බ්‍රිතාන්‍යයේ ඉස්ලාමීය රැල්ල The spread of Islam in Britain

ෙලා්කයඇමෙරිකා එක්සත් ජනපදයේ ඉස්ලාමය සීඝ්‍රයෙන් පැතිරෙන බව විටින් විට ලැබෙන මාධ්‍ය වාර්තාවලින් හෙලිවේ.යුරෝපයේද එවැනිම වේගයකින් ඉස්ලාමය ව්‍යාප්තවන බවට තොරතුරු වාර්තා වෙයි.ඒ සමග එන තවත් වැදගත් තොරතුරක් වන්නේ ඇමෙරිකාවේ වැඩියෙන්ම ඉස්ලාමය වැළදගත්තේ කාලවර්ණයෙන් යුත් නීග්‍රෝ ජාතිකයින් වීමය.යුරෝපීය රටවල මුස්ලිමි ජනගහණය වර්ධනය වීමට හේතුව ආසියානු අප්‍රිකානු මුස්ලිමිවරුන් එහි පදිංචි වීම බවත් කිය වේ.ලෝකයේ බොහෝ මාධ්‍ය උත්සාහ කරන්නේ වරප්‍රසාද නොලත් හා රැකියා විරහිතව යුරෝපයට පැමිණෙන මර්දනයට ලක්වූ ජනයාගේ ආගම තමයි ඉස්ලාමය යන්න සනාළු කරන පුවත් එකතු කිරීමටය.

එහෙත්,එම තර්කය දැන් දැන් වෙනස් වන බව කේමිබ්‍රිජ් සරසවියේ ඉස්ලාමිය මධ්‍යස්ථානය දියත් කල පර්යේෂණයෙන් අනාවරණය වේ.පර්යේෂණ කණ්ඩායමට නායකත්වය දරා ඇත්තේ ඉස්ලාමීය මධ්‍යස්ථානයේ ප්‍රධානියාවූ යාසිර් සුලයිමාන් මහතාය.පිටු 129කින් එම පර්යේෂණ වාර්තාව පිළිබඳ ලිපියක් ඉන්දියාවේ සුප්‍රසිද්ධ හින්දු පුවත් පතේ පල කර ඇත.එහි සාරංශය මෙම ලිපියෙන් වාර්තා කෙරේ.

නියම සංඛ්‍යා ලේඛන ලබා ගැනීමේ දුෂ්කරතා තිබුනත් 9/11 සිද්ධියෙන් පසු ඇමෙරිකාවේ දහස් සංඛ්‍යාත පිරිසක් ඉස්ලාමය වැළද ගත් බව අනාවරණය වෙයි.වැඩිපුර ඉස්ලාමය වැළද ගෙන ඇත්තේ උගත් කාන්තාවන් වීම විශේෂත්වයකි.ලීවෙස්ටර් මස්ජිදයේ ප්‍රධාන ඉමාමිවරයා මෙසේ කියයි.

ඉස්ලාමය ගැන විමසා දැන ගැනීමට වැඩියෙන්ම ඉදිරිපත් වන්නේ කාන්තාවන්ය.ඉස්ලාමය කාන්තාවන්ට හිමිතැන පිළිබද මාධ්‍යවලින් ඝෘණාත්මක තොරතුරු පතුරුවා තිබියදීත් සුදු ජාතික කාන්තාවන් ඉස්ලාමය කෙරෙහි දක්වන ඇල්ම විටක මාව විමතියට පත්කරනවා.ඝෘණාත්මක ප්‍රචාරය ඉස්ලාමය පිළිබද තමන්ගේ උනන්දුව වැඩිවන බව ඔවුහු සදහන් කරති.

9/11 සිට වසර දහයකට වැඩියෙන් ගතවූ මේ කාලය දක්වා බ්‍රිතාන්යේ ඇතිවෙමින් පවතින ආගමික වෙනස පිළිබඳ මෙතෙක් ප්‍රසිද්ධියේ සංවාදයක් ඇති වී නැත.ආගම වෙනස් කර ගැනීම පිළිබද කල මුල්ම අධ්‍යනය මෙයයි.මෙම අධ්‍යන වාර්තාව රට පුරා සංවාදයකට මුල පුරයි යන්නෙහි කිසිම සැකයක් නැත.

ඉස්ලාමය කාන්තාවන් වහල්භාවයට පත් කරන බවත් ඔවුන්ගේ පෞද්ගලික නිදහස පවා සීමා කරන බවත් දිගටම ප්‍රචාරය කරන බටහිර ලෝකය ආශ්චර්ය වන අන්දමට ඉස්ලාමය බ්‍රිතාන්‍ය ජාතික සුදු කාන්තාවන් අතර ආකර්ෂණය වෙමින් පවතී.ඔවුන් විශාල වශයෙන් ඉස්ලාමයට පිවිසෙති.වසරක් පාසා බටහිර රටවල අලුතෙන් ඉස්ලාමය පිළිගන්නන්ගේ සංඛ්‍යාව 50000 ඉක්මවයි.ඔවුන්ගෙන් බොහෝ අය ව්‍යාපාර අංශයේ නමි රදවාගත් ජයග්‍රාහිකාවන් වෙති.බැංකු නිලධාරිණියන්,වෛද්‍යවරියන්,මාධ්‍යෙවිදිනියන් වීම විශේෂත්වයෙකි.තමන් කරන දේ පිළිබද ඔවුනට පැහැදිලි අවබෝධයක් ඇති බව පිළිබද විවාදයක් නොමැත.මොවුන්ව අන්දවන්න හෝ මොළය හෝදන්න කාටවත් පුළුවන් කමක් නැත.හැරත් ඔවුන් ඉස්ලාමයට පිවිසීම මිත්‍රයින් හා පවුලේ සාමාජිකයින්ගේ බලවත් විරුද්ධතාවය මතයි යන්න තවත් සුවිශේෂ කාරණයකි.සමාජයේ වැදගත් ස්ථානයක් උසුළුන කීර්තිමත් කාන්තාවන්ද ඔවුනතර සිටී.බ්‍රිතාන්‍ය්‍යේ හිටපු අගැමති ටෝනි බිලේයර්ගේ නෑනාවන ලෝරන් ගෝක් ප්‍රසිද්ධ මාධ්‍යෙවිදී ජුවාන් රිඩ්ලි එමි.ටී.වී.වැඩසටහන් සමිබන්ධීකරණ නිලධාරිණි කිරිස්ටියන් බේකර් විශේෂයෙන් සදහන් කළ හැක.

තම වෘත්තියෙහි ජයග්‍රාහිකාවක් ලෙසත් සමාජ සීමා බන්ධනවලින් නිදහස් වූ කිරිල්ලියන් සේ ජීවත් වන බටහිර කාන්තාවන් තමන්ව ප්‍රවේණිදාසියන් ලෙසට සලකන බව  කියවෙන ආගමකට මාරු වීමේ හේතුව කුමක්ද?මාධ්‍ය මගින් පුචාරය කරන ඉස්ලාමය විශ්වාස කිරීමට ඔවුන් සූදානමි නැත.ඝෘජුව තමන් අධ්‍යනය කොට දැන ගැනීමට උත්සාහ කරති.9/11 සමග ඉස්ලාමය පිළිබද දැන ගැනීමේ උනන්දුව බටහිර ලෝකයේ සීඝ්‍රයෙන් ඉහල නැගීය.ඇමෙරිකා ඉතිහාසයේ ඉස්ලාමීය පොත්පත් සහ කුර්ආන් ග්‍රන්ථ වැඩි වශයෙන් අලවී වී ඇත්තේ 9/11 ආසන්න කාලයේදීය.සමාජ,සංස්කෘතික සෝදාපාලුවකට ලක්වී ඇති බටහිර ලෝකයේ කාන්තාවෝ අපට තැනක් තිබේද යනුවෙන් ලතවෙමින් සිටියෝය.එම රටවල වර්ධනය වී තිබුනු අධි පෞද්ගලික නිදහසේ දුර්විපාක හා විවෘත ලිංගික හැසිරීමි පිළිබද ඇතිවූ හිරිකිතය නිසාම ඔවුන් ඉස්ලාමය කෙරෙහි එබී බැලූ බව පර්යේෂකයෝ සදහන් කරති.එය බටහිරට පමණක් සීමාවන තත්ත්වයක් නොවන බව අපි දනිමු.මාධ්‍යවලින් හෙළිවූ තොරතුරු පටිට පල් බොරු බව ඉස්ලාමීය මූලාශ්‍රය හැදෑරීමේදී ඔවුන්ට වැටහෙන්නට විය.කාන්තාවන්ට හිමිතැන දෙන එකම සථානය ඉස්ලාමය බව ඔවුහු දැන ගත්හ.කාන්තාවන්ට ගෞරව කරන ආකාරය ඔවුනට අවබෝධ විය.එයට අමතරව ආදර සමිබන්ධතාව නිසාද ඇතැමි කාන්තාවන් ඉස්ලාමය වැළද ගත්හ.ඒ පිළිබද ඔවුන් කියන රසවත් තොරතුරු රාශියක් ඇත.

නිදහස්,නිවහල් චින්තනයක් දරව බටහිර රටවල උගත් හා බලවත් කාන්තාවන් කාන්තා අයිතීන් නැතැයි කියන ඉස්ලාමය තොරාගන්නේ මන්දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරති.එයට පිළිතුරක් සැපයීමට උත්සාහ කරන මහාචාර්ය සුලයිමාන් එසේ ප්‍රශ්න අසන සංකල්පයේ කිසියමි වැරැද්දක් ඇතිබව නමි අපිට පැහැදිලියි යනුවෙන් පවසයි.ඉස්ලාමය වැළදගත් කිසිම කාන්තාවක් මේ කියන හේතුව නිසා හෝ වෙන යමි හේතු නිසා ආපසු තම මුල් ආගමට හැරීමක් නමි සිදුවී නොමැත.එසේ හැරයෑමට බටහිර සමාජයේ කිසිදු බාධාවකුත් නොමැත.නූතන සමාජ ක්‍රමය පිළිබද හා කාන්තා අයිතීන් පිළිබද මනා අවබෝධයක් ඇත.යුරෝපීය කාන්තාවක් කාගේ හෝ බලකිරීමකට නැතිනමි වෙන ආර්ථික වාසි තකා එසේත් නැත්නමි වෙනත් සමාජ ප්‍රතිලාභ සොයා ඉස්ලාමය වැළද ගන්නා බව සිතීමට කිසිම සාධකයක් නොමැත.බොහෝ අය ඉස්ලාමය වැළදගෙන අතීතයට සාපේක්ෂව ඉතා සරල ජීවිතයක් ගත කරති.

  ප්‍රබෝධය සඟරාව

 

 

Related Post