විනිශ්ච දිනය පිළිබඳ වූ විශ්වාසය TheJudgment Day

 

මරණින් මතුය

මරණින් මතුය

පොදුවේ මිනිසා මරණය අමතක කරමින් මෙලොව ජීවත් වන්නේය.නමුත් මෙම මරණයෙන් මිදීමේ හැකියාවක් කිසිවෙකුටත් නැත.සැබෑ මුඃමින්වරයෙකු මෙම මරණය සැමවිට මතක් කරමින් එයට මුහුණ දීම සඳහා කවදත් සූදානමිව සිටින්නේය.මළවුන්ගෙන් නැගිටවා මෙලොව ජීවිතයේ කරන ලද යහපත හා අයහපත පිළිබඳව ප්‍රශ්න කරනු ලබන දින හෙවත් වින්ශ්චය දිනය විශ්වාස කිරීම මුස්ලිමිවරයෙකුගේ ඊමානයේ ප්‍රධාන අංගයකි.මේ නිසා මුස්ලිමිවරයෙකු කවදත් අල්ලාහ් තමන්ට දායාද කල හොඳ දේවල් වෙනුවෙන් කෘතුඥාව පදු කරන්නේය.එමෙන්ම ඔහු මරණින් මතු සිදුවන අවසන් දිනය හා එහි භයානකත්වයට බිය වෙමින් කටයුතු කරන්නේය.මුස්ලිමිවරයෙකුගේ ඒකායන ප්‍රාර්ථනාව හා පැතුම නමි,මරණින් මතු ජීවිතයේදී මෝක්ෂය ලබා ස්වර්ගයට පිවිසී අල්ගලහ් දෙවිදුන් පොරොන්දු වූ භාග්‍යන් භුක්ති විීමය.

“(නබිය) අවසාන කාලය ගැන (එය කවදා එන්නදැයි) මිනිසුන් ඔබගෙන් විමසන්නාහ.(එයට) ඔබ මෙස පවසනු,(එය කවදා එන්නද යන) එහි කාලය දන්න අල්ලාහ් පමණය.ඔබ දන්නෙහුද?එය ඉතාමත් සමීපයෙහිම පැමිණීමට ඉඩ ත.”   (අල්කුර්න් 33 : 63-65)

විනිශ්ච දිනය යන මෙම වචනය අල්කුර්ආනයේ තවත් නොයෙකුත් නමි වලින් සඳහන් වේ.

1.අල්යවිමිද්දීන් – ප්‍රතිඵල නිකුත් කරන දිනය

2.යවිමුල් කියාමා – සිට ගැනීෙමි දිනය

3.යවිමුල් හිසාබි – විභාග කරන දිනය

4.යවුමුල් බඃස් – නැවත නැගිටවන දිනය

5.යවිමුල් හෂ්ර් – එකට එක් රැස්වන දිනය

 අවසන් දිනය කවදා සිදුවෙයිද?

අවසන් දිනය සත්‍ය බවත් එය අනිවාර්යයෙන් පැමිණෙන බවත් අල්කුර්ආනය හා නබි වදන් තරයේ ප්‍රකාශ කර සිටින්නේය.නමුත් එය කවදා සිදුවෙයිද යන්න,දෙවියන් අල්ලාහ් තම මැවීමිවලට පහදා නොදුන් අල්ලාහ්ගේ ඥාණයෙන් සැගවූ දෙයක් ලෙස මෙදින නමි කර ඇත.ඒ පිළිබඳව ශුද්ධ වූ අල්කුර්ආනයේ මෙසේ සඳහන් වේ.

“අවසන් දනිය පැමිණ එහි කිසිදු චකිතයක් නමැත.  (අල්කුර්න් 22 : 07)

“අවසන් දිනය නපැමිණ යැයි ප්‍රතික්ෂප කරන අය කියති.නඑස,මහිමි ප්‍රමාණ කට එය ඔබලාට පැමිණෙන්නමය.”  (අල්කුර්න් 34 : 03)

“තමන්ග ගණන් ගැනීම මිනිසුනට ළංවෙයි    (අල්කුර්න් 21 : 01)

“මිනිසුන් අවසන් දිනය ගැන නුඹෙන් ප්‍රශ්න කරති.එහි දැනුම අල්ලාහ්ගේ සන්නිධානයෙහි පමණක් යැයි කියන්න.ඔබ නොදන්නෙහිය.අවසන් දනිය ආසන්නයෙහි වන්නට පුළුවන.”(අල්කුර්ආන් 33 : 63)

ඉහත සඳහන් ශුද්ධ වූ අල්කුර්ආන් වාක්‍යන් තුළින් අවසන් දිනය යනු ස්ථීරව සිදුවන සිදුවීමක් යන්න පැහැදිලි වේ.නමුත් එය කවදා සිදුවේද යන්න දැනුම ඇත්තේ දෙවියන් අල්ලාහ් සතුව  පමණි.නමුත් අවසන් දිනය සිදුවීමට ආසන්නව සිදුවිය හැකි ලක්ෂණයන් පිළිබඳව මුහමිමද් (එතුමාට අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවා) නබිතුමා තම අනුගාමිකයින්ට පැහැදිලි කළේය.ඉස්ලාමීය විද්වතුන් එය කොටස් තුනකට බෙදාවෙන් කරති.

01.සිදුවී අවසන් වූ ලක්ෂණ

02.සිදුවෙමින් පවතින ලක්ෂණ

03.අනාගතයේදී සිදුවීමට ඇති ලක්ෂණ

මෙම ලකෂණයන් පිළිබඳ වූ විග්‍රහයක් තවත් ලිපියකින් බලාපොරොත්තු වන්න.

ඉබ්නු ජවාද්

 

Related Post