තහජ්ජුද් සලාතය සඳහා ප්‍රාර්ථනාවක්

‘අල්ලාහුම්ම ලකල් හම්දු අන්ත නූරුස් සමාවාතී වල් අර්දි වමන් ෆීහින්න. වලකල් හම්දු අන්ත කයියිමුස් සමාවාතී වල් අර්දි වමන් ෆීහින්න. වලකල් හම්දු අන්තල් හක්කු, ව ව:දුක හක්කුන්, ව කෟලුක හක්කුන්, ව ලිකාඋක හක්කුන්, වල්ජන්නතු හක්කුන්, වන්නාරු හක්කුන්, වස්සාඅතු හක්කුන්, වන්නබීයූන හක්කුන්, ව මුහම්මදුන් හක්කුන්, අල්ලාහුම්ම ලක අස්ලම්තු, ව අලෛක තවක්කල්තු, වබික ආමන්තු, ව ඉලෛක අනබ්තු, වබික හාසම්තු, ව ඉලෛක හාකම්තු, ෆග්ෆිර් ලී මා කද්දම්තු, ව මා අහ්හර්තු ව මා අස්රර්තු, ව මා අ:ලන්තු, අන්තල් මුකද්දිමු, ව අන්තල් මුඅහ්හිරු, ලා ඉලාහ ඉල්ලා අන්ත.‘

اَللّهُمَّ لَكَ الْحَمْدُ أَنْتَ نُوْرُ السَّمَاوَاتِ وَالأَرْضِ وَمَنْ فِيْهِنَّ وَلَكَ الْحَمْدُ أَنْتَ قَيِّمُ السَّمَاوَاتِ وَالأَرْضِ وَمَنْ فِيهِنَّ وَلَكَ الْحَمْدُ أَنْتَ الْحَقُّ وَوَعْدُكَ حَقٌّ وَقَوْلُكَ حَقٌّ وَلِقَاؤُكَ حَقٌّ وَالْجَنَّةُ حَقٌّ وَالنَّارُ حَقٌّ وَالسَّاعَةُ حَقٌّ وَالنَّبِيُّوْنَ حَقٌّ وَمُحَمَّدٌ حَقٌّ اَللّهُمَّ لَكَ أَسْلَمْتُ وَعَلَيْكَ تَوَكَّلْتُ وَبِكَ آمَنْتُ وَإِلَيْكَ أَنَبْتُ وَبِكَ خَاصَمْتُ وَإِلَيْكَ حَاكَمْتُ فَاغْفِرْ لِيْ مَا قَدَّمْتُ وَمَا أَخَّرْتُ وَمَا أَسْرَرْتُ وَمَا أَعْلَنْتُ أَنْتَ الْمُقَدّمُ وَأَنْتَ الْمُؤَخّرُ لاَ إِلهَ إِلاَّ أَنْتَ

අර්ථය – දෙවියනී! සියලු ප්‍රසංශා ඔබටම හිමිය. අහස් හා පොලොවටත් ඒ දෙක අතර වූ දෑ වලටත් ආලෝකය ඔබම ය. සියලු ප්‍රසංශා ඔබටම හිමිය. අහස් හා පොළොවත් ඒ අතර වූ සියල්ලත් පරිපාලනය කරන්නා ඔබම ය. සියලු ප්‍රසංශා ඔබටම හිමිය. සත්‍යවන්තයා ඔබමය. ඔබගේ පොරොන්දුව සත්‍ය යි. ඔබගේ වදන සත්‍ය යි. (අපි) ඔබව මුණගැසීම සත්‍ය යි. ස්වර්ගය සත්‍ය යි. නිරය සත්‍ය යි. අවසාන දිනය ද  සත්‍ය යි.  නබිවරුන් (ගේ පැමිණීම ද) සත්‍ය යි. මුහම්මද් ද සත්‍ය යි. දෙවියනී! ඔබටම අවනත වූවෙමි. ඔබ කෙරෙහිම විශ්වාසය තැබුවෙමි. ඔබවම විශ්වාස කළෙමි. ඔබ වෙතම ආපසු හැරෙන්නෙමි. ඔබගේ උදවුවෙන්ම වාද කරන්නෙමි. ඔබගෙන්ම තීන්දු පතමි. එබැවින් මා කළ දෑ ද, කිරීමට නියමිත දෑ ද, මා රහසින් කළ දෑ ද, ප්‍රසිද්ධියේ කළ දෑ ද ක්ෂමා කරනු මැනව! ඔබමය ඉදිරියට යොමුකරන්නා. ඔබමය පසුපස්සට යොමුකරන්නා. ඔබ හැර (තවත්) දෙවිකෙනෙක් නොමැත.

මහිමය – නබි (සල්) තුමාණෝ රාත්‍රීයේ තහජ්ජුද් සලාතය ඉටුකිරීම සඳහා අවධි වූ විට ඉහත දුආව පාරායණය කරන්නෝය.

මූලාශ්‍ර ග්‍රන්ථය – බුහාරි – 6317

ඉබුනු ජෙමීල්

Related Post