පිවිතුරැ සමාජයක් සදහා

30දයාබර සහෝදර සහෝදරියනී !!!මෙම ලිපිය මගින් අපි ඔබට සෘජුවම කරුණක් සිහිපත් කරන්න අපෙක්ෂා කරන්නෙමු, මෙම මාතෘකාව පිළිබඳව නොයෙකුත් කෘතීන් හා පොත්පත්,  සඟරාවන් පලවන්නෙහිය, එපමණක් නොව මාධ්‍ය හරහා ද විවිධ අදහස් හා එහි භයානකත්වය පිළිබඳව සමාජය දැනුවත් කෙරේ, තවද සර්වාගමික දේශන මාලාවන් රැසක් මගින් ද සමාජය දිරිගන්වයි.

නමුත්

මෙම භයානක ව්‍යවසනය දිනෙන් දින වැඩිවීමක් හා පැතිරී ව්‍යාප්ත වීමක් හැර අඩුවීමක් දක්නට නොලැබේ, මෙම රෝගයෙන් අපගේ සමාජය බේරාගැනීම අපි කාගෙත් වගකීමයි, අපගේ සමාජය පිවිතුරු සමාජයක් ලෙස බැබලීම අපි කාගෙත් අපෙක්ෂාවයි, මෙම කෙටි ලිපිය සමාජ යහපතට රුකුලක් වේ නම් එය අපගේ අභිමානයයි.

අයියේ අක්කේ “  නංගියේ මල්ලියේ “

මෙම ලිපිය කුමන මාතෘකාවක් ගැන ද කථා කරන්නේ කියා ඔබ කල්පනා කරන්න පුˆවනි, අපගේ දේශයේ පමණක් නොව මුˆ ලෝකයේම දිනපතා පලවන පත්තරවල හා විවිධ මාධ්‍ය හරහා අහන්නටත් බලන්නටත් ලැඛෙන්නේ එම මාතෘකාව පිළිබඳවයි, දිනපතා පලවන පත්තර පිටුවක් පිටුවක් පාසා ලොකු අකුරුවලින් හා පොඩි අකුරුවලින් සරසන්නේ මෙම මාරාන්තික ව්‍යවසනයට ලක් වූ අහිංසකයින්ගේ කතන්දරයි,

එම මාරාන්තික ව්‍යවසනය එනම් මෙම ලිපියේ මාතෘකාව නම්

දූෂණය, දුරාචාරය ,අතවර හා අපයෝජනයයි

දයාබර සහෝදර සහෝදරියනි`

දැන් ඔබගේ මතකයට ගලාගෙන එන්නේ ඔබ පත්තරවල කියවූු පුවත් හෝ මාධ්‍ය තුළින් නැරඹූ සත්‍ය කතන්දර හෝ ගමේ ගොඩේ හෝ අහල පහල ගෙවල්වල තම දෑස්වලින් දුටු ශෝකජනක සිදුවීම් විය හැකිය,

ඔබ දන්නවාද? අපගේ සමහරු පත්තරවල මෙවැනි පුවත් කියවා දරා ගන්න බැරුව පපුව අල්ල ගන්නවා, තවත් සමහරු  අඬා වැලපෙනවා, තවත් සමහරු ශාප කරනවා,

එන්න, එන්න, අපගේ දිනපතා පලවන  පත්තරවල පුවත් කිහිපයක් ක්ියවා තොරතුරු දැනගමු

•             ගැබිනි කත දූෂණය කර දේපල සොරාගත් සැකකරුවන් කොටු.

•             මව්පිය භාරකාරත්වයෙන් පැහැරගෙන පාසල් දැරිය දූෂණය කල තරුණයා අත් අඩංගුවට.

•             ගණිකා නිවසක් වටලා තරුණියන් 4 ක් අත්අඩංගුවට.

•             12 හැවිරිදි සිසුවියට ලිංගික අතවර කළා යැයි ගුරුවරයෙකු අත්අඩංගුවට.

•             බාලවයස්කාරිය දූෂණය කළැයි තරුණයා රිමාන්ඩ්.

•             පාසල් වෑන් රිය තුළදීම පෙර පාසල් දරුවාට අතවර කරලා, අපයෝජනයට පත් දරුවා වෛද්‍ය පරීක‍ෂණයට.

•             අතවරයට ලක් වූ පාසල් සිසුවිය වස පානය කර සිය දිවි නසාගෙන.

•             නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුගෙන් ශිෂ්‍යත්ව සිසුවියන් 8 කට ලිංගික අතවර.

•             15 වියැති දැරිය දූෂණය කළ ධීවරයෙකු අත් අඩංගුවට.

•             දූරකථනයෙන් පෙම් බස් දොඩා තරුණයෙකු රැවටූ විවාහක කාන්තාව අත්අඩංගුවට.

 

දයාබර සහෝදර සහෝදරියනි “

දුරාචාරය වැනි මාරාන්තික කුරිරු ක්‍රියාවන් කිරීමෙන් අසතුටු හා ශෝකජනක ප්‍රතිවිපාකයන්් අස්වැන්නක් ලෙස නෙලා ගැනීමට අපගේ සහෝදර සහෝදරියන් සමත් වේ. එය දැන දැන අමාරුවේ වැටීමක් බව ඔවුන්ට අමුතුවෙන් කිය යුතු කරුණක් නොවේ.

අපි් හෘද සාක‍ෂියට එකඟව හිතලා බලමු, මෙම දුරාචාරය වැනි කුරිරු ක්‍රියාවෙන් පුද්ගලයෙකු තාවකාලික සතුටක් ප්‍රීතියක් හා වින්දනයක් වෙනුවෙන් සදාකාලික සතුට හා සැබෑ පී්‍රතිය විනාශ කරගන්නේ ඇයි?  යන පැණයට පිළිතුර දැනගන්න ලිපියේ පහත දැක්වෙන කොටස කියවමු.

නියතවශයෙන්ම අපගේ සමාජය පමණක් නොව ලොව පුරා මෙම අයහපත් පිළිකුල් සහගත ක්‍රියාවේ යෙදෙන සෑම මනුෂ්‍යයෙකුම  එහි භයානකත්වය පිළිබඳව හොාඳාකාරවම දන්නෙහිය. එනමුත් ඔවුන් එම මිලේඡ්ච කි්‍රයාවෙන් තමන්ව ආරක‍ෂා කරගැනීමට තැත් නොකිරීම කනගාටුදායික කරුණකි,

තවද එම ක්‍රියාවට මග පාදන හා එයට පොළඹවන කරුණූ පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීමෙන් ඔවුන්ට එයින් වැළකී සිටීමට පුˆවනි. අපගේ ඇතැම් සහෝදර සහෝදරියන් ආගමට ධර්මයට ලැදී නොවීම හා නොපිළිපැදීම මෙයට ප්‍රධාන හේතුවකි, තවද නිසි වයසේදී විවාහ නොවී කල් දැමීම, අනියම් ප්‍රේමය, අසභ්‍ය චිත්‍රපට නැරඹීම, අන්තර්ජාලය අනිසි ලෙස පරිහරණය කිරිම, අනවශ්‍ය හා අයහපත් පුවත් පත් හා සඟරාවන් බැලීම, අන්‍ය කාන්තාවන් / පිරිමි සමග අනවශ්‍ය සම්බන්ධකම් පැවැත්වීම, දුරකථනය වැරදි ලෙස පරිහරණය කිරිම, අයහපත් යහලූ / යෙහෙලියන් ආශ්‍රය කිරීම හා ඔවුන් අනුගමනය කිරීම,

ඇත්ත වශයෙන්ම අපගේ දෙමාපියන් හා පවුලේ් භාරකරුවන් සහ වැඩිහිටියන් වැඩි වැඩියෙන් අවධානමෙන් සිටිය යුතු වකවානුවක අපි ජීවත් වන්නෙමු, මන්ද අපගේ දූදරුවන් ආරක‍ෂා කර ඔවුන්ට යහ මාර්ගය පෙන්වාදීම අපගේ වගකීමයි, ඔවුන් වැරදි මාර්ගයක ගමන් කිරීමට පෙර ඔවුන් නිවැරදි මාවතක යොමු කිරීම අපි කාගෙත් යුතුකමයි, උදාහරණක් ලෙස තම දූදරුවන් යන්නේ එන්නේ කොහේද? කරන්නේ මොනවාද? ආශ්‍රය කරන්නේ කා සමගද? යන ප්‍රශ්ණයට පවා සමහර දෙමාපියන් පිළිතුරු නොදැන සිටීම සතුටුදායක කරුණක් නොවේ.

 එසේ නම් මාගේ මෙම ලපිය අවසන් කිරීමට පෙර සමාජය තුළ තිඛෙන්නා වූ මෙම අප්‍රිය කි්‍රයාව තුරන් කිරීමට ආගමක් ලෙස ඉස්ලාම් ආගම පෙන්වා දෙන සමහර කරුණු දෙස කෙටියෙන්  බලමු.

 දූෂණයට හා දුරාචාරයට ඉස්ලාමීය විසඳුම්

සැබැවින්ම වැරදි කරන්නෙකු යහමගට ගෙන ඒමට යහපත් මිනිසෙකු බවට පත් කිරීමට ඉස්ලාමය හැකි සෑම වෑයමක්ම දරයි, නමුත් එයින් කිසිම පලක් නොලැඛෙන්නේ නම් මුලූ මහත් ම්නිස් සංහතියම බේරාගැනීමට එවැනි වරදකරුවන්ට නැවත නැගී සිටින්නට නොහැකි වන සේ බරපතල දඬුවම් පමුණුවයි,

උදාහරණයක් වශයෙන් මිනිසා දූරාචාරයේ හැසිරීම වැළැක්වීමට ඉස්ලාමය ප්‍රායෝගිකව පෙන්වා දී ඇති ක්‍රියාමාර්ග රාශියක් තිබේ, දෙලොව නායක උතුම් මුහම්මද් නබිතුමාණන් විසින් දූරාචාරයේ හැසිරීමට අපෙක‍ෂා කල පුද්ගලයෙකුට යහමග පෙන්වා දුන් ආකාරය දෙස අපගේ අවධානය යොමු කරමු,

 ’ වරක් මුහම්මද් නබිතුමාණන් වෙත තරුණයෙකු පැමිණ නබිතුමාණනී` මට දුරාචාරයේ යෙදීමට අවසර දෙන්න යැයි පැවසුවේය,  එවිට එම ස්ථානායේ හිටපු අනුගාමිකයින් නවත්වන්න නවත්වන්න යැයි ඔහුට සැර කළෝය,

නමුත් නබිතුමාණන් ඔහුට සමීපව අසුන් ගන්න යැයි පවසා,ඔහුගෙන් මෙසේ විමසුවේය,

නබිතුමාණන්     :           ඔබගේ මව දූෂණයට ලක් වීම ඔබ ප්‍රිය කරන්නේ ද?

තරුණයා            :           නැහැ කිසිසේත්ම මා ප්‍රිය නොකරන්නෙමි

නබිතුමාණන්:           එලෙසම සියලූම පුද්ගලයින් තම මෑණීයන්ට එවැනි දෙයක් ප්‍රිය නොකරති

ඔබගේ දියණිය දූෂණයට ලක් වීම ඔබ ප්‍රිය කරන්නේ ද?

තරුණයා           :           නැහැ කිසිසේත්ම මා ප්‍රිය නොකරන්නෙමි

නබිතුමාණන්   :           එලෙසම සියලූම පුද්ගලයින් තම දූවරුන්ට එවැනි දෙයක් ප්‍රිය නොකරති

ඔබගේ සහෝදරිය දූෂණයට ලක් වීම ඔබ ප්‍රිය කරන්නේ ද?

තරුණයා          :           නැහැ කිසිසේත්ම මා ප්‍රිය නොකරන්නෙමි

නබිතුමාණන්  :           එලෙසම සියලූම පුද්ගලයින් තම සහෝදරියන්ට එවැනි දෙයක් ප්‍රිය නොකරති

ඔබගේ නැන්දනිය දූෂණයට ලක් වීම ඔබ ප්‍රිය කරන්නේ ද?

තරුණයා         :           නැහැ කිසිසේත්ම මා ප්‍රිය නොකරන්නෙමි

නබිතුමාණන් :           එලෙසම සියලූම පුද්ගලයින් තම නැන්දාට එවැනි දෙයක් ප්‍රිය නොකරති

ඔබගේ පුංචි අම්මා දූෂණයට ලක් වීම ඔබ ප්‍රිය කරන්නේ ද?

තරුණයා        :           නැහැ කිසිසේත්ම මා ප්‍රිය නොකරන්නෙමි

නබිතුමාණන්:           එලෙසම සියලූම පුද්ගලයින් තම පුංචිට එවැනි දෙයක් ප්‍රිය නොකරති

ඉන් පසු නබිතුමාණන් ඔහු මත අත තබා මෙසේ ප්‍රාර්ථනා කළෙAය.

අල්ලාහ් දෙවියනි “ මොහුගේ පාපයන් සමා කරත්වා` ඔහුගේ හදවත පවිත්‍ර කරත්වා` ඔහුගේ රහස් ප්‍රදේශය වැරදි     ක්‍රියාවලින් ආරක‍ෂා කරත්වා`¶(එදා සිට ඔහු කිසිම වැරද්දකට යොමු නොවීය)

මෙම නබි වදන වාර්තා කරන්නේ : අබූ උබාමා රලියල්ලාහු අන්හු

ග්‍රන්ථය                                     : අහ්මද්

 ආදරනීය දෙමාපියනි` සහෝදර සහෝදරියනි`

එකකුසේ උපන් සහෝදර සහෝදරියන් හැර අන්‍ය සAත්‍රී පුරුෂයින් අතර කඩතුරාවක් නොමැතිව නිදහස් ආශ්‍රයක් ඇතිකර ගැනීමේ පරිසරය විෂමාචාර ක්‍රියාවන්ට තුඩු දෙන බව කවුරුත් දන්නා කරුණකි, එහෙයින් එම පරිසරය වෙනස් කිරීමට ඉස්ලාමය මග පෙන්වා දී ඇත.

ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම වෙන්කොට තැබුවත් ඔවුනොවුන්ගේ සිත හා කය වැඩෙන කල එය සමගම යම් ආකර්ෂණයක් හා එකිනෙකා කෙරෙහි කිසියම් ආදරයක් ආශාවක් ද වැඩෙන්නේය, මෙතුළින් ඔවුන්ට යම් කායික අවශ්‍යතාවන් ද ස්වභාවයෙන්ම ඇතිවන්නේය.

මෙම ආදරය හා ආශාව කායික අවශ්‍යතාවය සපුරා ගැනීම ඉස්ලාමය විසින් කිසිවෙකුටත් තහනම් කොට නැත, නුමත් මේ කිසිවක් වැරුදි ක්‍රමයකින් ඉටුකර ගැනීමට ඉස්ලාමයේ කිසිම අනුමැතියක් නැත, මේ සඳහා ඉස්ලාමය පෙන්වා දෙන මාර්ගය නම් දෙවියන් අල්ලාහ් පවසා ඇති පරිදි නීත්‍යානුකූලව ස්ත්‍රී පුරුෂයින් විවාහ විය යුතු බවය, මෙම විවාහය පහසුවෙන් කරගැනිමට ඉස්ලාමය විධිවිධාන යොදා ඇත.

ඒ අනුව ආගමික නායකයින් වේවා සාමාන්‍ය මිනිසුන් හෝ වේවා ඔවුන් නිසි වයසට පැමිණි කල විවාහ වීමෙන් දුරාචාරයේ යෙදීම බොහෝ දුරට වැළකෙන බව කවුරුත් පිළිගන්නේය.

දෙලොව නායක උතුම් මුහම්මද් නබිතුමණන් විසින් මෙම මතය ශත වර්ෂ 14 කට පෙරම පවසා ඇත. එය මෙසේය

’ඕ තරුණයිනි `

ඔබලාගෙන් කවරෙකුට විවාහ වීමට ශක්තිය (හැකියාව) තිබේද ඔහු විවාහ කරගන්න, නියත වශයෙන්ම විවාහය දෑස් බැල්ම   පහත් කරයි, රහස් ප්‍රදේශය වැරදි ක්‍රියාවලින් ආරක‍ෂා කරයි, එසේ විවාහ වීමට නොහැකි නම් ඔහු උපවාසයේ යෙදෙන්න නියතවශයෙන්ම උපවාසය ඔහුගේ හැඟීම් මැඩපවත්වාලයි, ඔහවු ආරක‍ෂා කරයි ¶

මෙම නබි වදන වාර්තා කරන්නේ : අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද්

ග්‍රන්ථය                                     : බුහාරි, මුස්ලිම්

උසස් සදාචාර පැවත්මක් අරමුණු කොටගෙන ඉස්ලාමය විසින් හඳුන්වා දී ඇති කරුණු නොසලකා යමෙකු වැරදි කරන්නේ නම් ඔහු යහමගට ගෙන ඒමටත්, ඔහු වැනි අයගෙන් මානව සමාජය ආරක‍ෂා කරගැනීමටත් ඉස්ලාමීය නීතින් සවිමත් බැම්මක් හෝ යකඩ වැටක් මෙන් සැකසී ඇති බව අපි කිසිදිනක අමතක නොකළ යුතුයි. ඉන්ෂා අල්ලාහ් එම නීතින් පිළිබඳ සවිස්තරාත්මකව වෙනත් ලිපියක් මගින් හමුවන තුරු නිහඬ වන්නෙමු.

අබූ අහ්මද් – කුවෙයිටි

Related Post