නිරතුරුව අල්ලාහ් සිහිපත් කරමු zikr

මුලින්ම ශුද්ධවූ අල්කුර්ආනයේ අල්ලාහ් සිහිපත් කිරීම පිළිබඳව පවතින වාක්‍යයන් කිහිපයක්:

දික්ර් ෙනාකරන්නා මියගිය පුද්ගලෙයකි

අපෙග් ජීවිතය දික්ර් විය යුතුයි

අල්ලාහ් මෙසේ පවසයි: —ඔබලා මා සිහිපත් කරන්න මා ඔබලා සිහිපත් කරමි, තවද මට කෘතඥ වන්න ප්‍රතික‍ෂේප නොකරන්න˜ (2: 152).
—විශ්වාසවන්තයිනි අල්ලාහ් වැඩි වැඩියෙන් සිහිපත් කරන්න˜ (32: 41).
තවද (ශාස්තෘවරයානනිæ) උදේ හා සවස ඔබේ හද තුළ බැගෑපත්ව, භක්තියෙන් යුතුව පහත් ස්වරයකින් ඔබේ හිමියන් සිහිපත් කරනු. තවද නොසැලකිලිමත් අය අතුරින් කෙනෙකු නොවනු˜ (7: 205).
—……….අල්ලාහ් වැඩි වශයෙන් සිහිපත් කරන පිරිමීන් හා කාන්තාවන් ඔවුන්ට අල්ලාහ් ඔහුගේ සමාව හා මහඟ= වරප්‍රසාදයන් ඔවුන්ට සූදානම් කර ඇත˜ (අල් අහ්සාබ් 33: 35).
අල්ලාහ් සිහිපත් කිරීම (දික්ර්) පිළිබඳව නබි (සල්) තුමන්ගේ වැකි තුළ:
වරක් නබි (සල්) තුමන් මෙසේ පැවසූහ: —ඔබලාට කුසල් කි්‍රයාවක් දන්වන්නද? එය ඔබලාගේ සියළු යහපත් ක්‍රියාවන්ට වඩා ශ්‍රේෂ්ඨ වේ. ඔබලාගේ රජා (හිමියන්) ඉදිරියේ ඉතා පිවිතුරුවූවකි, ඔබලාගේ පදවීන් වැඩි කරන්නකි. රන් හා රිදි (අල්ලාහ්ගේ මාර්ගයෙහි) වියදම් කිරීමට වඩා ශ්‍රේෂ්ඨ වූවකි. තවද ඔබලා සතුරන් සමග සටන් කරමින් ඔවුන් ඔබගේද ඔබලා ඔවුන්ගේද ගෙල නැසීමට වඩා උතුම්වූවකි. එවිට මිත්‍රවරුන් අවශ්‍ය ලෙස දන්වන්න යනුවෙන් ඉල්ලා සිටියෝය, එයට ශාස්තෘවරයානන් එයයි ඔබ අල්ලාහ් සිහිපත් කිරීම (දික්ර්)˜ යනුවෙන් පිළිතුරු දුන්හ. (මූලාශ්‍රය්: තිර්මිදි, ඉබ්නුමාජා).
නබි (සල්) තුමන් වරක් මෙසේ ප්‍රකාශ කළහ: —දිවට පහසු, තරාදියේ ඝනකමින් යුතු, අල්ලාහ්ට ප්‍රියවූ වාක්‍යයන් දෙකක් ඇත. එය නම්: සුබ්හානල්ලාහි වබිහම්දිහි සුබ්හානල්ලාහිල් අලීම්˜ (මූලාශ්‍රය මුත්තෆකුන් අෙලෙහි).
නබි (සල්) තුමන් වරක් මෙසේ ප්‍රකාශ කළහ: —මා සුබ්හාන්ල්ලාහි, වල්හම්දුලිල්ලාහි, වලා ඉලාහ ඉල්ලල්ලාහු, වල්ලාහු අක්බර් යනුවෙන් පැවසීම හිරු උÞවන දිනයේ මට ප්‍රියවූ කි්‍රයාවකි˜ (මූලාශ්‍රය: මුස්ලිම්).
නබි (සල්) තුමන් වරක් මෙසේ ප්‍රකාශ කළහ: කෙනෙකු ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයිඉන් කදීර් යනුවෙන් දිනකට සිය වරක් පැවසීම වහල්ලන් දහයක් නිදහස් කළාට සමානය, තවද ඔහුට පිං සියයක් සටහන් කරනු ලබයි. ඔහුගේ පාපයන් සියයක් සමා කරනු ලබයි. එදින සවස් වන තුරු ෂෙයිතාන්ගේ උවදුරු වලින් ඔහුට ආරක‍ෂාව ලැඛෙයි. මීට වඩා වැඩි වශයෙන් කළ කෙනෙකු මිස යහපත් කෙනෙකු වෙනත් නැන˜. (මූලාශ්‍රය: මුත්තෆකුන් අෙලෙහි).
—අල්ලාහ්ට ප්‍රිය වූ වාක්‍යයන් හතරක් ඇත: සුබ්හානල්ලාහි, වල්හම්දුලිල්ලාහි, වලා ඉලාහ ඉල්ලල්ලාහූ, වල්ලාහු අක්බර් මෙයින් කුමන කොටසින් ඔබ ආරම්භ කළත් හානියක් නොමැත˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්).
නබි (සල්) තුමන් වරක් මෙසේ ප්‍රකාශ කළහ: —පිරිසිදුකම විශ්වාසයේ අඩකි, තවද අල්හම්දුලිල්ලාහ් තාරාධිය පුරවයි, තවද සුබ්හානල්ලාහ්, අල්හම්දුලිල්ලාහ් දෙකම පුරවයි නැතහොත් අහස් හා පොළෝ අතර හිඩැස පුරවාලයි˜. (මූලාශ්‍රය: මුස්ලිම්).
නබි (සල්) තුමන් වරක් මෙසේ ප්‍රකාශ කළහ: —අල්ලාහ් සිහිපත් කරන (දික්ර්) තරම්, ඔහුගේ ද~ුවමින් Þසයා ආරක‍ෂා කරන වෙනත් යාඥාවක් නැත.˜ (මූලාශ්‍රය: තබරානි).
—හිමියන් සිහිපත් කරන්නාට හා සිහිපත් නොකර සිටින්නාට උපමාව ජීවතුන් අතර සිටින්නාගේ මළවූ තැනැත්තාගේ උපමාව වේ˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි).
—අල්ලාහ් සිහිපත් කරන දික්ර් අතුරින් ඉතා ශ්‍රේෂ්ඨ වන්නේ: ලා ඉලාහ ඉල්ලල්ලාහ් වේ˜ යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: තිර්මිදි).
—පුද්ගලයෙකු නබි (සල්) තුමන් වෙත පැමිණ ශාස්තෘවරයානනි ඉස්ලාමීය නීති මාළාවන් බහුලවිය, මා තදින් අල්ලා ගැනීම සඳහා යමක් උගන්වා දෙන්න යනුවෙන් විමසා සිටියේය. එයට ශාස්තෘවරයානන්, ඔබේ දිව අල්ලාහ් සිහිපත් කිරීමේ නිරතුරුව තබා ගන්න˜ යනුවෙන් පැවසූහ. (මූලාශ්‍රය: තිර්මිදි).
—වරක් නබි (සල්) තුමන් ඔබලා අතුරින් කාට ද දිනකට කුසල් Þහක් උපයාගැනීමට නොහැක්කේ? රැස්ව සිටියවුන් කුසල් Þහක් අපි උපයන්නේ කෙසේද? යනුවෙන් ප්‍රශ්න කළේය. එයට ශාස්තෘවරයානන් කවුරුන් සිය වරක් අල්ලාහ් පරිශ=ද්ධ කරයිද ඔහුට කුසල් Þහක් ලියනු ලබයි, නැතහොත් පාපයන් සියයක් සමා කරනු ලබයි˜ යනුවෙන් පැවසූහ (මූලාශ්‍රය: මුස්ලිම්).

මෙම පුංචි ලිපිය තුළින් අපි අපේක‍ෂා කරන්නේ නිරතුරුව අපි අල්ලාහ් සිහිපත් කරන්නන් බවට පත්වී ෂෙයිතාන්ගේ උවදුරුවලින් අපව ආරක‍ෂා කරගැනීමයි.
සකස් කිරීම: ඉබ්නු යූසුෆ්

Related Post