ස්වර්ගය හා නිරයෙහි අාවරණය

මෙම උතුම් වූ මාසය සුවිශේශ වීමට කරුණු කිහිපයක් තිබේ, මෙම රමධාන් මාසය තුළ දෙවියන් අල්ලාහු තම වහලාට දායාදයන් රැසක් පිරිනමා අැති බව අපි කවුරුත් දන්නෙමු, නබි තුමාණන් මෙම උතුම් මාසය උදාවීමත් සමගම මෙලාෙව අැති වන වෙනස පිළිබදව කෙටි වදනකින් මෙලෙස පැවසූ හ,

رواه البخاري ومسلم :  إِذَا جَاءَ رَمَضَانُ فُتِّحَتْ أَبْوَابُ الْجَنَّةِ وَغُلِّقَتْ أَبْوَابُ النَّارِ وَصُفِّدَتِ الشَّيَاطِينُ ‏”‏

රමධාන් මාසය උදාවීමත් සමග ස්වර්ගයෙහි දොරටුවන් විවෘත වේ, නිරයෙහි දොරටුවන් වසා දමනු ලැබේ, ශෙයිතාන්වරුන්ට විලංගු දමනු ලැබේ,

මෙවැනි මහගු අවස්ථාවක් අපිට නැවත නැවත ලැබීම දෙවියන් අල්ලාහු අපිත් සමග අැති අාදරය හා අපට දක්වන කරුණාව බව අප අමතක නොකල යුතුයි, මෙම මාසයෙහි ස්වර්ගය විවෘත වී අැති නම් අපව දෙවියන් ස්වර්ගය කරා අැරයුම් කරන්ෙන්ය, නිරය වසා අැති බැවින් ඒයින් වැළිකී සිටින්නත්  ශෙයිතාන්වරුන්ට විලංගු දමා අපට අාරක්ෂාව ද ලලා දෙන්නේය.

මෙම ස්වර්ගය අැතුලට පිවිසීමට නම් දෙවියන් අල්ලාහ් ඒය අාවරණය කර අැත්තේ කුමකින්ද හා නිරය අාවරණය කර අැත්තේ කුමකින් ද යන්න අපි පැහැදිලීව අවබෝධ කරගත යුතුයි, ඒය පැහැදිළි කරගැනීම සදහා  මෙම වීඩියෝ පටිය රුකුලක් වේ.

https://www.youtube.com/watch?v=rxsRky4z0oA

ඉදිරිපත් තිරීම – ඉක්රා ඉස්ලාමීය සංගමය

දේශකයා       – මොහමඩ් ෆයිසල් මොහමඩ් (නජාහී)

Related Post