නබි වදනයි ජන දිවියයි (Hadees)

නබි වදනයි ජන දිවියයි(1)

අවස්ථාවන් පහකට පෙර අවස්ථාවන් පහක් ප්‍රයෝජනවත් කරගන්න

ජවිතය අනියතයි මරණය නියතයි

කරැණු පහතට ෙපර කරැණු පහක් ප්රෙයා්ජනවත් කරමු

1- ඔබගේ මරණයට (පෙර) ඔබගේ ජීවිතය ප්‍රයෝජනවත් කරගන්න
2- ඔබ රෝගාතුරු වීමට (පෙර) ඔබගේ නිරෝගිභාවය ප්‍රයෝජනවත් කරගන්න
3- ඔබ කාර්්‍යබහුල වීමට (පෙර)  ඔබගේ විවේක කාළය ප්‍රයෝජනවත් කරගන්න
4- ඔබගේ මහළුභාවයට (පෙර) ඔබගේ තරුණභාවය ප්‍රයෝජනවත් කරගන්න
5-ඔබ දුගියෙක් වීමට (පෙර) ඔබගේ ධනය ප්‍රයෝජනවත් කරගන්න

•    මෙම නබි වදන සමග ඔබගේ ජීවිතය උරගා බලන විට ඔබට යම් අවස්ථාවක් ඉතිරිව තිඛෙන බව තේරෙනවාද? එසේ නම් එය ප්‍රයෝජනවත් කරගන්න

(මුහම්මද් නබිතුමාණන් පැවසූ බව ඉබ්නු අබ්බාස් (රළි) තුමා වාර්ථා කරන මෙම වදන මුස්නද් අහ්මද් යන ග්‍රන්ථයේ සඳහන් වේ)

(2)
මුහම්මද් නබිතුමාණන් පැවසූ බව ඉබ්නු අබ්බාස් (රළි) තුමා වාර්ථා කරන මෙම වදන අල්හාකිම් යන ග්‍රන්ථයේ සඳහන් වේ

දෙවියන් අල්ලාහුගේ සෙවණ හැර අන් කිසි සෙවණැල්ලක් නොමැති එම විනිශAච දිනයෙහි ඔහුගේ සෙවණැල්ල ලබන හත් දෙනා.

දැහැමි ජීවිතයක්

අවසාන දිනෙයහි ෙසවනැල්ල ලබා ගන්න ෙමම යහපත් කරැණු ඉටු කරමු

1-යුතුකමින් (නිරAභීතව) ක්‍රියා කළ නායකයා
2- දෙවියන් අල්ලාහ්ට අවනතවීමෙන් නිරතවූ තරුණයා
3-මස්ජිදය(පල්ලිය)කරා තම සිත යොමුකරගෙන සිටිිය පුද්ගලයා
4- දෙවියන් අල්ලාහ් වෙනුවෙන් ම ආදරය කර ඒ සඳහා එක්වූ හා වෙන් වූ
පුද්ගලයින් දෙදෙනා
5-වංශයෙන් හා සෞන්දර්‍යයෙන් යුත් ස්ත්‍රීයක් අකුසල් (දුරාචාරය) සඳහා ආරාධනා කළ විට මා අල්ලාහ් කෙරෙහි බිියෙන් පසුවෙමි යනුවෙන් පවසා වැළකී සිටි පුද්ගලයා
6-තම දකුණු අතින් කරන ධානය (සදකා) තම වම්  අත නොදැන පරිදි සැඟවූ පුද්ගලයා
7-තනිවම සිට දෙවියන් අල්ලාහ් සිහි කිරීමෙන් නෙත් දෙකෙහි කඳුලු හැලූ පුද්ගලයා.

•    මෙම පිරිසගෙන් ඔබ කුමන පිරිසට අයත් පුද්ගලයෙකුද? අදම උත්සහ කරන්න ඔවුන් සමග එකතුවන්න

(3)
මුහම්මද් නබිතුමාණන් පැවසූ බව අබූ හුරෙයිරා (රළි) තුමා වාර්ථා කරන මෙම වදන මුස්ලිම් යන ග්‍රන්ථයේ සඳහන් වේ

දවසක් මුහම්මද් නබිතුමාණන් අනුගාමිකයින් අමතා මෙසේ විමසුවේය

යහපත් ක්රියාවන් කිරීම

දන් දීෙමන් ස්වර්ගයට පිවිෙසන්න

අද දින ඔබලාගෙන් උපවාසයේ යෙදුනේ කවරෙකුද?
එවිට අබූබක්කර්(රළි) තුමාණන් මම යැයි පැවසූවේය.

අද දින ඔබලාගෙන් අවමංගල්‍යයකට (ජනාසා) සහභාගි වූයේ කවරෙකුද?
එවිට අබූබක්කර්(රළි) තුමාණන් මම යැයි පැවසූවේය.

අද දින ඔබලාගෙන් දුගියෙකුට ආහාර ලබා දුන්නේ කවරෙකුද?
එවිට අබූබක්කර් (රළි) තුමාණන් මම යැයි පැවසූවේය.

අද දින ඔබලාගෙන් රෝගියෙකුගේ සුව දුක් විමසීමට ගියේ කවරෙකුද?
එවිට අබූබක්කර්(රළි) තුමාණන් මම යැයි පැවසූවේය.

මෙම යහපත් ක්‍රියා සියල්ල කරන පුද්ගලයා ස්වරAගයට
පිවිසෙයි යැයි මුහම්මද් නබි තුමාණන් පැවසූහ.

•    මෙම නබි වදනෙහි සඳහන් යහපත් ක්‍රියාවන් කිරීමෙන් ඔබත් ස්වර්ගයට පිවිසීමට කැමතිද? ඉක්මන් කරන්න ඔබත් ස්වර්ගයට පිවිසෙන්න

හිතවත් සහෝදර සහෝදරයිනි
විද්‍යාත්මක දියුණුව හා මිනිසාගේ අධ්‍යාත්මික දියුණු එකිනෙකට පථිලෝම සමානුපාතිකතාවයක්  විදහා දක්වන මෙම යුගයේ ආගම දහම පිළිබඳව මිනිස් ඇස් යොමුවනුයේ ඉතා කලාතුරකිණි.
දවසින් දවස විකෘති වෙමින් පවතින මෙම විශ්වය දිහා අවධානය යොමුකරන මෙම මිනිසා එදිනෙදා තමාගේ ජීවිතයේ සිදුවන වෙනස් වීම් පිළිබඳ අවධානය යොමුකිරීමට උනන්දු නොවන්නේ ඇයි?
අස්ථීරවත් මෙම ජීවිතයේ අපට ස්ථීරව කිසිම දෙයක් නැතැයි කියා පෙන්වා දුන් මෙම විශ්වයේ නිර්මාතෘවරයා හා පාලකයා  වන දෙවියන් අල්ලාහුගේ අවසාන වක්තෘවරයා වන මුහම්මද් නබිතුමාණන් විසින් ප්‍රකාශ කරන ලද මෙම රුවන් වැකිවලට ඔබගේ අවධානය යොමුකරන්න, එමගින්  ඔබ හට දෙවියන්  අල්ලාහ් විසින් පිරිනමන ලද දායාදයන්ට ස්තූතිය  පුදකරන්න, තවද අස්තීර දේ් විශ්වාස කර නොරැවටී මරණින් මතු ස්ථීර ජීවිතයට ලැහැස්ති වන්න.ඉස්ලාම් අපෙක්ෂා කරන ආකාරයට ඔබගේ ජීවිතය හැඩගස්වා ගන්න, තවද යහපත් ක්‍රියාවන් අදික කර ස්වර්ගයට පිවිසීමට අධිෂ්ඨාන කරග්නන.

                                                                                                                                                                 (අබූ අහ්මද්-කුවෙයිට්)

 

Related Post