සූරා අල්මසද් (al quran)

අල් කුරඅානය පාරායනය කරමු

අල් කුරඅානය පාරායනය කරමු

පරිච්ඡේද අංක: 111 මෙම පරිච්ඡේදයේ පාඨයන් සංඛ්‍යාව: 05 කි.

බිස්මිල්ලාහිර් රහ්මානිර්රහීම්

1- තබ්බත් යදා අබී ලහබිව් වතබ්,
2- මා අග්නා අනුහු මාලූහු වමා කසබ්,
3- සයස්ලා නරන් zදාත ලහබි,
4- වම්රඅතුහු හම්මා ලතල් හතබ්,
5- ෆී ජීදි හා හබ්ලූම් මිම්මසද්.
මහ කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි.

1- අබූලහබ්ගේ දෙඅත් වැනසේවා

2- ඔහුගේ ධනයත්  ඔහු රැස්කල දේවලුත් ඔහුට ප්‍රයෝජන නොවීය.

3- දැල්වෙන ගින්නට ඔහු වැටෙන්නේය.

4- දර උසුලන ඇගේ බිරිඳද (ඇතුළුවන්නේය).

5- ඇයගේ ඛෙල්ලෙහි දඟ වැටුණු (ඉඳී පටවලින් නිමවු) කඹයක් (ලණුවක්) තිබේ.
 

මෙම පරිචිඡේදය අනාවරණයවීමේ පසුබිම:

අබ්බාස් (රලි) වාර්තාකරයි: —නබි (සල්) තුමන් බත්හාවට පිටත්ව ගොස් කඳු මුදුනට නැග, යම් කිසි භයානක දෙයක් සිදුවූ විට කැඳවන හඬින් ජනතාව කැඳවූහ. එය අසා කුෙරෙෂ්වරු එම ස්ථානයට එක්රැස්වූහ, ඔවුන් අමතා ඔබගේ ප්‍රතිවාදීන් උදේ හෝ සවස ඔබට පහර දීමට පැමිණෙන්නේ යැයි කීවේ නම් ඔබ මා විශ්වාස කරනවාද? යැයි අසුවේය, ඔවුන් එසේ යැයි පැවසූහ. එවිට නබි (සල්) තුමන් අල්ලාහ්ගේ දැඩි දX~ුවම් පිළිබඳ ඔබට අවවාද කරමි. මෙය අසා සිටී අබූ ලහබ් අපව එක්රැස් කළේ මෙය සඳහා දැයි අසා, නුඹ වැනසිය යුතුයි යනුවෙන් ශාප කළේය. එවිටයි අල්ලාහ් මෙම පරිච්ඡේදය අනාවරණය කළේ. අබූ ලහබ්ගේ දෙඅත් වැනසේවා.   (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

පරිච්ඡේදයේ විවරණය:
අබූ ලහබ් නබි (සල්) තුමන්ගේ සුළු පියා වේ, ඔහුගේ නම —අබ්දුල් උස්සා බින් අබ්දුල් මුත්තලිෆ්, ඔහුගේ පටබැඳී නාමය අබූ උතෛබාය. ඔහු නබි (සල්) තුමන්ව අඛණ්ඩව හිංසාවට, පීඩනයට පත් කරමින් සිටියේය, නබි (සල්) තුමන් ජනයාව යහපත කරා කැඳවන හැම මොහොතකම (මිනිසුනි —ලා ඉලාහ ඉල්ලල්ලාහ් (නැමදීමට එකම සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැත) යනුවෙන් පවසන්න ජය නියතය), ජනයා නබි (සල්) තුමන්ට සවන් දීම සඳහා එක් රොක් වන විට, අබූලහබ් එවැනි ස්ථානයන්ට පැමිණ නිසැකයෙන්ම ඔහු සාබිඉ වරයකි, බොරුකාරයකි, එතුමන් යන සෑම තැනකටම ගොස් එතුමන්ට හිරිහැර කිරීමට තරම් ඔහු නපුරුවූයේය.

තාරික් (රලි) මෙසේ විස්තර කරයි: —දුල් මජාස් වෙළඳ පොළට මා ගිය විට එහි නබි (සල්) තුමන් රතු ඉරි වලින් යුත් වස්ත්‍රයක් ඇඳ සිටීම මා දුටුවෙමි. එතුමන් ජනතාවට —මිනිසුන් පුදනු ලැබීමට එකම සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැත යනු පවසන්න ඔබ මතු දිනයෙහි ජය ලබාගන්නේය, යනුවෙන් ප්‍රචාරය කරන විට ජනතාව එතුමන් වටා එක් රැස්වී සිටිති. එවිට තැනැත්තෙකු නබි (සල්) තුමන් සිටින ස්ථානයට පැමිණ මුහම්මද් බොරු කාරයෙකු මිස නොමැත යනු පවසයි. එතුමන්ට ඔහු ගල්වලින් ගැසීම නිසා එතුමන්ගේ දෙපැයෙන් රුධිරය ගලායයි. එවිට මා ඔහු කව්දැයි එහි සිටියවුන්ගෙන් විමසුවෙමි, අබ්දුල් මුත්තලිෆ්ගේ පවුලේ කෙනෙකු බව මට පිළිතුරු ලැබුනි. (මූලාශ්‍රය: ඉබ්නු හිබ්බාන් 6562).

—වතබ් ඔහුගේ විනාශය, පරාජය සහතික විය. මාගේ සහෝදරයාගේ පුතා පවසන දේ සත්‍ය නම් මා ඉපැයු සේ සත සියල්ල, පරුදුවට තබා හෝ මා හා මාගේ දරුවන් එම ද~Xුවමින් ආරක‍ෂා කර ගනිමි යනුවෙන් අබූලහබ් පවසන්නට විය. එවිටයි —මා අග්නා අන්හු මාලූහු වමා කසබ්, ඔහුගේ මිළ මුදළ් වලින්, ඔහු ඉපැයූ දෙයින් ඔහුට කිසිදු ඵළක් නොවන්නේය,—සයස්ලා නාරන් දාත ලහබ්, බුරා බුරා නැගෙන ගිනි ජාලාවට එහි පීඩනයට ඔහු ඇතුල් වෙයි.

මෙසේ අපරාධයන් කළ තැනැත්තන්ට මතු ලොවෙහි පමණක් නොව මෙලොවෙහිදීද දX~ුවම් ඇත යන්නට මෙම පුවත කදිම නිදසුනකි. මොහුගේ අවසානයද භයානක විය. කොලරාව වැළඳ සිරුර පිළිකුල් විය, කව්රුත් ඔහුට සමීපවීමද පි්‍රය නොකළේය, ඔහුගේ මරණින් පසුත් ඔහුගේ ආදහන කටයුතු කිරීමට අදි මදිකමක් දැක්වූහ. වලක් හාරා ඈත සිට ඔහුගේ සිරුර එම වළට විසි කළෝය. ඔහුගේ සේසත, දූදරුවන් ඔහුට පිහිට නොවීය. නිරයෙහි ගින්නට ඔහු ඉන්දනය විය.

—වම්රඅතුහු හම්මා ලතල් හතබ්, කුෙරෙෂ් කුල කාන්තාවන් අතුරින් ප්‍රමුඛත්වය ගත් ඇය අබූලහබ්ගේ බිරිඳ වන උම්මු ජමීල්ය, ඇයගේ නම —අර්වා බින්ත් හර්බ් බින් උමෛයා (අබූ සුෆ්යාන් (රලි) ගේ සහෝදරිය), ඇය තමන්ගේ ස්වාමි පුරුෂයා වන අබුලහබ්ට ප්‍රතිෙක‍ෂ්පත්වය, මුරණ්ඩු භාවය සියළු නීච කි්‍රයාවන්ට අනුබල දෙමින් කටයුතු කළාය. එම නිසා තීරණාත්මක අවසාන දිනයේදි ඇගේ ඛෙල්ලට දඟවැටුණු (පුරුක්) ලණුවක් පළඳවා ඇයගේ ස්වාමි පුරුෂයාට දෙනු ලබන දX~ුවම මෙන් සමාන දX~ුවමක් ඇයටද නිරයේ දෙනු ලබයි. නැතහොත් තමන්ගේ පිටේ දර උස්සන්නා විඳින පීඩනය මෙන් ඇය නිරයෙහි දX~ුවම් කරනු ලබයි.

—ෆීජීදිහා හබ්ලූම් මිම් මසද්, ඉඳි කෙඳිවලින් වූ පුරුක් ලණුවක් ඇගේ ඛෙල්ලට බැඳ ලබනු ඇත. ඇය තමන්ගේ ගෙල වටේ ඉතා වටිනා රන් ආභරණ වලින් යුත් මාලයක් පැළඳ සිටියාය. එය මුහම්මද්ට විරුද්ධව වියදම් කරන්නටත් පසුබට නොවෙමි යැයි ඇය ගත් පොරොන්දුව නිසා ඇගේ ගෙල වටේ ගින්නෙන් යුත් මාලයක් අල්ලාහ් පළඳයි යනුවෙන් ඉමාම් සඊද් ඉබ්නු මුසයියබ් අදහස් දක්වයි. වෙනත් සමහර විද්වතුන් ඇගේ ගෙල වටේ ගින්නෙන් යුත් ලණුවක් පළඳවා නිරයේ දොරටුව තෙක් ඇදගෙන එමින් පසුව නිරයේ පහත් තට්ටුවට විසි කරනු ලැබේ, මෙලෙසින් දිගටම දX~ුවම් කරනු ලබමින් සිටි යනුවෙන් අදහස් දක්වන්නෝය.

මෙම පරිච්ඡේදයෙන් අපි උගත යුතු දේ:

1- පෙළ පතට, පරම්පරාවට අල්ලාහ් අභියස කිසිදු ප්‍රමුඛත්වයක් නොමැත. අල්ලාහ් අභියස ප්‍රමුඛත්වය පවතින්නේ භිය භක්තිය හා අවනත භාවයටයි. නබි (සල්) තුමන්ගේ සුළු පියා වූ අබූ ලහබ්ගේ පුවත මෙයට කදිම සාධකයකි. නබි (සල්) තුමන්ගේ ඉතා කිට්ටු ඥාතියෙකු වූවත් අල්ලාහ්ගේ දහම ප්‍රතිෙක‍ෂ්ප කළ විට ඔහුගේ දැඩි දX~ුවමට ලක්විය යුතුය.

2- නබිත්වය (දූතත්වය) සත්‍යයි යන්නට තවත් තද බල සාධකයක් මෙම පරිච්ඡේදයේ අන්තර්ගතයි. —බුර බුරා නගින නිරයේ ගින්නට ඔහු හා ඔහුගේ දර උස්සන බිරිඳ ඉක්මනින් ඇතුල් වෙයි, යන දේව පාඨය අනාවරණය වූදා සිට ඒ දෙදෙනා අභ්‍යන්තරයෙන් හෝ බාහිරෙන් දේව කරුණාව නොමැති අය යන අවසන් විනිශ්චය පවසා ඔවුන්ගේ අභාග්‍ය සම්පන්න බව අවධාරණය කර තිබීම පැහැදිළි සාධකයකි.

3- කෙනෙකු අල්ලාහ්ගේ කෝපයට ලක්වූ විට ඔහුගේ දේපළ සම්පත් උපයෝගි කර අවසන් විනිශ්ච දිනයෙහි එම ද~ුවමෙන් මිදිය නොහැක.

4- ශ්‍රද්ධාවන්ත පුද්ගලයින්ට වද හිංසා පමුණුවීම මහත් පාපයකි.

(ඉහත සඳහන් අල්ලහබ් පරිච්ඡේදය නබි (සල්) තුමන්ගේ ලොකු පියා හා ඔහුගේ බිරිඳ නබි (සල්) තුමන්ට සීමාව ඉක්මවා වද හිංසා පමුණුවීම නිසා අනාවරණය කරන ලද පරිච්ඡේදයකි. නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ අනුගාමිකයන්ට විවිධ විරුද්ධ වාදින්ගෙන් වද හිංසා, තාඩ පීඩන විය. නමුත් ඔවුන්ගේ විෂයෙහි මෙසේ පරිච්ඡේදයක් අනාවරණය නොවීය, ඒ තුළින් ගම්‍යමාන වන්නේ, අබූ ලහබ්ගෙන් හා ඔහුගේ බිරිඳගෙන් කෙතරම් කුරිරු වද හිංසාවන්ට නබි (සල්) තුමන් හා එතුමන්ගේ අනුගාමිකයින් මුහුණ දෙන්නට ඇත්ද කියා? අල්ලාහ් අසීමිත කරුණා වන්තයා හා අපරිමිත දයාවන්තයා වේ. දාසයන්ගේ වැරදි කි්‍රයාවන්ට සමාව දීම සඳහා අල්ලාහ් තම දෑත් විවර කරමින් සිටි. දාසයන් කෙරෙහි කරුණාව දැක්වීම තමන්ට අනිවාර්්‍ය කරගත් බව අල්ලාහ් පවසයි. එසේ නම් අබූ ලහබ්ගේ විෂයෙහි මෙවැනි පරිච්ඡේදයක් අනාවරණය වීම ඔහුගේ අපරාධයන්හි දරුණු පැත්තයි මොනවට පෙන්නුම් කරන්නේ. තවද ඔහු නබි (සල්) තුමන්ගේ ලොකු පියා විය. නමුත් අල්ලාහ් ඉදිරියෙහි පෙළ පත්, කුලයන්, ඥාතී සම්බන්ධකම් වලංගු නොවේ. —ඔබලා අතුරින් අල්ලාහ් ඉදිරියෙහි ශ්‍රේෂ්ඨ වන්තයා අල්ලාහ්ට අවනතවන්නා˜ යනුවෙන් ශ=ද්ධවූ අල්කුර්ආනය ප්‍රකාශ කරයි.

මෙම පරිච්ඡේදය තුළින් ගම්‍යමාන වන තවත් කරුණක් නම්: අබූලහබ් මෙම පරිච්ඡේදය අනාවරණය වීමෙන් පසුවද අවුරුදු දහයක කාලයක් ජීවත් විය. නමුත් මෙම කාලය තුළ ඔහු නිකමට හෝ ඉස්ලාම් දහම වැළඳ ගත්තේ නම් මෙම පරිච්ඡේදය බොරු වෙන්නට තිබුනි. ඉස්ලාම් දහමට විරුද්ධව කටයුතු කළ බොහෝ උදවිය පසුව ඉස්ලාම් දහම වැළඳ ගත්හ. නමුත් එම පෙළේ අබූලහබ් නොවීය. එසේ ඔහු පිළිගත්තේ නම් මෙම පරිච්ඡේදය බොරුවෙන්නට තිබුනි. විරුද්ධ වාදීන්ටද එයයි අවශ්‍යවී තිබුනේ. නමුත් එසේ ඇයි නොවුනේ? සැබවින්ම ශ=ද්ධවූ අල්කුර්ආනය මුහම්මද් (සල්) තුමන්ගේ පෞද්ගලික නිර්මාණයක් නොවේ. එය අතීතය, වර්තමානය හා අනාගතය පිළිබඳ සියුම් ඥානයක් හිමි සකල ලොව හිමියන් වන අල්ලාහ්ගෙන් අනාවරණය වූ ග්‍රන්ථයක් බවට මෙම පරිච්ඡේදය ද හොඳ සාධකයකි.

Related Post