සලාතය ඉටු කරමු 02

الصلاة

පළමුවැන්න: ඉටු කරන නියමිත සලාතයේ වේලාව පැමිණ තිබීම.(පෙර සඳහන් පරිදි)

දෙවැන්න: ඔබේ ශරීරය, පැළඳ සිටින වස්ත්‍රය, සලාතය සඳහාවු ස්ථානය පිරිසිදු විය යුතුය.
තෙවැන්න: සලාතයෙහි නිරත වන පිරිමියෙකු තමන්ගේ දනහිස සිට ඉකිණ දක්වා පෙදෙස අනිවාර්ේ‍යන් ආවර්ණය කළ යුතුය. මෙහි යම්කිසි කොටසක් අනාවර්ණය වීම තුළින් ඔහුගේ සලාතය නිෂ්ඵල වේ. කාන්තාවන් සලාතයෙහි නිරතවන විට තමන්ගේ මුහුණ, මැණික් කටුව හැර ශරීරයෙහි සෙසු සියළු පෙදෙස් ආවර්ණය කළ යුතුය.

අල්ලාහ්ගේ නියෝගය අනූව ඉබ්රාහීම්, ඉස්මාඊල් (අෙලෙහිමා) යන ශාස්තෘවරු දෙදෙනා විසින් ඉදි කරනු ලැබු, මක්කාවෙහි පිහිටා තිඛෙන කඃබාවට මුහුණලා සලාතය ඉටු කිරීම අනිවාර්්‍ය වේ. අල්ලාහ්ගේ කරුණාව නොමදව පවතින එම ශ=ද්ධවූ ස්ථානය මුස්ලිම්වරුන්ගේ කිබ්ලාව හැට්යට අල්ලාහ් විසින් තෝරාගනු ලැබීය.

ඔබ සලාතයට නැගිට සිටිමින් —අල්ලාහු අක්බර්˜ (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨයි) යනු කියා පටන්ගත් විටම ඇඟිලි විහිදෙන සේ උරහිස තෙක් දෑත් ඔසවමින් සලාතය ආරම්භ කළ යුතුය, අනතුරුව ඔබ පපුවෙහි දකුණු අත වම් අත මත තැබිය යුතුය. සලාතයෙහි නිරත වන මුළු කාලය තුළ නැමදුම් කරන්නාගේ නිරීක‍ෂණය සජ්දාව (සඳහා නළල තබන) ස්ථානයට යොමු කළ යුතුය.
රුකුඋ කරන්න, අල්ලාහු අක්බර් යනු තක්බීර් කියමින් ඇඟිලි කන් දෙසට විහිදෙන පරිදි දෙඅත් උර හිස දක්වා එස විය යුතුය, අනතුරුව සිරුර ඉදිරියට නමා, දෙ අත්ල ඇඟිලි විහිදෙන සේ දණහිස් මත තබා දෙවැලිමිට ඉණට ඈතින් තබා රුකුඋ කළ යුතුය. රුකුඋහි (සුබ්හාන රබ්බියල් අලීම්) යනු පැවසිය යුතුය.

(සමිඅල්ලාහු ලිමන් හමිදහ්) යනු පවසමින් රුකුඋහි සිට නැගිටීමත් සමග (රබ්බනා වලකල් හම්දු) යැයි උසූරිය යුතුය. පෙර සඳහන් පරිදි අත් දෙක ඔසවමින් පපුව මත තැබිය යුතුය.

අල්ලාහු අක්බර් යැයි කියමින් සිරස පොළොව මත තබා සජ්දා කළ යුතුය, මෙම අතර වාරයේ (සුබ්හාන රබ්බියල් අ:ලා) යැයි පැවසිය යුතුය. දෙ දණ බිම තැබිය යුතු අතර, නලල සහ නාස් පු~ුව, දෙඅත්ල, දෙපා ඇඟිලි වල ඇතුල් පැත්ත පෘෂ්ඨයේ ස්පර්ෂ විය යුතුය.

අල්ලාහු අක්බර් යැයි කියමින් සුජූද්හි සිට හිස ඔසවා වාඩිවී (රබ්බි:ෆිර්ලී) යැයි උසුරිය යුතුයි.
පෙර කළ පරිදි දෙවැනි සුජූදය කළ යුතුය.

මෙය කිරීමත් සමග මෙය සම්පූර්ණ එක් රක්අතයක් වේ. ඔබ දෙවැනි රක්අතය සඳහා අල්ලාහු අක්බර් යනු කියා නැගිට, ෆාතිහා පරිච්ඡේදය පාරායනය කළ, පෙර රක්අතය මෙන් ඉටු කළ යුතුය. දෙවැනි රක්අත්හි දෙවැනි සූජූදය නිම වීමත් සමග එම රක්අතයද අවසන් වෙයි.

අල්ලාහු අක්බර් යැයි පවසමින් වාඩිවී පහත සඳහන් තෂහ්හුදය පාරායනය කළ යුතුය.

—අත්තහියියාතු ලිල්ලාහි වස්සලවාතු වත්තයියිබාතු. අස්සලාමු අෙලෙක අයියුහන් නබියියු වරහ්මතුල්ලාහි වබරකාතුහු. අස්සලාමු අෙලෙනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්. අෂ්හදු අන් ලාඉලාහ ඉල්ලල්ලාහු. වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලූහු.
අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මද්. කමා සල්ලයිත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම් මජීද්. වබාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මද් කමා බාරක්ත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුම් මජීද්˜
තේරුම: —සියළු ගෞරවයන්, දයාව හා පාරිශ=ද්ධත්වය අල්ලාහ් සතුවේ. ශාස්තෘවරයානනිæ ඔබ වෙත ශාන්තිය, අල්ලාහ්ගේ දයාව හා සෞභාග්‍ය හිමිවේවා. තවද, අප වෙත හා අල්ලාහ්ගේ යහපත් ශ්‍රද්ධාවන්තයින් වෙතත් ශාන්තිය ඇතිවේවාæ පුදනු ලැබීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැති බවත්, මුහම්මද් (සල්) තුමන් අල්ලාහ්ගේ ශාස්තෘවරයා හා Þසයා බවත් මා සාක‍ෂි දරමි.
හිමියනිæ මුහම්මද් (සල්) තුමන් වෙත හා එතුමන්ගේ පවුලේ අය වෙත ඉබ්රාහීම් (අෙලෙ) වෙත හා එතුමන්ගේ පවුලේ අය වෙත දයාව, කරුණාව දැක්වූවා සේ දක්වනු මැන. සැබවින්ම ඔබ ප්‍රශංසාවට හා උත්කෘෂ්ටත්වයට හිමිකරුය. හිමියනිæ මුහම්මද් (සල්) වෙත හා එතුමන්ගේ පවුලේ අය වෙත ඉබ්රාහීම් (අෙලෙ) වෙත හා එතුමන්ගේ පවුලේ අය වෙත සෞභාග්‍ය පිරිනැමුවා සේ පිරිනමනු මැන. සැබවින්ම ඔබ ප්‍රශංසාවට හා අති උත්කෘෂ්ටත්වයට හිමිකරුය.˜
රක්අත් දෙකකින් සමන් විත සලාතයක් නම් මෙය පාරායනය කිරීමෙන් අනතුරුව ප්‍රථමයෙන් මුහුණ දකුණු පසට හරවමින්ද, දෙවනුව වම් පසට හරවමින්ද, අස්සලාමු අෙලෙකුම් වරහ්මතුල්ලාහ් යනු පැවසිය යුතුයි. (මෙහි තේරුම නම්: ඔබලාට අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය උÞවේවාæ).

සලාතය රක්අත් දෙකට අධික නම් සලාම් දීමට ප්‍රථම ඉහත සඳහන් තෂහ්හුද් පාරායනයෙන් අනතුරුව —අල්ලාහු අක්බර්˜ කියා නැගිට සූරතුල් ෆාතිහා පාරායනයෙන් පසු රුකුඋ කරමින්, පෙර රක්අතය මෙන් කළ යුතුය. ම:රිබ් සලාතය නම් තුන් වැනි රක්අත්හි වාඩි වී තෂහ්හුද් පාරායනයෙන් පසු පෙර සඳහන් පරිදි දෙපැත්තට හැරී සලාම් කිව යුතුය. ලූහර්, අසර්, ඉෂා ආදි සලාතයන් නම් සිව්වැනි රක්අත්හි වාඩිවී තෂහ්හුද් පාරායනයෙන් අනතුරුව සලාම් කිව යුතුය.

කෙනෙකු මස්ජිදයේ පැවැත් වෙන සමූහ සලාතයට සහභාගි වීමට ප්‍රිය මනාපයෙන් සිටිය යුතුය, එසේ සමූහව ඉටු කරන විට ඔහුට පිං කුසල් විශාල වශයෙන් ලැඛෙයි. ඉමාම් හෙවත් සලාතය මෙහෙයවන්නා අනුකරනය කරමින් ඔබ සලාතය කරන විට ඔහු අභිබවා යෑමෙන්ද, ඔහුට වඩා ප්‍රමාද වීමෙන්ද වැළකි සිටිය යුතුය. ඔබ පාරායනය නිම කළත්, නොකළත් සෑම ඉරියවිවකදීම ඔහු අනුගමනය කරමින් කි්‍රයා කළ යුතුය.

ඔබට ෆාතිහා පරිච්ඡේදය නොදන්නා විට කුර්ආනයෙහි ඔබ දන්නා වෙනත් වාක්‍යන් පාරායනය කළ යුතුයි. කුර්ආන්හි කිසිදු වාක්‍යක් නොදන්නා විට හෝ සලාතයේ කිසිදු ඉරියව්වක පාරායනයක් නොදන්නා අවස්ථාවක —සුබ්හානල්ලාහ්, අල් හම්දුලිල්ලාහ්, ලාඉලාහ ඉල්ලල්ලාහු, අල්ලාහු අක්බර්, ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්˜ ආදි අල්ලාහ් සිහපත් කරන වචනයන් අතුරින් ඔබට පහසු වචනයක් උසුරිය හැක. සලාතය පිළිබඳ අල්ප දැනුමක් හෝ නොමැති අවස්ථාවකද එය අත පසු නොකළ යුතුය.

Related Post