උසුරිය යුතු ප්රාර්ථනා (දුඅා) කිහිපයක්

කුසල්

ප්රාර්ථනාවන්

1- නින්දෙන් අවදි වූ විට උසුරිය යුතු ප‍්‍රාර්ථනාව     

الحمد لله الذي أحيانا بعد ما أماتنا وإليه النشور

අල් හම්දුලිල්ලාහිල්ලzසි අහ්යානා බඅදමා අමාතනා වඉෙලෙහින් නුෂූර්

අර්ථය:

අපව නින්දෙන් පසු අවදි කළ අල්ලාහ්ටම සර්ව ප‍්‍රශංසාව හිමි වෙයි, තවද අපගේ නැගිටවීම ද ඔහු පැත්තෙන්මය . (බුහාරි)

2-වැසිකිළියට ඇතුලුවන විට උසුරිය යුතු ප‍්‍රාර්ථනාව

اللهم إني أعوذ بك من الخبث والخبائث

අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මිනල් හුබුසි වල් නහබාඉසි

අර්ථය:

යා අල්ලාහ් ` ස්ත‍්‍රී පුරුෂ ෙෂෙතාන්ගේ අනතුරු වලින් මම ඔබෙන් ආරක්‍ෂාව පතන්නෙමි. (බුහාරි)

3- වැසිකිළියෙන් පිටවන විට උසුරිය යුතු ප‍්‍රාර්ථනාව

غفرانك

ගුෆ්රානක

අර්ථය:

මට සමාව දෙනු මැනව ` (තිර්මිදි)

4- දෝවනය කිරීමට පෙර උසුරිය යුතු ප‍්‍රාර්ථනාව

بسم الله

බිස්මිල්ලාහි

අර්ථය:

දෙවියන් අල්ලාහ් තආලාගේ නාමයෙන් (අබූ දාවූද්)

5- දෝවනය කිරීමට පසු උසුරිය යුතු ප‍්‍රාර්ථනාව

أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله

අෂ්හදු අන්ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීකලහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහූ වරසූලූහු

අර්ථය:

නැමදුමට සුදුස්සා අල්ලාහ් තආලා හැර වෙන කිසිවෙකු නොමැත, ඔහු ඒකකයෙකි. ඔහුට සමාන කිසිවෙකු නොමැති බව මම සාක්‍ෂි දරමි.

තවද මුහම්මද් නබි තුමාණන් අල්ලාහ්ගේ වහලෙකු බව හා ¥තයෙකු බවද සාක්‍ෂි දරමි. (මුස්ලිම්)

6- ඇදුමක් අඳින විට උසුරිය යුතු ප‍්‍රාර්ථනාව           

الحمد لله الذي كساني هذا ورزقنيه من غير حول مني ولا قوة

අල්හම්දු ලිල්ලාහිල්ලzසි කසානී හාzදා වරzසකනීහි මින් ගයිරි හව්ලිම් මින්නී වලා කූව්වතින් (අබූ දාවුද්)

අර්ථය:

මට ඇදුම් ලබා දුන් අල්ලාහ්ට සියලු ප‍්‍රශංසා හිමිවෙයි තවද මගේ උනන්දුව ද ශක්තියද නැත්ිව ඔහු මට ඇදුම ලබා දුන්නේය. (අබූ දාවුද්)

7 ඇදුම ගලවා තබන විට උසුරිය යුතු ප‍්‍රාර්ථනාව

بسم الله

බිස්මිල්ලාහි

අර්ථය:

දෙවියන් අල්ලාහ් තආලාගේ නාමයෙන් (තිර්මිදි)

8 නිවසින් පිට වන විට උසුරිය යුතු ප‍්‍රාර්ථනාව

بسم الله توكلت على الله ولا حول ولا قوة إلا بالله

බිස්මිල්ලාහි තවක්කල්තු අලල්ලාහි වලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහි

අර්ථය:

අල්ලාහ් තආලාගේ නාමයෙන් මම ගෙදරින් පිටවෙමි, අල්ලාහ් තආලා වෙත පූරණ විශ්වාසය තැබුවෙමි,

අල්ලාහ් තආලාගේ උදව් උපකාර නැතිව යහපත් දෙයක් කිරීමට හෝ අයහපත් දෙයකින් මිදීමට හෝ මට ශක්තියක් නොමැත. (අබූ දාවුද්)

9- නිවසට ඇතුන්‍දාවන විට උසුරිය යුතු ප‍්‍රාර්ථනාව

بسم الله ولجنا،وبسم الله خرجنا ، وعلى ربنا توكلنا

බිස්මිල්ලාහි වලජ්නා වබිස්මිල්ලාහි නහරජ්නා වඅලා රබ්බිනා තවක්කල්නා.

අර්ථය:

දෙවියන් අල්ලාහ් තආලාගේ නාමයෙන් නිවසට ඇතුන්‍දා වන්නෙමු, අල්ලාහ් තආලාගේ නාමයෙන් ්

නිවසින් පිටත් වුනෙමු, අප සර්වබලධාරියා වන අල්ලාහ් තආලා මත විශ්වාසය තබමු. (අබූ දාවුද්)

10- මස්ජිදයට (පල්ලියට ඇතුලුවන විට උසුරිය යුතු ප‍්‍රාර්ථනාව        

اللهم افتح لي أبواب ورحمتك

බිස්මිල්ලාහි වස්සලාතු වස්සලාමු අලා රසූලිල්ලාහි අල්ලාහුම්ම ඉෆ්තහ්ලි අබ්වාබ රහ්මතික.

අර්ථය:

යා අල්ලාහ් ` ඔබගේ කරුණාවන්ත දොරටුවන් විවෘත කර දෙනු මැනව. (මුස්ලිම්)

Related Post