හජ් කර්තව්‍ය විශ්වයට ලබාදෙන පණිවුඩය The Hajj message to the world

stock-photo-kaaba-in-mecca-at-night-124898249ඉස්ලාම් සමානාත්මතාවය  හා සහෝදරත්වය ඉතා අගය කොට සළකන දහමකි.ඉස්ලාම් එය වචනවලට පමණක් සිමා නොකර එයට ප‍්‍රායෝගික මුහුණුවරක් ලබා දීමට විවිධ වැඩ පිළිවෙල් යොදා ඇත.ශත වර්ෂ 14කට පෙරම ඉස්ලාම් මෙම සමානාත්මතාවය මානවයා අතර ස්ථාපිත කළේය.අපේ ශාස්තෘවරයාණන් මුහමිමදන් නබි තුමාණන් තම ජීවිිතයෙහි ඉටු කළ අවසන් හජ් කර්තව්‍යයෙහිදී ජනතාව අමතා එතුමන් කළ දේශනාව අතරින්
අරාබි නොවන ජාතිකයාට වඩා අරාබි ජාතිකයාට කිසිදු උත්තරීතරභාවයක් නොමැත. අරාබි  නොවන ජාතිකයාටද අරාබි ජාතිකයාට වඩා කිසිදු උත්තරීතරභාවයක් නොමැත.කලූ ජාතිකයාට වඩා සදුු ජාතිකයාට කිසිදු උත්තරීතරභාවයක් නැත.සදුු ජාතිකයාට කලු ජාතිකයාට වඩා කිසිදු උත්තරීතරභාවයක් නැත.උත්තරීතරභාවය කෙනෙකුට හිමිවන්නේ අල්ලාහ්ට අවනතවී ජීවත්වීමෙන් පමණයි.යනුවෙන් පැවසූහ. (මූලාශ‍්‍රය :අහ්මද්*

දිනකට පස්වතාවක් සලාතය ස්ථාපිත කිරීමට නියෝග කළ ඉස්ලාමය එය සමූහව ඉටු කිරීමද නියෝග කරයි එකට පෙළ ගැසී උරෙනුර ගැටී කෙනෙකු මෙම යාඥාව දිනකට පස් වරක් ඉටු කරන විට ඔහුගේ සිතෙහි මා ඔහුට වඩා උසස් යන උඩගුකම පහවී යෑම නිසැකය මෙය ගම තුළ සමානාත්මතාවය සහෝදරත්වය ගොඩනැගීම සඳහා ඉස්ලාමි දැමූ වැඩ පිළිවෙළයි ජගත් සහෝදරත්වය සඳහා ඉස්ලාමි දැමූ වැඩපිලිවෙළ නම් එයයි හජ් කර්තව්‍යය ලෝකයේ විවිධ කෝණවලින් එක්රැුස්වන ජනතාව නියමිත ස්ථානයකට පැමිණීමත් සමග නිම නොකල සුදුු වස්ත‍්‍රයෙන් දෙකකින් සැරසී එන හා සමානව එම ස්ථානයට රැුස්වි විශ්වෙයෙහි නිර්මාතෘවරයා වන අල්ලාහ් යාඥා කරති මෙම හදවත් අතර මම යුරෝපියාානු මම අප‍්‍රිකානු මම ආසියානු යන හැගීමට වඩා අප සියල්ල සහෝදර
මුස්ලිම්වරුන් යන හැගීමයි ඉහළින් පවතින්නේ මෙය තුළින් ඉස්ලාම් අපේක්ෂා කරන්නේ ජාත්‍යන්තර සාමයයි
ඉස්ලාමි ප‍්‍රධාන කුලූනු පහක් මත තනන ලද ජීවන මගකි එහි පස්වන්ත ලෙස සලකන්නේ හජ් වන්දනාවයි අල්ලාහ් විවිද වත් පිළිවත් අපහට අනිවාර්්‍ය කර ඇත එහි සමහර නැම¥ම් ශරීරය තුලින් හා සමහර තම ධනය තුලින් හා සමහර නැම¥ම් කය මනස ධනය සම්බන්ද ඒවා වෙයි හජ් නැම¥ද මේ සියල්ල එක්තැන්ව කරනු ලබන නැම¥මකි එලෙසම විවිද නැම¥ම අනිවාර්්‍ය කිරිමහි පවා එහි පසු පස දෙවියන් උසස් අරමුණූ හා පරමාර්තයන් ඇත හජ් ද එවන්නකි එම නිසා අප එහි ඇති පරමාර්තයන් හා රහස් දැනගනිමු
හජ් යනු මිනිසා තුල දෙවියන් හට භිය ආදරය කි‍්‍රයාවන් තුලින් ඉගැන්වන නැම¥මකි මන්ද දෙවියන් හජ් ගමන සඳහා ප‍්‍රධාන ගමන් අංගය ලෙස තක්වාව සඳහන් කර ඇත එනම් දෙවියන් හට භිය බැති බව මෙය පිළිබඳව අල් කුර්ආන්  මෙසේ පවසයි

හජ් නියමිත මාසයන්හි ය එහෙයින් යමෙක් එ මාස් හි හජ් අනිවාර්්‍ය වූවානමි හජ් හිදි ස්ත‍්‍රී සම්භෝගය නොකළ යුතුය සිරිත් විරිත් කඩ නොකල යුතුයි  විවාද නොකළ යුතුය හොඳ දැයින් ඔබ  කරන ඒ දැය අල්ලාහු දන්නේය මාගෝපකරණ පිළියලකරගනිවු ඇත්තෙන්ම හොඳම මාගෝපකරණ නම් සිරිත් විරිත් රැුකීමය නුවණැතියනි මටම භියවන්න   (බකරා :197 *
එනමි මෙම වාක්‍ය තුලින් පැහැදිලිය හජ්හි අරමුණ එනමි වාද නොකරන සිරිත් විරිත් කඩ නොකරන දෙවියන් හට අවනත වුනු ඉතා හරවත් මිනිසෙක් බිහි කිරිමයි එනම් හජ් නැම¥ම අවසන් කර පැමිණෙන්නා යහපත් පුරවැසියෙක් විය යුතුයි යන්න එහි එක් පරමාර්තය වන්නේ
අප දන්න කාරනයක් හජ් කාලය තුල දෙවියන් වෙනුවෙන් සතුන් කපා එය නැති බැරි අසරණයන් වෙත ලබා දෙනු ලැබේ මෙය පිළිබඳවද අල්කුර්ආන් මෙලෙස සඳහන් කරයි උන්ගේ මස්ද උන්ගේ ලේද කිසි කලෙකත් අල්ලාහුට ලඟා නොවෙත් එහෙත් ඔබගේ භියබැතිකම ඔහුට ළඟාවේ (සූරා හජ් 37*

එනම් මිනිසාගේ හදවත් තුල ඇති චේතනාව අරමුණු සඳහා ය කුසල් ලැබෙන්නේයි එනම් හජ් මිනිසා සෑම විටම දෙවියන් වෙනුවෙන් යන උසස් පරමාර්තයෙන් කටයුතු කල යුතුයි
හජ් අපහට කරුණු රාශියක් උගන්වයි දෙවියන් සමපූර්ණයෙන් පිළිගැනීම ඔහුගේ නීතීරිතිවලට සමිපුර්ණ අවනත විම ඔහු තුල හුරු පුරු¥ කරයි කෙලෙසද කිවහොත් සු¥ වස්ත‍්‍රයෙන් පමණක් සැරසීම අලංකාරවලින් බැහර වීම කහ්බාව සත් වතාවක් වම්වට යෑම සෆා මර්වා අතර වු සැහැල්ලූ දාවනය ශාතාන්හට ගල් ගැසීම අරෆා මිනා මුස්දලිෆා වන්හි රුඳී සිටිම මේ සියල්ල ප‍්‍රශ්න කිරීම් වලින් තොරව තමන් සියට සීයක්ම දෙවියන් හට අවනතයි යන්න පැහදිලි සාක්ෂීන්ය මෙයට හොඳම උදාහරණය ලෙස උමර් රලි තුමන් හජරුල් අස්වද් නම් කහ්බාවෙහි පිහිටි ගල ස්පර්ෂ කරන විට මෙලෙස පැවසි ඔබ නිකම්ම නිකම් ගලකි ඔබට අපහට හානියක් හෝ පිහිටක් හෝ විය නොහැකි නමුත් නබිතුමන් ඔබව ස්පර්ෂ කරා යන හේතු මත ස්පර්ෂ කරන්නම් එනම් මෙහිදි අපහට පැහදිලි තමන් සම්පූර්ණ දෙවියන්ගේ අණ පරිදි නබිතුමන් වද සම්පූර්ණ ව පිළිපදිනනමු යන්නයි
හජ් කර්තව්‍ය අනිවාර්්‍ය කිරිම තුල ඇති අනිත් අරමුණ වන්නේ විශ්ව සහෝදරත්වයයි අද ලෝකය තුල අත්‍යඅවශ්‍යම කාරනය මෙයයි අද භේද භන්න වීම හි විපාකය විදමින් ජිවත් වන්නමු වෙන් වීම විරසක වීම අපගේ විනාශයට හේතුවයි එම නිසා දෙවියන් මුස්ලිමිවරුන්ට සෑම අවුරුද්දක්ම තම සහෝදරත්වයේ බැඳීම නැවත නැවත අලූත් කර ගනීම සඳහා අවස්ථාවක් උදාකර දී තිබේ එකම දෙවියන් එකම ස්තානය  එකම  අරමුණු එකම ඇ¥ම සියල්ල සමලෙස සලකනු ලැබේ එහි පූජ්‍ය පක්ෂ්‍ය පූජ්‍ය නොවන පක්ෂ්‍ය පූජ්‍ය පක්ෂයට සුවිශෙෂි කියා එහි නැත ඉස්ලාමි ධර්මය තුලද එවැනි බැදම් නැත සියල්ල සම තැන්ය එවැනි සහෝදරත්වයක් සඳහා හොදම අවස්තාව මෙයයි එහි ගිය මුස්ලිම්වරයෙකුට හැගෙන්නේ ලෝකය හි පවතින  ඕනෑම බලවේගයක් තමන් හට පරාජය කල හැකි අප සහෝදරත්වයෙන් සිටියා නමි
එලෙසම හජ් තුලින් එහි නිරතවන්නාට හැගෙන්නේ මරණින් මතු ජිවිතයයි සියලූ අලංකාර වලින් ඈත් වුනු ලොවෙහි ඇල්මක් නැතිකම තමන්ගේ ඉලක්කය විය යුත්තේ මෙලොව නොව මරණින් ජිවිතය යි එය සඳහා තමන් සුදානමි විය යුතයි යන හැගීම ඔහු තුල ඇතිවෙයි මෙම අරමුණ ඔහු තුල නිදන් ගත වන විට ඔහු යහපත් ජිවිතයක් මෙලොව තුල ජීවත් මුදල් පසු පස හඹා නොගොස් සත්‍ය මුස්ලිමිවරයකු ලෙස තම ජිවිතය ගෙන යයි

හජ් කර්තව්‍ය මුස්ලිමිවරයෙකුට තම මුතුන් මිත්තන් වන නබිවරුන්ගේ පරිත්‍යාගශීලි ජිවිතය ගෙනහර පායි ඔවුන් මෙම ධර්මය මෙම මහපොලව මත ස්තීර වීම සඳහා කැප කල  සියලූ දේ අපහට මතක් වෙයි අපද මෙලෙසම මෙම කටයුත්ත සඳහා කැපවිය යුතුයි යන්න හැගීම අපතුල ඇති කරයි විශෙෂයෙන් නබි ඉබ‍්‍රාහීම් තුමන් එතුමනගේ බිිරිඳ හාජරා පුතුනුවන් ඉස්මායීල් නබිතුමන් සියලූ අති විශිෂ්ඨ කැප කිරිම මෙහි අපට සිහිවෙයි ඔවුන් පවුලක් වශයෙන් කෙතරමි පරිත්‍යගයක් කර ඇති බව හජ් හි නිරතවන විට අපට සිහිවෙයි අපද අප පවූල් සමග මෙලෙස කිරිමට වෙර දැරීය යුතුයි කියා අප හදවත් තුල ඇතිවිය යුතුයි ඉබ‍්‍රාහීම් නබිතුමන් දෙවියන් වෙනුවෙන් තම පූතුණුවන් ද දන් දීමට තරමි එඩිතර විය එනම් සබෑ භක්තිකයෙක් දෙවියන් තම සතු සියලූ දේ දෙවියන් හට පරිත්‍යග කිරිමට ඉදිරිපත් විය යුතුයි යන්න ලොකුම පාඩම හජ් අපට කියා දෙයි
එලෙසම අප හජ් කර්තව්‍ය සඳහා ගිය විට නබි මුහමිමද් සල් තුමානන් කෙතෙරමි දුරට මෙම කාන්තාරය තුල දුක් විඳ ඇතයි යන අපට වැටහේ
මෙලෙස හජ් අපට කියා දෙන පාඩම් රුසකි අපද එයින් ඉගෙන ගෙන අප ජීවන මග අලෝකමත් කල යුතුයි

(අබූ මර්යම්  කුවෙයිට්) ස්තූතිය අරුෙණා්දය

Related Post