ඔබටයි මෙම ආරාධනාව You are invited

කුසල් හා අකුසල්

මරණින් මතු ජීවිතය

1- ඔබ දෙවියන් අල්ලාහ් වෙත සමීප වන්නට මනාපද?

”වහලා ඔහුගේ දෙවියා (රබ් – අධිපති* වෙත ඉතා සමීපවන අවස්ථාව ඔහු සුජූදයේ නිරතව සිටින අවස්ථාවයි යනුවෙන් මුහම්මද් (එතුමාට අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවා* නබිතුමාණන් පැවසූහ.
(මූලාශ‍්‍රය : මුස්ලිම්*
-සුජූද් යනු සලාතය නම් යාඥාව තුළ පෘෂ්ටිය මත නළල තබා කරන යාඥාවයි.

2- දෙවියන් අල්ලාහ්ගේ ආශිර්වාදය ලබාගන්නට ඔබ කැමතිද?

”කවුරුන් ආහාර පාන ගැනීමෙන් පසු දෙවියන් අල්ලාහ්ට ප‍්‍රශංසා කරයිද ඔහුට අල්ලාහ්ගේ ආශිර්වාදය හිමිවේ.” යනුවෙන් මුහම්මද් (එතුමාට අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවා* නබිතුමා පැවසූහ.
(මූලාශ‍්‍රය : මුස්ලිම්*

3- ඔබගේ ප‍්‍රාර්ථනාවන් පිළිගනු ලැබීමට අවශ්‍යද?

”අදාන් සහ ඉකාමත් අතර පතනු ලබන ප‍්‍රාර්ථනාවන් ප‍්‍රතික්‍ෂේප නොකෙරේ” යනුවෙන් මුහම්මද් (එතුමාට අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවා* නබිතුමාණන් පැවසූහ.
(මූලාශ‍්‍රය : අබූදාවුද්*

-අදාන් යනුවෙන් අදහස් කරන්නේ: සලාතය සඳහා කරනු ලබන කැඳවීමයි.
-ඉකාමත් යනුවෙන් අදහස් කරන්නේ: සලාතය ස්ථාපිත කිරීම සඳහා එම අවස්ථාවෙහිදී කරනු ලබන කෙටි කැඳවීමයි.

4- ඔබ අවුරුද්දක් මුළුල්ලේ උපවාසය කළ කෙනෙකු වීමට පි‍්‍රයකරන්නේද?

”මාස්පතා දින තුනක් උපවාසය ඉටු කරන්නන් ඵම අවුරුද්ද පුරාම උපවාසය ඉටු කළ කෙනෙකු සේ සළකනු ලබයි” යනුවෙන් මුහම්මද් (එතුමාට අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවා* නබිතුමාණන් පැවසූහ.
(මූලාශ‍්‍රය : බුහාරි හා මුස්ලිම්*

5- ඔබ මිය යෑමෙන් පසුත් ඔබට කුසල් හිමිවිය යුතුද?

”කෙනෙකු මිය යෑමත් සමග කරුණු තුනක් හැර ඔහුගේ සෙසු සියළු කාර්්‍යයන් විසන්ධි කරනු ලබයි. එය නම්: 1- ස්ථීර වූ ධර්මයන්. 2- ඔහුගෙන් (අන් අය* ප‍්‍රයෝජනවත් වූ අධ්‍යාපනය. 3- ඔහු වෙනුවෙන් ප‍්‍රාර්ථනා කරන (ඔහුගේ* යහපත් දරුවන්”. යනුවෙන් මුහම්මද් (එතුමාට අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවා* නබිතුමාණන් පැවසූහ.
(මූලාශ‍්‍රය : මුස්ලිම්*

6- ඔබ විනාඩියකින් ශුද්ධ වූ අල්කුආනයෙහි තුනෙන් කොටසක් පාරායනය කරන්නට කැමතිිද?

”සූරතුල් ඉහ්ලාස් (පරිච්ඡේදය* අල් කුර්ආනයෙහි තුනෙන් කොටසක් හා සමාන වේ” යනුවෙන් මුහම්මද් (එතුමාට අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවා* නබිතුමාණන් පැවසූහ.
(මූලාශ‍්‍රය : මුස්ලිම්*

7- ඔබ රැුයක් පුරා නැමඳුම් කළ භාග්‍යන් ලබාගැනීමට මනාපද?

”කවුරුන් ඉෂා සලාතය සාමූහීකව ඉටුකරයිද ඔහු රැුයෙන් අඩක් සලාතය (නැමදුම්* කළ කෙනෙකු වශයෙන් සැළකෙන අතර, ඔහු ෆජ්ර් සලාතය ද සමූහිකව ඉටු කළේ නම් රැුය පුරා යාඥා (නැමදුම්* කළ කෙනෙකුට සමාන වේ” යනුවෙන් මුහම්මද් (එතුමාට අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවා* නබිතුමණන් පැවසුහ.
(මූලාශ‍්‍රය : මුස්ලිම්*

8- ඔබගේ තුලාව යහපත් කුසල්වලින් බරවිය යුතුද?

”පදයන් දෙකකි, එය අල්ලාහ් පි‍්‍රය කරයි. දිවට පහසුවූවකි, තුලාවෙහි ඉතා ඝනකමින් යුක්තකි. එය නම්: ”සුබ්හානල්ලාහි වබිහම්දිහි සුබ්හානල්ලාහිල් අලීම්
(අල්ලාහ් පරිශුද්ධයි තවද ඔහුටයි ප‍්‍රශංසාව, මහඟු අල්ලාහ් පරිශුද්ධයි*” යනුවෙන් මුහම්මද් (එතුමාට අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවා* නබිතුමාණන් පැවසූහ.
(මූලාශ‍්‍රය : බුහාරි*

9- ඔබගේ හමුව අල්ලාහ් ප‍්‍රිය කළ යුතුද?

”කවුරුන් අල්ලාහ්ගේ හමුව ප‍්‍රිය කරයිද ඔවුන්ගේ හමුව අල්ලාහ්ද ප‍්‍රිය කරන්නේය.” යනුවෙන් මුහම්මද් (එතුමාට අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවා* නබිතුමාණන් පැවසූහ.
ග‍්‍රන්ථය බුහාරි

10- අල්ලාහ් ඔබගේ පදවීන් උසස් කළ යුතුද?

”කවුරුන් අල්ලාහ් වෙනුවෙන් පහත්භාවයෙන් (සංවරශීලිව* කටයුතු කරයිද අල්ලාහ් ඔහු උසස් කරන්නේය” යනුවෙන් මුහම්මද් (එතුමාට අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවා* නබිතුමාණන් පැවසූහ.
(මූලාශ‍්‍රය : මුස්ලිම්*

11- ජීවිතයෙහි සෞභාග්‍ය හා දීර්ඝ ආයුස ලබාගන්න කැමතිද?

”ඥාතීන් සමග සමීප සම්බන්ධතා පවත්වන්ාගේ රිස්ක් (ලෞකික අවශ්‍යතාවයන්* සෞභාග්‍යමත් වන අතර, ඔහුගේ ආයුස ද දීර්ඝ වේ” යනුවෙන් මුහම්මද් (එතුමාට අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවා* නබිතුමාණන් පැවසූහ.
(මූලාශ‍්‍රය : බුහාරි*

12- ඔබට පාපයන්ගෙන් මිදිය යුතුද?

”කවුරුන් දිනකට සිය වාරයක් ”සුබ්හානල්ලාහි වබිහම්දිහි” යනුවෙන් පවසයිද ඔහුගේ පාපයන් සාගරයක් බඳු වූවත් සමාකරනු ලැබේ” යනුවෙන් මුහම්මද් (එතුමාට අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවා* නබිතුමාණන් පැවසූහ.
(මූලාශ‍්‍රය : බුහාරි හා මුස්ලිම්*

13- පර්වතයක් මෙන් කුසල් ලබා ගැනීමට ඔබ කැමතිද?

”කවුරුන් මියිගිය කෙනා (ජනාසාව* වෙනුවෙන් සලාතය කරන තෙක් එහි රැුඳී සිටීද, ඔහුට කීරාතයක ප‍්‍රමාණයක කුසල් හිමි වේ. ආදාහන කටයුතු කරන තෙක් එහි රැුඳී සිටින්නේ නම්, ඔහුට කීරාත් දෙකක ප‍්‍රමාණයක කුසල් හිමි වේ. එවිට ශාස්තෘවරයානන්ගෙන් කීරාත් යනු කුමක්ද? යනුවෙන් ප‍්‍රශ්නකරන ලදී. එයට එතුමන් කීරාත් යනු මහත් පර්වතයකට සමාන වේ යනුවෙන් පිළිතුරු දුන්හ.
(මූලාශ‍්‍රය : බුහාරි හා මුස්ලිම්*

14- අල්ලාහ්ගේ දයාළු භාවය ඔබට ලැබිය යුතුද?

”කවුරුන් මා වෙනුවෙන් වරක් සලවාත් පවසයිද අල්ලාහ් දහ වාරයක් ඔහුට දයාව දක්වන්නේය” යනුවෙන් මුහම්මද්(එතුමාට අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවා* නබිතුමාණන් පැවසූහ.
(මූලාශ‍්‍රය : මුස්ලිම්*

15- ඔබලා අතර සුහදත්වය වර්ධනය විය යුතුද?

”ඔබ විශ්වාසවන්තයකු නොවන තෙක් ස්වර්ගයට ඇතුළුවිය නොහැක, ඔබ අතුරින් කෙනෙකු තවත් කෙනෙකු ප‍්‍රිය කරන තෙක් විශ්වාස නොකළවුන් වන්නේය, ඔබ එකිනෙකා අතර සුහදතාවය ඇතිකරන කි‍්‍රයාවක් පවසන්නද? ඔබ අතර සලාම් (ආමන්ත‍්‍රනය* වැඩි වශයෙන් ව්‍යාපත් කරන්න” යනුවෙන් මුහම්මද් (එතුමාට අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවා* නබිතුමාණන් පැවසූහ.
(මූලාශය: මුස්ලිම්*

Related Post