ව්‍යාපාරයක් තුල රැකිය යුතුම ගුණාංග කිහිපයක්

අබූ අර්ශද්
කම්කරුන්ගේ අයිතිවාසිකම්

කම්කරුන්ගේ අයිතිවාසිකම්

ව්‍යාපාර ලෝකයේ සාර්ථක ව්‍යාපාරයක්, පහසුවෙන් මුදල් හම්බ කිරීමක්, අධික ලාභ ඉපයීමක්, සැප පහසු ජීවිතයක්… මේ නූතන සමාජයේ බොහෝ දෙනෙකු නිරන්තරයෙන් අපේක්ෂා කරන සිහිනයන් මෙන්ම පොදු ඉලක්කයන් කිහිපයකි. එම ඉලක්කයන් ජය ගැනීම සදහා කෙනෙකු තම දිවිය තුල කරණු ලබන අරඟල එකක් දෙකක් නොවේ. මේ අරඟලයන් තුල ‘ලාභය’ පමණක් එකම අරමුණ කරගත් නූතන මිනිසා ඒ තුල අතීතයේ පටන් රුකගෙන ආ අවංකකම, සාධාර්ණය, විශ්වාසය, විනිවිදභාවය… යනාදී යහපත් ගුණාංග අවලංගු කර දමමින් ඒ වෙනුවට වංකකම, අසාධාර්ණය, වංචාව, අවිශ්වාසය… යනාදී දුර්ගුණාංග ආදේශ කරමින් තම ඉලක්කය ජය ගැනීමට අවශ්‍ය පිඹූරුපත් සකසමින් කටයුතු කරනවා යැයි මා මෙහි පැවසුවේ නම් එය අතිශයෝක්තියක් නොවේ. මෙවන් අවදියක මේ විෂය පිලිබදව පුළුල් සංවාදයන් සමාජය තුල නැවත ගොඩනැඟීම කාලීන අවශ්‍යතාවයකි. එවන් අවශ්‍යතාවයන් කවදත් නිසි ලෙස අවබෝධ කොට ක්‍රියා කරන ‘යහමඟ’ අඩවිය මේ විෂය පිලිබදව ද මෙහිදී ඉස්ලාමීය විමසුමක් සිදුකිරීමට අදහස් කරමි.

ව්‍යාපාරික ‍ක්ෂේත්‍රය අසීමිත දියුණුවක් ලබා ඇති අවධියක, ලාභ ඉපයීම එකම පරමාර්ථය කරගෙන ඒ තුල විවිධ වූ ව්‍යාපාරික උපක්‍රිම භාවිතා වන වකවානුවක මෙම විෂය පිලිබදව ඉස්ලාමීය විමසුමක් සිදුකිරීමට උනන්දු කරවන සාධකයක් පසුගිය දිනක යහමඟ අඩවියට වාර්ථා විය. ඒ අනුව මෙම විෂය පිලිබදව ඉස්ලාමීය ‍විග්‍රාහය මුස්ලීම් සමාජයටත් මුස්ලීම් නොවන සමාජයටත් පැවසීමේ අවශ්‍යතාවයක් ඇති වී ඇත. විශේෂයෙන් ශ්‍රී ලංකීය සමාජය තුල ක්‍රියාත්මක එම නව ව්‍යාපාරික ක්‍රමය සම්බන්ධයෙන් මුස්ලීම් සමාජයේ අවධානයට කරුණූ කිහිපයක් එනම්, ‘ව්‍යාපාර කටයුතුවල දී මුස්ලීම්වරයෙකු අනුගමනය කලයුතු ක්‍රමවේදයන් හා සැලකිලීමත් වියයුතු කරුණු පිලිබදව ඉස්ලාම් දහමේ විග්‍රහය කුමක් ද?’ යන්න පිලිබදව පැවසිය යුතුව ඇත. ඉස්ලාම් දහම ලොව අනිකුත් දහමන්, දර්ශනයන් මෙන් ලෞකික සැප සම්පත් හම්බකිරීම හා රුස්කිරීම සම්බන්ධයෙන් තහංචි පනවන දහමක් නොවේ. එය වඩාත් හොදින් අවබෝධ කරගැනීම පිණිස (ඉස්ලාමීය ඉගෙන්වීමන් වන) ශුද්ධ වූ කුර්ආන් පාඨයන් දෙකක් ඔබේ අවධානය ගෙන එන්නේ නම්, නුඹලා මේ භූමියෙහි විසිරී ගොස් අල්ලාහ් (දෙවි) ලබාදී ඇති භාග්‍යයන් සොයන්න ශුද්ධ වූ කුර්ආනය 62-10 නුඹලාගේ දෙවියන් ලබාදී ඇති භාග්‍යයන් (වන ධනය) රුස් කිරීම නුඹලා කෙරෙහි වරදක් නොවේ ශුද්ධ වූ කුර්ආනය 2-198 ඉහත දිව්‍යමය වාක්‍යන් හොදින් විමසා බලන ඔබට එහි පලමු වාක්‍යය ඔබට තරමක් හුරුපුරුදු වූ වාක්‍යයකි. එනම්, සෑම සිකුරාදා දිනකම දහවල් ‘ජුම්මා’ (නම් මධ්‍යානයේ සියළු මුස්ලීම්වරුන් එක් තැනකට රුස් වී ඉටු කරන) වන්දනයේ දී පාරායනය කරන ‘සූරා ජුම්මා’ හි (එනම් ශුද්ධ වූ කුර්ආනයේ 62 වන පරිච්චේදයේ) එන කුර්ආන් පාඨයකි. සිකුරාදා දින තම ව්‍යාපාර කටයුතු සියල්ල වහා නතර කොට ජුම්මා වන්දනය සදහා පැමිණෙන ලෙස අණ කරන ඉස්ලාම් දහම එම වන්දනය අවසන් වු වහාම ‘නුඹලා මේ භූමියෙහි විසිරී ගොස් අල්ලාහ් (දෙවි) ලබාදී ඇති භාග්‍යයන් සෙයාන්න (62-10)’ යනුවෙන් ලෞකික දිවිය තුල සැප සම්පත්, ධනය රුස්කිරීමට උනන්දු කරවන ආකාරය දැකගත හැක.
එපමණක් නොව ඉහත 2-198 වාක්‍යය මඟින් ‘නුඹලාගේ දෙවියන් ලබාදී ඇති භාග්‍යයන් (ධනය) රුසකිරීම නුඹලා කෙරෙහි වරදක් නොවේ’ යනුවෙන් ධනය රුස්කීම හා ඒ සදහා උනන්දුවීම මුස්ලීම්වරුන් කෙරෙහි වරදක් නොවන බව ඉස්ලාම් දහම පැහැදිලිවම පවසයි. මෙතැනදී විශේෂයෙන් සදහන් කලයුතු කාරණයක් ඇත. එනම් ඉහත 2-198 වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවි) ‘නුඹලාගේ දෙවියන් ලබාදී ඇති භාග්‍යයන් (ධනය) රුසකිරීම නුඹලා කෙරෙහි වරදක් නොවේ’ යනුවෙන් පවසන්නේ ඉස්ලාමීය අනිවාර්‍ය වගකීමක් වන ‘හජ් වන්දනයේ’ නිරතව සිටින මොහොතේ ව්‍යාපාර කටයුතුවල ද නිරත වීම වරදක් නොවන බවයි. මේ සියල්ල තුලින් පැහැදිලි වන්නේ ලෞකික සම්පත් අසීමිත ලෙස රුස්කිරීම සම්බන්ධයෙන් මුස්ලීම් සමාජයට ඉස්ලාම් දහම තුල කිසිදු තහනමක් නොමැති බවයි. නමුත් මෙහිදී සෑම මුස්ලීම්වරයෙකුම අවබෝධ කරගතයුතු කාරණයක් ඇත. එනම් මෙලෙස අසීමිතව ධනය රුස්කිරීම සදහා අවසර ලබාදෙන ඉස්ලාම් දහම ඒ තුල කොන්දේසී කිහිපයක්ද පනවා ඇති බවයි. නමුත් අවාසනාවකට මෙය වර්ථමාන මුස්ලීම් සමාජය නිසි පරිධි වටහා ගැනීම අතපසු කොට ඇත. ඒ හේතුව නිසාම මෙවැනි ලිපියන් මුස්ලීම් සමාජය මධ්‍යයේ සාකච්චා කිරීමේ අනිවාර්‍ය අවශ්‍යතාවය අද මතු වී ඇත. ව්‍යාපාරික කටයුතුවල දී අනුගමනය කලයුතු හා සැලකිල්ලට ගතයුතු කරුණු කාරණා බොහෝමයක් ඉස්ලාම් ආදර්ශමත් ලෙස මුස්ලීම් සමාජයට පෙන්වාදේ. එම ආදර්ශයන් තුල කටයුතු කිරීම තුල ජාත්‍යන්තරයේ මෙන්ම ජාතිකතලයේ පවා නොමැකෙන ස්ථානයක් මුස්ලීම්වරුන්ට හිමිව පැවතී බව ඉතිහාසය ද මනාව කියාපායි. විශේෂයෙන් ලාංකීය ඉතිහාසය තුල පවා සංක්‍රමණික මුස්ලීම් වෙළෙන්දුන් රටේ පාලකයින්ගේ ආකර්ශනය හා විශ්වාසය දිනා සිටී ආකාරය සදහන්ව තිබීම එයට හොද නිදසුනකි. මෙලෙස ඉතිහාසය තුල නොමැකෙන ස්ථානයක් දිනා සිටී මුස්ලීම්වරුන් කාලයත් සමඟ ඉස්ලාමීය ආදර්ශයන්ගෙන් ඈත්වීමත්, සීමිත කරුණූ කිහිපයකට පමණක් දහම සීමා කිරීමත් යන කරුණූ තුල අතීත මුස්ලීම්වරුන් දිනාදුන් ප්‍රතිරූපයන් වර්ථමාන මුස්ලීම්වරුන් අතින් ගිලිහෙමින් ඇත. වර්ථමාන මුස්ලීම්වරුන් ව්‍යාපාරික ක්ෂේත්‍රය තුල සැලකිලීමත් වන්නේ ‘පොලී’ සම්බන්ධයෙන් පමණක් දෝ ! යයි සිතන තරමට අද දහම සීමිත රාමුවකට කොටු කොට ඇත. සෑම මුස්ලීම්වරයෙකුම අනිවාර්‍යයෙන්ම ‘‘පොලී’ පිලිබදව දැඩිව සැලකිලීමත් විය යුතුයි’ යන්නෙහි විවාදයක් නැත. මන්ද ඉස්ලාම් එය මහා පාපයන් අතුරින් එකක් ලෙස දකින බැවිණි. එනම්,
‘යහම‍ඟ’ වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලදී:-

Related Post