අවසාන දිනය කෙරෙහි විශ්වාස කිරීමBelief in the Day of Judgment

ෙමෙලාව අවසානය

ෙමෙලාව අවසානය

අවසාන දවස:

නියත වශයෙන්ම ඊමාන්  (විශ්වාස කිරීමෙහි) මුලික අංගයන් හයකි මෙයින් අවසාන දිනය ගැන විශ්වාස කිරීම මෙම දින පිළිබදව අල් කුර්ආනය මගින් හා මුහම්මද් (සල්) තුමාගේ සුන්්නාහ් (මග) මගින් සනාථ කර ඇති දේ විශ්වාස කරනතුරු යමෙකු මුඃමින් (විශ්වාස වන්තයෙකු නොවන්නේය) අවසාන දිනය ගැන දැනගැනීම හා ඒ ගැන අධික ලෙස සිහි කිරීම වැදගත්ය එය මිනිස් සිතෙහි ගුණ යහපත්කම ඇති කිරීමටත් ඔහු බිය භක්තිකයෙකු කිරීමටත් ඔහු අල්ලාහ්ගේ දහමෙහි ස්ථීරවීමටත් ඉමහත් හේතු දායකවන්නේය  අපි අවසාන දිනය හා පරළොව පිළිබද ඇත්තෙන්ම විශ්වාස කළහොත්, අපි මේ ලෝකය පිළිබද වැඩිය කල්පනා කර නැත.

වස්තුවද දරුවන්ද මෙලොව ඡීවිතයේ  අලංකාරයන්ය. සදාකල්  පවතින යහකම් නුඹගේ රබ් (පරමාධිපති) ගේ සන්නිධානයෙහි ඵල විපාකයන් ඉතා හොඳය තවද බලාපොරත්තුවෙන්ද ඉතා ඉතා හොඳය (සූරා කහෆ් :46)

අවසාන දවසට කියන අනෙකුත් නාම:

අංක

අරාබි නාමය අරාබි සිංහළ භාෂාවෙන්

අරාබි භාෂාවෙන්

සිංහළ තේරුම

1 අල් ආහිරා

الآخرة

මතු ජීවිතය (අවසාන දිනය)

 2යවුම් අල් කියාමා

يوم القيامة

විනිශ්චය දිනය

 

 3යවුම් අල් බඃඅස්           

يوم البعث

 

පුනුරුත්ථාන දිනය (යලි නැගිටිටවන දින)

 

 4යව්මුද්දින්       

يوم الدين

විපාක දාන දින (යුක්තිය තහවුරු කරන දින)

 

 5අල් හාක්කාහ්  

الحاقة

සත්‍ය සිද්ධිය

 

 6යවුම් අල් වාසියා

 

يوم الواسعة

සත්‍ය හෙලිකරන දවස

 

 7අස්සාඅතු         

الساعة

 

යුගාන්තය  දක්වන හෝරාව

 

 8යවුම් අල්හිසාබ්

يوم الحساب

ගණන් හෙළිකරන දිනය

 

 9යවුම් අල් හෂර්

يوم الحشر

එක්රුස්වන දිනය

 

 10යවුම් අල් පසල්

يوم الفصل

ඛෙදීමේ දිනය

 

 11යවුම් අල් මියාද්

يوم الميعاد

පොරන්දු වු දිනය

 

 12යවුම් අල් වයීද්

يوم الويد

අනතුරු ඇගවිම් ඇති කරන  දිනය

 

 13යවුම් අත්තනආද්

يوم الطنعاد

අඩගාන දවස

 

 14යවුම් අල් හුරූජ්           

يوم الخروج

පිටවන දවස

 

 15යවුම් අල් හුලූද්

يوم الخلود

 

සදා ඡිවන දිනය

 

 16යවුම්  අත්තලාක්          

يوم الطلاق

හමුවන දිනය

 

 17යවුම්අල් ජුම්ආ

يوم الجمعة

එක් රැස්වන දිනය

 

 18යවුම් අත්තගාබ්න්        

يوم الطغابن

එක් රැස්කරන සාමුහික දිනය

 

 19අල් ආZසිා    

الآزفة

ළංවන දින

 

 20අල් ගාෂියා      

الغاشية

ඉතා ප්‍රභල (නිමග්න කිරීම)

 

 21අල් සයිහා       

السيحاة

කෑගසීම

 

 22අල් ඛාරියහ්     

القارعة

උද්ඝෝෂණ(විපත්තිඇති කරන දිනය)

 

 23අස් සාහ්හා      

الصاخة

විනිශ්චය ස්ථානයට පෙරටුව

 

 24අත්තාම්ම අල් කුබ්රා   

الطآمة الكبرى

මහත් විපත්තිය

 

 25අල් වාකිඅහ්                              الواقعة    ඉසව්ව(විනිශ්චය දිනය පැමිණ්කල්හි)

 

 

මරණින් මතු ජීවිතය කෙරෙහි විශ්වාස කිරීමඃ

1-            මරණින් මතු ජීවිතයෙහි ප්‍රථම ඉසව්ව අල්මවුත්ඃ

 (නබියේ) අවසාන කාලය ගැන (එය කවදා එලඹෙන්නේ දැයි)මිනිසුන් ඔබගෙන් විමසන්නෝය (එයට) ඔබ මෙසේ කියනු (එය කවදා එන්නේදැයි පිළිබද)එහි ඥාණය අල්ලාහ්ගේ සන්නිධානයේ (පමණක්) අත්තේය ඔබ දන්නෙහිය ඉතාමත් ආසන්නෙහිද එන්නට පුලුවන(33:63)

අවසාන දිනයෙහි තේරුමඃ

ලෞකික පැවත්මත් එහි අඩංගු සියලු සංස්කාරයනුත් එක්තරා නිශ්ච්ත දිනක සහ මුලින්ම අවසන් වේ සියල්ලම විනාශවේ .එය කියාමත් හෙවත් පරමාන්ත දිනය ලෙසින් හැදින්වේ.මේ දින අවසාන දවස යනුවෙන් හදුන්වන්නේ මින් මතුවට වෙනත් අලුත් දිනක් උදාවන්නේ නොමැත මේ දින ඔබගේ මතු ජීවිතය ගැන තීරණයකරන අවස්ථාවයි සියලුදේව (අනාවෘත) ප්‍රසිද්ධීයේ භයානක සිදුව්ම් ඇතිවන දවසයි

2-﴾විශ්වාසවන්තයෙනි ඔබ අල්ලාහ්වද ඔහුගේ රසූල්වද ඔහු තමන්ගේ (මෙම) රසූල්ව කෙරෙහි පහළකරන ලද මෙම පුස්තකයද මෙයට පෙර ඔහු පහළකරන ලද පුස්තකයන්ද විශ්වාස කරනු කවුරුන් අල්ලාහ්වද ඔහුගේ මලායිකාවරුන්ද ඔහුගේ පුස්තකයන්ද ඔහුගේ රසූල්වරුන්ද අවසාන දිනයද (එනම් විනිශ්චය දිනයද)ප්‍රතික්ෂේප කරන්නේද ඔහු ඇත්තෙන්ම දුර්මාර්ගයෙහි ගමන් කරන්නේය﴿ (4 : 136 )

විනිශ්චය දිනය ගැන විශ්වාස කිරිමේ කරුණුවලින් ඉතා වැදගත් එකක් වන අතර අල්ලාහ් තාආලා ව්ශ්වාස කිරිම හා අවසාන දවස විශ්වාස කිරිම එකිනෙකට සමිපව (එකට)බැදි පවතී යම් කෙනෙකු මෙලොව දෙව්යන් ගේ අණපිළිපැදීමට කලින් ඔනෑම කෙනෙක් ව්නිශ්චය දවස ගැන ප්‍රථමයෙන් ව්ශ්වාස කළයුතුෙවි මෙලොව ජීව්තය ව්ශ්වාස නොකරන අයට ස්වර්ගය වැනිය සත්‍ය ව්ශ්වාසවන්තයින්ට සිරමැදුරක් වැනිය ඇයිද ඔව්න් නියමාකාර (ස්ථීර) ස්වර්ගයට පවිසිමට සූදානම් කරයි විශ්වාස වන්තයා මෙලොවෙහිදී ඉවසිල්ලෙන් කටයුතු කරයි මෙලොව ජීව්තය පාලමක් වැනිය මෙම පාළම තුළ  රුදී සිටින්නේ නොමැත එය අපට ගමන් කිරිමට පමණි තවද මගියෙක් වැනිය එහි තේරුම මෙලොව ජීවිතය තාවතාලිකය පරලොව වගාබිම මෙලොවෙ‎වි

අවස්ථාවන් පහකට පෙර (අවස්ථාවන් ) ප්‍රයෝජනවත් කරගන්න

  • -මරණයට පෙර ජීවිත කාලය
  • -අසනීපවිමට පෙර නිරෝගි කාලය
  • -කාර්යය බහුලවිමට පෙර විවෙක කාලය
  • -මහලුවිමට පෙර තරැණ කාලය
  • -දිළිදුවිමට පෙර ධනය (මුස්නද් අහ්මද් ග්‍රන්ථය ඇසුරෙනි )

ඉටුවන පිළිවළ:

අරාබි නාමය අරාබි සිංහළ භාෂාවෙන්

 

අරාබි භාෂාවෙන්

සිංහළ තේරුම

  1. 1.      අල් ඛබර්

القبر

මිනීවල

 

  1. 2.      තන්නපහ් පිස් සූර්

 

لنفخ في الصور

සූර්නලාව පිඹීම

  1. 3.      අල් බඅස්

البعث

පුනුරුත්ථානය

 

 

  1. 4.      අල් හෂර්

الحشر

එක්රැස්වීම

 

 

  1. 5.      අල්හව්ද්

الهوض

පොකුණ

 

 

  1. 6.      අස් ෂෆා අල් අද්මාහ්

الشفا عة  العظمة

විශේෂ මැදහත්වීම

 

 

  1. 7.      අල් හිසාබ්

الحساب

ප්‍රශ්ණ විමසීම

 

 

  1. 8.      අල්කුතුබ්

الكتب

ග්‍රන්ථ

 

 

  1. 9.      අල් මීසාන්

الميزان

තරාදිය

 

 

  1. 10.  අස් සිරාත්

لصرات

 

පාලම

  1. 11.  අල් නාර්

النار

නිරය

 

 

  1. 12.  අල් ජන්නාහ්

الجنة

ස්වර්ගය

 

 

අවසාන දින විශ්වාස කිරීමේ දර්ශනයන් 5 කි

  • අවසානට පෙර කුඩා හා විශාල පෙරනිමිති විශ්වාස කිරීම
  • මිනීවල (ඛබර්)
  • පුනුරුත්තාන (මළවුන් නැගිට්ටවන දිනය)අවසාන දිනට පසු
  • මෙදින සෑම ඉරියව්වක්ම අවසානයේදී සහ අතරතුරේදී සිදුවේ
  • ස්වර්ගය සහ නිරය

( මිනීවල) අල්ඛබර්:

මිනීවල පරලොවෙහි නවාතැන්වලින් ප්‍රථම ස්ථානයවේ. මෙයින් කෙනෙකු ජය ලබන්නේද ඔහුට මින් පසු සිදුවන දේ මෙයට වඩා පහසුවේ. මෙයින් කෙනෙකු ජය නොලබන්නේද ඔහුට මින් පසු සිදුවන දේ මෙයට වඩා අපහසුවේ﴿. (තිර්මිදිග්‍රන්ථය ඇසුරෙනි)

මිනීවළෙහි වේදනාවෙන් අල්ලාහ් වෙත රුකවරණය පතන්න﴿(අබූ දාවූද්)

නිවැරදි බුද්ධිය (ඇත්තෙකු ) මෙය (මිනීවළ වේදනාව )ප්‍රතික්ෂේප නොකරයි. මන්දයත් මිනිසා තම ඡීවිතයේද මෙය සමිපව දකී එනම් මරණය හා ඡීවිතය අතර විශාල වෙනසක් තිඛෙණ අතර මිනීවළෙහි වේදනාව පණට හා දේහයට (එකට) සිදුවේ. එබැවින් මුස්ලිම්වරයෙකු මිනිවළෙහි වේදානාවෙන් (ඡය ලබා ගැනීමට )අධික ලෙස රැකවරණය පැතීය යුතුය. විශේෂයෙන් නැමදුමෙහි සලාම් කීමට පෙර රැකවරණය පැතිය යුතුය. එසේම මිනීවළ හා නිරයෙහි වේදනාවට මූලික කාරණයන් වන පාප ස්වර්ගය ඈත් වීමට ඇල්ම විය යුතුයි.

(මිනිසා ) කුමක් කීවද (එය ලිවීමට )බලාපොරොත්තුවෙන් සිට්න කෙනෙකු ඔහුගේ සන්නිධානයේ නැත්තේ නොවේ (ඔහුගේ මුවින් නිකුත් වන සෑම වචනයක්ම එවලේම සටහන් කරනු ලැබේ﴿ (50:18)

මෙලොව මිනිස් සමාඡයේ කරන ලද වචන සහ කී්‍රයා මිනීවළෙහි විනිශ්චය කෙරේ. තවද සූරදුතවරුන් දෙදෙකු (මුන්කර් – නකීර්) විසින් ප්‍රශ්න කරනු ලැබේ.

මිනීවල සාමාන්‍යයෙන් මහත් වේදනාවක්ද?

මිනීවලේ වේදනාව විවිධ ආකාරයෙන් සිදුවේ. එය යකඩවැනි (ලොකු)මිට්යෙන් පහර දීම, ඔහුගේ මිනීවළ අන්ධකාරයෙන් පිරිම, නිරයේ ඇතිරිල්ලක් ඔහුට දිගහැරීම, නිරයේ දොරටුවක් ඔහුට ඇරීම යනාදියවේ. දාසයා මුඃමින් වන්නේනම්, ඔහු මිනිවළයෙහි දයාව ලබයි. එනම් ඔහුගේ මිනීවළ විශාල කෙරේ එය ආලෝකයෙන් පිරේ, ස්වර්ගය කරා ඔහුට දොරටුවක් විවෘතවේ, එමගින් ඔහුට සුගන්ධය ලැබේ, ස්වර්ගයේ ඇතිරිල්ලක් ඔහුට දි්ගහැරේ.මෙසේ දාසයා කාෆිර් හෝ මුනාෆික් වන්නේද, වේදනාව ස්ථීරයෙන් පවති. දාසයා පාපකාර මු:මින් වන්නේනම්, එවිට ඔහුගේ පාප ක්‍රියාවන්ට අනුව වේදනාවන්ද වෙනස්වේ.

අවසාන දිනය පටන්ගැනීම :-

ඉස්රාපීල්  නැමැති මලායිකාවරයා පළමු නළාව පිඹීමෙන් පසු මෙය ආරම්භවේ මෙම මලායිකාවරයා අල්ලාහ් අණ ලැඛෙණ තුරු බලාසිටියි සිනහවක් නොමැත. දෙවියන්ගේ අණ ලැඛෙන තුරු බලාසිට්යි මෙයින් දින ආසන්න බවට වැටහේ

තවද මුහම්මද් (සල්) තුමාගෙන් මෙසේ පැවසුවේය.ඉර උදාවන දිනයන් අතර සිකුරාදා දිනය ඉතාමත් වැදගත් හා විශේෂත්වය ඇති දිනයකි.ආදම් (අලෙයි) තුමා නිර්මාණය කරන ලද්දේද එතුමා ස්වර්ගයට පිවිසියේද එතුමාව එයින් පිටමන් කලේද එම šනයෙහිය.අන්තිම පැය සිදුන්නේද සිකුරාදා මිස නොවේ﴿.(මුස්ලිම්)

භූමියෙහි ඇති සියල්ල අනිවාර්යෙන්ම විනාශවන්නේය. ඉතාමත් ගෞරවයෙන් හා ආඩම්බරයෙන් යුතු ඔබ හිමි පමණක් (විනාශ නොවී ) සදාපවතින්නේය.﴿ (අර් රහ්මාන් 55 : 26-27)

﴾මුහම්මද් (සල්) නබි තුමාගෙන් මෙසේ  පැවසුහ.අල්ලාහ් මුලු ලෝකම අතෙහි අල්ලා ගනී. මුලු අහස් තලයම දකුණු අතේ අකුලා ගනී. ඉන් පසු පවසයි මම රඡු මේ ලෝකයේ රඡවරු කොහේද?﴾ (අල් බුහාරි)

සූර් නළාව පිඹීම:

ඉස්රාපීල්  නැමැති මලායිකාවරයා පළමු නළාව පිඹීමෙන් පසු මෙය ආරම්භවේ. මෙම මලායිකාවරයා සිනහවක් නොමතිව අල්ලාහ්ගේ අණ ලැඛෙන තුරු බලාසිටියි. මෙයින් දින ආසන්න බවට වැටහේ නලාව පිඹින්නේ ඉස්රාෆීල් බව අපි දනිමු. අල්ලාහ් ඔහු නිර්මාණය කල මොහතේ සිට ඔහු හොරණෑව පිඹීමට සූදානම් වී සිටී, යනුවෙන් මුහම්මද් (සල්) නබි තුමාගෙන් වාර්තා වී ඇත, තවත් වාර්තාවක ඔහුගේ ඇස් කිසි දිනක පිය නොවේ. ඔහු අල්ලාහ් වෙත නෙත් යොමු කර සූදානම් වී අල්ලාහ්ගේ අණය එන තෙක් බලා සිටී. ඔහුගේ ඇස් පිය වුවහොත් එය අරින්නට පෙර අල්ලාහ්ගේ අණ පැමිණේ යන බියෙන් සිටී. ඔහුගේ ඇස් දෙක දීප්තිමත් තරු දෙකක් මෙන්ය.

සූර් පඹිනු ලබන්නේය අල්ලාහු සිතූ අය හැර අහස්හි අයද පොළවෙහි අයද මැරන්නෝය නැවත වරක් සූර් පිඹීනු ලැබුවහොත් එවෙලේම ඔවුන් සියල්ල(පණ ලැබී) නැගිට ඉදිරිය බලා සිට්න්නෙහුය﴿ (සූරා අස් සුමර් 39 : 68 )

එහි (පොලොවේ සියලු දේ නසින්නේය (විනාශ වන්නේය) එහෙත් අති ශ්‍රේෂ්ඨි වු ඔබගේ අධිපතියාගේ මුහුණ සදාකාලිකව පවති﴿(අර් රහ්මාන් 55:26-27)

මෙදින රඡය කාහටද? (අල්ලාහ්ම ඔහුගේ ප්‍රශ්නයට පිළිතුරු දේ) බලහත්කාර අල්ලාහ්ටමයි (අල් මුඃමිනූන් – අල් ආෆිර් 40:16)

 දෙවැනි වතාවට සූර් නළාව පිඹීම:

ඉස්රාෆීල් යන මලාඉකවරයා හොරණැව (නලාව) දෙවතාවක පිඹී. පළමුවන වතාවට සියලු නිර්මාණයන් විනාශ වී යයි. දෙවැනි වතාවට පිඹින කල සියලු  මිනිසුන් ඡින්වරු සතුන් පුනරුථානය වේ.

දෙවන වතාවට සූර්නළාව පිඹිනු ලැඛෙන විට. සියල්ලම නැවත පණගන්වයි. අල්ලාහ් මිනිසුන් නැගිටටවීමට අදහස් කරනවිට ඔහු සූර් පිඹීමට  ඉස්රාෆීල් මලක් වරයාට පණ දෙයි. එතුමා දෙවැනි වරට සූර් හි පිඹියි. එවිිට අල්ලාහ් සියලු මැවීම වලට පණ ලබා දෙයි . මෙය සත්‍ය ‏විශ්වාස නොකරන්නන්ට විශාල පුදුමයකි. නියත වශයෙන්ම නබි වරුන්ගේද (වක්තෘවරුන්ගේද) පරිත්‍යාශීලින්ගේද දේහයන් පොලොව විනාශ නොකරයි මිනිසුන් පථමයෙන් පාවහන් නොපැළද, නිර්වස්ත්‍රව හා කත්නා- (චර්ම ෙජ්දනය ) නොකළඅල්ලාහ් මැවු සේ ඔවුන් තම මිනීවළෙහි සිට පිටත්වෙති.

2- නැවත දෙවන වතාවට සූර්නලාව පිඹිනු ලැබේ සියල්ලම නැවත පණගන්වයි දෙව්යන්ගේ පොරන්දුවේ සත්‍ය ‏විශ්වාස නොකරන්නන්ට විශාල පුදුමයකි

ඔවුහු පුනුරුත්ථාන කරනු නොලබන්නෝ යයි ප්‍රතික්ෂේප කරන අය කියති. නොඑසේ මහිමිගේ නාමයෙන් සපථය තොපි පුනරුත්ථාන කරනු ලබන්නහුමය. එව්ට තොප කරමින් හුන් දැය ගැන තොපි දැනුම් දෙනු ලබන්නහු මය එය අල්ලාහුට ලෙහෙසිය.﴿  ( සූරා 64 : 7 )

ඔහු නිර්මාණ කරනු ලද බව අමතක කරු ඔහු අපට උපමාවක් ගෙනෙන්නේය.එය දිරා ගිය කල්හි ඇටවළට ජීවය කවරෙක් දෙන්නේද දැයි ඔහු කියන්නේය.﴿ (යාසීන් 36 :78 )

අල් බඅස්(පුනුරුත්ථානය):

හොරණෑව පිඹිනු ලබන දින අල්ලාහ් සිතු කෙනෙකු හැර අහස් හි අයද පොලොවහි අයද බියෙන් නැති ගන්නෝය. අපි මෙදින එම අඬගෑම නිසා ඉමහත් බියෙන් සිට්න කල පොලොව  පැලී අපි මිනිවලෙන් දූවිල්ලෙන් වැසී පිටත් වේ. අපේ ඇස් පිය නොහෙලා පුදුමයෙන් බලා සිටී. අපේ ශරිරයන් ආවරණයක් නොමැතිව පාවහන් නොමැතිව නින්දාවට පත්වී තනිව සිටී. කල්පනා කර බලන්න අපි එදින කිසි කෙනෙක් නොමැතිව තනිව ඉමහත් බයෙන් සිටී. මෙම සිද්දිය හිතේ මවාගෙන කල්පනා කරන්න. ඉමහත් ශෝකයට පත්වී සිටී.

නැවත කවර කලෙක හෝ) සූර් නැමති හොරණැව පිඹිනු ලැබුවහොත් එවලේම ඔවුන් සොහොන් වලින් ඉකුත් වී තමන්ගේ හිමි වෙත වේගයෙන් දිව එන්නේය තවද අහෝ අපගේ ශෝකයයි අපව අපගේ (සොහොන්වන)නිදන ස්ථානයන්ගෙන් නැගිට්ටේව්වේ කවරෙක්ද යි විමසන්නෝය﴿ (36:51-52)

එය නැවත වරත් සූර් පිඹිනු ලබන්නේය. එවිට ඔවුහු නැගිට බලා සිට්න්නේය﴿. (අස් සුමර් 39:68)

 (සොහොන් වල) සමීපයෙහි (සිට්මින් මරණයට පත්වුවනි නැගිට්නු යි) ආරාධනා කරන්නන් ආරාධනා කරන දින ඇත්තෙන්ම (මලාඉකාවරුන් ඔවුන්ව එළවීමට )ඇත් කරන  ඉමහත් ශබ්දය අසන දින එය (මරණයට පත් වුවන්ව සොහොන් වලින් )ඉකුත් කරන දින (නබියේ මේ ගැන ) ඔබ සවන් දෙනු ඇත්තෙන්ම අපි පණ දෙන්නෙමු මරණයටද පත් කරන්නේමු අප වෙතම (සියල්ලන්ම) පැමිණිය යුතුව ඇත්තේය. (මරණයට පත්වුවන්ව ආවරණය කරමින් සිට්න) භූමිය ඉතාමත් තීවෘරව(පුපුරා)ඔවුන්ගෙන් ඈත්වන දිනයද (අවදානයෙහි තබනු)එයයි (විනිශ්චය සඳහා සියල්ලන්වම )  එකරාශී කරන දිනය  (50:41-43)

  • මෙම පොලොව පැලී (පිපිරි)එයින් ප්‍රථමයෙන් පිටත් වන්නේ නබි මුහම්මද් (සල්) තුමාය.

මම මනුෂ්‍යන් අතරින් උතුම් මනුෂ්‍යා වේ. පොලොව ප්‍රථමයෙන්  මට පිපිරේ. මම ප්‍රථමයෙන් නිර්දේශ කරන අතර නිර්දේශය අල්ලාහ් විසින් පිලිගනු ලැෙබි﴿ (මුස්ලිම්)

තවත් හදීසයක්

සූර්නලාව පිඹීමෙන් පසු  ප්‍රථමයෙන් හිස ඔසවන්නේ මමයි. එවිට මම මූසා නබි තුමා අල්ලාහ්ගේ සිංහාසනයෙන් ඒල්ලී සිටිනවා දකී. ඔහු මුලුකාල සීමාව තුල එසේ සිට්යාද නැතහොත් නලාව පිඹීමෙන් පසු එසේ සිටියාද යන්න මම නොදන්නෙමි. ﴿ (අල් බුහාරි )

නියත වශයෙන්ම ඔවුන් තම අරමුණ වෙත ශීඝ්‍රයෙන් යන්නන් සේ එදින සොහොන්වලින්  ශීඝ්‍රයෙන්  පිටත් වේ. ඔවුන්ගේ බැල්ම බිම් බලා තිබේ. නින්දාව ඔවුන් පිරිවරා (වටා) ගෙනේ මෙය ඔවුන්ට පොරොන්දු  වු දිනය වේ﴿.(අල් මආරිඡ් 70: 43-44)

﴾(එදින) ඔවුහු ගෙල දිගුකොට ඔවුන්ගේ හිස් ඔසවා ගෙන ඔවුන් ඉදිරිපිට තිඛෙන කිසිවක් නොපෙනෙන ආකාරයෙන් ආයාගත් දෑසින් භීතියෙන් යුතුව දුවති.තවද ඔවුන්ගේ මනස (සම්පූර්ණයෙන්ම ) හිස්ය.﴿ (ඉබිරාහීම් 14:43)

තවද සූර් හි  පිඹින ලද්දේද ඔවුන් වහාම මිනිවලෙන් පිටත්ව තම දෙවියා කරා ශීඝ්‍ර වෙති.﴿ (යාසින් 36: 51)

   ﴾ සියලු මනුෂ්‍යයින් නිර්වස්ත්‍රයෙන් පුනරුථානය කිරිමෙන් පසු ඔවුන් ආවරණය කරනු ලැබේ. ධර්මිෂ්ට අය ප්‍රථමයෙන් යහපත් උදාර (උසස්) ඇඳුමෙන්ද නපුරු  අය හා  ප්‍රතික්ෂේ්පකරුවන් ගින්නෙන් ආවරණයකින් අඳවනු ලෑබේ. පලමුවෙන් පළඳවනු ලබන්නේ ඉබ්රාහීම් (අලෙයි) තුමාය﴿( බුහාරි )

අල් හෂර්

සමාධි වලින් නැගිට්ටවූ පසු එක් රැස්වන ස්ථානය මෙනමින් හැšන්වේ එහි පැමිණෙන අය මොවුන් සියල්ලම එක්රැස් කරන (මොවුන්ගෙන්) සාමානයන් තබා අදහන්නන්ගෙන් ඔබගේ දෙවිවරු යයි කුමක් (මනක්කල්පිතව) නැමදුම් කරගෙන සිටියේද ඒවා කොහේදැයි අපි විමසන්නනෙමු﴿ (6 : 22 )

  • නිර්වස්ත්‍රව
  • පාවහන් නොපැළදූ ආකාරයෙන්
  • සුන්නත් (චර්ම ෙ‏ඡ්දනය ) නොකළ අයුරින්

රසූල්ල්ලාහි (සල් )තුමා පවසන් තමාට ඇසිණැයි ආඉෂා (රදි)තුමිය මෙසේ වාර්තා කළාය කියාමත් දවසේ ජනයා හිස් කකුලෙන් නිර්වස්ත්‍රව හා හත්නා කරණු නොලැබ යළි නැගිටුවනු ලැබ එක් රොක් කරනු ලබති. මම කීවෙමි යා රසූලුල්ලාහ් පිරිමි හා ගැහැණු එක්ව සිටිත්ද? ඔවුනොවුන් බලා ගන්ත්ද ? එතුමා ආයිෂා තත්වය කොතරම් බිහිසුණු දැයි කිවහොත් ඔවුනට එකිනෙකා බලාගත නොහැකි වනු ඇත﴿. (බුහාරි මුස්ලිම්)

එක්රැස්වීමේ ප්ටිය ( අල් මහ්ෂර් ) පුනරුථානය දිනයේ පොළෝ තලය.

එ දින පොළොව වෙනත් පොළෙවකට මාරු කරනු ලැබේ. අහස්ද මාරු කරනු ලැබේ. ඔවුහු (සියලු ප්‍රාණීන් )බලහත්කාරවු එකම අල්ලාහ් ඉදිරියට පැමිණ﴿ (ඉබ්‍රරාහීම් 14:48)

නබි මුහම්මද් (සල්) තුමා පුනරුථනය දිනයේ මිනිසුන් රතු සහිත සුදුපොළොවක (පොළෝ තලයක) එක්රැස් වී තිබේ. ශුද්ධ වු පාන් ගෙඞ්යක් (පිරිසිදු සියුම් පිට්වලින් හදනලද )මෙන්ය. එම පොළොව මත කිසිම සලකුණක් නැත.﴿ ( අල් බුහාරි – මුස්ලිම්)

ඉහත කීවා මෙන් පොළොව වෙනත් පොළොවකට මාරුවී එහි කිසිම ඝාතනයක් සිදු වී නැත.  පව් සිදුවී නැත. එය ගස් හෝ කඳූ වලින් තොරව පැතිරී තිබේ.

එම දිනයේ පොළොවේ හා කඳූවල තත්වය:

එම දිනයේ හොරණෑවෙන් පසු අහසෙහි හා පොළෙවෙහි සිට්න සියල්ල අධික භියට පත්වේ. අල්ලාහ්ගේ අනුමැතිය ලබාගත් අය හැර. සියලු දෙනාම නිහතමානි වී අල්ලාහ් වෙත පැමිණේ

ඔබ දකින කදු ඉතාමත් ස්ථීරව ඇත්තේය යයි ඔබ සිතන්නෙහුය (එහෙත් එදින)ඒවා වළාකුලු මෙන් (අහස්හි) පාවෙන්නේය සෑම දෙයක්ම ස්ථීරකර අල්ලාහ්ගේ කලාවට අනුවට (එසේ සිදුවන්නේය) ඇත්තෙන්ම ඔහු ඔබ කරමින් හොදින් දැනුවත්ව﴿ (අන් නම්ල් 27:88)

පොළෙව  කඳූන් සමග තැන්පත් ස්ථානයෙන් ඉවත් කළ එක පහරකින් සුනු විසුනු කරනු ලබන්නේය﴿ (අල් හාක්කාහ් 69:14)

﴾එම දිනැ භූමිය හා කඳූ ප්‍රචණ්ඩ ලෙස කම්පාවේ. තවද කඳූ විකිරෙන වැලි බවට පත්වන්නේය﴿. (අල් මුසම්මිල් 73:14)

  • යමෙකු ඉහ්රාම් පැලඳගෙන සිට්න කල මිය ගියේනම් ඉහ්රාම් ඇඳූම සමග පුනරුථානය වේ.

ඉබිනු අබ්බාස් (රදි) ගෙන් වාර්තා වී  ඇත. මිනිසෙක් නබි තුමා සමග (හඡ් ඉටු කිරීමට අරෆාත් හි සිටින කල ඔහු අසු පිටින් වැටී මිය ගියේය. එ විට නබි මුහම්මද් (සල්) තුමා මිනිය ඡලයෙන් හා සිද්ර් සමග සෝදා ඉහ්රාම් රෙද්දෙන් ඔතා සුවඳ විලවුන් නොතවරා ඔහුගේ හිස අනාවරණය කර නොතබන්න. ඔහු පුනරුථානය දිනයේ ලබ්ඛෙයික් පවසමින් එයි. යනුවෙන් පැවසුහ﴿ ( බුහාරි)

තවද දිවි පුදන්නා පුනරුථානය දිනයේ තමාගේ තුවාල සමග පුනරුත්ථානය වේ. තුවාල රතු පාටට හා කස්තූරි සුවඳ සහිත වේ﴿.( මුස්ලිම් )

අප කදු ගමන් කිරීමට සලස්වන දිනයේ මහපොළව (මුලුමනින්ම) පාලු එළිමහණක් ලෙස නූඹ දකිනු ඇත.තවද අපි ඔවුන් (සියලු දෙනා) එක්රැස් කරන්නෙමු .එවිට ඔවුන්ගෙන් කිසිම කෙනෙකු අපි අත්නොහරින්නෙමු﴿. ( අල් කාෆ් : 47)

අල්ලාහ්ට සියලු පරම්පරාවන් එක්රැස් කිරීමට හැකිවේ. ඔවුන් භූමි කම්පාවෙන් මිය ගියේද සතෙක් හානි කලේද මුහුදේ ගිලුනේද සියලුදෙනා ඒ දින එක්රැස් කෙරේ.

ඔබ කොහේ වුවද  අල්ලාහ් ඔබ සියල්ලෝම (අන්තිම දිනෑ) රැස් කරන්නේය. ඇත්තෙන්ම අල්ලාහ් සියලු දේ කෙරෙහි බලසම්පන්නය.﴿ (අල් බකරා 2:148)

මන්දයත් අහස්හිද භූමියෙහි ද සියලු දැය රහ්මාන් වෙත වහලුන් වශයෙන්ම පැමිණෙන්නෝය  ඔහු ඔවුන් හාත්පසින් දන්නේය. තවද ඔහු ඔවුන් යථා ලෙස ගණන් ගෙන ඇත්තේය. ඔවුන් සියලු දෙනාම ඔහු වෙතට (උදව් කරුවෙක් ආරක්ෂකකරුවෙක්  විත්ති කරුවෙක් නොමැතිව එක්ළාව එති. (මර්යම් 19: 93-95)

සියලුසත්වයින්ද එදින එක්රැස් කෙරේ:

භූමියෙහි ඇවිදින කුමන ප්‍රාණීන් වුවද අහසෙහි තම පියාපත් දෙකෙක් ඉහිලෙන කුමන  පක්ෂීන් වුවද ඔබ වැනි සමූහයන් මිය නැත. අපි පුස්තකයේ කිසිදෙයක් (නොලියා) නොහැරියෙමි. ඉන්පසු (ඒ සමූහයෝ  ඔවුන්ගේ ස්වාමිනි වෙතම එක්රැස් කරනු ලබන්නේය.﴿ (අල් අන්ආම් 6:38)

අල්ලාහ්ගේ සෙවනැල්ල හැර අන්කිිසි සෙවනැල්ලක් නොමැති එම දිනයේ ඔහුගේ සෙවනැල්ල ලබන අයද සිට්ති. නබි මුහම්මද් (නබි)තුමා මේ ගැන මෙසේ පවසන්නේය.

අල්ලාහ්ගේ සෙවන (අසිපත ) ලැඛෙන කණ්ඩායම් 7:

  • යුක්ති ගරුක නායකයා ඕනෑම නීතිපතියෙක් නායකයෙක් මව පියා
  • කුඩා කලසිටි දෙවියන්ට අවනතව ජීවත් වූ පුද්ගලයා
  • සලාතය සදහා මස්‎‎ජිදය කරා පිය නැගූ මිනිසා
  • රූමත් හා බලවත් ළදක් ආරාධනා කළත් අල්ලාහ් බිය පවසා ඇයගේ උගුලට නොහසු   වූ පුද්ගලයා
  • අල්ලාහ් තාආලා වෙනුවෙන් මඇසුරට පත්ව  එක්ව සිටි දෙදෙනකු
  • දේවච්න්තනයේදී කදුලු සෙලීම ( හුදකලාවේ සිට අල්ලාහ් මෙනෙහි කරමින් කදුලු වැගුරූ  පුද්ගලයා )
  • රහස් ගතව දන්දුන් පුද්ගලයා (මිනිසා තම දකුණතින් පිරිනමන දෙය වමතට නොදැන ( මුස්ලිම්)

රසුලුල්ලාහි (සල්) තුමා පවසනු තමාට ඇසුණු යැයි අබූ සඊද් හුද්රි (රදි)තුමා මෙසේ වාර්තා කළහ කියාමත් දවසේ මගේ රබ් ස්වකීය පරම පාදය ප්‍රදර්ශනය කරනු ඇත එවිට  සියලුම පිරිමි හා ගැහැණු  මුඃමින්හු ඔහු හමුවේ සජ්දාහ් කරති එහෙත් හුදෙක් ප්‍රදර්ශනය  හා ප්‍රසිද්ධිය සදහා සලාත්හි නියලුණු අය සජ්දාහ් කරති එහෙත් හුදෙක් ප්‍රදර්ශනය හා ප්‍රසිද්ධිය සදහා සලාත් නියලුණු අය සජ්දාහ් කිරීමට තැත් කළත්   එය ඔවුන්ට කළ නොහැකි පමණට ඔවුන්ගේ පිට කොන්ද තැටීයක් මෙන් නො ඇදෙන සුලු බයට පත්වේ (බුහාරි මුස්ලිම්)

අවසාන දින මැදහත්වීම ලබාගත හැකිඅය:

u-නබිවරු සහ ඔවුන්ගේ පෙළපතින්

vපූජනීය යුද්ධ(ජිහාද්)ඉටුකළඅයගේ පවුල්වලින් 70 ක්

w-කුඩාකළ මිය ගිය දරුවන් දෙවව්පියන් වෙනුවෙන්

❹-මලායිකාවරුන්

❺-සත්‍ය විශ්වාසවන්තයන්

❻-උගත් පඬ්වරු

❼-බිදක්හෝ(කුහුබුවකුගේ) ප්‍රමාණයෙන් අල්ලාහ් තාආලා විශ්වාස කලඅය අපාගින්නෙන් මුදවීම

විනිශ්චය දවසේ සාක්ෂිරුවන් ලෙස මැදිහත්වන්නන්:

  • සටහන් කළ ග්‍රන්ථ
  • ශරීරයේ සියලුම අවයව්
  • මහ පොළව

මෙදින අපි ඔවුන්ගේ මුවෙහි හස්මුදු තබමු ඔවුන්ගේ අත් අපට කථා කෙරෙති ඔවුන්ගේ පාදයෝ ඔවුන් සැපයූ දැය ගැන සාක්‍ෂි දරත්﴿(සූරාව 36 :65 )

කෙලින්ම ස්වර්ගයට ඇතුල්වන අය:

  • දෙවියන්ගේ මාර්ගයේසටන්කළඅය(ජිහාද්)
  • ඉවසිලිවන්නයන්
  • නබිතුමාගේ සමාජයෙන් 70 000ක්

අල් හව්ද් (පොකුණ):

එය විශාල පොකුණකි එය අල්ලාහ් විසින් මුහම්මද් (සල්) තුමාට පිරිනමන ලද්දකි අවසන් මහා විනිශ්චය දිනයේදී එයට සහභාගිවන්නේ එතුමාගේ පරම්පරාවයි මුහම්මද් (සල්) තුමාගේ මගපෙන්වීමෙන් ඉවත්වන අයට එය තහනම්ය එම පොකුණේ වතුර කිරීවලට වඩා සුදුය පැණිවලට වඩා රසය එහි කෝප්ප අහසේ තරුමෙන් විශාල සංඛ්‍යවකි එහි දිග ඹාසයක ගමනක දුරය පළලද එසේම එය දැනටමත් පවති එයින් දිය පානය කළ යමෙකුට නැවත කිසිදිනෙක පිපාසයක් නොදැනෙන්නේය

රසූලුල්ලාහ් (සල්) තුමා පැවසූ බවට අබ්දුල්ලාහ් බින් උමර් (රදි) තුමා මෙසේ වාර්තා කළහ මගේ තටාකයේ දිග මාසයක දුර අහුරන දිගට සමාන වේ එය චතුරශ්‍රාකාරවේ එහි ඇති ජලය කිරිවලටත් වඩා සුදු පැහැතිවේ කස්තූරි වලටත් වඩා සුවදවත්වේ එහි ඇති බදුන් අහසේ තාරකාවන්හි සංඛ්‍යාවට සමාන වේ මෙයින් ජලය පානය කරන්නාට කිසි දවසක පිපාසය නොදැනෙන්නේය﴿(බුහාරි මුස්ලිම්)

රසූල්ල්ලාහ් (සල් ) තුමා පැවසූ බවට සුහයිල් බින් සඃද් (රදි) තුමා මෙසේ වාර්තා කළහ : මම ඔබට පෙරාතුව තටාකයට යන්නෙමි වෙමි තවද මා පසු කොට යන අය (එයින් ) පානය කරනු ඇත (එයින්) පානය කරන ඇත එයින් පානය කරන අයට කිසිම දාක පිපාසය නොදැනේ දනෝ මා පසු කොට යා යුත්තාහ මම ඔවුන් හදුනා ගන්නෙමි ඔවුහු මා හදුනා ගන්නෝය එවිට ඔවුන් හා මා අතරට යම් කිසිවක් පැමිණෙන්නේය ඔවුන් මගේ අනුගාමිකයන් යැයි (ඔවුන් මා වෙතට එත්වා ) මම පවසමි (ඊට ඵිළිතුරු වශයෙන් ) ඔබට පසු ඔවුන් කුමක් කළාදැයි ඔබ නොදන්නේනෙහි කියැවේ එම නිසා මම මගෙන් පසු වෙනස් වූවන් මා කෙරෙන් ඉතා ඈත් වෙත්වායි පවසමි﴿    (සහීහ් අල්බුහාරි)

විශේෂ නිර්දේශය:

ඔබගේ හිමියා ඔබ ප්‍රශංසනීය ස්ථානයකට ආරෝහරණය කරනේය (පුනරුත්ථානය දිනයේ නිර්දේශ කිරීමේ ගෞරව පදවිය﴿ (අල් ඉස්රා 17:79)

තවද හදීසයකද ඉබ්නු උමර් (රදි) සහායකයාගෙන් වාර්ථා වී ඇත. පුනරුත්ථාන දිනයේ මිනිසුන් තම දණහිස් මත වැටේ. ඉන්පසු සෑම ඡාතියන් තමා වන්දනාමානය  කල නබි(සල්) තුමා සමග යයි. යා රසූල් අපි වෙනුවෙන් නිර්දේශ කරන්න. යනුවෙන් අසා සිටී. ඉන්පසු නිර්දේශ කිරීමේ අයිතිය නබි මුහම්මද් (සල්) තුමා වෙත පවරයි. එ දින  අල්ලාහ් ඔහු ප්‍රශංසනීය හා උසස් තත්වයකට ආරෝහරණය කරනු ලැෙබි. ( අල් බුහාරි)

අල්ලාහ් සියලු මිනිස් පරම්පරාවම එදින එකට මහා පිට්යක එක්රැස් කරන්නේය. කලින් ආ පරම්පරාවන්ද පසුව ආ පරම්පරාවන්ද එකට රැස්කර එකට රැස්කර නිවේදනය (ප්‍රකාශ) කරන්නාගේ හඬ සියලු දෙනාටම ඇසෙන අතර බලා සිට්න්නාට සියලු දෙනාම එක වරේ පෙනේ, ඉර මැවිල්ලයන් සමිපව සිටී. එහි දීර්ඝ කාලයක් රැඳී සිට්න අතර ප්‍රශ්න කිරීම හා තීන්දු කිරීම අපෙක්ෂා කරමින් සිට්ති. ඔවුන් අධික ඌෂ්නයෙන් හා අසීරුතාවයෙන් සිටී. ඔවුන් අපේ තත්වය බරබතලයි. අපි වෙනුවෙන් අධිපති සමග නිර්දේශ කිරීමට කවරෙක් ඇත්ද?එ අවස්ථාවේ මිනිස් පරම්පරාව තමන් වෙනුවෙන් නිර්දේශය කිරීම සඳහා සමහරු දුතවරුන් වෙත යයි. අවසානව නබි (සල්) තුමා මෙය පිලිගෙන අල්ලාහ්ගේ අර්ෂය යට සුඡූද් කරයි. ඉන්පසු අල්ලාහ් මට පහල කල පරිදි මම අල්ලාහ්ට සුඡූද් කරන්නෙමි. මට පෙර කිසිවෙකුට පහල නොකරන ලදී. ඉන්පසු අල්ලාහ් යා මුහම්මද් ඔබේ හිස ඔසවන්න. ඔබ අයදින්න. එය ඔබට ලැබේ.  ඔබ නිර්දේශ කරන්න.එය පිළිගෙනේ. යනුවෙන් පවසන්නෝය. ඉන් පසු මම හිස ඔසවා දෙවියනේ මගේ අනුගාමිකයන් මගේ අනුගාමිකයන් යනුවෙන් පවසන්නේය

  • ආදම්  (අලෙහි) සලාම්
  • නූහ්  (අලෙහි) සලාම්
  • ඉබ්‍රාහීම්  (අලෙහි) සලාම්
  • මූසා (අලෙහි) සලාම්
  • ඊසා  (අලෙහි) සලාම්
  • මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්)

යා අල්ලාහ් පූර්ණවූ මෙම සලාතයේ රක්ෂකයාණෙනි එහි ආශිර්වාදයෙන් මුහම්මද් නබි (සල්) තුමාට  මැදහත්ව්මේ වරප්‍රසාදයද කීර්තියද ස්වර්ගයෙහි උසස්තම පදවියද ශ්‍රේෂ්ටත්වයද  පිරිනමනු මැනව තවද ඔබ විසින් ප්‍රතිඥා කළාවූ ප්‍රසංශනීය ස්ථානයට උන්වහන්සේ පමුණුවනු  මැනව,, (බුහාරි)

ඒ දවස ඔවුන්ගේ දිව දොහත සහ දෙපා ඔවුන්ට එරෙහිව ඔවුන් කළ ක්‍රියාවන් ගැන සාක්‍ෂි පවසනු ඇත එදින සාධරණ ලෙස ලැබිය යුතු දෙය අල්ලාහ් ඔවුන් ට පිරිනමණු ඇත ඇත්තෙන්ම අල්ලාහ් ඇත්ත හෙළි දක්වන බව ඔවුහු දැන ගනිති﴿ (24: 24-25)

අල් හිසාබ්:

ස්වර්ගයට ඇතුලු වීමට අපගේ යහකිරියා පමණක් ප්‍රමාණවත්නොවේ එය දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රශංසාව ලබාගැනීමටඑබැවින් කවුරුන් හෝ එක් අනු ප්‍රමාණයක පිණක් හෝ කර තිබුණහොත් ඔහු (එහිදී)එයද දැක ගන්නේය (එසේම)කවුරු හෝ එක් අනු ප්‍රමාණයක හෝ පවක්කර තිබුණහොත් එයද ඔහු (එහිදී)දැක ගන්නේය﴿ (99:7-8)

කවුරුන්ට තමන්ගේ ක්‍රියාකාරකම් ලේඛණය තම දකුණතට දෙනු ලබන්නේද ඔහු (ඉතා සතුටින් එය අන්අයට) මෙන් මාගේ ක්‍රියාකාරකම් ගේඛනය මෙය කියවා බලනු යැයි විශ්වාස කළෙමියි යයිද කියන්නේය﴿ (69: 19-20)

අල් මිZසාන් (තරාදිය):

අවසන් මහා විනිශ්චය දිනයේදී මිනිසාගේ කී්‍රයාවන් කිරා බැලීමට තරාදිය තබනු ලැබේ එය සැබෑ පැති දෙකක් සහිත තරාදියකි එහි දිව්‍ය සාධාරණත්වය පුරවා ඇත යමෙකුගේ හොඳ කීරියා නරක කීරියා අභිබවා යන්නේද හෙතෙම භාග්‍යවන්තව ඡන්නාවට යන්නේය එසේම යමෙකුගේ නරක කී්‍රයා හොඳ කී්‍රයා අභිබවා යන්නේනම් ඔහු දුක්බිතව නිරා ගින්නෙහි වද විඳින්නේය අල්ලාහ් මෙසේ පවසයිඃ

සෑම කෙනෙකුගේම හොඳ සහ නරක) එදින කිරා බැලීම නියතය එබැවින් කවුරුන්ගේ (හොඳ)පැත්තේ බර වැඩි වන්නේද ඇත්තෙන්ම ඔවුන් ඡයග්‍රහණය කරන්නෝය කවුරුන්ගේ(හොඳ පැත්තෙහි) බර අඩු වී සැහැල්ලුව ඇත්තේද ඔවුන් අපගේ ආයාවන්ට වෙනස්කම් කළ බැවින් තමන් තමන්ටම අපරාධ කළවුන් වන්නෝය﴿ (7:8-9)

අපි පුනරුත්ථාන දිනයේ සාධාරණ තුලාවක් ස්ථාපනය කරන්නේමු. කිසිවෙකු කිසි අන්‍යාය නොකරනු ලබන්නේය. අබ ඇටයක බරක්වුවද අපි එය ගෙන හැර පාන්නෙමු. ගණන් ගැනීමෙහි අපි ප්‍රමාණවත්ය﴿, (අල් අන්බියා 21:47)

කවුරුන්ගේ (හොඳ කීරියාවන්හි )බර වැඩි වන්නේද ඔහු සෑහීමට පත්වුණු ඡීවිතයෙහි (සැපසේ) ඡීවත් වන්නේය කවුරුන්ගේ (හොඳ කීරියාවන්හි )බර අඩු වී (පාපයන්හි බරවැඩි වී ) වන්නේද ඔහු හිමි ස්ථානය හාවියාය (නිරා ගින්න) (101:10-11)

අස්සිරාත් (පාලම):

අස් සිරාත් යනු අපායට ඉහලින් තිඛෙන පාලමකි. මෙහි කොකු සහ කටු තිබේ. එය කඩුවකට වඩා මුවහත් වන අතර කෙස් ගසකට වඩා සිහින්ය. එහි සෑම පැත්තකම කොකු ඇත. මුලු මිනිස් වර්ගයාම මෙම පාලම තරණය කරන්නේය උතුම් වූ අල්ලාහ් මෙසේ පවසයි

නමුත් අපි පාරිශුද්ධ වුවන් ෙබිරා ගන්නේමු අපරාධකරුවන් (ඔවුන්) දණින් වැරිට් සිට්න්නන් වශයෙන් ඔහි තල්ලු කර දමන්නේමු﴿ (19:71)

එම පාලමෙන් එතර වන ප්‍රථම භාග්‍යවන්තයා  මුහම්මද්(සල්) තුමාය ඉන්පසු විශ්වාස කරන්න්න්ය අනෙකුත් මුස්ලිම්වරුන් ආරක්ෂාව ඔවුන් විසින් උපයාගත් දේවල් මත රඳා පවති සමහරු එය ඇසිපිය හෙලන සැණෙකින් තරණය කරන අතර තව සමහරු විදුලි වේගයෙන්ද තවත් සමහරෙක් සුළඟ මෙන්ද සමහරු ඉක්මන් ගමනින්ද සමහරු ඇවිදින ආකාරයෙන්ද  සමහරු බඩගාමින්ද දණගාමින්ද එය තරණය කරනවා මෙන්ම අනෙක් අය අපායට වැටෙන්නේය

අල්ලාහ්ගේ ග්‍රන්ථයට සහ ඔහුගේ පණිවිඩකරුවාගේ (ෂ. අ. ව) සුන්නාහ්වලට වැඩියෙන්ම බැඳී සිට්න මුස්ලිම්වරුන් සිරාත් වේගයෙන්ම තරණය කොට ඡන්නාහ්වට ඇතුලු වන්නෝ වෙති. එවැනි විශ්වාස කරන්නන්ගේ කණ්ඩායමට අපවද ඇතුළත් කරන මෙන් අපි අල්ලාහ්ගෙන් අයැද සිට්මු.

අල් ඛන්තරා:සිරාතයෙන් පසු ස්වර්ගයට පෙර ස්ථානය මෙනමින් හැදින් වේ   සිරාතය හරහා යාමෙන් පසු දාසයා තමා හා ස්වර්ගය අතර කිසිම බාධාවක් නැතැයි සිතයි. නමුත් කන්තරා නැමැති පාලම දුටු විගස ඔහු පුදුමයට පත්වේ.කන්තරා යනු පාලම කුමක්ද?මුඃමින්වරු ප්‍රවේශමින් නිරයට ඉහලින් ඇති පාලම හරහා ගමන් කළ පසු තවත් පාලමක් ස්වර්ගය හා නිරය අතර පිහිටුවනු ලැබේ. එහි පිරිසක් අන් පිරිසක් මගින් පිලිගනු ලැබේ. යමෙකු තම සහෝදරයෙකුට කල අපරාධය සඳහා පිලිගෙන එය  ඔහු තෘප්තිවන්තෙක් සහ පාපයෙන් ශුද්ධ වන තෙක් ස්වර්ගයට පිවිසීමට නොහැක.නය කරුවෙක් නය නොගව්වහොත් අවසාන දිනයේ අය කරුවෙක් එයට සමාන තරමක්   තමාගේ යහපත් ක්‍රීයාවන් ගෙන් ගෙවිය යුතු වේ. එ දින දිනාර් සහ දිර්හම් මගින් ගෙවීමට නොහැක. යහපත් ක්‍රීයාවන් ගෙන් පමණයි.

  • ඔබගේ යහපත් ක්‍රීයාවන් නොසෑහේ නම් ඔහුගේ අයහපත් ක්‍රීයාවන් ඔබ මත පවරනු ලැබේ.

විනිශ්චය දිනයේ බංකොලොත්තු වු තැනැත්තා කවරෙක්ද යනුවෙන් මුහම්මද් (සල්) නබි තුමා තම සහයකයන්ගෙන් විමසුහ එවිට ඔහු විනිශ්චය දිනයේ සලාත්  zසකාත් සියාම් යන යහපත් ක්‍රීයාවන් සමග පැමිණ නමුත් මේ ලොවෙහි   අනුන් පිළිබද ඕපදුප තෙපලූවන්ය   කෙනෙකුට අපහාස කළේය කෙනෙකුගේ කීර්තියට හානිවෙන කථා පැතුරුවේය  ඉඩම් හා අයිතිවාසිකම් පැහැර හැරියේය ඝාතනය කළේය කෙනෙකුට පහරක් ගැසුවේය මේ නිසා  තම කුසල්වලට හිමිවන සමහරු ත්‍යාගයන් අහිමි වී ඔහු විසින් හානියට පත් වූ තැනැත්තාට පවරනු ලැබේ එම  කුසල් ප්‍රමාණවත් නොවේ නම් එම මනුෂ්‍යයාගේ අකුසල් තමා මත පටවා ගැනීමට සිදුවන්නේය ඉන් පසු ඔහු නිරයට විසිකරනු ලැබේ (මුස්ලිම්)

නිරය (ඡහන්නම):

මෙලොවෙහි අප නිර්මාතෘවරයාගේ නියෝග ත‍නාපිළිගෙන එය උදාසීන කර තම ච්ත්තාභිලාෂයට අනූකූලව සිය ඡීවිතය හැඩගස්වා ගත් පාපී කරුවන් හට පරලොවේ දී දරුණු වේදනාවලට  පමුණුවණු ලබන ස්ථීර නිවහන නිරයවේ සිය ච්ත්තාභිලාෂයට යටහත් වී ඉස්ලාම් ධාර්මික ප්‍රතිපත්ති පිළිගෙන දිවිය හැඩගස්වා නොගත් අයට ඔවුනොවුන් කළ පාකී්‍රයාවලට නිසි දඩුවම්  දෙවියන් විසින් ලබා දෙයි අයහපත් ගැත්තන්ව දෙවියන් විසින් නිරයෙහි කටුක වේදනාවටලක් කරනු ලැබුවා වුවද එහි ඔවුනට නොමැත එබැවින් ඡීවත් වීමටත් නොහැකි දිවිය නැති කර ගැනීමටත් නොහැකි ඉතාමත් භයන්කාර  තත්වයක පසුවන්නෝය. අල්ලාහුත්තආලා මෙසේ පවසන්නේය

තම දෙවියන් වෙත වැරදිකරු වශයෙන් පැමිණෙන තැනැත්තාට ඇත්තේ නිරයයි එහි ඔහු ඡීවත් වන්නේද නැත මරණයට පත්වන්නේද නැත﴿ (20:74)

﴾(අප) ප්‍රතික්ෂේප කළවුන් හට නිරා ගින්න ඇත්තේය ඔවුහු මරණයට පත්වන ලෙසට තීරණය(නියම)නොකරන ලදී එහි වේදනාව ඔවුනට පහසු කරනු ලබන්නේද නැත (අප) ප්‍රතික්ෂේප කරන සෑම කෙනෙකුටම පාසාම මෙලෙසින් ම වේදනා දෙන්නෙමු﴿ (35:36)

  • ලදා  –  හුතමා – ෂක්ර්  – සඊර්    – ඡහීම්     – හාවියා    – ජහන්නම්

 අපාය මහල් ප්‍රසාද හතකින් යුත්තෙකි සෑම මහලක්ම අනෙක් මහලට වඩා අසීරු වේදනා සහිතය එයින් සියලුම මහල්වලම තම තමන්ගේ ක්‍රීයාවන් අනුව වේදනාවට සුදුස්සන් සිට්ති  අල්කුර්ආන් මෙසේ පවසයි

ඔවුන් සියල්ලන් හට ම අවවාද කරනු ලැබු තැන නිරයයි එයට ද්වාර හතක් ඇත ඔවුනතුරෙන් ඛෙදන ලද එක් කොටසක් සෑම ද්වාරයකටම ඇත්තේය ﴿ (15:43)

අපාගත වුවන් හට පානය කිරීමට දෙනු ලබන බ්ම වර්ග:

﴾(මොවුහු) නිරයේ සදාකාලීනව පදිංච් වී බඩවැල් කෑලිවලට පත් කරවන උතුරන වතුර පොවන ලද්දා මෙන් අයද (47:15)

මෙලොවෙහි සිරකරුවන් විලංගු දමනු ලැබ රැගෙන යන ආකාරයෙන් ම විනිශ්චය දිනයේ දී නිරා වැසියන් විලංගු දමනු ලැබේ අල්කුර්ආන් මෙසේ පවසයි

﴾(අප)ප්‍රතික්ෂේප කරන්නන් හට දම්වැල් ද විලංගු ද නිරය ද පිළියෙල කොට ඇත්තෙමු﴿ (76:4)

නිරයෙහි දැවෙන ද්‍රව්‍ය වශයෙන් නරක මනුෂ්‍යයින් හා ගල් උපයෝගී කරගනු ලැබේ

විශ්වාස කළ අයවලුනි නුඹලා ව ද නුඹලාගේ පවුලේ අය ව ද නිරයෙන් ආරක්ෂා කරගන්නා එහි ඉන්ධන වනුයේ මනුෂ්‍යයින් හා ගල්ය එහි මත දරදඩුභාවය හා ක්‍රෑරභාවය ගෙන ඇති සූරදුතවරු සිට්න්නෝය තමුන් හට අල්ලාහ් නියෝග කළ දේ හි වෙනසක් නොකරන්නෝය නියෝග කළ දේ කරන්නෝය﴿ (66:6)

 ﴾තවද නුඹලා විසින් (මෙය)  කිරීමට නොහැකිම ය නුඹලා නොකළහොත් (නිරා) ගින්නට බියවන්න එහි දැවෙන ද්‍රව්‍ය (ඉන්ධන) වන්නේ (නරක) මනුෂ්‍යයින් සහ ගල්ය (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කරන්නන් වෙනුවෙන් ම එය සම්පාදනයකරනු ලැබ ඇත﴿ (2:24)

අල්ලාහ්ට ආදේශ ච කිසිවකු හෝ කිසිවක් කල්පනය කරන්නන් :

අල්ලාහ්ට ආදේශ ලෙස (කිසිවකු ව හෝ කිසිවක් )කල්පනය කරන අයට අල්ලාහ් ස්වර්ගය වළක්වන ලද්දක් බවට පත් කළේය ඔවුහු ගොස් ළගාවන (සේන්දුවන )තැන නිරයයි﴿(5:72)

අපාය වැසියන්ගේ ආශාරය ඡක්කුම් ගසකි අල්ලාහ් මේ ගැන මෙසේ පවසන්නේය

නිසැකයෙන්ම සක්කුම් ගස පාපකරුව්නගේ ආහාරයෙකි එය උණුකරණ ලද තඹ සේ තිබේ කුසෙහි එය උණුවු ඡලය සේ උණුවේ﴿ (44:43-44)

නබි මුහම්මද් (සල්) තුමාද මේ ගැන මෙසේ පවසන්නේය zසක්කුම් ගසෙන් බිංදුවක් ලොවෙහි වැටෙන්නේද ලොව වැසියන්ගේ ඡීවිතය විනාශවේ එසේනම් එය ආහාරය වන අයගේ තත්වය කෙසේ පවතිද﴿ (තිර්මිදි)

මුනාෆික් වරුන් පහළම මහළෙහි සිට්ති මෙය දැඩි වේ

  • දනා සහිතකි කාෆිර්වරුන්ට නිරයෙහි වේදනාව අඛණ්ඩව හා ස්ථීරව පවති නමුත් වේදනාව අධිකව ලබාදීම සඳහා ඔවුන් නිරයේ දැවු සෑම අවස්ථාවෙහිම නැවත පෙර තත්වයට ගෙනෙනු ලැබේ

අල්ලාහුත් තආලා මේ ගැන මෙසේ පවසන්නේය

ඔවුන් වේදනාව (සම්පූර්ණයෙන්ම ) අනූභව කිරීම සඳහා ඔවුන්ගේ හම දැවීයන අවස්ථාවෙහි එය නොවන වෙනත් හම් ඔවුන්ට මාරුකරයි﴿

ඡන්නාහ් (ස්වර්ගය):

ස්වර්ගය අල්ලාහ්ගේ යහපත් දාසයන්ගේ කීර්තිමත් ස්ථීර නිවසකි. එහි කිසියම් ඇසක් නොදුටු කිසියම් කණක් නොඇසු හා කිසියම් මිනිස් වර්ණනා නොකළ භාග්‍යයන් තිබේ. මෙලොවෙහි උපත ලබන්නා කවදා දිනක කුමන ආකාරයෙන් මරණය තුරුලු කරගන්නා විලසින් පරලොවේ දී ස්වර්ගය තුලට පිවිසෙන කිසිවෙකු හෝ විනාශයට ලක් නොවන අතර, එහි ඔහු සදා කාලීන ව හා ඡීවමාන ව පසුවන්නේය. මරණයට නිමාවක් වනු ඇත එබැවින් ස්වර්ගයට පිවිසෙන්නා එහි සදාකල් විනාශ නොවන සැප සම්පත් සතුටුමත් ඡීවිතයක් ගත කරනු ඇත.

අල්ලාහ් අල්කුර්ආනයේ මෙසේ පවසන්නේය: ﴾ඔවුහු කරමින් පසුවු දෙයට තිළිණයක් වශයෙන් නෙත් පිණවන විලසින් ඔවුන් වෙනුවෙන් ගුප්තව තබන ලද දෙය කිසිවකුත් නොදන්නෝය﴿ (32:17)

යහපත් අය ස්වර්ගයෙහි සිට්න්නෝය අහස් හා පොළොව ස්ථීරව පවතින කාලය පුරාම ඔවුන් එහි සදාකාලීන ව සිට්න්නෝය නුඹේ දෙවියන් සිතු දේ හැරය (එම ස්වර්ගය)අඩුපාඩුවෙන් තොරවු (පිරිපුන්)අනුග්‍රහයකි﴿ (11:108)

ස්වර්ගයට නොයෙකුත් නාමයෙන් තිඛෙන බව පාරිශුද්ධ අල් කුර්ආනය ශුභාරංචි ප්‍රකාශ කරයි.

  • ජන්නත් අල් ෆිර්දවුස්    جنة الفردوس
  • ජන්නත් අල් අද්න්        جنةالعدن
  • ජන්නත් අන් නයීම්       جنة النعيم
  • ජන්නත් අල් හුල්ද්        جنةالخلد
  • දාරුස්සලාම්                   جنة السلام
  • ජාරුල් ජලාල්                دارالجلال
  • දාරුල් කරාර්                  دار القرار
  • ජන්නත් අල් මවා          جنة المأوى

ස්වර්ග වැසියන් තම සත්සතන් පීරිය කරනදේ එහි අනුභව හා පානය කර සිට්ති එහි පාට නොවෙනස්වන ගංගාවන්ද රස නොවෙනස්වන කිරි ගංගාවන්ද පවිත්‍ර මී පැණී ගංගාවන්ද සහ පානය කරන්නන්ට තෘප්තිය ගෙනදෙන මද්‍ය පාන ගංගාවන්ද එහි පිහිටා ඇත.

අල්ලාහ් අල්කුර්ආනයේ මෙසේ පවසන්නේය පිරිසිදු පානයෙන් පිරී භාඡන ඔවුහු වටකරගෙන එවී (එය) තද සුදුය පානය කරන්නන්ට මිහිරී රසය එයින් (කිසිදු) බාධාවක් නොමැත තවද මෙයින් ඔවුුන් බුද්ධි නොසන්සුන්තාවයටද නොපසුවෙනි (37:47)

  • එහි හූරුල් ඊන් කන්යාවන් විවාහ කර දෙනු ලැබේ

තවද හූරුල්ඊන් (නැමති) කණ්‍යාවන්ද අපි ඔවුන්ට විවාහකර දෙන්නෙම﴿(44:54)

මොවුන් (කැමැත්තෙන්)තොරා ගත හැකි පලතුරු (වර්ග)ද කැමැති පක්ෂීන්ගේ මාංශද (එම තරුණයින් ඔසවාගෙන ඇවිදින්නෝය) (ඔවුන්)ආරක්ෂා කරන ලද මුතු පබූඛ මෙන් (වන්නෝය) (මෙවා සියල්ල) මොවුන් කළ (හොඳ)කීරියාවන්ට ඵලවිපාක වශයෙන් ලැබන්නේය﴿ (:56: 20-24)

ස්වර්ගයට පිවිසීමට ද්වාරවල් අටක් ඇත. එසේම සලාතය නිසියාකර ලෙස ඉටු කරන්නා ෂලාතය නැමැති ද්වාරය මගින්ද අල්ලාහ්ගේ මාර්ගයෙහි සටන් කළ තැනැත්තා ඡිහාද් නැමැති ද්වාරය මගින්ද උපවාස  ශීලය රුක සිට් තැනැත්තා රය්යාන් නැමැති ද්වාරය මගින්ද සදකා (වෛකල්පික දානමානය) කළ තැනැත්තා සදකා නැමැති ද්වාරය මගින්ද කැඳවනු ලබන්නෙය

ස්වර්ගයට දිවාර අටක් ඇත්තේය එම ද්වාර අතරින් රය්යාන් නැමති  ද්වාරයක් ඇත එම ද්වාරය මගින් ස්වර්ගය තුළට උපවාස ශීලය රකින්නකු ඇර අන් කිසිවකු හෝ ඇතුල් නොව්න්නේය යනුවෙන් මුහම්මද් (සල්) තුමාණන් කීහ﴿ (බුහාරි- මුස්ලිම්)

ස්වර්ගයේ උස්සම ස්වර්ගය ෆිර්දව්ස් වේ මෙහින් ප්‍රධාන ගං 4 පටන්ගනි එය කිරී මී පැනී මත් ඡලය යන්නය මෙම ස්වර්ගය පිහිටා ඇත්තේ අර්ෂයට යට්න්ය එහි කාමර අති විශාල මාලිගාව්න් සේය එය නිමවා ඇත්තේ රන් රිදි මුතු මිනිවලින් නිමවා ඇත ස්වර්ගයෙහි තිඛෙන පස් කස්තූරි ලෙස පවතිනු ඇතස්වර්ගයෙහි යහපත් ගැත්තන් හට තමන් පිරිය කරන පලතුරු හා අනෙකුත් ආහාර පිරිනමනු ඇත එමෙන්ම මාංශාහාර ද අනුභව කිරීමට ඛෙදා දෙනු ලබ්න්නෝය එහි ඒවා පිරිනැමීම පිණිස ලස්සන ළමුන් පසුවන්නෝයමෙලොවෙහි ඉතා යහපත්  මිත්‍රයින් පසුවන විලසින් ම ස්වර්ගයෙහි ද එවැනි හිත මිතුරන් සිට්න්නෝය

එබැවින් කවුරුත් ඇත්තෙන්ම අල්ලාහ්ට ද ඔවුන්ගේ දුතයාණන්ටද (මෙසේ)අවනත වන්නෝද ඔවුන් අල්්ලාහ්ගේ වරප්‍රසාදය ලැබු නබිවරුන් සත්‍යවන්තින් ආගම වෙනුවෙන් දිවි පිදුවන් හොඳ ගති පැවතුම් ඇත්තවුන් ආදීඅය සමග (විනිශ්චය දිනදී) වෙසෙන්නෝය මොවුන් ඉතාමත් අලංකාර වු මිතුරන්ය﴿(4:69)

මෙලොවෙහි අප කවරුත් මහලු වියට පත් වන විලසින් ස්වර්ගයෙහි එවැන්නක් සිදු නොවේ    මන්ද යත් ඔවුනට කිසි දිනක මරණයක් නොමැති හෙයින් සදාකාලින ව යෞවන වියෙන් ම සිට්න්නෝය

එකම දෙවියන් වන අල්ලාහ් දැකීම:

මෙලොවෙහි කිසිවෙකුටත් අල්ලාහ් දකින්නට බැරිය මන්දයත් එයට සරිලන බලයක් අපගේ නෙත්වලට අල්ලාහ් විසින් ලබා දී නොමැත එබැවින් මෙලොවෙහි පසුවන කිසිවෙකුටත් දෙවියන් දකින්නට නොහැකි ය නමුදු පරලොවේ දී ඔහු දැකීෙමි හැකියාව හා භාග්‍යය දෙවියන් විසින් ම ලබා දෙනු ඇත

එදින සමහර (අයගේ) මුහුණු විකසිතව (පිබිදි) තිඛෙනු ඇත තම දෙවියන් ව බලමින් පසුවනු ඇත﴿ (75:22-23)

අල්ලාහ් දැකීම හදීස්වලින්ද සත්‍ය බව පෙන්වා දෙයි නබිතුමා (ෂ අ ව )මෙසේ පවසා ඇත සැබැවින්ම ඔබ ඔබේ ස්වාමියාව කිසිම අවුලකින් තොරව රාතීරියේදී සඳ දකින්නා මෙන් පැහැදිලිව දකින්නෙහුය (බුහාරි සහ මුස්ලිම්)

අපි අල්ලාහ්ගෙන් ඔහුගේ මුහුණ බැලීමට ආශිර්වාද ලබන අය අතරට අපවද ඇතුලත් කරන මෙන් අයැද සිට්මු  -ආමින්-

1-Taqwiyat-ul-Iman(Shah Ismail Shaheed)

2-He came to Teach You Your Religion(Jamal al –Din M.Zarbozo)

3-Al  Aqeeda al wasatiya

4-Al  Aqeeda ul-Tahawiya

5-six Pillars of Iman

6-Islamic Creed series 1 :by Umar S.al-Ashqar

7-The perfect Believer by Zainab Hassan Ashary

Sinhala translation: Sharafun Nisa

Related Post