අප ගැන

මෙලොව නිර්මාතෘ විසින් අවසාන වක්තෘවරයා වෙත පිරිනමන ලද මිනිසාගේ ජීවන රටාව වන ඉස්ලාම් ආගම ලොව වේගයෙන්ම ප්‍රචලිත වන ආගම බව අප කව්රුත් දන්නා නොරහසකි, එයද  සතුටුදායික කරුණකි, මෙවැනි වකවානුවක නවක මුස්ලිම්වරුන් වෙබ් අඩවිය මගින් නවක මුස්ලිම්වරුන්ට ඉස්ලාම් ආගමෙහි මුලික හා ප්‍රාථමික ඉගැන්වීම් පිළිබඳව දැනුවත් කිරීම හා ඔවුන්ට දාර්මික ජීවිතයකට මගපෙන්වීම ද මෙම වෙබ් අඩවියේ අබිලාශය හා ප්‍රදාන අරමුණ වේ. තවද ඔවුන්ගේ විවිද අවශ්‍යතාවයන් අනුව නොයෙකුත් සේවාවන් ඉටුකේර්. එමෙන්ම ඉස්ලාම් ආගම පිළිබඳව ගවේෂණය කරන්නන් හා එම ආගම පිලිබඳව නොදන්නා පුද්ගලයින්ට ඉස්ලාමය ගැන  නිවැරදි හා සත්‍ය තොරතුරු ලබාදීම ද  මෙම වෙබ් අඩවියේ තවත් සේවාවකි.

මෙම වෙබ් අඩවිය නවක මුස්ලිම්වරුන්ට ඉගැන්වීම සඳහා දර්ම ප්‍රචාරය මුල්කරගත් වෙබ් අඩවියකි, මෙය කුවෙයිට්‌  රාජ්යෙහි පිහිටි අන් – නජාත් ආයතනයට අනුබද්දිත විද්‍යුත් ප්‍රචාර කටයුතු කමිටුවේ වියාපෘතියෙකි.

E-Dawah Committee Al-Najat Charity Society