10 දුල් හජ් මස අයියාමුත් තෂ්රික් දින මිනා හිදී පහල වූ මෙම පරිච්ඡේදය (සූරාව) වැකි (ආයත්) තුනකින් යුක්තය.”උදවි” යන අරුත දෙන මුල් වැකියේ සඳහන් “නස්ර්” යන පදය මෙහි මාතෘකාව ලෙස යෙදී ඇත.මුහමිමද් (එතුමාට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය අත්වේවා) නබිතුමාණන් හට සමිපූර්ණ වශයෙන් පහල වූ පරිචිඡේදයන්ගෙන් අවසාන වශයෙන් පහල වූයේ මෙම පරිච්ඡේදයයි.

මෙම පරිචිඡේදය පහල වූ විට මට “මාගේ මරණ පුවත දන්වන ලදී.මෙග් ආයු කාලය සමිපූර්ණ විය.” යනුවෙන් මුහමිමද් (එතුමාට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය අත්වේවා) නබිතුමාණන් පැවසූ බව මුස්නද් අහ්මද් නැමැති හදීස් ග්‍රන්ථයේ සඳහන් වේ.මෙය පහල වූවාට පසු මුහමිමද් (එත්මාට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය අත්වේවා) නබිතුමාණන් ජීවත් වූයේ මාස දෙකකුත් දින කිහිපයකි.එනිසා මෙම පරිච්ඡේදය “සූරතුන් තවිදීඋ” (සමුදීමේ පරිචිඡේදය) යනුවෙන් හඳුන්වයි.

මෙම පරිච්ඡේදය මගින් අල්ලාහ්ගේ උදවි හා ජයග්‍රහණයද හිමිවන බවත් ජනයා රංචු වශයෙන් ඉස්ලාමි දහම තුළට පිවිසෙන බවටත් සුභාරංචි දන්වයි.මෙහි “ෆත්හ්” නමි පදයෙන් අරුත්ගැන්වෙන ජයග්‍රහණය මක්කා ජයග්‍රහණය වන අතර එය දෙවියන් අල්ලාහ්  විසින් පිරිනමන ලද මහගු ආශිර්වාදයක් මිස එය මුහමිමද් (එතුමාට දෙවියන් අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවා) නබිතුමාගේ දක්ෂකමින් හෝ එතුමාගේ අනුගාමිකයින්ගේ ශක්තියෙන් හෝ අත්වූවක් නොවන බව දන්වයි.”නස්රුල්ලාහ්” (දෙවියන් අල්ලාහ්ගේ උදවිව) යන පදයෙන් එම ආශිර්වාදය අර්ථ ගන්වයි.

 සමස්ථයක් ලෙස මිනිසාට උදවි හා ජයග්‍රහණය අත්වන විට ඔහු තම දෙවියන් පිළිබඳ අමතක කරයි.එහෙත් මුහමිමද් (එතුමාට දෙවියන් අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවා) නබිතුමාණන් හා එතුමාගේ අනුගාමිකයින් එසේ තම දෙවියන් අමතක නොකල අතර ජයගැනීමෙන් අනතුරුව දෙවියන් වෙත ප්‍රශංසා කළහ.මෙම පරිච්ඡේදය පහල වීමෙන් පසු මුහමිමද් (එතුමාට දෙවියන් අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවා) නබිතුමාණෝ “සුබිහානල්ලාහි වබිහමිදිහි අස්තෆිරුල්ලාහි වඅතූබු ඉලෛහි” (දෙවියන් අල්ලාහ්ගේ කීරිතියෙන් තුනි පුදමි.ඔහුගෙන් පවි සමාව අයදින්නෙමි.ඔහු වෙතටම ආපසු යමි.) යන ප්‍රාර්ථනාව (දුආව) අධිකව ප්‍රාර්ථනා කළ බව මුස්නද් අහ්මද් නමි නබිවදන් ග්‍රන්ථයේ සඳහන් වේ.

 මෙම පරිචිචේදය තුළින් උගත ගත යුතු පාඩමි බොහෝ තිබෙන අතර මෙලෙස ජීවිතය හැඩ ගසා ගන්නේ නමි දෙවියන්ගේ ආශිර්වාදය හා උදවි සහිතව දෙළොව ජයගැනීම අසීරු නොවේ.

 بسم الله الرحمن الرحيم

පරම දයාබර අසමසම කරුණාන්විත දෙවියන් අල්ලාහ්ග නාමයෙන්

اذا جاء نصر الله والفتح

(නබිය!ඔබට) දෙවියන් අල්ලාහ්ග උදවිවද,(මක්කාව) ජයග්‍රහණයද,ලැබී

ورأيت الناس يدخلون في دين الله أفواجا

දෙවියන් අල්ලාහ්ග ධර්මයෙහි ජනයා සමූහ වශයෙන් තුළු වීමද ඔබ දුටුවෙහාත්

فسبح بحمد ربك واستغفره اٍنه كان توابا

(එයට කෘත වීම පිණිස) ඔබග දෙවියන්ව ප්‍රශංසා කර,සුවිශුද්ධ කර,ඔහුග (වරප්‍රසාදයද) සමාවද,ඉල්ලා සිටිනු මැනව!නියත වශයෙන්ම ඔහු (ප්‍රාර්ථනාවන් බාරගෙන) සමාව ඉල්ලා සිටීමද බාර ගන්නෙකු වශයෙන් සිටින්න.

 සිංහලෙන් ඉස්ලාමි

Related Post