zසකාතය අනිවාර්‍ය වන ද්‍රව්‍යන් හා එහි නිසාබය (01) Zakat varieties

සකාත් ලබා දීෙමන් වර්ධනය වීමක් ෙවි කිසි දිනක ඒය අඩුවක් ෙනාෙවි

සකාත් ලබා දීෙමන් වර්ධනය වීමක් ෙවි කිසි දිනක ඒය අඩුවක් ෙනාෙවි

zසකාතය ලබා දීම තුලින්  සමාජය තුල අැති වන විවිධ යහපත් කරුණු පිළිබද අප දැන සිටින්ෙනමු

zසකාතය අනිවාර්‍ය වන ද්‍රව්‍යන් පිළිබදව ශුද්ධ වූ අල්කුර්ආනය හා නබි වදන් පැහැදිලි කරන්නේය.එ් අනුව සකාතය අනිවාර්ය වන ද්‍රව්‍යන් පහත දැක්වේ.

zසකාතය අනිවාර්‍ය වන ද්‍රව්‍යන්

  • රන්
  • රිදී
  • වෙළද භාණ්ඩ
  • සිවිපාවුන්
  • පල
  • මිලමුදල්

මෙවැනි ද්‍රව්‍යන්ගෙන් කිසියමි අනුපාතයක් සමාජයේ වෙසෙන සීමිත පිරිසකට ලබා දිය යුතුය.මෙසේ සකාතය අනිවාර්ය වීම සදහා මෙම ද්‍රව්‍යන් තිබිය යුතු සීමාවක් ද (අවම ප්‍රමාණයක්) පනවන්නේය.මෙම සීමාවට වැඩිය ඇතොත් එයින් යමිකිසි අනුපාතයක් ලබා දිය යුතු වන්නේය.මෙම අවම ප්‍රමාණය අරාබියෙන් “නිසාබය” යනුවෙන් හඳුන්වනු ලැබේ.මීළගට ඒ නිසාබය පිළිබදව විමසා බලමු.

රන් හා රිදී සහා නිසාබය

රන් හා රිදි කුමන තත්ත්වයේ (එනමි ආභර්ණ වශයෙන් හෝ අමුද්‍රව්‍ය වශයෙන්) ඇතත් ඒ සඳහා සකාතය දීම අනිවාර්ය වේ.කවරෙකු සතුව හෝ රත්රන් හා රිදි නිසාබය (නියමිත අවම ප්‍රමාණය) සපුරා තිබේද?ඔහු සකාතය දිය යුතුය.ඒ අනුව,

  • රත්තරන් හි නිසාබය ග්‍රැමි 85කි (85g).
  • රිදි හි නිසාබය ග්‍රැමි 595කි (595g).

කවරෙකු හෝ සතුව ඉහත රත්තරන් නිසාබි ප්‍රමාණයක් තිබේද එම ප්‍රමාණයට ඔහු 2.5% බැගින් සකාතය දිය යුතුය.එනමි රත්තරන් ග්‍රැමි 2.13 (2.13g) ක් සකාත් දිය යුතුය.එසේම කවරෙකු හෝ ඉහත රිදි නිසාබි ප්‍රමාණයක් තිබේද,ඔහු ග්‍රැමි 14.88 (14.88g) ක් සකාත් දිය යුතුය.මෙම සකාතය මුදලින් දීමට කිසිවකු අදහස් කරන්නේ නමි,එම සකාත් ප්‍රමාණය වර්ථමාකවෙළද පොලේ වටිනාකමින් ගණනය කොට පසු එම වටිනාකම අනුව දේශිය මුදලින් සකාතය දිය හැකිය ඉහත නිසාබයට වඩා අඩු සීමාවක් තිබුනේ නමි,ඒ සඳහා සකාත් අනිවාර්ය නොවේ.නිදසුනක් ලෙස පුද්ගලයෙකු සතුව රත්රන් ග්‍රැමි 70 ක් තිබ නමි,ඔහු එයින් සකාතය දීම අනිවාර්ය නොවේ.නමුත් ඔහු ලඟ ග්‍රැමි 1000ක් රන් තිබුණේ නමි,ඔහු නිසාබය ඉක්මවා සිටින්නෙකු නිසා සකාතය ලෙස ග්‍රැමි 25 ක් ගෙවිය යුතු වේ.

වෙළද භාණ්ඩ සහා නිසාබය

දෙවියන් අල්ලාහ් විසින් මුස්ලිමවරුන් වෙළඳ කටයුතුවල යෙදීමෙත්,එමගින් ධනය රුස්කිරීමත් අනුමත කරයි.එසේ අනුමත කරනවා පමණක් නොව ඒ සඳහා උනන්දු කරයි.එය කොතරමි දුරකටද යයි පවසනවා නමි,මේ ධනය රුස් නොකල තැනැත්තා හට ඉස්ලාමීය මූලික වගකීමි 05ක් අතුරින් හජ් හා සකාත් නැමැති ප්‍රධාන කුසල් දෙක ඉටු කිරීමේ භාග්‍යය අහිමි වී යයි.මේ නිසා ඉස්ලාමි දහම තුල ලෞකික සමිපත් රැස් කිරීම වරදක් නොවේ.ඒ අනුව එලෙස ධනය රැස් කිරීමේ දී හා ධනය රැස් කිරීම සඳහා ව්‍යාපාර කටයුතුවල නිරතවීමේ දී, ඒ තුල ද “සකාතය” වගකීම නිසිලෙස ඉටු කටයුතු බව ඉස්ලාමි අණ කරයි.මෙහිදී ලාභ අරමුණු කරගෙන කරන සියළු ව්‍යාපාර කටයුතු (මිල දී ගැනීම හා විකිණීම) මේ සඳහා අදාල වේ.මෙය චංචල දේපල,නිශ්චල දේපල,සත්තුන්,කෑම බීම,යාන වාහන….යනාදීය සඳහා අදාල වේ.මෙහිදී ද නිසාබය (අවම ප්‍රමාණය) සඳහා නීති මාලාවක් ඇත.මේ සඳහා රත්රන් හෝ රිදී හි වටිනාකමට බලා ඒ සඳහා 2.5% ක් සකාත් ලබාදීම පහසුම ක්‍රමයයි.උදාහරණයක් වශයෙන්,පුද්ගලයෙකු සතුව රුපියල් 100,000ක් වටිනා වෙළඳ භාණ්ඩ තිබෙන්නේ නමි,ඔහු එයින් රුපියල් 2500 ක් සකාත් වශයෙන් ලබා දිය යුතුය.

වෙන් ලැබෙන දහා නිසාබය

කෘෂි වගාව තුලින් ලබා ගන්නා පලදාව රැස්කොට කාලයක් තැබිය හැකි ධානය හා පලතුරු ඇතුළු බෝග වර්ග සඳහා ද සකාත් බද්ද ගෙවීම අනිවාර්‍ය වේ.සහල්,කවිපි,මුංඇට,රට ඉදි,තිරිගු (පොතු සහිත),තිරිගු ඇට (පොතු රහිත) යනාදිය එවැනි කිහිපයකි.මෙහිදී කාලයක් රැස්කොට තැබිය නොහැකි බෝග හෝ ධාන්‍ය,පලතුරු හා එළවළු වර්ග සඳහා සකාතය අනිවාර්ය නොවේ.ඒ අනුව ඉහත සඳහන් බෝග සඳහා නිසාබය පහත ආකාරයට නිර්ණය කළ යුතු වේ.

  • කිලෝ ග්‍රැමි 653 (653 kg) ක් තිරිගු ඇට හි නිසාබයයි.

මෙහි නිසාබය ඉහත ප්‍රමාණය වූවත් මේ සඳහා සකාත් ලබාදෙන ආකාරය මීට පෙර සඳහන් කල ආකාරයට වඩා තරමක් වෙනස් වේ.මෙහිදී සකාතය නිර්ණය කිරීමේ දී තවත් මූලික කාරණයක් පිළිබඳව ඉස්ලාමි අවධානය යොමු කොට එහි සීමාව නිර්ණය කරයි.එය මෙසේය,

  • ගොවියා වියදමකින් තොරව වැසි හා ගංගා ජලය වැනි පහසුකමි මගින් වගා කොට පලදාව ලබන්නේ නමි,ඒ සඳහා සකාත් ගෙවිය යුතු වන්නේ මුළු අස්වැන්නෙන් (1/10) දහයෙන් පංගුවකි.
  • ගොවියා වියදමක් දරා ජලය සැපයමින් වගා කටයුතු සිදු කොට එයින් පලදාවක් ලබන්නේ නමි,ඒ සඳහා සකාත් ලෙස ගෙවිය යුතු වන්නේ මුළු අස්වැන්නෙන් (1/20) විස්සෙන් පංගුවකි.

මෙය සරල නිදසුනකින් විමසා බලන්නේ නමි,පුද්ගලයෙකු තිරිගු වගා කර අස්වැන්න කිලෝග්‍රැමි 1000 (1000 kg) ක් ලබයි නමි,එහි නිසාබය කිලෝ 653 ක් වන නිසා ඔහු සකාත් දිය යුතු කෙනෙකු බවට පත්වේ.එහිදී ඔහු එම අස්වැන්න ලබාගත්තේ වගාවට අවශ්‍ය ජලය සඳහා කිසිදු වියදමක් නොකර නමි එහිදී ඔහු දහයෙන් එකක් එනමි කිලෝග්‍රැමි 100 (100kg) ක් ද,වියදමි කර ජලය සපයා වගා කොට නමි,විස්සෙන් එකක් එනමි කිලෝග්‍රැමි 40 (40kg) ක් ද සකාත් දිය යුතුය.මේ ආකාරයට තිරිගු වලට සාපේක්ෂව අනිකුත් ධාන්‍ය වර්ගවල සකාතය ද නිර්ණය කල යුතු වේ.

සකාත් අනිවාර්ය වන අනෙකුත් දුව්‍යන් හා භාණ්ඩයන් සඳහා වූ “නිසාබි” (අවම ප්‍රමාණය) පිළීබඳව විග්‍රහය තවත් ලිපියකින් බලාපොරොත්තු වන්න.

 අබූ අර්ෂද්

Related Post