හොඳම දේව නැමදුම් කරන්නා

කතෘ / අබූ අහ්මද්

(නවක මුස්ලිම්වරු වෙබි අඩවිය වෙනුවෙන්)

වැදුම් පිදුම් හා හරාම් (තහනම් කරුණු)

වරක් මුහම්මද් නබි (සල්) තුමාණන් තම අනුගාමිකයින් දෙස බලා මා පවසන විශේෂ කරුණු පහ තම ජීවිතයෙහි පිළිපදන නැතහොත් එම කරුණු පිළිපදින වෙනත් පුද්ගලයෙකුව දැනුවත් කරවන පුද්ගලයා ඔබ අතරින් කවරෙකු ද  යැයි  විමසුවේය. එවිට අබූ හුෙරෙරා (රලි) තුමාණන් මුහම්මද් නබි (සල්) තුමාණනී` මම සූදානම් යැයි පිළිතුරු දුන්නේය, එවිට නබි (සල්) තුමාණන් ඔහුගේ අත අල්ලා ගණන් කරමින් මෙලෙස පැවසුවේය.

මුහුදු වෙරලේ සලාතය ඉටු කිරීම

දෙව නැමදුම ඉටු කිරීම

1 තහනම් (හරාම්) කරුණු අත්හරින්න̃ මිනිසුන්ගෙන් හොඳම දේව නැමදුම් කරන්නා ඔබයි
2 ̂දෙවියන් අල්ලාහ් ඔබට ලබා දුන් දෙයින් සෑහීමට පතවන්න̃ එවිට ලෝකයේ ධනවතා ඔබයි
3 ̂අසල්වැසියන් සමග සුහදව උපකාරයෙන් හැසිරෙන්න̃     එවිට
සැබෑ විශ්වාසවන්තයා ඔබයි
4 ̂ඔබ ප්‍රිය කරන දෑ අන් අයට ද ප්‍රිය කරන්න̃     එවිට සබෑ මුස්ලිම්වරයා ඔබයි
5 ̂අධිකව ශබ්ද නගා සිනහවීමෙන් වැළකින්න̃ මන්ද අධික සිනහව හදවත විනාශ කරයි

ඉහත දැක්වෙන නබි වදන තුළින් මානව වර්ගයා උගත යුතු පාඩම් රාශියක් දක්නට ලැබෙනවා, නමුත් මෙම කෙටි ලිපිය තුළීන් ඉහත සදහන් කරුණු පහම පැහැදිලි කිරීම අසීරු හේතුවක් හෙයින් ඒහි පළමුෙවනි කරුණ පිළිබදව පමණක් කෙටි විස්තරයක් බලමු.

මෙම සමාජයට අවසාන වශයෙන් වක්තෘවරයෙකු ලෙස අවතීර්ණ වූ මුහම්මද් නබි තුමාණන් මෙම සමාජය පිවිතුරු හා යහපත් ගතිගුණාංගවලින් සමන්විත සමාජයක් බවට පත්කිරීමට ඒතුමා දිවි හිමියෙන් කැප වුනේය.

විවිධ අවස්ථාවන්වල විවිධ පුද්ගලයින්ට විවිධ අවවාධ හා අනුශාසනා නබිතුමාණන් විසින් ලබා දී තිබේ, ඒම වදන්වලින් ඉහත දැක්වෙන වදනෙහි ප්‍රථම කරුණ වන දෙවියන් අල්ලාහු විසින් තහනම් කරන ලද සියලු දෑ වලින් අෑත් වන්න ඒයින් වැළකී සිටින්න, ඒවිට ඔබ තමා මිනිසුන්ගෙන් හොදම නැමදුම් කරන්නා බවට පත්වන්නේය. අැත්ත වශයෙන්ම අප සමාජය තුල සමහරු වැදුම් පිදුම් හා නැමදුම යනාදී කෙතරම් කළත් ඔවුන් අල්ලාහු විසින් තහනම් කරන ලද හරාම් කරුණුවල නිරතව සිටිමක් දක්නට ලැබිම කණගාටුදියික කරුණකි, අැත්ත වශයෙන්ම අපට අනිවාර්ය කර අැති සියලුම ඉබාදත් යැයි කියන නැමදුම් වැදුම් පිදුම් සියල්ල මගින් ඉස්ලාම් අපෙක්ෂා කරන්නේ පාපා ක්‍රියාවන්ගෙන් අෑත් වි මිලේඡච පහත් හැගීම්වලින් මිදී ජීවත් විමය. මෙය නිසිලෙස වටහා නොගැනීම හේතුවෙන් සමාජය තුල වැරදි අවබෝධයක් දක්නට ලැබෙනවා.

මා මොන තරම් හරාම් ලෙස මුදල් උපයා ගත්තත් නියමිත වෙලාවට සලාතය කරමි කියා තමන්ව උසස් ලෙස සලකන පිරිසකුත්.තවද මා කෙතරම් පොළිය සමග ගණුදෙනු කළත් දුගී දුප්පතුන්ට උපකාර කරමි සදකා දන් දෙමි යැයි තවත් පිරිසකුත් තම පාපා ක්‍රිියාව සාධාරණීකරණ කිරීමක් කරයි, ඒලෙසම අනුන්ගේ දේපල හා මුදල් වංචා කරන අය තම දෙවියන්ට වැදුම් පිදුම් කිරීම පමණින් මරණනි මතු ජීවිතය ස්වර්ගය ලැබේ කියා හීන දකියි.නමුත් ඉහත නබි වදනින් නබි තුමාණ්න් අවධාරණය කරන්නේ ඔබ සැබෑවට ඉබාදත් හා වැදුම් පිදුම්වල නිරත සිටිනවා ඒනම්  හොදම නැමදුම් කරන්නා යනු ඔබ ඉස්ලාම් තහනම් කරන ලද ක්‍රියාවන්ගෙන් වැළකී සිටිමයි.

Related Post