Originally posted 2024-05-10 10:08:44.
අවසන් දිනය සිදුවීමට පෙර සිදුවන ලක්ෂණයන්හි මෙතෙක් සිදු වූ හා දැනට සිදුවෙමින් පවතින ලක්ෂණයන් පිළිබඳව සාකචිඡා කර ඇත්තෙමු.මෙම ලිපියේදී අනාගතයේදී සිදුවීමට ඇති ලක්ෂණයන් දෙස අපගේ අවධානය යොමු කරමු.
අනාගතයේදී සිදුවීමට ඇති ලක්ෂණයන්
01.ඉමාමි මහ්දි (අලෛ) තුමාගේ පැමිණීම.
අවසන් කාල වකවානුවේ ඉමාමි මහ්දි (අලෛ) පාලකයෙක් හැටියට මෙලොවට පැමිණේ.එතුමා නබිවරයෙක් හෝ රසූල්වරයෙක් හැටියට පැමිණෙන්නේ නැත.සත්‍ය වූ නබි වදන් අනුව මෙලොවට පැමිණෙන එතුමා සාධාරණ හා උතුමි පාලනයක් ඇති කරන්නේය.මෙතුමා “ෆාතිමා (රලි)” තුමියෙග් පරපුරේ “අබ්දුල්ලා” නැමෙත්තාට පුතෙකුව “මුහමිමද්” යන නමින් ඉපදින්නේය.මෙතුමාගේ පාලන සමයේ අවසානයේ “දජ්ජාල්” පිටවේ.
02.දජ්ජාල් පිටවීම.
දකුණු ඇස අන්ධයෙකු වූද දෑස් අතර “කාෆිර්” යනුවෙන් සටහන් වූද මොහු පිළිබඳව මුහමිමද් (එතුමාට අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවා) නබිතුමා මෙසේ පවසා ඇත.
“අල්ලාහ් මිනිසා මැවූ දින සිට දජුජාල්ගේ පරීක්ෂණයට වඩා දරුණු වූ පරීක්ෂණයක් ලෝකයේම ඇති නොවේ.දෙවියන් අල්ලාහ් එවූ සියළු නබිවරුන්ම ඔවුන්ගේ ජන සමූහයට ද්ජ්ජාල් ගැන අවවාද කළෝය.මම අවසන් නබිවරයා වෙමි.ඔබලා අවසන් ජන සමූහය වේ.නියත වශයෙන්ම ඔහු ඔබ අතරට පැමිණෙන්නේය.”
(මූලාශ්‍රය : බුහාරි)
ඔහු වෙත මිනිසුන් රැවටෙන සුළු ආශ්චර්යයන් (වැසි වැස්සවීම,මලවුන් ජීවත් කරවීම) කිරීම සඳහා දෙවියන් අල්ලාහ් විසින් ශක්තිය දී ඇත.ඔහු ස්වර්ගය හා නිරය ගෙන එයි,ඔහු පවසන ස්වර්ගය නිරය බවත් ඔහු පවසන නිරය ස්වර්ගය බවත් මුහමිමද් (එතුමා අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවා) නබිතුමා පවසා ඇත.
මක්කා,මදීනා,මස්ජිදුල් අක්සා හා මස්ජිදුත් නූර් වෙත මොහු නොයන අතර පසුව ඔහුගේ ව්‍යාජ බව හෙළිවීමෙන් ජනයාට මොහුගෙන් බේරීමට සිදුවේ.එවිට ඉහත ස්ථාන වෙත යාම,සූරා කහ්ෆ් හි පළමු හෝ අවසන් වාක්‍යන් දහය උසුරීම,දෙවියන් අල්ලාහ්ට දික්ර් කිරීම හා තස්බීහ් කිරීම හා කඳු පිටුපස සැඟවීමෙන් ද ආරක්ෂා විය හැක.
ඊසා (අලෛ) නබිතුමා විසින් ලූත් නමි ස්ථානයේදී මසීහුද් දජ්ජාල් මරා දමයි.
03.ඊසා (අලෛ) නබිතුමාගේ පැමිණීම.
ඊසා (අලෛ) නබිතුමා ඔසවන ලදහ.දජුජාල් මෙලොව මැරවරකමි කරමින් සිටින කාලයේදී දෙවියන් අල්ලාහ් විසින් ඊසා (අලෛ) තුමා ලොවට පහල කරන්නේය.එතුමා “ඩමස්කස්” හි වාසය කරන මුස්ලිමිවරුන් සමග එකතු වී දජ්ජාල් සොයා යති.දජ්ජාල් ඝාතනය කර කිලාෆතය (පාලනය) භාර ගන්නා අතර යහ ජීවිතය හා සාධාරණත්වය රජයන අයුරින් පාලනය කරයි.මදීනාවේදී අභාවප්‍රාප්ත වන අතර මුහමිමද් (එතුමාට අල්ලාහ්ගේ අත්වේවා) නබිතුමාගේ කබිරය ආසන්නව භුමදානය කෙරේ.
04.යඃජූජු මඃජූජු බිහිවීම.
නූහ් (අලෛ) නබිතුමාගේ “යාපස්” නමි පුතුගේ පරපුරට අයත් ගෝත්‍රයක් වන මොවුන්ගේ මැරවරකමි දරා ගැනීමට නොහැකිව එකල “දුල්ඛර්නයින්” තුමා යකඩ පවුරක් බැඳ ඔවුහු සිර කරති.
දජ්ජාල්ගේ වියෝවෙන් අනතුරුව ඊසා (අලෛ) නබිතුමා පාලකයාව සිටින විට එතුමාට මුඃමින්වරුන් සමග කුර්සිනාවේ වෙන්ව සිටින ලෙස අල්ලාහ් අණ කරයි.ඉන් පසු එසේ වෙන්ව සිටින අතර තුර යඃජූජු මඃජූජු සිර කර සිටි බිත්තිය කඩා වැටීමෙන් ඔවුහු සමූහ ලෙස ලොව පුරා විසිර යති.සියළුම ගංඟා වැවි ආදියෙහි ජලය ඔවුන් පානය කර අවසන් කරන අතර ඊසා (අලෛ) තුමා සහ සමූහය කුසගින්නේ ලතවේ.
ඊසා (අලෛ) තුමා අල්ලාහ් වෙත කන්නලවි කිරීමෙන් පසු පණු විශේෂයක් පැමිණ යඃජූජු මඃජූජු ගෝත්රිකයින්ගේ බෙල්ල ප්‍රදේශයට දෂ්ඨ කල පසු සියල්ල මිය යයි.පක්ෂි වර්ගයක් විසින් එම මළ සිරුරු අල්ලාහ් අණ කරනු ලබන ස්ථානයකට රැගෙන යාමෙන් පසුව ධාරාණිපාත වර්ෂාවක් වසින අතර ඉන් ඇතිවන ජල ගැල්මෙන් පොළොව සේදී පිරිසිදු වේ.
05.කඃබාව බිඳ දැමීම.
අබීසීනියානු ජාතිකයෙක් (හබෂිවරයෙක්) විසින් මෙය සිදු කරනු ලබයි.
06.හිරු බස්නාහිරින් නැගීම.
ඊසා (අලෛ) නබිතුමා අභාවප්‍රාප්ත වූ විට රාත්‍රිය අධික වෙමින් පැවතේ.හිරු උදාව බලාපොරොත්තුවෙන් ජනයා අවදිවී නැවත නින්දට යන අතර ෆජ්ර් සලාතයේ වේලාව පැමිණෙන තෙක් බලා සිටින්නන් පමණක් මෙම පමාව දැක තැති ගනී.මෙලෙස සිටින විට හිරු බස්නාහිරින් නැගී මුදුනට විත් නැවත බස්නාහිරින් බැස යයි.පසුදා නැවත සාමාන්‍ය ලෙස හිරු උදාවේ.මෙම සිදුවීමෙන් පසු කඃබාවේ දොරටු වැසෙන අතර මෙයට පෙර විශ්වාසිකයින්ව සිටි අය පමණක් විශ්වාසවන්තයෝ වෙති.ඉන් පසු ඊමාන් තබන්නවුන් (විශ්වාස කරන්නවුන්) ඊමාන්ධාරීන් ලෙස (විශ්වාසවන්තයින්) පිළි නොගනී.
07.දාබිබතුල් අර්ල් සත්ත්වයා පිටවීම.
හිරු අවරින් නැගී පසු මෙය සිදුවේ.මොහු බිහිවු විගස “ඇත්තෙන්ම මිනිසුන් අපගේ සාක්ෂි ගැන විශ්වාස නොකළහ.” යන හඩ ඇතිවේ.එම ශබිදය සෑම අයෙකුටම සලකුණක් වේ.එම සලකුණෙන් පසු විශ්වාසවන්තයාගේ මුව ප්‍රභාමත් වන අතර දෑස් අතර “මුඃමින්” ලෙස ලියැවේ.කාෆිර්වරුන් අවලස්සන වී දෑස් අතර “කාෆිර්” ලෙස ලියැවේ.
08.දුම පිටවීම.
දින 40 ක් මෙලොව පවතින මෙම දුම මිනිසුන් ජීවත් වන සෑම ස්ථානයකටම පැතිරේ.මෙය මුඃමින්වරුන්ට වැදුනු විට ඔවුන්ට සෙමිප්‍රතිශ්‍යාව වැළඳෙන අතර කාෆිර්වරුන් වෙත වැදුන විට ඔවුන් උමතු වේ.
09.සුළඟ ඇතිවීම.
සුවඳ සිනිඳු මද සුළඟක් වන මෙය ඉතා කුඩා තරමි හෝ ඊමානයක් ඇති අයවලුන්ගේ සිරුරෙහි වැදුනු විට ඔවුහු මිය යති.
10.ගිනි පිටවීම.
අවස්න දිනය ඇති වීමට පෙරනිමිත්ත වශයෙන් සිදුවන අවසන් සිදුවීම මෙය වේ.මෙම ගින්න “යෙමන්” දේශයේ ඇති වී මුළු ලොවටම පැතිරේ.ලොවෙහි වැසියන් “ශාමි” දෙසට පළවා හරී.
ඉබිනු ජවාද්
Arabic
English
Spanish
Russian
Romanian
Hindi
Tagalog
Bengali
Sinhalese
Nepali
