ඒඩ්ස්හි අභිරහස කුමක්ද? Aids

ෙරා්ගීන්

ෙරා්ගීන්

(1) ඒඩ්ස් විසිඑක්වෙනි සියවසේ පවතින මහත් අබිරහසකි, එයට ඛෙහෙත් නැත¦ වැළඳීමට පෙර ඇති නිවාරණයකුත් නැත¦ එය වැළඳුණු පසු මිදීමකුත් නැත – මරණය හැරඒඩ්ස්හි ආරම්භය කෙසේ වූයේද යනු අදවනතෙක් දන්නා කවුරුත් නැත, එය අබිරහසකි. අපි්‍රකාවේද දියුණු වන රටවලද දහස් ගණන් ජනයාගේ ජීවිත බිලිගත් මෙම ඒඩ්ස් මාරක රෝගය ඇමරිකාව හා බටහිර රටවල පැතිර නොගියේ ඇයි? මෙය බොහෝ දෙනෙකු අසන ප්‍රශ්නයකි.

ඒඩ්ස් වසංගතය එච්. අයි. වී නම් වූ වෛරසය මගින් පැතිර යන බව සැකයෙන් තොරවම පවසනු ලැබේ. එහෙත්, මෙම වෛරසය හටගත්තේ කොහොමද? එය හට ගැන්වූයේ කවුරුන්ද? පර්යේෂණාගාර තුළ කෘතිමව හටගන්වනු ලැබුවේද? ඒඩ්ස් රෝගය නිට්ටාවටම සුව කිරීමට ඛෙහෙත් තිබේද? මෙවැනි ප්‍රශ්න රාශියක් අද වෛද්‍ය ෙක‍ෂ්ත්‍රයට අභියෝගයක්ව පවතී. කුසගින්නේ සිටි අපි්‍රකානු වැසියෙක් චිම්පන්සි රිලවෙකු ආහාර වශයෙන් ගත් පසු හෝ රිලවෙකු සමග සංසර්ගයේ යෙදීමෙන් ඒඩ්ස් රෝගය මිනිසුන්ට වැළඳුණු බව ආරම්භයේදී පවසන ලදී. මෙය ඇත්තක්ද? කෙතරම් දුරට විශ්වාස කළ හැකිද?

අපි්‍රකාවේ හටගත් මෙම වෛරසය අනෙක් රටවලට පැතිර ගියේ කෙසේද? සංචාරකයින්ගේ මාර්ගයෙන් එය පැතුරුණු බව පවසන්නේ නම් බටහිර රටවලට එය එතරම් නොගියේ මොන හේතුවක් නිසාද?සමලිංගික සේවනය, ගණිකාවන් සමඟ ඇති සම්බන්ධතාව, නොමනා ලිංගික සම්බන්ධතා, වැරදි ලිංගික කි්‍රයාකාරීන් යනාදිය තුළින් මෙම ඒඩ්ස් රෝගය බෝකරන වෛරසය පැතිරෙන බව ඇතැමුන් පවසති.

අද ලොවෙහි අධිකව සමලිංගික සේවනයෙහි යෙදෙන්නේ ඇමරිකානුවන් හා යුරෝපී රටවල ජනයින්ය. ඇමරිකාවේ පිරිමියෙක් තවත පිරිමියෙකු සමගත් කාන්තාවක් තවත් කාන්තාවක් සමගත් විවාහ වීමට නීතියෙන් අනුමැතියක් ඇත. මාස කීපයකට පෙර මෙලෙස විවාහවූ සමලිංගික සේවනයෙන් යෙදෙන්නන් දික්කසාද වූ විහිළුවකුත් එහි සිදුවිය. එහෙත්, ඇමරිකාවෙහි ඒඩ්ස් රෝගය මාරක රෝගයක් ලෙස නොපැතිරුනේ මන්ද?

සෑම දවසකම, අවම වශයෙන් කාන්තාවන් 1871 දෙනෙක් දූෂණයට ලක්වේ. එනම්, විනාඩි 1.3 කදී එක් කාන්තාවක් එහි දූෂණය කරනු ලබයි. මෙය සිදුවන්නේ කොයි රටේද? ඇමරිකාවෙහිය. එහෙත්, අපි්‍රකානු රවවල එක් පරම්පරාවක්ම විනාශ කළ ඒඩ්ස් රෝගය, ඇමරිකාවේ එතරම් බලපෑමක් නොකළේය. ඒ මන්ද?මුළු ලොවෙහිම, දුරාචාරයේ උපත සිදු වූ ස්ථානයන්වද නිරුවත් කැත කි්‍රයාවන්ට නමගිය රටවල්වද පවතින්නේ ඇමරිකාව හා යුරෝප රටවල්ය. එහෙත් ඒ රටවල ඒඩ්ස් රෝගය මහත් සේ නොපැතිරුණි, ඒඩ්ස් රෝගය වැළඳී මිනිසුන් මැරෙන්නේද ඉතා කලාතුරකිනි. මෙහි අබිරහස කුමක්ද?

ලිංගික නොමනා කි්‍රයා නිසාම ඒඩ්ස් පැතිර යන බව කියන කතාව, අප නැවත පර්යේෂණයට භාජනය කළ යුතුයි. එවිට එහි ඇත්ත නැත්ත අපට වැටහෙනවා ඇත. ඒඩ්ස් අබිරහස එළිදරව් කරන ඇතැම් වැදගත් කරුණු ටිකක් මෙහි සඳහන් කරමු. මෙම කරුණු ඉතාමත් ඕනෑකමින් එකිනෙක සම්බන්ධකොට බැලූවහොත්, රටවල් සූරාකන, ආක්‍රමණික, අධිරාජ්‍යයේ භයානක මුහුණ දිස්වෙයි.

1)

පළමුව ඓතිහාසික සටහනක් පරීක‍ෂා කර බලමු. හෙන්ටි්‍ර කිසිංගර් ඒකාධිපති රාජ්‍යයක් වූ ඇමරිකාවේ වෙසෙන බලවතුන් ගෙන් ප්‍රධානියෙකි. ඔහු එවකට – එනම් 1974 දී ඉදිරිපත් කළ වාර්තාවක් පිළිබඳ සටහනයි මේ. ඒඩ්ස් රෝගය සොයා ගැනීමට හරියටම වසර දහයකට පෙර හෙන්ටි්‍ර කීසිංගර් මෙම වාර්තාව ඉදිරිපත් කළ බව සැලකීමට ගත යුතුයි. මෙම වාර්තාවෙහි හෙන්ටි්‍ර කීසිංගර් ගෙන දක්වා ඇති අදහසක් ඉතා භයානක වේ, එමෙන්ම එය ඉතා අර්ථවත්ද වේ.

Depopulation should be the highest priority of U.S. foreign policy towards the third world”

—මෙම රටවල ජනගහන (වර්ධන) අනුපාතය අඩුකිරීම වනාහි ඇමරිකානු ජාතික ආරක‍ෂාවට ඉතාමත් වැදගත් වූවකි, අත්‍යවශ්‍ය වූවකි.˜

මෙලෙස පවසන හෙන්ටි්‍ර කීසිංගර් ඉනික්බිතිව පවසා ඇති දේ අපගේ බලවත් සැලකිල්ලට යොමු වන්නේ නම් මැනවි.

The U.S. economy willrequire large and increasing amounts of minerals from abroad” especially
from less developed countries. That fact gives the U.S. enhanced interests inthe political, economic and social stability of the supplying countries’Wherever a lessening of population can increase the prospects for such
stability population policy becomes relevant to resources” supplies and
the economic interest of the U.S.”
ඇමරිකානු ආර්ථීකය (සැමවිට යහපත් තත්ත්වයේ තිඛෙනු පිණිස) පිටරටවලින්, විශේෂයෙන් අඩු දියුණුවක් ඇති රටවලින් විශාල වශයෙන් ඛනිජ වර්ග ලබා ගත යුතුව ඇත. එබැවින්, මෙම ඛනිජ සම්පත අපට ගෙන දෙන රටවල් දේශපාලන, ආර්ථීක හා සමාජීය ස්ථීරත්වය කෙරෙහි ඇමරිකාව අධිකව සැලකිලිමත් විය යුතුයි. කොහේහරි ජනගහනය අඩු කිරීම අපට වාසියක් ගෙනදෙයිදෝ එහි ජනගහනය පිළිබඳ සංකල්පය යන්න ඇමරිකාවේ ආර්ථීක ලාබ ප්‍රයෝජනය, ස්වභාවික සම්පත් හා අනෙකුත් දේ යනාදියට සම්බන්ධ වනු ඇත.˜

2)

දෙවෙනි සටහනත් කියවන්න. විද්‍යාත්මක ලොව එක් කරුණක් පිළිබඳ එකම අදහසක් දරයි.

අපි්‍රකාවේ එච්.අයි.වී වෛරසය පළමුවෙන්ම 1975 වසරෙහි සොයා ගනු ලැබිණ. හෙන්ටි්‍ර කීසිංගර්ගේ වාර්තාව පිට වී මාස ගණනක් තුළ අපි්‍රකාවේ එච්.අයි.වී වෛරසය හිස එස වූ බව සැලකීමට ගත යුතුයි.

1964 පටන් 1975 දක්වා මුළු මධ්‍යම අපි්‍රකාව තුළ කරනු ලැබූ රුධිර හා මාංශ පරීක‍ෂණයන්හි එච්.අයි.වී වෛරසය තිබුණු බවට කිසිදු සාක‍ෂියක් නොවීය.

එහෙත්, 1975 වසරෙහි කුමක් හෝ බලපෑමක් ඇති වී මෙම තත්ත්වය වෙනස් වූ බව ඒඩ්ස් පිළිබඳ පර්යේෂණයක් පැවැත් වූ මහාචාර්ය ජේ. ලෙව් පවසයි.

3)

තෙවෙන සටහනත් ඉතා වැදගත් වෙයි. ඉරාකය ආක්‍රමණය කළ ඇමරිකාව මේවන තෙක් ලක්ෂයකටත් අධික සාමාන්‍ය ඉරාක ජනයින් මරා දමා ඇත. එම ආක්‍රමණය කිරීමට හේතු වූ බව ජනාධිපති ජෝර්ා් බුෂ් පැවසුවේ සදාම් හුසේන් මහා විනාශකාරී රසායනික හා ජීව විද්‍යාත්මක :උඵෘ- අවි ආයුධ නිපදවන බවයි. මෙය අමූලික බොරුවක් බව දැන් මුළු ලොවම දැනගෙන හමාරයි.

එහෙත්, ඒ සමගම —ඇත්තකුත්˜ ලොවේ බැල්මට හසුනොවී සැඟවී යෑම වේදනා සහගත කරුණකි.

ඒ ඇත්ත කුමක්ද යනු දන්නවාද? අද මුළු ලොවෙහිම විනාශකාරී අවි ආයුධ අධිකව තබාගෙන ඇති රට ඇමරිකාව වීමයිæ

තවත් එකක් දැනගන්න. ඇමරිකාව සහ රුසියාව අතර තුෂ්ණි යුද්ධය :ක‍දකා උ්ර- ආරම්භ කළ අවදියෙහි දෙරටම විද්‍යාත්මක අවි ආයුධ නිපදවීමෙහි තරඟකාරී ව හැසිරුනේය.

රුසියාවේ විද්‍යාඥයන් රෝග බෝ කරන බැක්ටිරියා :ඊ්ජඑැරස්- නම් වූ ක‍ෂුද්‍ර ජීවි ආයුධ නිපදවීමෙහි නියැලූනහ. ඇන්ත්‍රැක්ස් :Aබඑයර්ං- —ප්ලේග්˜ වසංගතය :ඡක්ටමැ- වැනි රෝග කෘතිම බැක්ටිරියා නිපදවීමෙහි ඔවුහු අධික උනන්දවක් දැක්වූහ. එහෙත්, ඇමරිකානුවන් සම්පූර්ණයෙන්ම වෙනස් වූ වෙනත් අතකින් ඉදිරියට ගියහ. ජාන සැකසුම – පිළිකාව, වෛරසය යනු ඇමරිකානුවන්ගේ කි්‍රයාකාරීත්වය වෙනස් වී තිබුණි.

මෙම ප්‍රාණ ඝාතන පර්යේෂණයන්හි රුසියානුවන්ට වඩා බොහෝ ඉදිරියෙන් ඇමරිකානුවන් සිටියහ. මෑතක හෙළි වූ —සයිමන් වයිසන්තාල් සෙන්ටර්˜ මගින් මිනිසා කම්පනයට පත්කරන බොහෝ පුවත් ලැබී ඇත.

දෙවෙනි ලෝක සංග්‍රාමයට පසුව —යුනිට්731˜ නම් වූ පර්යේෂණාගාරයෙහි බි්‍රතාන්‍ය, ජර්මන් හා ජපන් යුද සිරකරුවන් භාවිතයට ගෙන වෛරස් පර්යේෂණයෙහි සී. අයි. ඒ. ඔත්තු සේවා සංවිධානය යෙදුනේය. නාෂි විද්‍යාඥයන්ට වඩා දහ ගුණයකින් බලපෑම් කළ හැකි —ඛෙහෙත් වර්ග˜ මෙම —යුනිට්731˜ තුළින් නිපදවනු ලැබීය.

ඇමරිකානු හමුදා පාලන ඒකකය වූ —පෙන්ටගනය˜ පිළිබඳව ඇල්වින් සහ හූදි ඩොෆ්ලර් තම , පොතෙහි මෙසේ සඳහන් කරති. —ජාන සැකසුම මගින් නිපදවනු ලැබූ නිශ්චිත ජාතියක් වෙනුවෙන් වූ —ජාතිය˜ ආයුධ පිළිබඳව පවසන විට, ජාතික ගැටුම් වලටම ආවේනික වූ ඉතා භයානක —ජාතීන් ඝාතනය කරන ආයුධ ගැන රුසියන්වරුන් අවවාදයට ලක් කරනු ලැබූහ.˜

4)

ඒඩ්ස් බිහිවූයේ කෙසේද? යනු අදත් විද්‍යාත්මක් ලොව තුළ වාද විවාද කෙරේ. චිම්පන්සි රිලවුන් වෙත අදත් දක්නට ලැඛෙන එච්.අයි.වී වෛරසය මිනිසාගේ ශරීර ගත වී එච්.අයි.වී වෛරසය බවට පත් වූ බව සාමාන්‍යයෙන් පවසති.

—කුසගින්නේ සිටි අපි්‍රකානුවෙක් චිම්පන්සි රිලවෙකු මරා ගෙන කෑම නිසා මෙම භයානක රෝගය ඇති වූයේය.˜ යනු බටහිරය වාදය කරයි. මෙය බොරුවකි, ජාති වාදී අදහසකි. මෙය —බොරුවක්˜ යනු අප්‍රිකානුවන් එකහෙලාම කියති.

හේතුව, බොහෝ කලක්ම චිම්පන්සි රිලවුන් අප්‍රිකානුවන්ගේ ආහාර වට්ටෝරුවේ තිඛෙන දෙයකි. මෙවන් තත්ත්වයක, —හිටි හැටියේම එතුළින් වෛරසයක් බිහිවිය නොහැක˜ යනු ඔවුහු වාද කරති. 5)

එච්.අයි.වී. වෛරසය —සොයාගැනීමේ නිල වාර්තාව˜ එළිදක්වනු ලැබුවේ 1984 අප්‍රේල් 23 වෙනිදාය. බටහිර රටවල පවතින ලිංගික නොමනා කි්‍රයාවන්වල පරිසරයෙහි ඇමරිකාවේ සහ අනෙකුත් බටහිර රටවල මෙම වෛරසය අධිකව පැතිර යන බව නිගමනය කරනු ලැබුණි.

එහෙත්, මෙම නිගමනය වැරදුණි. අද අපි්‍රකාවේ හා තුන්වෙනි දියුණුවන රටවලයි මෙම වෛරසය තුළින් ඒඩ්ස් රෝගය විශාල වශයෙන් පැතිරෙන්නේæ අපි්‍රකාවේ ඇතැම් ප්‍රදේශවල මෙම රෝගය 40% ක් පමණ පැතිර ඇත. ඒ හැර බොහෝ රටවල 25% පමණ පැතිර ඇත.

මෑතකදී එළිදරව් වූ අපි්‍රකාවේ ඒඩ්ස් රෝගය ගැන වූ ජගත් සංවිධානයේ වාර්තාවෙහි, —ඔබ පසළොස්වියට පත්වීමට පෙර ඒඩ්ස් රෝගය වැළඳී මැරෙන්න සිදුවෙයි˜ යන තත්ත්වය 50% කින් ඇතæ යනු අවවාද කොට ඇත.

ඹභAෂෘී සංවිධානයේ සභාපති පීටර් ෆියට් පවසන්නේ, —බොහෝ පරම්රපරාවන් ඒඩ්ස් නිසා විනාශයට පත්වී ඇත. මෙනිසා 30-40 වයසැති අයට වඩා 60-70 වයසැති අයගෙන් සමන්විත සමූහයන් ඇතිවිය හැකිය. මෙම තත්ත්වය සිතා බලන්න හෝ නොහැකි භයානක තත්ත්වයකි.˜

මෙහි තවත් දෙයක් අවධානයට යොමු විය යුතුයි. ඒඩ්ස් පැතිරීමට ප්‍රධාන හේතුව ලිංගික සම්බන්ධතා පමණක් යනු පවසනු ලැබේ. එහෙත් නොමනා ලිංගික සම්බන්ධතා හේතු කොටගෙන ගෙන වැළෙඳන සිෆිලිස්, ගොනෝරියා, වැනි සමාජ රෝග අපි්‍රකානු රටවල දක්නට තිඛෙනවාට වඩා ඇමරිකාවේ හා යුරෝපීය රටවල අධිකව දක්නට ඇත.

අධ්‍යාපනය නැතිකමත් දැනුම නැතිකමත් මහත් හේතුන් බවද පවසනු ලැබේ. එහෙත්, ඒඩ්ස් රෝගය බොහෝ දුරට පැතිර ගිය අපි්‍රකානු රටවල වන බොට්ස්වානා, සිම්බාබ්වේ හා දකුණු අපි්‍රකාව යන රටවල අක‍ෂර දැනුම 90%ක් අභිබවා ගොස් ඇත.

තවද, අපි්‍රකානු රටවල් සියල්ලටම පොදුවූ සම්ප්‍රදායක් ඇත. එනම් ළමුන් යමක්කමක් දන්නා වියට පත්වීමට පෙර එනම් ළදරු වියෙහිදීම රෝග නිවාරණ එන්නත් කිරීමයි.

එච්.අයි.වී වෛරස් රෝග බීජය පළමුවෙන්ම සොයා ගත්තේ —සයරේ˜ රටේ —යම්බුක්කු˜ නගරයේ පිහිටි ඛෙල්ජියම් කතෝලික මිෂනාරි රෝහලේදී හා සූඩානයේ නසාරා නගරයේ පිහිටි ඉතාලි කතෝලික මිෂනාරි රෝහලේදීය. මෙම රෝහල් දෙකෙහිම එකවර මෙම වෛරසය සොයාගනු ලැබීය. මෙම නගර අතර ඇති දුර ප්‍රමාණය සැතපුම් 700 ක් පමණ වෙයි.

1990 වසරෙහි දකුණු අපි්‍රකාවේ එච්.අයි.වී වෛරසයේ පැතිරීම තිබුණේ 0.76%ක් පමණි. සම ලිංගික සේවනයෙහි යෙදෙන සුද්දන් පමණක් මීට ලක් වී සිටීයහ. 1994 දී වර්ණවාදී ප්‍රතිපත්තිය ඉවත දමා, ඡන්දය පැවත්විණ. ඉන්පසු වසරක් තුළ එච්.අයි.වී වෛරසය 10% ගුණයකින් වැඩි විය. එය බොහෝ සේ වේගයෙන් පැතිරුනේ කළු ජාතීන් අතරය. මෙම වේගවත් පැතිරීම අපේක‍ෂාවෙන් තොරව සිදුවූවකි.

ඹභAෂෘී සභාපති මහාචාර්ය පීටර් ෆියට් පවසන්නේ, —සෙව තුමක් නිසා සිදුවන්නේද යනු අදහා ගැනීමට බැරි වී ඇත. මෙයට හේතුව, ලිංගික සම්බන්ධතා පමණක් බව කිව නොහැකිය˜ යනුවෙනි.

—ජනතාවට එතරම් ලිංගික කටයුතුවල නිරත වීමට අවස්ථාවන් නැත. අපි මෙය හරිහැටි වටහා නොගත් බව පිළිගත යුතුමයි˜ යනුද පීටර් ෆියට් පවසයි.

අද බොහෝ අපි්‍රකානු රටවල් පෙර පැවති බටහිර ආක්‍රමණික අධිරාජ්‍ය වාදීන්ගේ රැහැනෙන් ගැලවී නිදහස් බවට පත්ව ඇත. එබැවින් මෙම රටවල ඇති සම්පත් වන ඛනිජ වර්ග, රබර්, ශාක, ස්වාභාවික ඛනිජ තෙල්, ටින්, තඹ, රත්තරන් වැනි දේ කෙරෙහි බටහිර බහු ජාතික වෙළඳ ආයතනවලට තිබුණු සම්බන්ධතා බොහෝ දුරට ඇහිරී ගොස්ය.

අද ඒඩ්ස් රෝගයෙන් විනාශයට පත් වී ඇති රටවල් වන බොට්ස්වානා, සිම්බාබ්වේ හා දකුණු අපි්‍රකාව වැනි රටවලයි බටහිර වෙළඳ ආයතනවල සම්බන්ධතා ඉතා අධිකව තිඛෙන්නේ. ඒ රටවල බහු ජාතික වෙළඳ ආයතනවල ආධිපත්‍යද බොහෝ දුරට ස්ථාවරයට පත් වී ඇත.

අපි්‍රකානුවන්ගේ අධික පිරිසක් සිතන්නේ, —ඒඩ්ස් රෝගය බටහිර රටවල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්˜ ලෙසිනි. —ඔවුන්ගේ මෙම දෝෂාරෝපණය බොරුවක් ලෙස සලකා අහක දැමිය නොහැක. එහි ඇත්තක් ඇත. ඔවුන් නගන ප්‍රශ්නය සම්පූර්ණ ඇත්තකි. යනු ඹභAෂෘී සංවිධානයේ පාලක ලිසා ජේකොබ්ස් පිළිගෙන ඇත.

6)

අවසාන වශයෙන් එක් කරුණක්: ඇමරිකානු හමුදා පාලන ඒකකය වන පැන්ටගන්හි සේවය කොට විශ්‍රාම ගිය නිලධාරි කෙනෙකු වූද, වොෂින්ග්ටන්හි තිඛෙන ජාතික ආරක‍ෂක උපදෙස් සභාවේ හිටපු සභාපති :න‍දසබඑ ක‍යසැෙ දෙ ීඒෙෙ- වූද කර්නල් කේගිංස්ටන් පවසන්නේ කුමක්ද යනු දැන ගැනීම අප කාටත් වටින්නේය.

ඔහු පැවසුවේ මෙයයි: —ඇමරිකානු ඉතිහාසයෙහි කි්‍රයාවට නංවනු ලැබූ ඉතා රහසිගත ව්‍යාපෘති අතුරින් අති විශාලවූත්, මහත් විනාශයක් ඇති කළා වූත් ව්‍යාපෘතිය ඒඩ්ස් වසංගතය පතුරුවාලීමයි. දෙවෙනි ලෝක සංග්‍රාම සමයේ පරමාණු ආයුධ නිපදවීමට සකස් කළ —මෑන්හැට්ටන්˜ ව්‍යාපෘතියට වඩා —ඒඩ්ස්˜ ව්‍යාපෘතිය මිනිස් වර්ගයාට අධික වශයෙන් විනාශය ඇති කරන්නක් විය.˜

මෙම විස්තර තුළින් ඒඩ්ස් රබිරහස ආවරණය වී තිබුණු තිරය විවෘත වන බවක් පේනවද?

……..එස්. එම්. මන්සූර්.

Related Post