ෆයිසල් මුහම්මද්
මේ උදාවී ඇත්තේ ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ නිරත වන මාසයයි, උතුම් වූ මාසයක් වන මෙම රමධාන් මාසය නියගයෙන් වේˆනු පොළොව වර්ෂාව බලාපොරොත්තුවෙන් සිටින ආකාරයට මුස්ලිම්වරුන් ද වසරක් පාසා මෙම උතුම් මාසය මගබලාගෙන සිටිති.
මන්ද ඉස්ලාමීය ඉගැන්වීමට අනුව මෙම මාසය හේතු ගණනාවක් නිසා මුස්ලිම්වරුන්ට සුවිශේෂී මාසයක් වේ, විශේෂයෙන් ලෝක වාසී ජනයා හට යහමග දේශනා කරණු පිණිසත් ඔවුන්ට සත්‍ය අසත්‍ය වෙන්කොට පෙන්වාදීම පිණිසත් මානව වර්යාගේ ජීවන ක්‍රමය ලෙසත් පහළ වූ අවසාන දිව්‍යමය පුස්තකය වන ශ=ද්ධ වූ අල්කුර්ආනය පහළවීම ඇරඹුයේ ද මෙම මාසයේදීය. මේ එක් හේතුවම මෙම මාසය උතුම් හා සුවිශේෂි වූ මාසයක් ලෙස සැලකීමට මුස්ලිම්වරුන්ට ප්‍රමාණවත් සාධකයක් වූවත් මෙම මාසය සුවිශේෂි වීමට තවත් හේතු ගණනාවක් ද ඇත.
මෙම පත්‍රිකාවෙහි ප්‍රධාන අනු මාතෘකා තුනක් පිළිබඳව කෙටියෙන් අපගේ අවධානය යොමු කරමු
1 රමධාන් මාසයේ මහිමයන් “`
2 උපාවාසය යනු කෙටියෙන් “`
3 උපවාසිකයාට කරුණූ බිඳක් “`
රමධාන් මාසයේ සුවිශේෂයන් “`
1 අවසාන දිව්‍යමය පුස්තකය වන ශ=ද්ධ වූ අල්කුර්ආනය පහළවීම
රමධාන් මාසය (කවරාකාර මාසයක් වන්නේද යනු) මනුෂ්‍ය වර්ගයාට (පරිසමාප්ත) මගපෙන්වීීම හා (නිවැරදි මාර්Aගය දක්වන) පැහැදිලි ඉගැන්වීීම්වලින් යුක්ත හා (සත්‍යය හා අසත්‍යය තෝරාගැනීමේ) මිණුම් දණ්ඩ ද, සැපයෙන අලකුර්ආනය පිරිනමන ලද මාසය වේ. (අල්කුර්ආන් 2:185)
2 ස්වර්ගයේ දොරටුවන් විවෘත වීම හා නිරයේ දොරටුවන් වසා දැමීම
රමධාන් මාසය උදාවීමෙන් අනතුරුව ස්වර්ගයේ දොරටුවන් විවෘත කරනු ලැබේ, තවද නිරයේ දොරටුවන් වසා දමනු ලැබේ, තවද ෙෂෙතාන් විලංගු දමනු ලැබේ.
(මූලාශ්‍රය ග්‍රන්ථය මුස්ලිම්)
3 පාපයන් සමා කිරීම
මේ උපවාසය මනුෂ්‍යා හට ලඟා කරන ඉතා විශිෂ්ඨ භාග්‍යයක් වන්නේ පෙර පාපයන් සමා කිරීමයි. මේ මිහිමත වෙසෙන සියඵ මිිනිසුන් දැන හෝ නොදැන පාපයන් හි නිරත වනවා යන්න පොදු ලක්ෂණයකි. නමුත් මේ උපවාසය තුලින් එවන් පාපයන් සමාකරනු ලබන්නේ නම්, එය කෙතරම් විිශිෂ්ඨ වු භාග්‍යයක්ද?.
මේ පිලිබදව නබිිතුමාණන් තවත් අවස්ථාවක විග්රහ කිරීමේ දී මෙසේ පවසන ලදී. දිනපතා පස්වේල් වන්දන අතර කාලය තුලත්, එක් ̂ජුම්ආ̃ (සිකුරාදා දින දහවලේ දී මුස්ලීම්වරුන් කරනු ලබන) වන්දනයක සිට මීලඟ (සතියේ සිකුරාදා) ̂ජුම්ආ̃ වන්දනය දක්වා අතර කාලය තුලත්, එක් රමධාන් (උපවාස) මාසයක සිට මීළඟ (වර්ෂයේ) රමධාන් මාසය දක්වා කාලය තුලත් (මුස්ලීම්වරයෙකෙ=) කරනු ලබන මහා පාපයන් හැර අනිකුත්් සියඵ පාපයන් (දෙවියන්) සමා කරන්නේය. (මූලාශ්‍රය ග්‍රන්ථය මුස්ලීම්)
නබිිතුමාණන් තවත් අවස්ථාවක මෙලෙස පැවසූහ.
((කවරෙකු ද රමධාන් මාසය තුළ විශ්වාසයෙන් යුක්තව හා කුසල් අපේකෂා කරමින් උපවාසය ඉටු කරයිද ඔහුගේ පෙර පාපයන් සමා කරනු ලබයි. යනුවෙන් මුහම්මද් නබි (සල්) තුමාණන් පැවසූහ (මූලාශ්‍රය බුහාරි මුස්ලිම්)
4 රාත්‍රී නැමදුම
රමධාන් මාසයේ සෑම රාත්‍රියකම තරාවීහ්, තහජ්ජුද්,විත්ර් නම් සලාතයන් ඉටු කිරීම වැදගත් වේ, කවරෙකු ද රමධාන් මාසය තුළ විශ්වාසයෙන් යුක්තව හා කුසල් අපේකෂා කරමින් රත්‍රී නැමදුම ඉටු කළෙAද ඔහුගේ පෙර පාපයන් සමා කරනු ලබයි. යනුවෙන් මුහම්මද් නබි (සල්) තුමාණන් පැවසූහ (මූලාශ්‍රය බුහාරි මුස්ලිම්)
5 මාස 1000 කට වඩා උතුම් රාත්‍රිය (ෙලෙලතුල් කද්ර්)
ෙලෙලතුල් කද්ර් රාත්‍රිය යනු අල්කුර්ආනය පහළ වූ රාති‍්‍රයයි, එය රමාධාන් මාසයෙහි අවසාන දවස් දහයෙහි එක් ඔත්තේ දිනක උදාවෙයි, එහි දේව නැමදුමෙහි යෙදීමෙහි භාග්‍යය ලබන්නා මාස 1000 ක තරම් කුසල් සම්භාරයක් හිමි කරගැනීමට සමත් වෙයි. (මූලාශ්‍රය බුහාරි)
6 ඉඃතිකාෆ් (මස්ජිදයෙහි රැඳී සිටීම)
ඉඃතිකාෆ් යනු දෙවියන් අල්ලාහු වෙනුවෙන් වැඳුම් පිඳුම් කිරීමේ චේතනාවෙන් පල්ලියේ රැඳී සිටීම වේ. එය උතුම් නැමදුමකි,
දෙලොව නායක උතුම් මුහම්මද් නබි (සල්) තුමා සෑම රමධාන් මාසයකම අවසන් දින 10 තුල ඉඃතිකාෆ් (මස්ජිදය) තුල රැඳී සිටිය බව ද එතුමා වියෝවට පත්වුණු වර්ෂයේ දින 20 ක් ඉඃතිකාෆ් සිටිය බවද ඉමාම් බුහාරි එතුමගේ ග්රන්ථයෙහි සඳහන් කර ඇත.
7 සදකා (දානධර්ම) පරිත්‍යාග කිරීම හා zසකාතුල් ෆිත්ර් පිරිනැමීම
සදකා (දානධර්ම) පරිත්‍යාග කිරීම රමධාන් මාසය තුල පමණක් නොව සෑම කාලයකදීම කළ යුතු බව ඉස්ලාම් මුස්ලිම්වරුන්ට අවධාරණය කරයි, පහත දැක්වෙන රුවන් වැකියෙන් එහි ප්‍රයෝජනය අවබෝධ කරගත හැක.
(මරණින් මතු අවසාන විනිශ්ච දිනයෙහි එහි පවතින දැඩි රශAමීය හමුවේ තමන් මෙලොව කල සියˆ ̂සදකා̃ (දානධර්ම) ඔහුට එම ස්ථානයේ සෙවන ලබා දෙන්නේය). (මූලාශ්‍ර ග්‍රන්ථය ඉබ්නු හිබ්බාන්).
තවද මුහම්මද් නබි (සල්) තුමා යහපත් ක්‍රියාවන් කිරීමෙහි (සදකා (දානධර්ම) පරිත්‍යාග කිරීමෙහි) වේගයෙන් හමන සුළඟට වඩා අධික වේගයෙන් ක්‍රිය කළෙAය. (මූලාශ්‍ර ග්‍රන්ථය බුහාරි)
තවද zසකාතුල් ෆිත්ර් පිරිනැමීම යනු රමධාන් මාසයෙහි අවසානයේ පමණක් අනිවාර්්‍ය වූ වගකීමකි, මෙය අවුරුදු දින සලාතයට පෙර ඉටුකල යුතු ද්රානයකි.