මෙම ප්‍රශ්නයට ආකාර තුනකින් පිලිතුරු දියහැක.
- දෙවියෙකු සිටිනවාද නැද්ද යන්න ස්ථීරව කිව නොහැක.
- දෙවියෙක් නැත.
- දෙවියෙක් ඇත.
මෙහි පලමුවැන්නෙන් දෙවියන් කෙරෙහි තිබෙන විශ්වාසයේ දුර්වලකම ගෙනහැර දක්වයි. එනම් දෙවියෙක් සිටිනවා යන්න හෝ දෙවියෙක් නැත යන්න ඔප්පුකිරීමට තරම් සාක්ෂි නැති අවස්ථාවයි.
දෙවැන්න දෙවියෙක් නැත යන්නත්, විශ්වය ස්වයංව ක්‍රියා කරනවා යන්නත් ඔප්පු කිරීමට හැකි සාක්ෂි ඇති අවස්ථාවයි.
මෙම අවස්ථා දෙක අතර පැහැදිලි වෙනස්කම් ඇත. “දෙවියෙක් සිටීද යන්න වටහාගත නොහැක” යන්න මතය ගෙන දෙවියෙක් නැත යන තර්කය ඉදිරිපත් කල නොහැක. මන්ද පලමුවැන්න සාක්ෂි නැති අවස්ථාවයි දෙවැන්න දෙවියෙක් නැත යන්න සාක්ෂි ඇතුව ඔප්පුකල හැකි අවස්ථාවයි.
උදාහරණයක් ලෙස බ්‍රහස්පති ග්‍රහය මත ජීවින් සිටීද?
මෙම ප්‍රශ්නයට “ඇත” යනුවෙන් හෝ “නැත” යනුවෙන් අද විද්‍යාඥයින් හට ස්ථීරව කිව නොහැක. මන්ද ඒ සදහා අවශ්‍ය සාක්ෂි සාධක තවම සොයාගෙන නැත. එමනිසා පහත නිගමනයන්ට පැමිණිය යුතුයි.
- බ්‍රහස්පතිමත ජීවින් සිටීද යන්න ස්ථීරවම කිව නොහැක.
- බ්‍රහස්පතිමත ජිවින් සිටී.
මෙම නිගමන දෙකෙන් එකක් වීමට හැක. මෙහි පලමුවෙන්න පිලිගන්නේනම් දෙවැන්නද දෙවැන්න පිලිගන්නේනම් පලමුවැන්නද ප්රතික්ෂෙප කිරීමට සිදුවේ. එසේම පලමු නිගමනයේ සිටින කෙනෙකුට “අනිකුත් ග්රහයන්වල ජීවින සිටී” යන වාදය ප්රතික්ෂෙප කිරීමට ද නොහැක. කලයුත්තේ එම වාදය පිලිගෙන සත්‍යයෙන්ම එහි ජිවින් සිටීද? යන්න සෙවීමට අවශ්‍ය පරියේෂණ ආරම්භ කිරීමයි. මෙයයි ඕනෑම අවස්ථාවක විද්‍යාවේ ස්ථාවරය.
මේ ආකාරයටයි දෙවියන් සම්බන්ධයෙන්ද විද්‍යාවේ ස්ථාවරය විය යුත්තේ. මේ දක්වා දෙවියන්ව පරියේෂණ කුටියක පරික්ෂා කිරීමට විද්‍යාවට හැකි වී නොමැත. විද්‍යාව යමක් නිගමනය කිරීමට නම් එයට මුලධර්මයන් හා සාක්ෂි අවශ්‍ය වේ. එවැනි මුලධර්මයන් හා සාක්ෂිගෙන දෙවියන් පිලිවද පරියේෂණ කිරීමට විද්‍යාවට තවම හැකිවී නැත. එසේ පරියේෂණයට ලක් නොකොට යමක් ″නැත″ යනුවෙන් පැවසීමට විද්‍යාවේ ඉඩක් නැත.
මෙම විශ්වයේ හැඩය, තත්වය පිලිවද විවිධ උපකල්පනයන් විද්‍යාව ඉදිරිපත් කලත් ඒවා සියල්ල “දෙවියෙක් නැත” යනුවෙන් පැවසීමට හැකි සාක්ෂි නොවේ. මෙම විශ්වය සම්භවය පිලිබදවම තවම ස්ථීර නිගමනයකට පැමිණිය නොහැකි තත්වයේ පවතින විද්‍යාවේ මේ සියල්ල මැවු දෙවියන් පිලිබදව ස්ථීර නිගමනයකට පැමිණ. “දෙවියෙක් නැත” යනුවෙන් පවසන්න. මෙම විද්‍යාව උපයෝගි කරගන්නේ කෙසේද?
මිනිසා ස්වභාවික උපතක්ද? නැතහොත් මැවුම් කරු මිනිසාද? විශ්ව ප්‍රාරම්භයේ නිර්මාතෘ කවුරුන්ද? යන ප්රශ්රණවලට අපට ඉස්ලාමි ආගම ලබා දෙන කෙටියෙන් අවධානය යොමු කරමු.
අල්ලාහ් කිසිදු පුතෙකු ඇති කර නොගත්තේය. උන්වහන්සේ හැර වෙනත් කිසිදු දෙවියෙකුද නොවීය. එසේ (වෙනත් දෙවිවරුන්) වුවහොත්, එම එක් එක් දෙවිවරුන් තම තම නිර්මාණයන් තමන් සතු කර ගනිමින්, ඔවුනොවුන් ආක්‍රමණය කරමින් සෙස්සන් මැඩපවත්වාවි.
අල්ලාහුෙග් ඒකීභාවය පිළිබදව අපට පහත දැක්ෙවන අල් කුර්අාන් වැකියන් මෙෙලස පැහැදිලි කරයි
‘නබි තුමාණනි පවසන්න! ඔහු අල්ලාහ් ඒකකයකි, අලලාහු අවශ්යතාවයන්ෙගන් ෙතාරවන්නකි,ඔහුට දාව කිසිෙවකු ඉපදුෙන් නැත, ඔහු කිසිෙවකු දාව ඉපදුෙන් ද නැත, තවද ඔහුට සමාන ව කිසිෙවකු නැත. (අල්කුර්අාන් – පරිදච්ෙඡ්ය 112)
අල්ලාහ් ඔවුන් විදහා පෙන්වන දෙයින් අති උත්කෘෂ්ඨය”. (23:91)
ඔබගේ ඔරලෝසු උදාහරණයම ගන්න. එහි නිර්මාණ කන්ඩායමටත් නායකයෙකු සිටිය යුතුමයි නේද? රටක පාර්ලිමේන්තුවක් තිබියද, ජනාධිපති එක්කෙනෙකු නොවී නම් !…. සිතා බලන්න.
අල්ලාහ් යනු
ඕනෑම ලෞකික වස්තුවක් බිහිවීම පසුපස බිහි කරන්නෙකු සිටිය යුතුය. මිනිසා පරිහරණය කරන සියලු භෞතික වස්තූන් පෙර පැවති හෝ පෙර පැවති දෙයින් නිෂ්පාදිත ඒවා බව සැවෝම පිළිගත යුතු යථාර්ථයකි.
මිනිසා විසින් ඇති කල හෝ නිපදවන ලද සියල්ල ඔහුගේ නිර්මාණයන් බව සැවොම එකහෙලා පිළි ගනිති.
නමුත් මිනිසාගේ නිර්මාණයනට වඩා දස දහස් ගුණයකින් මනා සංකලනයකින් හා අති සූක්ෂම ලෙස නිමවූ මෙම විශ්වය, මහ පොළොව හා එහි නිර්මිතව පවතින සියල්ල නිර්මාණයන් බව පිළි ගැනීමට පසුබට වන ඔහු, එය ස්වභාවයෙන් අස්තිත්වයට පැමිණි බව තර්ක කිරීම කෙතරම් යථාර්ථවාදීද?
මිනිසාගේ ජීවිකාවට අවශ්‍ය හැම අංගයකින්ම පරිසමාප්ත මෙම මහ පොළොව සැලසුම් සහගත ක්‍රියාදාමයකට යටත්ව බමනය වන බව නොරහසකි.
කුඩා ජීව සෛලයේ පටන් ඉතා දියුණුව පවතින ජීව සෛලයේ සබැඳියා තත්වය, පරමාණුවේ පටන් සමස්ත සූර්ය මණ්ඩල ග්‍රහයන්ගේ සමානුයෝගී ජාල බන්ධකයයෙහි පවතින සබැඳියාවද ඒකාකාරය.
ලොව ඇති ජීවී අජීවීන්ගේ රූපිතය හා රූපය, මිනිසා හා ඔහුගේ මනා සංකලන ශාරීරික ජාල පද්ධතිය වැනි ඉහත කී සියල්ල ගැඹුරට අධ්‍යනය කිරීම තුලින් එහි පවතින විශ්මිත, අනුපමේය භාවය හා එහි මැවුම්කරුද හඳුනා ගත හැකිය.
සමුල විද්යාමානයන් අද්වීතීය බව පවසන නවීන විද්‍යාව, මෙම අසමාන නිර්මාණයන්හි නිර්මාපකයානන්ද අනුපමේය විය යුතු අතර, උන්වහන්සේට යෙදෙන නාමයද අනුපමේය හා සදොස් අර්ථ වලින් තොර අනාදේශ වූත් අසමසම වූත් නාමයක් විය යුතුය.
මෙම නිරුපමේය විශ්වයේ අසහාය අධිපතිඳුන් අරාබි භාෂාවෙන් “අල්ලාහ් ” යනුවෙන් හඳුන්වනු ලබයි.
අරුත අනූ අටකින් සමන්චිත “අල්ලාහ් ” යන මෙම උතුම් දේව නාමය බහුත්වයෙන් තොර ලිංගත්වයෙන්ද ස්වාධීනය. මෙම ආශ්චර්යජනක නාමයේ උච්චාරණ ස්වරය දෙපැත්තෙන්ම ඒකාකාර හඞකින් සමන්චිතය. තවද එහි ඇති අක්ෂර එකිනෙක ඉවත් කලද, අවසාන අක්ෂරය දක්වා එහි උච්චාරණ ස්වරය නොවෙනස්ව රුඳී පවති.
විශ්ව නිර්මාතෘ හට “අල්ලාහ් ” යන මෙම උතුම් දේව නාමයට සරිලන වෙනත් වචනයක් අන් කිසිඳු භාෂාවක නොමැති බව ලොව විද්වතුන් විසින් සාධක සහිතව සනාථ කර ඇත.
එහෙයින් මෙම විශ්වයේ මැවුම්කරුට සරිලන එකම ධාර්මික නාමය “අල්ලාහ් ” හෙයින්, එම මාපකයානනට පමණක් අවනත වන මුස්ලිම් සමාජය උන්වහන්සේට “අල්ලාහ් ” යන නාමයෙන් ආමන්ත්‍රණය කරති.