ඉස්ලාමීය නීති මූලාශ්රයන් පිළිබද කෙටි හැදින්වීමක්

කිසියම් ආගමක්, දර්ශනයක් නිසි ආකාරව අවබෝධ කරගැනීම සදහා එහි ලිඛිත ග්‍රන්ථය වැදගත් සාධකයකි. උදාහර්ණයකට කිසිවකු කිතුණු දහම ඉගෙන ගන්නේ නම් එය කිතුණු සමාජයේ විශ්වාසයන් පදනම් කරගෙන ඉගෙන ගත නොහැක. එය බයිබලය තුලින් ‍ඉගෙන ගත යුතුය. එසේම කිසිවකු බුදුදහම ඉගෙන ගන්නේ නම් එය බෞද්ධ සමාජයේ විශ්වාසයන් පදනම් කරගෙන ඉගෙන ගත නොහැක. එය ත්‍රිපිටකය පදනම් කරගෙන ඉගෙන ගතයුතුය.5

ඒ ආකාරයට කිසිවකු ඉස්ලාම් දහම ඉගෙන ගන්නේ නම් එය මුස්ලීම් සමාජය දෙස බලා ඉගෙන ගත නොහැක. එයට ඉස්ලාම් දහමේ මූලාශ්‍රය පරිශීලනය කිරීම අවශ්‍ය වේ. අද මුස්ලීම් නොවන බොහෝ පිරිස් අවබෝධ කරගෙන සිටින්නේ ඉස්ලාමීය මුලාශ්‍රය ශුද්ධ වූ කුර්ආනය පමණක් බවයි. මෙය වැරදි විශ්වාසයකි. ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් වන්නේ

  • කුර්ආනය
  • හදීසයයි

මේ දෙක පිලිබදව කෙටි විග්‍රහයක් කරන්නේ නම්,   කුර්ආනය   කුර්ආනය යනු මීට වසර 1400කට පෙර ආරාබි දේශයේ මුහම්මද් නම් මිනිසෙකු හට දේව දූතයෙකු මඟින් ප්‍රකාශ වී එසේ පහල වූ දේව වාක්‍යයන් එක් කොට ලියන ලද ග්‍රන්ථයයි. මෙම මුහම්මද් නම් මිනිසාහට වසර 23ක කාලයක් පුරාවට විටින් විට පහල වූ දේව අනපනත්, අවවාද, අනුශාසනා, අනාවැකි… යනාදී කරැණු එහි අන්තර්ගතය. මෙය පහල වන මොහොතේම ඒවා ලේඛණගත කරන ලදී. මෙහි පරිච්චේද 114ක් ඇති අතර වාක්‍යයන් 6000කට වැඩි සංඛ්‍යාවක් ඇත. මෙම කුර්ආනයේ ඇත්තේ දෙවියන් විසින් පවසන ලද කරැණු පමණක් වන බැවින් එය “ශුද්ධ වූ කුර්ආනය” යනුවෙන් හදුන්වයි.

(ඔබේ අවධානයට – මෙම වෙබ් අඩවිය තුල කුර්ආන් වාක්‍යයක් සදහන් කිරීමේ දී එම වාක්‍ය ආසන්නයේ (33-21) ලෙස සදහන් කර තිබෙනවා ඔබ දැක ඇත. ඉන් අදහස් කරන්නේ ශුද්ධ වූ කුර්ආනයේ 33 පරිච්චේදයේ 21 වන වාක්‍යයෙන් මෙය පවසන බවයි.)

හදීස්   ඉහත සදහන් ආකාරයට ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයන් මුහම්මද් නම් මනුෂ්‍යයකු හට දේවදූතයෙකු මඟින් ප්‍රකාශ වූ අතර එසේ දේව පණිවුඩය පහල වූ එම මිනිසා වක්තෘවරයෙකු හෙවත් නබිවරයෙකු ලෙස ඉස්ලාම් හදුන්වයි. මොහු ලොව ප්‍රථම නබිවරයා නොවන අතර ආරම්භ මිනිසාගේ පටන් ලක්ෂයකටත් අධීක සංඛ්‍යාවක් නබිවරැන් හෙවත් වක්තෘවරැන් එවන ලද බව ඉස්ලාමීය ඉගෙන්වීමයි. මේ ආකාරයට පැමිණි වක්තෘවරැන්ගෙන් මුහම්මද් (සල්) තුමාණන් අවසාන වක්තෘවරයා හෙවත් නබිවරයා බව ශුද්ධ වූ කුර්ආනය අවධාරනය කරයි. මෙම නබිවරයා ශුද්ධ වූ කුර්ආනයට දෙන අර්ථ කථන හා නබිවරයා තම දෛනික දිවිය තුල සමාජයට පෙන්වන ආදර්ශයන් “හදීස්” යනුවෙන් හදුන්වන අතර එයත් ඉස්ලාම් දහමේ එක් අංගයක් බව පහත කුර්ආන් වාක්‍යයන් අවධාරනය කරයි.

ඉස්ලාමී ‍ඉගෙන්වීමට අනුව එනම් ශුද්ධ වූ කුර්ආනය පවසන ආකාරයට

“අප මෙම කුර්ආනය නබිවරයාට පහල කලේ එය ඔහු පැහැදිලි කිරීම පිණීසයි.” (12-6)

“මෙම නබිවරයා ස්වමත කිසිවක් ප්‍රකාශ නොකරයි. ඔහු පවසන සියල්ල ‘වහී’ (දේව වාක්‍ය) වේ.” (53-3, 4)

“මෙම නබිවරයා හමුවේ නුඹලාට අලංකාර ආදර්ශයන් ඇත්තේමය” (33-21)

ඉහත පළමු කුර්ආන් වාක්‍යයෙන් දෙවියන් පවසන්නේ මෙම කුර්ආනය මුහම්මද් (සල්) තුමාණන් හට පහල කලේ එය එතුමා පැහැදිලි කිරීම පිණිස බවයි. එසේ නම් එතුමාගේ පැහැදිලි කිරීමන් ද ඉස්ලාම් වේ. මෙයට සරල නිදසුනක් පවසන්නේ නම් ශුද්ධ වූ කුර්ආනයේ බොහෝ තැන්වල වත්කමක් ඇති මුස්ලීම්වරැන්ට “සzකාත්” (අනිවාර්ය බද්ධක්) දෙන ලෙස අන කරයි. නමුත් කොතරම් ප්‍රමාණයක් දිය යුතු ද යන්න එහි සදහන් නොකරයි. මෙම කුර්ආන් වාක්‍යය මුහම්මද් (සල්) තුමාණන් පැහැදිලි කිරීමේ දී මුදල්, රන්භාණ්ඩ, සතුන්, ඉඩම්, ධාන්‍ය… යනාදී සදහා වෙන වෙනම ම සංඛ්‍යාත්මකවම පවසයි. ඒ අනුව කිසිවකු සzකාත්දීමට නම් කුර්ආනය මෙන්ම නබිතුමාගේ ආදර්ශයන් (හදීසය) ද ගතයුතුය. එසේම දෙවන කුර්ආන් වාක්‍යයෙන් මේ නබිවරයා පවසන සියල්ල දේව පණිවුඩ බවටත් තෙවන වාක්‍යයෙන් ඔහු හමුවේ අලංකාර වූ ආදර්ශයන් ඇති බවටත්  දෙවියන් විසින්ම සහතිකයක් ලබා දේ. ඒ අනුව එතුමාගේ ආදර්ශයන් එනම් එතුමාගේ ක්‍රියාවන්, එතුමා පවසන දෑ සහා එතුමාගේ අනුමත කිරීමන් යන මේ තුන්වර්ගයම හදීස් වේ. මෙම හදීසයන් ද වර්ථමානයේ ගුන්ථාරෑඪව පවතින අතර එය බොහෝ විට එක්රැස් කරන ලද විද්වතුන්ගේ නම්වලින් පවතී. උද‍ාහර්ණයකට නම් කිහිපයක් සදහන් කරන්නේ නම් බුහාරි, මුස්ලීම්, තිර්මිදි, අහමද්, අබුදාවූද්, ඉබුනුමාජා, බයිහකී… යනාදිය මින් කිහිපයකි.

(ඔබේ අවධානයට – මෙම වෙබ් අඩවිය තුල හදීසයන් සදහන් කිරීමේ දී එය අන්තර්ගතව තිබෙන ග්‍රන්ථය හා එම ග්‍රන්ථයේ එය කීවෙනි හදීසය ද යන්න සටහන් කරනවා ඔබ දැක ඇති)

මේ අනුව ඉස්ලාම් දහමේ මූලාශ්‍රයන් වන්නේ ශුද්ධ වූ කුර්ආනය හා හදීසය හෙවත් නබිතුමාණන්ගේ ආදර්ශයයි. ඉස්ලාම් දහම යයි කිසිවකු කුමක් හෝ පවසන්නේ නම් එය ඉහත දෙකෙහිම හෝ එකක තිබීම අත්‍ය අවශ්‍ය වේ. මේ දෙකට පරිභාහිරව කව්රැන් කුමක් පැවසුවත්  එය ඉස්ලාම් නොවේ. එසේ නම් කිසිවකු ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් අධ්‍යනය කරන්න සිතන්නේ නම් එය ඉහතින් සදහන් කල ආකාරයට මුස්ලීම් සමාජය නිරීක්ෂණය කිරීම තුලින් නිවරැදිව සිදුකල නොහැක. ඔහු කලයුතු වන්නේ ශුද්ධ වූ කුර්ආනය හා හදීසය හොදින් පරිශීලනය කර ඒ තුලින් ඉස්ලාම් දහම අවබෝධ කර ගැනීමයි

 

Related Post