මරියතුමිය හා පුත්‍රයේසුතුමා Mary and her son Jesus

නත්තෙල් අැත්ත

සත්‍ය හා අසත්‍ය

මුස්ලිම්වරුන් විසින් අමතක කරන ලද හා අනෙක් සියˆදෙනා විසින්ම ප්‍රායෝගිකව විකෘති කරන ලද ඉස්ලාමයේ යම් යම් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම පරිච්ඡෙදයෙන් සැලසුම් කෙරේ. මෙම කරුණු ඒවායේ සැබෑ මුහුණුවරින් හා පැහැදිළි රූපයෙන් යුතුව ඉදිරිපත් කිරීමට මෙහිදි උත්සාහ දරනු ලැබේ. ඉස්ලාමයට ක‍ෂමාවක් කිසිවෙකුගෙන් අවශ්‍ය නොවන හෙයින් එසේ කිරීමෙදී ක‍ෂමාව සඳහා කිසදු උත්සාහයක් දරනු නොලැබේ, එසේම කිසිවකු සතුටු කිරීමට හෝ හෙලා දැකීමට හෝ කිසිවකුගේ පිට කැසීමට හෝ අප තුළ අරමුණක් නැත, මන්දයත් ඉස්ලාම් සෘජුව සිතන්නට හා ක්‍රියා කිරිමට නියම කරනවා විනා එවැනි දේ නුරුස්නා හෙයිනි, එබැවින් මෙහි අරමුණ වන්නේ මෙම කරුණු පිළිබඳ සත්‍ය සොයා ගැනීම, මුස්ලිම් නොවන මනසට නවතාවයෙන් යුතුව ඉදිරිපත් කිරීම සහ බුද්ධිමත් වගකිව යුතු සහේතුක සත්ත්වයන් සේ සෑම කෙනෙක්ම ඒවා දැක ඔවුන්ම තීරණයක් ගැනීමට ඉඩ සැලසීමයි. ච්

ඉස්ලාම් සංකල්පය අනුව මරියතුමිය අල්ලාහ් දෙවියන්ගේ හාස්කමින් යේසුතුමාව ජන්ම කළ සම්මානිත නිර්මල කාන්කාවෙක්ය, එමනිසා අල්කුර්ආනයේ මරියතුමිය ගැන නොයෙක් අවස්ථාවෙහිත් විශේෂයෙන්ම ~ ආල-ඉම්රාන් ~ සහ මරියාට අරාබි නම  ~ මර්යම් ~ යන පරිච්ඡේදවලත් සඳහන් වී ඇත, මරියතුමිය ජනිතවූ විට ඇයගේ මව ඈගේ දූ, අල්ලාහ්ගේ ආරක්ෂාව ලබාගෙන මනා ජීවිතයක් ගත කළ යුතු යයි අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කළාය, මේ ආයාචනාව භාරගත් අල්ලාහ් දෙවියන් වහන්සේ යෝහාන්තුමාගේ පියාවන සකරියාතුමාගේ ආරක‍ෂා යටතේ 

අල්කුර්ආනයේ යේසුස් වහන්සේ

මරියතුමිය ජීවිතය සකස්කිරීමට භාර කළ සේක, මෙය අල්ලාහ් අල්කුර්ආනයේ මෙසේ ව¯ළ සේක, ඉම්රාන්ගේ ඇඹණිය මගේ ස්වා ම්ණි ` ඇත්තෙන්ම මම මගේ කුසෙහි දැය (දරුවා) ඔබට මෙහෙ කිරීමට නිදහස්කර භාර කළෙම් එම නිසා මගෙන් පිළිගනු මැනව, ඇත්තෙන්ම , ඔබ ප්‍රාර්ථනාවන්ට සවන් දෙන්නේය, සිතෙහි ඇති දේද දන්නේ යැයි කීවනණමද සිහිකරන්න `, එය ප්‍රසූත කළ කල්හි මගේ ස්වාමිනි` ඇත්තෙන්ම මම එය ගැහැණු දරුවකුව ප්‍රසූත කෙළෙම් , අල්ලාහ් ඇය ප්‍රසුත කළ දැය ගැන ඉතා දන්නේය, එහෙත් පිරමි දරුවා ගැහැණු දරුවාමෙන් නොවෙයි, ඇත්තෙන්ම මම ඇයට මරියම් යි නම් කළෙම්. ඇත්තෙන්ම, මම ඇයටද ඇයගේ පෙලපතටද ශාලපත් ෂසිතාන්ගෙන්් ඔබගෙන් ආරාක‍ෂාව ඉළියමි (ඕ කීිවාය)

(අල්කුර්ආන් 3 ඃ 30-35)

සකරියාතුමා මරියතුමිය ආරාක‍ෂාකාරිව තැබූ ස්ථානයට ගොස් හමුවෙනවිට එතුමියට ආහාර සපයා ත්ිබීම දැක, එතුමියගෙන් ඒ ගැන ප්‍රශ්ණ කළවිට ඇය මෙසේ පැවසුවාය , අහෝ මරියා` මෙය ඔබට කොහෙන්දැයි කීවේය. එය අල්ලාහ්ගේ සන්නිධානයෙන් යැය්ි කීවාය, ඇත්තෙන්ම , අල්ලාහ් ඔහු කැමති අයට ප්‍රමාණතික්‍රාන්ත කොට දෙන්නේ යැයි (ඕ කිවාය)  (අල්කුර්ආන් 3 ඃ 37)

සමස්ත මානව සංහතියටම මාර්ගෝපදේශකයක් සැටියට අනාගත වක්තෘ වන මුහම්මද් තුමා වෙත අල්ලාහ් විසින් පතිත කලාවූ අවසාන ගිවිසුම නම් ශ=ද්ධ වූ අල්කුර්ආනයේ, මරියතුමිය

සම්බන්ධව පමණක් නොව එතුමියගේ පුත්‍රයා වන යේසුතුමා ගැනද ඉතා උසස්ව කියවේ.අල්කුර්ආනයේ සඳහන්වූ පරිදි මෝසස්තුමා, ආබ්‍රහම්තමා, නොවතුමා, වගේම යේසුස් වහන්සේද අල්ලාහ්ගේ වක්තාවරයෙක්ය, එසේම මරියා සම්බන්ධවද සකල ලෝක මාතාවන්ටම ආදර්ශමත් කාන්තාවෙකු බවට සුභ පතයි.

 

මෙය පහත දක්වන අල්කුර්ආන් වාක්‍ය තවත් මානව පැහැදිළි කරයි, අහෝ මරියතුමියණි` ඇත්තේන්ම අල්ලාහ් ඔබ තෝරා ගත්තේය , ඔබ පාරිශ=ද්ධ කළේය, ලොව ස්ත්‍රීන්ගෙන් ඔබ තෝරා ගත්තේ යැයි දේව සුරදූතයන් කීවෝය, ( අල්කුර්ආන් 3 ඃ42)

යුදෙව්වරුවන් මරියතුමියගේ මනා චරිතයට එරෙහිව චෝදනාවක් එල්ල කලවිට අල්කුර්ආනය එය ප්‍රතික‍ෂ්ප කර ඇය මනා චරිතවත් මාතාවක් බවට ඔප්පු කරයි, මරියතුමිය ගැන ඔවුන්ගේ ප්‍රතික‍ෂ්ප කිරීමෙන්ද ඔවුන්ගේ මහත් වු අවමන් වචනයෙන්ද අල්ලාහ් ඔවුන්ට ශාප කලේය, ( අල්කුර්ආන් 4ඃ 156)

 අල්කුර්ආනය යේසුස් වහන්සේගේ ජනිතවීම මරියතුමියගේ මාග_යෙන් යැයි පිළිබඳව විස්තර කරයි, මරියතුමිය, යේසුස් වහන්සේ ජනිතවීමට යම්තම් පෙර තමා ප්‍රාර්ථනාවේ යෙදී සිටි නැගෙන හිර පැත්තේ ස්ථානයක විවේක ගත්තාය, මෙවැනි අවස්ථාවක සුරදුතයා මනුෂ්‍යයෙකුගේ විලාසයෙන් ඈගේ ඉදිරිපිට පැමින‍ණියේය, ඇය බිය වී තමාගේ තනිකම අත්පත් කරගන්න එපා යැය්ි ඔහුගේන් ඉල්ලා සිටියාය, මේ සම්බන්ධව අල්ලාහ් අල්කුර්්ආනයේ මෙසේ පවසයි, පුස්තකයෙහි මර්යම් ගැන කියවන්න,

ඕ ඇගේ සිය ජනයන්ගෙන් වෙන්ව නැගෙනහිර තැනකට ගිය විට

ඕ ඔවුන්ගෙන් (වෙන්වා) තිරයක් ඇල්ලූවාය, එවිට අපි අපගේ සුරදූතයෙක්ව ඇය වෙත යැව්වෙමු, ඔහු සම්පූර්ණ මනුෂ්‍ය විලාසයෙන් ඇය ඉදිරියට පැමිණියේය, මරියතුමිය ගබ්රිල් දුටු විට, ඇත්තෙන්ම මම ඔබගෙන් පරමදයාලූ කෙරෙහි පිහිට පතමි, ඔබ බිය බැතිවෙක් නම් යි (එහෙයින් මට ළං නොවන්න) ඕ කීවාය, පිරිසිදු පුතෙකු (ගැන දැනුම්) දෙන පිණිස මම ඔබතුමියගේ් සුරදුතයෙක් පමණෙක්මියි, ඔහු කීවේය.  මිනිසෙක් මා ස්පර්ශ නෙකළේය මම ව්‍යභිවාරිණීද නොවුයෙමි, මට දරුවෙක් කෙසේ වන්නේදැයි ඕ කීවාය, ( අල්කුර්ආන් 19 ඃ 16-20)

මේ නිසා මරියතුමිය ස්වභාවයෙන් මවිතයට පත්වී, මීට පෙර මා කිසිම මනුෂ්‍යයෙකුගේ ස්පර්ශයට නොලක්වූයේ යැයි ප්‍රකාශ කළාය, එයට සුරදුතයා මෙසේ පිළිතුරු දුන්නේය, එසේය එය මට ලෙහෙසියයි ඔබගේ රක‍ෂයා පවසයි, තවද අප ඔහු මනුෂ්‍යයන්ට උපමාවක් හා අපගෙන් දයාලූභාවයක් හා කරණු පිිණිස දැයිද අපි ඔහු නිර්මාණය කළෙමු, එය තීරණය කරන ලද දැයක් යැයිද ඔබගේ රක‍ෂකයා පැවසුවේයයි ඔහු කීවාය,

( අල්කුර්ආන් 19 ඃ 21-22)

මරියතුමිය  මනුෂ්‍ය පැවැත්මක් නිසා වෙනත් මව්වරුන් සේ ප්‍රසව වේදනාවට ලක්වූවාය, ප්‍රසවයේ උග්‍ර වේදනාව දරාගන්නට බැරිව ඈ මෙසේ විලාප වූ බව අල්ලාහ් පහත දක්වන පරිදි අල්කුර්ආනයෙහි සඳහන් කරයි, පසු ඇයට ඇති වු ප්‍රසව වේදනාව ඉඳිකදක් වෙතට ඇයව පත් කළේය, අහෝ මෙයට පෙර මා මැරුණානම් තවද මා ශ=න්යව මතක නැතිවුවා නම්,යි ඈ කීවාය, එවිට ඇයට පහළින් සිට (ජිබ්රිල් වන) ඔහු ශබ්ද කර ඇට හඩඟා, (මරියා) ඔබ දුක් නොවන්න, ඔබගේ පාදය ට පහළින් ඔබගේ රක‍ෂකයාණන් දොළක් හැටගැන්වූයේයයිද තවද මේ ඉඳිකද ඔබගේ දෙසට (ඇද) සොලවන්න, එය ඉදුණු ඉඳිගෙඞ් ඔබ අසලට වැටෙන්නට සලසන්නීයද, එවිට ( එම ඉදුණු ඉඳිගෙඞ්) ඔබ කන්න, තවද (දොළේ ජලය) බොන්න, (මේ ළදරුවාගෙන්) ඔබේ ඇස සසිල් කරන්න, පසු මනුෂ්‍යයන්ගේ යම්කිසි කෙනෙකු ඔබ හමු වුණිනම්  මම පරමදයාලූ වෙත උපවස්වතක් කෙළෙම්, එහෙයින් මම මෙදින කිසිම මනුෂ්‍යයකු සමග කථා නොකරන්නෙම් යි (සංඥාවකින්) දක්වන්න, (අල්කුර්ආන් 19 ඃ 23-26)

 

මරියතුමිය සිය ළදරුවා තමාගේ ජනතාවට පෙන්වූ විට ඔවුහු ඇත්තෙන්ම විස්මයට පත්වන දෙයක් සිදු වූහ, යැයි කියති, අˆතින් උපන්නාවූ ළදරුවා (ජේසුස් වහන්සේ) ජනතාවට මෙසේ පිළිතුරු දුන්හ, (එවිට ඔවුන්හට) ඇත්තෙන්ම, මම අල්ලාහ්ගේ වහළෙක්මි, ඔහු මට ග්‍රන්ථයක් දී මා වක්තෘවරයෙකුද කෙළේ යැයි ඔහු කීවේය, තවද මම කොහි සිටියෙමිද ඔහු මා ආශිර්වාද ලද්දෙකු කෙළේය, මා ජීවතුන් අතර සිටින තුරා මට සලාත් ඉටුකිරීමටද දුගී බද්ද දීමටද අණ කළේය, තවද මගේ දෙමව්පියන්ට මා දයාබර දක්වනු කෙනෙකුද කළේය, ඔහු මා අහංකාරයෙකු හෝ කාළකන්නියෙකු හෝ නොකළේය, මා උපන් දිනද මා මැරෙන දිනද (විනිශ්චය දිනයේහි) නැවත මා දිවියෙන් නැගිටවනු ලබන දිනද අල්ලාහ්ගේ සාමය මා කෙරෙහි ඇතිවේවා,(අල්කුර්ආන්-19ඃ27-33)

 

මරියතුමිය යේසුස් වහන්සේගේ මව වී කාන්තාවන් අතරෙහි උසස් තත්වයක් දරාගන්නට සමත්වුවත් මරියතුමිය හෝ යේසුස් වහන්සේ දේව විශේෂ ලක්ෂණයන්හි කිසිදු ලක්ෂණයක්වත් දැරුවේ නැතැයි යන සත්‍යය පහත දක්වන අල්කුර්ආන් වාක්‍යයෙන් ඉතා පැහැදිළිව සනාථවේ,

ඇතතෙන්ම අල්ලාහ් ඔහු තමයි මරියතුමියගේ පුත් මසීහ්, යැයි කී අය ප්‍රතික්ෂේප කළෝය, නමුත් මසීහ් ඉස්රාඊල්ගේ දරුවනී මාගේ ස්වාමිවුද තොපගේ ස්වාමිවුද  එකම අල්ලාහ් දෙවියන්ව නමදින්න යැයි කීවේය, ඇත්තෙන්ම, යමෙක් අල්ලාහ් දෙවියන් වහන්සේට සමානයන් තබන්නේද අල්ලාහ් ඔහු කෙරෙහි ස්වර්ගය තහනම් කළේය, තවද ඔහුගේ නවාතැන නිරය වන්නේය, මෙවැනි අපරාධ කරුවන්ට විනිශ්චය දිනයේ උදව් කරන්නන් කිසිවෙකු නැත, ඇත්තෙන්ම අල්ලාහ් දෙවියන් වහන්සේ තුන්දෙනාගෙන් එක්කෙනෙක් යැයි කියූ අය ප්‍රතික්ෂේප කළෝය, මක්නිසාදයත් එකම දෙවියෙක් වන අල්ලාහ් හැර සෙසු කෙනෙක් නැත, එම නිසා ඔවුහු තුන්දෙනාගෙන් එක්කෙනෙක් යැයි ඔවුන් කියන දැයින්

නොවැළකුණහොත් ඔවුන්ගෙන් ප්‍රතික්ෂේප කරන්නන්ට වේදනිය දඬුවම් ලක්වේමය, එම නිසා ඔවුහු අල්ලාහ් වෙත හැරී පාපොච්චාරණය කර, කල පාපයට ඔහුගෙන් ක‍ෂමාව නොඉළියන්නෝද? අල්ලාහ් ක‍ෂමා කරන්නේය, පරම දයාලූය. මරියතුමියගේ පුත්‍රයා මසීහ් වක්තෘවරයෙකු  මිස දෙවියෙක් හෝ ඔහුගේ පුත්‍රයෙක් හෝ නැත, ඔහුට පෙරද ඔහු වැනි නොයෙක් වක්තෘවරු උකුත් වූහ, ඔහුගේ මවද දෙවියෙක් නැත, ඇය සත්‍යවන්තියකි, මේ දෙදෙනාද වෙනත් මනුෂ්‍යයන් වගේම ආහාර අනුභව කර ජීවත්වූවෝය, එම නිසා මේ දෙදෙනා නැමදීමට සුදුස්සන් වන්නේ කෙසේද? මෙය අපි සමහර සාදක මාග_යෙන් ඔවුන්ට කෙසේ පැහැදිළි කරන්නෙමුදැයි වක්තෘවරයනී ` ඔබ සලකා බලන්න, පසු ඔවුහු සත්‍යයෙන් කොපමණ ඈත් වී ගියෝ දැයි බව සලකා බලන්න, තවද ඔවුන්ගේ අල්ලාහ් හැර තොපට කිසි යහපතක් හෝ අයහපතක් හෝ අත්කර දෙන්නට නොහැකි දැය තොපි නැමදුම් කරන්නෙහුදැයි කියා වක්තෘවරයනි ` ඔබ පවසන්න. ඇත්තෙන්ම, අල්ලාහ් ඔහු අසන්නේය, සියල්ලම දන්නේය, පොත

හිමිවරුනි ඔබ ඔබේ ධර්මයේ සත්‍ය හැර වෙනත් කිසිවකින් සීමාවන් ඉක්මවා නොයන්න, තවද මීට පෙර දුර්මාග_යලත් ජනයාගේ සිතුවිලිද අනුගමනය නොකරන්න, මක්නිදසාදයත්, ඔවුන් වැරදි මාග_ය පිළිපැද තවද බොහෝ දෙනා වැරදි මගට යොමුකළෝය, තවත් ඔවුන් නිවැරදි මග හැර දුර්මාග_යන් වූහ.

(අල්කුර්ආන් 5 ඃ72-77)

ආදම්පුතා පියෙක් නැතුව කෙසේ ඉපදුනේද ඒ සර්ව බලධාරි අල්ලාහ්ගේ ශක්තියෙන් යේසුස් වහන්සේත් හාස්කම් මාග_යෙන් උපත ලැබුවේය, ඇත්තෙන්ම අල්ලාහුගේ සන්නිධානයෙහි ඊසාගේ උපමාව ආදම්ගේ උපමාවට බඳුය, මැටියෙන් ඇඹුවේය, පසුව එයට මනුෂ්‍යයෙකු මෙන් වවයි කීවේය, කෙණෙහිම විය.

(අල්කුර්ආන් 3 ඃ59)

(වක්තෘවරයනි) ඔබ පවසන්න, ඔහු එකම දෙවියන් අල්ලාහ්ය, ඔහු ස්වාධීනය සියල්ල ඔහු කෙරෙහි ආධීනය, ඔහු ජාතක නොකරන්නේය, ඔහුද ජාතක නොකරවනු ලබන්නේය, ඔහුට සමාන වන කිසිවෙක් නැත, (අල්කුර්ආන් 112 ඃ 1-4)

 

 

Related Post