සලාතය ඉටු කරමු 01

ඉස්ලාම් දහම ප‍්‍රධාන කුඑණු පහක් මත ගොඩනැනී ඇත. එනම්,

  1. අල්ලාහ් දෙවියන්ව හා ඔහුගේ රසුල්වරයා (වක්තෘවරයා) විශ්වාස කිරීම
  2. පස්වේල සලාතය ඉටුකිරිම18
  3. ස‘කාතය (ධනවතුන් දුප්පතුන් සදහා ලබාදිය යුතු අනිවාර්‍ය බද්ධ) බෙදාදීම
  4. අදාල (රමාලාන්) මාසයේ උපවාසය රකීම
  5. වත්කමක් ඇති ධනවතුන් හජ් වන්දනාව ඉටුකිරීම

සලාතයට ආදර්ශය වන්නේ නබි (සල්) තුමාණන්ය.

එකම ගමක එකම දේවස්ථනයක සලාතය ඉටුකරන කිහිපදෙනෙක් ගැන අවධානය කළහොත් කෙනෙකුගේ සලාතයත් තවත් කෙනෙකුගේ සලාතයත් අතර විශාල වෙනසක් දැකිය හැක. නබි (සල්) තුමාණන් පෙන්වා දුන් ආකාරය ගැන නොදැනුවත් කම මෙයට හේතුවයි. බුහාරි ග‍්‍රන්ථයේ 631 වන හදීසයේ මෙසේ සඳහන් වේ. “මම සලාතය ඉටුකිරීම ඔබ දුටුවේ කෙසේද එසේම ඔබත් සලාතය ඉටුකරන්න” යැයි නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ කර ඇත. ඒ අනුව මෙම සලාතය පිලිබදව විමසා බලන විට එය ප්‍රධාන කරුණූ කිහිපයක් ඔස්සේ අවධානය යොමු කිරීමට සිදුවේ. එනම්,

  • වුඵෑ නැමැති දෝවනය
  • අනිවාර්ය ස්නානය
  • තයමුම්
  • සලාතය සඳහා සුදුසු වස්ත‍්‍රය
  • අදාන්
  • ඉකාමත්
  • ක:බාවේ දිශාවට හැරී සලාතය ඉටුකිරීම
  • සලාතය ඉටුකළ යුතු ආකාරය

(සැ:යු: – ඉහත ලිපියට පාදක කරගෙන ඇති හදිස් අතුරින් “බුහාරී” හා “මුස්ලිම්” යන ග්‍රන්ථවල ඇති හදිස් දෙමළ භාෂා පරිවර්ථනයට අනුව වේ)

වුඵෑ නැමැති දෝවනය

සලාතය ඉටුකිරීමට  පෙර සමහරක් අවයව සෝදා පවිත‍්‍ර කරගැනීම අනිවාරය වේ. මෙම පවිත‍්‍රතාවය වුඵෑ යනුවෙන් හඳුන්වනු ලැබේ. වුඵෑ නැමැති පවිත‍්‍රතවයෙන් තොරව ඉටුකරනු ලබන සලාතය පිළිගනු නොලැබේ. සලාතය සඳහා වුඵෑ අවශ්‍ය බව අල්කුර්ආනයේ 5:6 දේව වැකිය මගින් අණ කර ඇත. සහීහුල් බුහාරී ග‍්‍රන්ථයේ 135 හදීසයෙන් ද සලාතය සඳහා වුඵෑ අනිවාර්ය බව අපට වටහාගත හැක.

ජලය

ඇල දොල ගංගා පොකුණු වැවි ආදියෙහි ජලයද වැසි ජලයද වුඵෑ කිරීම සඳහා භාවිතා කළ හැක. එසේම මුහුදු ජලය, වරක් භාවිතා කරන ලද ජලය, කෙනෙක් වුඵෑ කර ඉතිරි වූ ජලය ආදියේද වුඵෑ කිරීමට කුර්ආනයේ හෝ හදීස්වල කිසිඳු තහන්චියක් නැත. නිවසේ ඇති කරන බලළා කුකුලා වැනි සතුන් හා කපුටා බට්ටිච්චා වැනි සතන් පානය කර ඉතිරි වූ ජලයෙන්ද වුඵෑ කිරීමෙහි වරදක් නොමැත.(බල්ලා පානය කළ ජලයෙන් වුඵෑ කිරීමට අවසර නැත. එසේම සූර්ය රශ්නයට උණු වූ ජලයෙන්ද උණුවතුරෙන් වූඵෑ කළ හැකිය.

නිවසේදී වුඵෑ කිරීම

නිවසේදී වුඵෑ කිරීමට හැකි අය එසේ කරගෙන සලාතය සඳහා දේවස්ථානයට පිටත් වීම දේවස්ථානයේදී වුඵෑ කිරීමට වඩා උතුම් වූ ක‍්‍රියාවකි. කෙනෙක් වුඵෑ කරගෙන දේවස්ථානයට යන විට ඔහු ගමන් කිරීම පවා නැමදුමක් වේ.(බුහාරී 477)

Related Post